26_වන_කොටස❄️💦

තුහින්‍යා බිම බලාගත්තද ඔවුන් සිටි ස්ථානයට එහායින් ඇති නිර්මාණ කුටියේ සිටි වේදේශ්ට ඇයවත් ඇය අසලම සිටින භූමිවත් හොඳින්ම පෙනුනි………

” මේකි කොහේද මෙහෙ……. අනික මූ එක්ක………..

වේදේශ් සිතුවේ කෝපයෙන් දැවෙමින්……. Fairy flora හා floral lily ආයතනයන් දෙකටම කරදරයන් තර්ජනයක් වෙමින් නුවරඑළිය ප්‍රදේශයේ තිබූ අනෙක් මල් සැකසුම් ආයතනය වන Golden roses වේදේශ්ගේය…….. ඒ බව භූමි හෝ තුහින්‍යා දැන සිටියේ නැත….. වේදේශ්ට උන්හිටිතැන් පවා අමතකව භූමි ලගට ආවේ කෝපයෙන් දිදුලමින්…. ඔහුගේ දෑස් එක එල්ලේ යොමුව තිබුනේ තුහින්‍යා දෙසටයි……….

ඔහු ලගට පැමි⁣ණෙත්ම තුහී බියෙන් ගැහෙමින් භූමිගේ පිටුපස සැඟවෙනු භූමිටද නිරීක්ෂණය විය……

” මේ මොකද මෙයා මූව දැක්කම හැංගුනේ………ආහ්…… මට දැනුයි මීටර් වුනේ එතකොට මේ ගොන් ගහ බැඳලා හිටියේ මේ මුස්පේන්තුවාවද….. යකූ මේකිගෙ චොයිස් එක නම් බින්දුවයි…. ඇයි යකූ මොලයක් තියන කෙල්ලක් මු වගේ එකෙක්ට කැමති වෙනවද….. පුදුම වෙන්න දේකුත් නෑ මූ මේ කෙල්ලට නරක විදිහට සලකන එක….. මේකා කිසි චාරයක් නැති එකෙක්නේ…….

භූමි දෑතම පපුවට බැඳගෙන සිතුවේ තමා ඉදිරියට පැමිනෙන වේදේශ් දෙස බලාගෙනය……

” ආ….. පුංචි නෝනා හැමදාම හැංගිලා ඉන්නද හිතුවේ…….

වේදේශ් එහෙම කියාගෙනම ඔවුන් ලඟට ඇවිත් භූමිට මුවා වෙලා ඉන්න තුහින්‍යාව ඇදලා එලියට ගන්න හදනවිටම භූමි ඔහුව වැලැක්වූවා…….

” මෙි හලෝ…. තමුසෙ පැත්තකට වෙනවා….. මේ මගේ වයිෆ් හරිද……..

කට කොණකින් සිනාවකුත් එක්ක වේදේශ් කියද්දි භූමි ඔහුට පෑවේ වේදේශ් අකැමතිම සරදම් සිනාව……. ඉන් වේදේශ්ගේ කෝපය වැඩි වුනා…..

” වයිෆ්……..????මොකක්……මේ තුහින්‍යා තමුසෙගේ වයිෆ් කියලද කියන්නේ…. එයා තමුසෙගේ වයිෆ් නම් මෙතන ඉන්න විදිහක් නෑ නේද…….. එයා තමුසෙගේ වයිෆ් නම් මෙහෙම හැංගෙන්න ඕනෙ නෑ නේද…….. එයා තමුසෙගේ වයිෆ් නම් තැන් තැන් වල රස්සාවක් කරන්න ඕනි නෑ නේද…… එයා තමුසෙගේ වයිෆ් නම් එයා දැන් ඉන්න ඕනි තමුසෙ ලඟ….. තමුසෙ එක්ක ආදරෙන්….. කෝ මට නම් එහෙම එකක් පේන්නෙ නෑ…….. තුහින්‍යා මේ තමුසෙගේ හස්බන්ඩ් ද………

ආපසු හැරිලා භූමි තුහින්‍යා දිහා බලද්දි ඇගේ දෑස් වල ලියවිලා තිබුන අසරණකම දැකලා භූමිගේ හදවත කඩා වැටුනා……

” උඹට ලැජ්ජාවක් නැද්ද මිනිහෝ අනුන්ගේ ගෑණු ලඟ තියාගෙන ඉන්නේ….ඒ මදිවට මට ලොකු කතාත් කියනවා…… තුහින්‍යා එනවා යන්න මට තමුසෙ එක්ක කතා කරන්න තියනවා…..

