ඊයේ දින (27) කොරෝනා ආසාදනය වූ බවට තහවුරුවූ 43 හැවිරිදි චීන කාන්තාව ලංකාවේ දී අවසන් වරට ලැගුම් ගෙන සිටි අහුන්ගල්ලේ Riu හෝටලයේ සේවය කරමින් සිටි සේවිකාවක ස්වසන අපහසුතාවයක් නිසා අද (28) සන්ධ්‍යා කාලයේ කොළඹ අයි.ඩී.එච් රෝහලට යොමු කර තිබේනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ කොළඹ රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකාරික වන අතර වයස 30 ක් වන කාන්තාවක්
ඊයේ ඇයගේ රෝගී තත්වය මත ඇය බලපිටිය මූලික රෝහලට ඇතුළත්ව සිටි අතර ඇය Riu හෝටලයේ සේවය කළ බැවින් කොරෝනා වැළඳුණු චීන ජාතික කාන්තාව ද අවසන් දිනවල රැදී සිටියේද එම රෝහලේ නිසා වෛද්‍යවරුන් මෙම රෝගී තත්වය ගැන සැකයක් ඇති විය.

මේ අතර කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ (WTC) පිහිටි ජංගම දුරකථන ආයතනයක සේවය කරන සේවකයකු අසාධ්‍යවීම නිසාද දහවල් රෝහල් ගත කර තිබුණා. මේ අතර සමාජ මාධ්‍ය තුළ එම රෝගියා රැගෙන ගිය අයුරු පිලිබද සමාජ ජාලා මත පල කර තිබුණේ ඔහුට කොරෝනා වෛරසය වැලදී ඇති බවයි.

උපුටා ගැනීම : lankadeepa.lk