දා හතර වෙනි කොටස🌿🌷_

වේගයෙන් පැමිණි වාහනය ඉදිරිපස මිදුලේ නැවැත්වීය………….. ඉන් බැස ආවේ රස්තියාදුකාර පෙනුමක් තියෙන තරුණයෙකි…………… කළු පැහැති bodyfit t shirt එකක් ඇඳ සිටි ඔහුගේ අතෙහි වූ නිරාවරණය වී ඇති කොටසේ මකරෙකුගේ පච්චයක් කොටා තිබේ……………. ඔහු වන්දනාවත් සියාතුවත් දුටු බැවින් එතෙන්ට ආවා……….. එවිටයි වන්දනා ඔහුගේ මුහුණ හොදින්ම දුටුවේ……… ඒ සම්මානිගේ පලමු විවාහයේ පුතා……. #අශේන්………. ටිකක් සෙල්ලක්කාර තරුණයෙක්………… වන්දනා දැක්කම අශේන්ට පුදුම හිතුනා……… මේ පරණ ලදරන් වලව්ව ඇතුලේ මෙච්චර ලස්සන කෙල්ලක් ඉන්න පුලුවන්ද කියලා……….

🖤 සියාතු……………..

🍃 මං ඒත් මේ කවුද කියලා බැලුවා…. අශාන් මහත්තයානේ………………

🖤 මෙයා කවුද………..

🍃ආ…. මේ අපේ දොස්තර නෝනානේ……… මහත්තයා දැනගෙන හිටියෙ නැද්ද………..

🖤 ම්හු………… කොහේද වැඩ කරන්නේ………

🌹 ඔයා මාර ප්‍රශ්නනෙ අහන්නේ…. මං ඩොක්ටර් කෙනෙක් වැඩ කරන්නේ hospital එකේ…….

🖤 ඒක මං දන්නවා………… මොකේද…මෙහෙ නුවරද…

🌹ඔව්………..

🖤 මං අද මෙහෙ ඉන්නවා සියාතු

🌹ඔයාට එහෙම මෙහෙ ඉන්න බෑ…….

🖤 හහ්… මේක මගේ ගෙයක් තමුන් කවුද මට එහෙම කියන්න…….

🌹🌹🌹 තමුසෙ මොකෙක්ද වල් බූරුවෝ…….. ඕන් නම් එක රැයින් මං උඹලා ඔක්කොටම යන එන මං නැති කරනවා………. හිටපන් මං උඹට හොඳ වැඩක් කරන්න……..

🌹 මං බලාගන්නම්කෝ………

🖤🖤🖤 මේකිගේ කට බලපල්ලකෝ………… හිටපන් මං උඹේ කට අද රෑටම වහන්නම්කෝ…….. ආයෙම ලෝකෙට මුහුණ දී ගන්නවත් බැරි වෙන විදිහට…………….

අශාන් ආවේ මේකටයි……….. සම්මානි පැවසු පරිදිම කෙල්ලගේ සුන්දරත්වයට ඔහුත් වශී වුනා…………. හැම කෙල්ලටම වගේ වන්දනාටත් අශාන් කරන්න හැදුවේ බලහත්කාරකමක් කරලා ගණිකා නිවාසයට අරන් යන්න…………. හැබැයි ඒත් කෙල්ල මීටරේ………. ගත්තා ඇමතුමක් සුරනිමලට…………

🌹 ආ…. හෙලෝව් Mr සුරනිමල මං වන්දනා කතා කරන්නේ………..

අශාන්ට හීන් දාඩිය දැම්මේ ඔහු කිසිම දැනුවත් කිරීමකින් තොරවයි මෙහෙ ආවේ……… ඒ වගේම සුරනිමල ක්යලා තිබුනේ ඔහු නැතිව කිසිවෙකුට මෙහි නොපැමිණිය යුතු බව ඒක එයාගේ අණක්…………

🦅කියන්න දුව……. මොකද මේ හදිස්සියේ ගත්තේ

🌹 අංකල් මේ කවුද පිරිමි කෙනෙක් ඇවිත් කියනවා අද මෙහෙ නවත්නවලු…………

🦅 ආ…හ්…….. කවුද දුව……..

🌹 මේ අශාන්ද කොහේද කියලා කෙනෙක්…………

🦅 මූ මහ බූරුවෙක්නේ…… මං කියලා තියනවානේ මං නැතුව මගේ ගෙදරට යන්නන එපා කියලා දෙන්න වන්දනා phone එක ඕකට………….

🌹 ආ…….. Mr සුරනිමල……………. ඉන්නවා line එකේ……..

වන්දනා phone එක දුන්නේ කට කොණකින් හිනාවකුත් දාලා………… අශාන් කෙල්ලට රවමින් දුරකතනය අතට ගත්තා…………..

🖤 අංකල් මේ.. මං පොඩි වැඩකට ආව ගමන් මෙහෙටත් ටිකක් ගොඩවුනා……….

🦅 උඹට කවුද මිනිහෝ මගේ ගෙවල් අස්සේ රිංගන්න කිව්වේ මං නැතුව……… දැම්මම පලයන් ඔහෙන් මගේ යකා අවුස්සන්නේ නැතුව…………

🖤 හො… හොඳ..යි අංකල් මං යන්නම්…………

අශාන් කෙල්ල අතට දුරකතනය දීලා යන්න ගියේ සියාතුටවත් යනවා කියලා කියන්නේ නැතුව……..