වේදේශ්ගේ හිත තරහෙන් මෙන්ම ඊර්ෂ්‍යාවෙන්ද පුපුරුගසන්නට විය…… ඔහු තුහී ගේ අතින් අල්ලන්න හදන විට භූමි ඉතා තදින් වේදේශ්ගේ අතින් අල්ලගත්තා……..

” තමුසෙට බලෙන් එයාව අරන් යන්න බෑ…… එයා ආවේ මාත් එක්ක……. යන්නෙත් මාත් එක්ක….. මගේ කැමැත්තක් නැතුව එයාට මෙතනින් කොහේවත් යන්න බෑ……

භූමි කිව්වේ වෙිදේශ්ව ගනන්වත් ගන්නෙ නැතුව…. දත්මිටිකමින් වේදේශ් භූමිට හෙළුවේ දවා හළු කරන බැල්මක්….

” මොන මගුලක්ද උඹ මේ කියවන්නේ….. මේ මගේ වයිෆ්……….

වේදේශ් ආවේශ වූවෙක් මෙන් කියද්දි අවට සිටි සියල්ලන්ගේම නෙත් ඔවුන් වෙතට යොමුවුනා…… සෙහන්ස්‍යායි ජාන්වීයි දිල්රූයි එතනට එන විට භූමිගේ යාළුවෝ ටිකත් එතෙන්ට ආවා…… හොඳ වෙලාවට එතන මාන්වීයි තේජස්වියි හිටියේ නෑ……..

” වයිෆ් වයිෆ් වයිෆ්….. උඹ මොකක්ද දැන් කියන්න හදන්නේ…….. ආ…… කියපන් උඹ මොකක්ද දැන් කියන්න හදන්නේ….. මේ මගේ වයිෆ් කිය කිය වටේ ගියාට වැඩක් නෑ….. ඒ මනුස්සයට තමන්ට හිමි තැන දෙන්නෙ නැතුව…… ඒ ගෞරවය දෙන්නැතුව…….. මේ මනුස්සයාට අයිති තැන හොර ගෑණුන්ට දීපු උඹද බං මේ ම⁣ගේ වයිෆ් කියාගෙන එන්නේ….. උඹ මේ කෙල්ලට නියම තැන දුන්න නම් අද මෙතන ඉන්න ඕනි නෑනේ…… නිකම් පව් නොදී ගිහින් වැඩක් බලාගනින්….. තුහින්‍යා උඹට අවශ්‍ය දේ දෙයි….. ඊට පස්සේ අර නෙහාරා එක්ක ලල් ⁣එකේ ඉන්න බැරියැ…….

භූමි කියන්න තියන ටික ශුද්ධ සිංහලෙන්ම කියා දැම්මේය……. නමුත් භූමි කෝපයෙන් හැසුරුන විදිහ තුහීට අවාසිදායක වෙතැයි සිතූ රජීව් වහා ඉදිරියට ගියේය…….

” වේදේශ්…… මෙතන නිකම් පිස්සෙක් වගේ හැසිරෙන්න එපා…… මිනිස්සුත් බලාගෙන ඉන්නවා….. අනික තව ටිකකින් ප්‍රයිම් මිනිස්ටර් එනවා….. උඹ උඹේ වැඩේ ඉවර කරපන් අපිට අපේ වැඩේ කරන්න දීපන්…… භූමි උඹත් කට වහගෙන ඇතුළට යමන්……

රජීව්ට අවනත වුනත් භූමි ආපහු හැරුනේ නැත……

” 🌟 Betelgeuse(රජීව් ) මේ අහපන්…… මට තුහින්‍යා එක්ක කතා කරන්න ඕනි…. මං හැම තැනම මෙයා හෙව්වා…..

වේදේශ් කිව්වේ ටිකක් සන්සුන්ව නමුත් භූමි ඊට තවත් නොසන්සුන් වුනා……

” තුහින්‍යා….. ඔන්න තමුසෙගේ මහත්තයාට තමුසෙට කතා කරන්න මතක් වෙලා… තමුසෙ කැමති නම් ගිහින් කතා කරනවා…..

” භූමි උඹ කටවහපන්….

රජීව් කොපමන සන්සුන් වන්න යැයි පැවසුවත් භූමිගේ ක්ෂණික කෝපය පහව ගියේ නැත……..

” නංගි……. කැමති නම් මහත්තයා එක්ක කතා කරන්න….

