ගීත්නා මට හැමදේම කියන්න. මොකද්ද ඔයා කියන්නෙ?
සමිර.. පොරොන්දු වෙන්න ඔයා මාව වැරදියට තේරුම් ගන්නෙ නෑ කියලා.
මම එහෙම කරන්නෙ නැහැ. මම කිව්වා. ඒ කිව්ව දේ ඇත්තටම කරන්න පුලුවන් ද කියල විශ්වාසයක් නම් මට තිබුනෙ නැහැ.
තාත්ති තමයි මට කිව්වෙ ඔයාට ලං වෙන්න කියලා. එයාගෙ බිස්නස් පාට්නර් කෙනෙක් එක්ක වෙච්ච ප්‍රශ්නයක් හින්ද. ඔයාට තේරෙනව නේද මම කියන දේ. එයා හිතං හිටියෙ ඒ බිස්නස් පාට්නර් ගෙ පුතා ඔයා කියල. ඒ කොල්ලට ලං වෙලා එයාගෙන් පලිග්න්න වගේ දේකට තමයි එයා ලෑස්ති වෙලා හිටියේ. ඒත් මට තේරෙනව ඒක වැරදියි කියල. ඔයා ඒ මොනවටවත් සම්බන්ද නැති වෙන කෙනෙක්.
එතකොට බැරි වෙලාවත් ඔය බිස්නස් පාට්නර්ගෙ පුතා මම උනා නම් මොකද වෙන්නේ? මම ඇහුවෙ ඒ ඇස් දිහාම බලාගෙන. එතකොට අර මුලින් පෙන්නපු ආදරේ බොරුවක් වෙනව නේද?
එයා මට තුරුල් උනේ මම හිතන්නත් ඉස්සෙල්ල. මට සමාවෙන්න සමීර. මට තාත්තිට මුකුත් කියන්න බැහැ. එයා අපිව මේ තැනට ගේන්න ගොඩක් මහන්සි උනා. මොන හේතුවකට හරි මට ඔයා වගේ හොඳ කොල්ලෙක් ව දැනගන්න ලැබුන. මං ආදරෙයි සමිර. මට කමක් නැහැ ඒ බිස්නස් පාට්නර්ගෙ පුතාට මොනව උනත්. තාත්ති එයාගෙ ප්‍රශ්න විසඳගනී. එයා හා පැටියෙක් වගේ ගුලිවෙලා එහෙම කියද්දි මට එයාට සමාව නොදී ඉන්න බැහැ. ඒ කිව්ව හැම දේකින්ම මගේ ප්‍රශ්නෙ විසඳුනා. මොන හේතුවකට එයා මගේ ජීවිතේට ආවත් දැන් ආයෙ මට එයාව අයින් කරන්න බැහැ. එයා මගේ අතීතයත් එක සම්බන්දයක් නැති බව දැනගන්න ලැබුන එකම ලොකු සහනයක්.
ඒකට කමක් නැහැ ගීත්නා. මොන හේතුවකට හරි අපි මුණගැහුනා නේ.ඒ ඇති. මම කිව්ව.
ඇත්තටම ද ඔයා කියන්නේ? එයා ඇහුවෙ මගේ ඇස් ඇතුලෙ කිමිදිලා.
ඔව්.
අපි ආයෙ කවදාවත් ඒ ගැන කතා නොකර ඉමු. මට ලැජ්ජයි. මම අසරණ උනා ගෙදරදි. මට වත් අයියට වත් තාත්තිට පිටින් යන්න බැහැ. එයා හරිම නපුරුයි සමහර වෙලාවට. ඒත් අම්මත් නැතුව එයා අපිව බලාගත්තනේ. අනිත් එක එයා අපේ තාත්තිනේ.
ඒත් එහෙමයි කියල එයාගෙ ප්‍රශ්න විසඳගන්න ඔයාව බිල්ලට දෙන එක හරිද?
ඔව්. මම දන්නව ඒක වැරදියි. අයියත් රන්ඩු කරා. ඒත් හැමදාම වගේ අපි පරාද වෙනවා.
මට තේරෙනව.
සමිර. මම කවදාවත් වෙන කෙනෙක් ට ආදරේ කරන්නෙ නැහැ. සමහරවිට ඒ බිස්නස් පාට්නර්ගෙ පුතාව හොයාගත්තම මට ආයෙ තාත්තිට උදව් කරන්න වෙයි.
එතකොට ඔයා කියන්නේ ඔයා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙනකම් මට බලං ඉන්න කියලද? ගීත්නා.. මම මොකෙක් වගේද ඔයාට පේන්නේ? මම හැදුවෙ එයාව මගේ තුරුලෙන් අයින් කරන්න. මොන මගුලක්ද. තාත්තගෙ මගුලක් හින්ද මට තව එකෙක් එක්ක එයාව බෙදාගන්න කියන්නේ. ඒත් ඈත් කරන්න කරන්න මට දැනුනෙ ඒ ග්‍රහණය තව තද වෙනව.
තේරුම් ගන්න සමිර. මට සමාවෙන්න.
