සත්‍යසිදුවීමකි. #නම්ගම්සියල්ලමනඃකල්පිත_වේ.
පලමු_කොටස
ජිවිතේ හරි පුදුමයි. කාලේ ගෙවිලා යන්නේ හරි ඉක්මනට. එදා සහ අද කල්පනා කරද්දි හිතට දැනෙන්නෙ කියා ගන්න බැරි හැගීමක්. මට ආපහු අතීතයට යන්න තිබ්බා නම් කියලා වෙලාවකට හිතෙනවා. ඒත් එක්කෝ ඕන් නෑ කියලාත් හිතෙනවා.
අපි හිතන පතන දේවල් ඉෂ්ඨ වෙනවා නම් සමහර විට මේ ලෝකේ ගොඩාක් ලස්සන වෙන්න තිබ්බා. ඒත් ඒ ගැන හිතලා වැඩක් නෑනේ දැන්. හැම දෙයක්ම වෙන්නේ හොදටයි කියලා කියනවානේ. මාත් හිතනවා මගේ ජිවිතේ මේ දේවල් උනේ හිදටයි කියලා.
ජිවිතේ වෙච්ච දේවල් දිහා බලද්දි මට ආපස්සට යන්න ඇත්නම් කියල හිතෙන වාර නම් අනන්තයි.
කසාඳ බැදලා අවුරුදු දහයක් විතර උනත් තාමත් මන් ඒ අතීතයට ආදරෙයි. ඒ දෙවල් හරියට අද ඊයේ උනා වගේ.
අතීතය දිහා හැරිලා බලද්දි මට මං ගැනම පුදුමයි. එදා මමයි අද මමයි කොච්චර වෙනස්ද.
“අම්මා… මං ආවෝ…”
ඒ කාලේ මතකයන් පිරිච්ච අපි හැමෝම ගාව තියන ෆොටෝ ඇල්බම් අතරින් එක් ෆොටෝ ඇල්බම් එකක අතර අතරමං වෙලා හිටිය මම පියවි සිහියට ආවේ ලොකු දෝණිගේ හඩින්…
“අම්මියෝ…”
ගේ ඇතුලටවත් තාම ඇවිල්ලා නෑ . ස්කූල් වෑන් එකෙන් බැස්ස ගමන් අම්මා කියාගෙන තමා එන්නේ…
ආපහු පරිස්සමට ෆොටෝ ඇල්බම් එක අල්මාරියේ සුරක්ෂිතව තැබු දෑසෙයි ඉනු කදුලක් සෙමින් පිසදා මම ගියේ සාලේට…
“අම්මි මොකෝ අද ගේට් එක ගාවට ආවේ නැත්තේ..”
මන් සාලේට එනකොටම ලොකු දෝණි ආවේ මුහුණ ඇඹුල් කරන්. ස්කූල් බෑග් එක ආපු ගමන් පුටුවට දාලා අත් දෙකත් ඉණට තියන් මගෙන් ඇහුවේ රවන්.
“මන් ඇතුලේ හිටියේ ලොකු දූ කාමරේ අස් කර කර…”
“කෝ අම්මි නංගි..”
“එයා නාලා නිදි. ගිහින් වොශ් එකක් දාලා අපි කමු…”
මන් දෝණිව වොශ් එකක් දාලා කෑමත් කවලා ඉවර වෙද්දි එයාට නිදි මතේ..
ලබන අවුරුද්දේ ශිෂ්‍යත්වේ හින්දා දෝණි මහන්සින් වෙලා ඉගන ගන්නවා. මහන්සියටම කාලා ඉවර වෙද්දි මුණෙන් නිදිමත බේරෙනවා…
චුටි දෝණි ළගින් එයාවත් නිදි කරවලා මාත් හාන්සි උනේ.
මහත්තයාගේ කපාපු පළුව ලොකු දෝණි. මගෙ කියලා පොඩි පෙනුමක්වත් නෑ. ගති ගුණ පෙනුම ඔක්කොම මහත්තයා වගේ. ඒකට පොඩි දෝණි නම් වගේ. ගති ගුණ පෙනුම ඔක්කොම.
දෝණිලා දෙන්නා ගාවින් හාන්සි උන මගේ හිත ඇඳිලා ගියේ අතීතයට.
මම මම ගැන කිවෝත් තාරා මිනුදි අම්මා තාත්තා අක්කා මල්ලි ඉන්න මම පවුලේ මද්දුමයා. හරිම දගයි මන් ඒ කාලේ.
“තාරෝ ඔහොම හිටපන් මාත් එනකන්…”
මන් සුපුරුදු පරිදි පාසැලේ අපේ පන්ති කාමරය වෙත හිමීට පිය නගමින් යන විට මට කෑ ගැහුවේ වෙන කවුරුත් නෙවේ මගේ යාළුවා සසදි.
හති දාගෙන දුවගෙන එන සසදි දැක්කා මට හිනා..
“යකෝ ඇහුන් නැද්ද මන් කතා කරා…”
“නෑ. මන් හිටියේ වෙන කල්පනාවක…”
“මොනවද බන් ඔච්චර කල්පනා කරේ…”
“වෙන මොනවද ඉතින් ඔලෙවල් වලින් පස්සේ මොනාද කරන්නේ කියලා…”
“හපෝ බන් ඒවා කල්පනා කරන්න තව කල් තියනවා නේ. තව ඕලෙවල් ලිවෙත් නෑ…”
“අපි දැන්ම තියා ප්ලෑන් කරන්න එපායේ මොනාද කරන්නේ කියලා ..”