රජීව් තුහින්‍යාට කිව්වේ ඉතාම කරුණාවෙන්……… නමුත් තුහින්‍යා අසරණව ඔහු දෙස බැලුවා……

” අනේ මට මෙයා එක්ක කතා කරන්න දෙයක් නෑ රජීව් සර්…….. මෙච්චරටම කතා කරන්න ඕනැ කමක් තිබුනා නම් මේ මනුස්සයාට එ්ක කරන්න තිබුනේ අද මේ විදිහට නෙවේනේ…… මට කතා කරන්න දෙයක් නෑ…… කතා කරන්න ඕනැත් නෑ……. කතා කරන්න තියන ඒවා මගේ ලෝයර් මෙයාට කියයි……….

තුහින්‍යාගේ පිලිතුර භූමිගේ හිතට ගෙන ආවේ සැනසුමකි………

” තමුසෙ කොහොමද එහෙම බෑ කියන්නේ….. තුහින්‍යා තමුසෙ දන්නෑ මගේ හැටි………

වේදේශ් එක් අඩියක් තුහින්‍යා දෙසට තියද්දි ඒ ගමන අවුරාගෙන භූමි නැවතත් ඔවුන් අතරින් සිටගත්තේය……..

” කණ ඇහෙනවානේ…….. එයා කතා කරන්න බෑ කිව්වා………. දැන් මොන හේතුවකටවත් මං තමුසෙට එයා ගාවට යන්න දෙන්නෑ………. හන්සයා අක්කව එක්ක යන්න…………

භූමි සෙහන්ස්‍යාට කියන පමාවට ඇය තුහින්‍යාගේ අතින් ඇදගෙන ඔවුන්ගේ නිර්මාණ කුටිය ඇතුලටම ගියේය…..

” බලාගන්නම්….. බලාගන්නම්….. ඇල්නිලම්…. උඹ දන්නෑ…. මේ බ්ලැක් කැට් කවුද කියලා…….. තවමත් නීතියෙන් ඒ ම⁣ගේ ගෑණි….. හරිද…….. තමුසෙ කොහොමද මගේ ගෑණීව බලෙන් තියාගෙන ඉන්නේ…..

” තමුසෙගේ වයිෆ් වෙලා හිටියා….. තවදුරටත් නෑ…. මොකද දික්කසාද නඩුව දාලානේ තියෙන්නේ….. තව ටික දවසකින් ඔය කටෙන් මේ වයිෆ් කියලා කියන්නත් අයිතියක් නැති වෙයි…… ඒ හින්දා තුහින්‍යාට එයාගේ දෙමව්පියෝ එක්ක පාඩුවේ සතුටින් ඉන්න දීලා යනව…..

භූමි කිව්වේ එවර නම් තරමක් සන්සුන්වයි……..

තවත් ඇත්තේ.පැයක පමණ කාලයක් බව නිවේදනය කෙරුනෙන් දෙන්නාම දෙපසට වී තම කාර්යයන් ඇරඹුවේය….. භූමිට තුහින්‍යා ගැන ඇති වුනේ දුකක්……. ගැහැණියක් මේ තරම් පිරිමියෙකු ඉදිරිපිට අසරණ නොවිය යුතු බව ඔහුට සිතුන පලමු වතාව අදයි… ආදරයක් රැකවරණයක් රැකබලාගැනීමක් නොවූ තැනකින් නික්ම ආවේ යලිත් ඒ දෙසට නෙතු පියවිල්ලක් හෝ හෙලීමට නොවේ….. තුහින්‍යා දැඩිව එය තීරණය කර තිබුණි….. කොතරම් අවාසිදායක වුවද අද භූමි ඇය වෙනුවෙන් පැවසූ වචන ටිකට තුහින්‍යා ඔහුට හදවතින්ම කෘතඥ විය…….

තරඟ කාලසීමාව අවසන් විය….. අග්‍රාමාත්‍යවරයාගේ පුතු හා ලේලිය පැමිණ සියළුම නිර්මාණ පරීක්ෂා කරන්නට විය………. තුහින්‍යා නම් හදවතින්ම මෙය තම ආයතනයට ලැබෙන්නට පැතුවාය…….

” අක්කා……. අප්සට් වෙන්න එපා…….. එ් මිනිහා පිස්සෙක්…… හැබැයි හැන්ඩ්සම් කිව්ව වටික නම් නියමයි……..

සෙහන්ස්‍යා කිව්වේ තුහින්‍යාව සනසන අටියෙන්……. ජාන්වී හා දිල්රූත් එය අනුමත කලා…..

” ඔව් බං…… ගනන් ගන්න එපා….. ඩිවෝස් එක ලැබෙනවානේ… අනික මේ වගේ මොඩයෙක් එක්ක කොහොම ඉන්නද…. ඔයා අයින් වුන එක හොද තීරණයක් තූහී……..

ජාන්වී කියුවේ තුහීගේ අත පිරිමදිම්න්…..