මොනවද ගීත්නා ඔයා මේ කියන්නේ.
තාත්තිගෙ ප්‍ර්රශ්න විසඳගන්න කම් විතරයි. මම පොරොන්දු වෙනවා මම ඒ කොල්ලට මාව ඇඟිල්ලකින් අල්ලන්න වත් දෙන්නෙ නැහැ.
බොලඳ කතා කියන්න එපා ගීත්නා. මෙතන තියෙන්නෙ එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ ඔයාගෙ තාත්ත ඔයාව පාවිච්චි කරනව කියල.
මට තේරෙන්නෙ නැත්තෙ නැහැ මට තේරෙනව. ඒත් මට ඒකට කරන්න දෙයක් නැහැ. අනිත් එක ඒ කොල්ලා කවුද කියල එයා තාම දන්නෙ නැහැ . ඒ ඔයා කියල එයාට ලැබිල තියෙන්නේ වැරදි තොරතුරක්. ඒ ප්‍රශ්නෙ නිකම්ම නැති වෙලා යයි. මම තාත්තිට කියන්නම් එයාගෙ ප්‍රශ්නෙ විසඳගන්න වෙන මොකක් හරි ක්‍රමයක් හොයාගන්න කියලා. ප්ලීස්.. මා එක්ක තරහ වෙන්න එපා.
මම තරහ නැහැ. එත් ආයෙ ඔයා තාත්තිගෙ ඔය වගේ පහත් වැඩ වලට උදව් කරන්න බෑ හරි?. මොන ලැජ්ජ නැති වැඩක්ද තමන්ගෙ ප්‍රශ්න විසඳගන්න ලමයිව බිලිදෙන එක ශිහ්. බැරි වෙලාවත් මම නරක කොල්ලෙක් උනා නම් එහෙම.
ශ්..ශ්.. මම කැමති නෑ ඒ ගැන කතා කරන්න වත්. මට ඇත්තටම ලැජ්ජයි. එයා කිව්ව.
එයාට බැනල වැඩක් නැහැ. එයා මොනා කරන්නද . කවදහරි දවසක එයාගෙ තාත්තව මට හම්බවෙයිනේ. අන්න එතකොට මං ඒක බලාගන්නම්කො මම හිතුව.
කෙල්ල අද දවසම මෙහෙම ඉන්නද හදන්නෙ ආ?.. මම ඇහුවෙ එයාගෙන් සද්දයක් වත් නැති තැන. මොකෝ මේ. නිදිද?
ම්හු. නෑ. වෙන අයට වගේ අපිට හැමදාම මීට් වෙන්නවත් පුලුවනෑ. මට ඕන ආයෙ මීට් වෙනකම් මේ මතකයෙන්ම ජීවත් වෙන්න. එයා කියනව. ඒ වචන හදවතට බර වැඩියි කියල මට දැනෙනව.
ඔයාගෙ යාලුවත් දැං ඒවි නේද? මං කෑම ගෙනාව. ආයෙ එයා කිව්වෙ මගේ තුරුලින් මිදිල.
ශහ්. මොනවද ගෙනාවෙ.
මුං කිරිබත්. ඔයා කිව්වනෙ ආසයි කියල.
ඔයා ඒකත් මතක තියං හිටියද?
හ්ම්ම්…
කමු එහෙනම්.
රවීන් එනකම් ඉන්නෙ නැද්ද?
ඌ එනකම් ඉන්න ඕන නැහැ . ඔයා කවන්න මට.
ඇත්තටම ද? එයා ඇහුවෙ ඒ තරු දෑස දිස්නෙ දෙද්දි. කවන්න කිව්වම මෙච්චර සතුටක් . එයා ඇත්තටම බිරිඳක් වගේ හිතන්න පටන් අරගෙන කියල මට හිතුන.
ඔව්.
එයා දුවල ගිහින් අත හෝදගෙන ඇවිල්ල පාර්සලේ දිගඇරගත්ත.
ශාහ්.. හරි සුවඳ යි ඔයාද හැදුවේ?
මායි අයියගෙ නෝනයි. මම ලුණුමිරිස් හැදුව. කියල එයා මට කැව්ව.
ඒක තමයි සැර. ඔයාගෙ සැරත් එක්ක දාලද කොහෙද හදල තියෙන්නෙ. මම කිව්වෙ කන ගමන්.
සැරයිද?
ඔයා ද? ලුණුමිරිස් ද?
දෙකම.
පැණිරසයි.
යන්න අනේ ඔයා මහ නරකයි.
ඇයි ?
වල්කතා කියනව.
මම මොකද්ද කිව්වේ? ඔයා තමා කැත විදිහට හිතන් ඉන්නේ.. ලුණු මිරිස් සැර නැතුව පැණිරස වෙනවැයි. මේ කෙල්ලො නම් වැරදියටමයි හිතන්නේ.
මම කියද්දි ඒ මූණ ලැජ්ජාවෙන් රතු උනා.
මහ හොඳ නෑ ඔයා.