“උබට නම් පිස්සු බන්. මොනා කරන්නත් ඔලෙවල් ගොඩ දාන් ඉන්න එපායේ…”
අපි දෙන්නා විහිලු කර කරම ක්ලාස් එකට එනකොටම සසදිගෙයි මගෙයි තව යාළුවෝ දෙන්නෙක් උන දිල්නයි ශෙනාලුයි ක්ලාස් එකට ඇවිල්ලා හිටියේ.
හය වසරේ ඉදලා පටන් ගත්ත අපේ යාළු කම තාම එහෙම්මමයි ඔලෙවල් වලට ඇවිල්ලාත්.
හැමෝම හිතනවා ඇති මගේ හොදම යාළුවා සසදි කියලා. නෑ සසදි ශෙනාල් මගේ යාලුවෝ ඒත් හොදම යාළුවා දිල්න . හැම කොල්ලෙක්ගේම හොදම යාළුවා කොල්ලෙක් වෙද්දි හැම කෙල්ලෙක්ගෙම හොදම යාළුවා කෙල්ලෙක් වෙද්දි මගේ හොදම යාළුවා උනේ කොල්ලෙක්.
ගොඩාක් අය හිතන්නේ අපි දෙන්නා කපල් එකක් කියලා. එයාගේ හිතේ කොහොම තියනවාද දන් නෑ. ඒත් මගේ හිතේ එයා වෙනුවෙන් ලොකු ඉඩක් තියනවා. මෙච්චර කාලයක් කාටවත් හොරකම් කරන්න බැරි වෙච්ච මගේ හිත හොරකන් කරපු එකම එක්කනා දිල්න. මගේ ඒකපාර්ශ්වික ආදරේ කිවෝත් හරි.
මට එයාව ලැබෙයිද නොලැබෙයිද දන් නෑ. ඒත් මගේ හිතේ එයා වෙනුවෙන් තියන ඉඩ කාටවත්ම ගන්න බැරි තරමටම එයා අත්පත් කරන් කියලා විතරයි මන් දන්නේ.
එකපාරම මගේ ඇගෙ අහම්බෙන් හැප්පුන ක්ලාස් එකේ ළමයෙක් සොරි කියලා යනකොටයි මම පියවි සිහියට ආවේ. මන් ඉක්මනින් දිල්නගෙන් මගේ ඇස් අහකට ගත්තේ කලබලෙන් එයා දිහා මන් බලන් ඉන්නවා දැක්කාදෝ යන සැකෙන්. ඒත් එයා දැකලා නෑ. හිනා වෙවි යාලුවෝ එක්ක කයිය…
ක්ලාස් එකේදි මායි දිල්නයි පවා ඉන්නේ එක ලග. වෙන් වෙන්නේ පන්තිය මැද්දෙන් යන හිඩැසින්.
සුපුරුදු පරිදි තෙරුවන් නැමදලා ක්ලාස් එකට ආපු අපිට පලවෙනියටම තියෙන්නේ සයන්ස් පිරියඩ් එක මන් නම් අකමැතිම විෂය සයන්ස් ඇන්ඩ් ඉන්ග්ලිෂ්. ඒ පිරියඩ් දෙක හොදයි මට නිදා ගන්න. ඒකට දිල්න නම් ඔය හැම විෂයකටම දක්ෂයි.
“ආයුබෝවන් ළමායි. ඊයේ දුන්න හෝම්වර් කරාද. කෝ පොත් ගන්න….”
අපේ සයන්ස් ටිචර් පොත් බල බලා නොකරපු ළමයිට වේවැලෙන් ගහ ගහ එද්දි මගේ මුහුණ ඇඹුල් උනේ ඉඹේම. මොකද මම හෝම්වර්ක් කරේ නෑනි. මන් වට පිට බැලුවේ තව කවුද නොකරේ බලන්න…”
“ඒ තාරෝ මොකද වට පිට බලන්නේ. හෝම් වර්ක් කරේ නැද්ද…”
මගේ ඇඹුල් උන මුහුණ දැකලාද කොහෙද දිල්න ඇහුවේ ටිකක් පාත් වෙලා හිමින්. මන් තොල්පොට හිමින් හපන් ඔලුව හොල්ලලා නෑ කියද්දි දිල්න පිච්චිලා යන බැල්මකින් බැලුවේ මන් දිහා. මන් හිමිට බිම බලා ගත්තේ දැන් හොදට අහන්න වෙනවා කියලා දන්න නිසා.
“මොකද කරේ නැත්තේ…”
දිල්න හිමින් ඒත් සැරෙන් ඇහුවේ මගෙ..
“නෑ මට මෙලෝ මලදානයක් තෙරෙන් නෑ….”
“තෙරෙන් නැත්තන් අහන්න එපායේ මෝඩියේ…”
“මෝඩියේ ගාන්නේ අප්පා. තෙරෙන් නෑනේ ඉතින් අප්පා මට…”
“තෙරෙන් නෑ තමා. මෙහේ දෙනවා පොත…”
එහෙම කියලා දිල්න එකපාරටම එයාගේ පොත මට දිලා මගේ පොත එයා ගත්තේ මට හිතා ගන්නවත් බැරි වෙද්දි.
“ද්…”
මම දිල්නට කතා කරන්න යද්දිම අපේ සයන්ස් ටිචර් අපි දෙන්න ඉස්සරහා…
ඊලග කොටසින් හම්බෙමු…..
මේක සත්‍ය කතාවක්. මන් දන්න අක්කා කෙනෙක්ගේ කතාවක්. ඉතින් ඔයාලාට හිතන දේ කියන් යන්න කතාව ගැන.
හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.