🍃 සුදු මැණිකේගේ මොලේ තමයි මොලේ…………

🌹 නැත්තම් කොහොමද සීයේ අද ඍැට බයක් නැතුව නිදාගන්නෙවත්….. දැක්කනේ ඌ බලපු හැටි………. ඊයා……..

🍃 ඒවා කොහේද මං ඉන්නකම්…….. පෙති ගහනවා සුදු මැණිකෙට කරදරයක් කලොත්………. හ්ම්ම්ම්ම්… මං ඒකට අදත් පසුතැවෙනවා……….

🌹 මොකක්ද සීයේ…………

🍃 ආ…… ඒක නෙවේ අපි කතාව පටන් ගමුකෝ…………

🌹 මේ මොඩයෙක් ඇවිත් ඒකත් අමතක වෙනවා…………..

🍃 දවසක්………. ඒක මහා මූසල කාලයක් මැණිකේ……….. දවසක් නිවේදිතා මැණිකේ හදිස්සියේ ආවා…….

🌹 කවුද නිවේදිතා

🍃 ආනන්දිතා මැණිකෙගේ නංගි……… එයා ගියෙ කොයි වෙලාවෙද කියලා මං දන්නෙ නෑ හැබැයි ඒ වෙලාවේ ඉඳන් අරලියා පුංච් මැණිකේ හිටියේ නෑ…………. මං හිතන්නේ මේ ලෝකෙ කොහෙ හරි ඒ පුංචි මැණිකේ ඉන්නේ නිවේදිතා මැණිකේ එක්ක………. ඒ නිවේදිතා මැණිකෙත් ආනන්දිතා මැණිකේ වගේම ගුණ යහපත් ඉස්ත්‍රියාවක්…………….

ඒ බව වන්දනා හොඳින් දනී………… පසු කාලයක දරුවන් හදාගන්නට පුළුවන් කම තියෙද්දිත් තමා නිසා ඔවුන් දෙදෙනා ඒ සියල්ල අත් හල බව ඇය දනී………….

🌹 ඊට පස්සේ……….

🍃 දවස් දෙකකට පස්සේ රාත්‍රියක……….. ඒකවුනේ……… හැමෝම හිතන්නේ ඒ මරණ වල එකම ඇහින් දුටු සාක්ෂිය පුංචි මැණිකේ විතරයි කියලා……….. නෑ……. හ් ඒ මිනීමරුවට වැරදුනා…………. හඳ එළිය බලාගෙන හිටියා ඒ දිහා…….. ඔව් ඒ අනිත් සාක්ෂි කාරයා මං මැණිකේ……… මං එදා රාත්‍රියේ දැක්කා සුරනිමල හාමුයි තව එකෙකුයි ලොකු උරයක් අරන් ගිහින් වැවට දානවා……… උන් මැණිකෙව මරලයි වැවට දැම්මේ…….. අන්තිමට පටාචාරට වෙච්ච දේයි ඇහැලේපොළ කුමාරිහාම්ට වෙච්චදේයි ආනන්දිතා මැණිකෙට වෙච්චදේයි එකම වගේ………….

🌹 ඉතින්….. මරණ පරීක්ෂනයෙදි මොනවත් සැකයක් ඇති වුනේ නැද්ද……..

🍃 මොකදෑ නැත්තේ මැණිකේ……….. ඒ ඔක්කොම වැහුනා සල්ලි කොල වලට…….

🌹 ඊට පස්සෙද සම්මානි ආවේ……….

🍃එහෙමයි………….

🌹 එතකොට අර ගැහැණු ලමයා සුරනිමල හාමුගේ දරුවෙක්ද………

🍃එහෙමෙයි කියලත් කියනවා නෑ කියලත් කියනවා………..

🌹 ඊට පස්සේ…………. මොකද වුනේ……..

🍃 වලව්වේ ලොකු පුතා ගිහින් මහණවුනා………. ඔය සල්මල් ආරාමෙ බවුන් වඩන්නේ උන් වහන්සේ………. ඉතුරු වුනේ අනේ අප්පේ අර අහිංසක මල් කැකුල දාස්පෙතියා මැණිකේ………… උන් ඒ දැරිවිව බන්දලා දුන්නේ වනචරයෙක්ට……… එදා රෑම ඒ දැරිව්ත් මැරිලා හිටියා……….. මේ අපරාධ ඔක්කොම කලේ අර සම්මානි කියක ගෑණිගේ කීමට තමා……….. ඔකුන්ට හෙණ වදිනවා……………. අරලියා පුංචි මැණිකේ ඇවිත් උන්ව පෝරකේට යවනවා……………. මාත් එදාට ඒ මැනිකෙට උදව් වෙනවා…………….

🌹 හ්ම්ම්ම්ම්………. පව් නේද සියාතු සීයේ…………… මට දෙන්න පුළුවන්ද ආනන්දිතා මැණිකේගේ බඩු ටික……….

🍃අපි යමුකෝ………..

ඔවුන් දෙදෙනාම ගියේ පරණ ස්ටොරුකාමටර්ට………. සියාතු ඇදලා ඇදලා දූවිලි පිහලා ටිකක් ලොකු පෙට්ටියක් දුන්නා කෙල්ල අතට………. ඒක ටිකක් බරයි…….. කෙල්ල ඒකත් අරන් කාමරේට ගිහින් දොරත් වහගත්තා……… ඊට යාබද කාමරයේ තමා සියාතුයි සුමනායි ඉන්නේ

෴ මතු සබැඳියි ෴