” ෂා වාව් සමීර්….. මේක බලන්නකෝ…. සෝ බියුටිෆුල්……. මාර්වලස්….. අයි ලයික් අයි ලයික් දිස් ප්ලීස් සමී….

අගමැති තුමාගේ ලේලිය සතුටින් උඩ පැන්නේය……. භූමි ඇතුළු පිරිසගේ නිර්මාණය ඔවුන්ගේ සිත් ගෙන තිබුණි……

” Mr ගජනායක…… ⁣එහෙනම් අපි මේ decoraters ලා select කරනවා….. මට මේකෙ owner හම්බවෙන්න ඕනි…. තව ටිකක් විස්තර කතා කරගන්න…….

අගමැතිගේ පුතා අවසන් තීරණය කියද්දි බලාපොරොත්තු සුන් වූ වේදේශ් ඔහුගේ තරහ පිට කලේ සැදූ නිර්මාණය කඩා දමමින්…… ඔහු එතැනින් පිටව ගියේ කෝපයෙන් හා වෛරයෙන් දැවෙමින්……

සියල්ලන්ටම දැනුනේ සතුටක්……. තවත් සති දෙකකට පසු යෙදෙන මංගල්‍යයට දැන්ම තියා වෙහෙසීමට ඔවුන්ට සිදු වනු ඇත……..

🌷 •°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°•🌷

රාත්‍රී කෑමට පැමිණි පසු භූමි සියල්ලන්ටම කතා කලේය……

” ස්තූතියි හැමෝටම….. හැමෝම මහන්සි වුනා……. හුඟක්…. අවසානෙදි අපිට ඒක ලැබුනා………

” ආ එහෙම කියලා නම් බැරි වෙයි සර් අපිට පාර්ටි ඕනි……

දිල්රූගේ යෝජනාව හැමෝම අනුමත කරද්දි භූමි එයට කැමති වුනේ සිනා මුසු මුහුණින්……

බොහෝ සතුටින් විහිළුවෙන් ආහාර ගත් පිරිස විසිත්තකාමරයේ තැන් තැන් වල වාඩි වී රෑපවාහිණි නරඹන්නට විය…..

” රජ්ජා…….

භූමි රජීව්ට ලංවී කතා කලේ ඇහෙ නෑහෙන හඬින්….

” මොකද……

” මට තුහීට ටිකක් කතා කරන්න ඕනි…..

” භූමි…… මේ ඒකට සුදුසු වෙලාව නෙවෙ…. මේ හැමෝම ඉස්සරහ විශේෂයෙන් උඹේ නෑනලා ඉස්සරහා මේ වැඩේ කරන්න එපා මචං……

” හ්ම්ම්ම්ම්… හා… ඒත් මට ඉක්මනට එයා එක්ක කතා කරන්න ඕනි මචං….. දැන් විශේෂයෙන්ම ඕනිි…..

” මොකටද වේදේශ්⁣ගෙන් පලි ගන්නද….

මොහොතක් රජීව් දෙස බලා සිට් භූමි මද සිනාවක් පෑවේය……. කෙල්ලොන්ගේ කිංකිණි සිනා හඬ දසත ඇසෙය්…..

” රජ්ජා………. එක අතකට මේක වේදේශ්ට ගහන කනේ පාරක්…… මං තුහීව කසාද බඳිනවාමය්…… ඌට මේ අහිංසක කෙල්ලට දෙන්න බැරි වුන ලස්සන ජීවිතය මං දෙනවා……අන්න ඒකයි මට වැදගත්…..

රජීවි සැනසුම් සුසුමක් හෙළුවේය……

” අපි උදව් කරනවා උඹට……

පැවසූ ඔහු නැගිට මිතුරන් වෙත යද්දි භූමි ද ඔහු අනුව නැගිට්ටා……. එවිටම එතැනට ආ තේජස්වි භූමිගේ උරහිසේ එල්ලුනේ නොසිතූ විදිහට…….. භූමි මහත් අපහසුතාවයකට පත්වුනා මෙන්ම සියල්ලන්ගේම දෑස් ඔවුන් වෙත යොමු වුනා……….

” මේ මොන විකාරයක්ද……………

ලඟ ලඟ ඇසුන හඬින් පිරිස නැවත අවධානය ඒ ඇසුන හඬ වෙත අවධානය යොමු කලේය……….

හද සෝ තැවුල් නිම වී…..

නෙතු කඳුළු වැල් මැකී….

අඳුරේ තරු පිපී ඇති සඳ නැගී

තරුවියන අතරේ විමනෙන් මිදී

එනවද මීදුම් ඉමෙන් පාවී
සිහිනෙක රැඳී…….

මතු සම්බන්ධයි__••••❤️