ආ ඒකට කමක් නෑ. මම බඩගින්නෙ මැරෙන්න ඉස්සෙල්ල ඔන්න ඕක කවන්න. ඔයත් කන්න.
ඔයාට කැව්වම මගේ බඩ පිරෙනව. එයා කිව්වෙ ආයෙත් මට කවන ගමන්. ඒ හැම වචනයක් ගානෙම හිතට එකතු කලේ සොඳුරු හැඟීමක්. හිතට වද දුන්න ගැටලුවක් විසඳගත්ත හින්ද ද මන්ද මට දැනුනෙ සැහැල්ලුවක්. මොන හේතුවක් හින්ද මුණ ගැහුන උනත් දැන් එයා මගේනෙ. ඒ හොඳටම ඇති කියලයි මට හිතුනෙ.
ආ ජෝඩුව කනවා වගේ. රවීන් ආවෙ ඒ වෙලාවෙ.
නෑ අපි මේ නානවා.
ප්‍රේම ගඟේ වෙන්නැති. ඌ ගානකට නැතුව කිව්ව. ඕකාට ඔච්චර ඉක්මනට කොහෙන් කටට එනවද මන්ද.
මෙයාගෙ කට තමයි කට. ගීත්නාත් කිව්වෙ හිනාවෙලා.
ඇයි කෙල්ලන්ට විතරද කොස්කොල ගොඩේ හරක් යනව වගේ කියවන්න පුලුවන්. අපිට බැරිද නංගි ආහ්.
ඊය මොනවද මන්ද කියන්නෙ. කෙල්ලො කතා කරන්නෙ කොස්කොල ගොඩේ හරක් යනව වගේ ද.
නැත්තම් දිව්‍ය ලලනාවියො වගේ කියලද ඔයා හිතන් හිටියෙ.
කොල්ලො තමා හරක් වගේ කතා කරන්නේ. අපි එහෙම නෑ.
හිතන් ඉන්නෙ එහෙම වෙන්නැති. නැද්ද බං. රවීන් ඇහුවෙ මගෙන්.
ඉන්නකො මම ඔයාගෙ නෝනා හම්බුනාම කියන්න.
ඇයි එයාට බයේ ද මං. නෑනෙ නෑනෙ.
හා බලමුකො බය නැද්ද කියල. දෙන්න මට නම්බර් එක මම කෝල් කරලම ශානි අක්කට කියන්න.
නම්බර් එක දෙන එක නම් අවුලක් නෑ. ඒ උනාට උඹලා දෙන්න සෙට් වෙනවට නම් මම බයයි. ආයෙ කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ තියෙයි. ඕන් නෑ. නිකම් අවධානමක් ගන්නෙ මොකටද? නැද්ද බං.
ඉන්නකො. මට කොයි වෙලේ හරි හම්බවෙයිනේ. මම කියන්නම් කො.
කේලම් මල්ලක් වෙන්නැතුව හිටපන් නංගි. ඔය ගෑනි ඕව අහල මගේ කනෙන් අදිනව. මේ පේන්නැද්ද දැනටමත් එක කණක් දිගයි සෙන්ටිමීටරයක් විතර ඕකි හින්දම.
හොඳ වැඩේ.
මේ ගෑනු ඉන්නව නේද? මුං ඔක්කොම එකයි බං. රවීන් ආයෙ කිව්ව. කෝ ගන්න බලන්න මෙහාට මටත් ඔය ගෙනාපු ජාතියක්.
ඒ දවස ගත උනේ හරිම සැහල්ලුවෙන්.
*
මාස තුනක් ගත උනේ ඒ බැඳීම තහවුරු කරලා. ඒ නිසාමයි මම රවීන්ට කිව්වේ මම ගීත්නා ව බඳිනවා කියල. ඒත් මම තාමත් ගීත්නාට මම කවුද මගේ අතීතය ගැන කියල තිබ්බෙ නැහැ. මොකද ඒ අතීතය කොහොමත් මට අයිති නැති එකක්. මම ඒක මගේ වර්තමානයට බලපෑම් කරනවට කැමති නෑ.
උඹ ඔය කෙල්ලව බැන්දට කමක් නැහැ. මට එකිගෙ කිසිම අවුලක් පේන්නෙ නැහැ. එයා අපේ ප්‍රශ්නෙට කොහෙත්ම සම්බන්ධ නෑ කියල ශුවර් නේ. ඒත් ඔය මොනවත් ඒකිට කියන්න ඕනනැහැ. සල්ලි ගැන දැනගත්තම සමහර කෙල්ලො වෙනස් වෙනව. රවීන් හැම වෙලාවෙම කිව්ව.
ඇත්ත හංගන එක කොච්චර අමාරු උනත් ඒ හංගන ඇත්ත මට මතක ඇති අතීතයට සම්බන්ධ නති හින්ද මට සාමාන්‍ය විදියටම ඉන්න පුලුවන් උනා.
ඔව්. හැමදේම හොඳින් සිද්ධ උනා අහම්බෙන් දවසක මට ආයෙම ඩියාශි මුණගැහෙනකම්