“චේතනා…. ත/මු/සෙ/ට මොකද මේ වෙලා තියෙන්නෙ?දාඩියත් දාලා මූණට.ත/මු/සෙ මොකේකට හරි බය උනාද?කතා කරනවා චේතනා…”
“මහත්… තයා…. මං…. ම්ං…. මේ…
බිය වී සිටින චේතනාට කතා කරගත නොහැකිව වචන පවා පැටලෙන්නට විය. දෑස් වල කඳුලු පුරවාගෙන ඇය තේනුකගෙ ප/පු/ව මත හිස තබාගෙන සෙමින් ඉකි බිඳින්නට විය.
“ඔය අඬන එක නවත්තලා ඉස්සෙල්ලාම මං අහපු දේට උත්තර දෙනවා චේතනා. මොකක්ද ත/මු/සෙ/ට එකපාරටම උනේ?ඇයි අඬන්නෙ?…”
තේනුක ඇසූ පැනයට පිළිතුරු දෙනවා වෙනුවට චේතනා කරේ තවත් වේගයෙන් ඉකි බිඳීම පමණි.ඇගේ දෙනෙතින් කඩා හැලෙනා කඳුලු වලට ඔහුගේ ප/පු/ව තෙත් වී ඇත.
තේනුකට මෙය මහත් ගැටලුවකි.ඇය ඉකි ගසමින් දිගටම හඬනවා මිසක් කිසිවක් කතා කරන්නේ නැත.ඇගේ ප/පු/ව/ද වේගයෙන් ගැහෙනා බව ඔහුට දැනේ. එතරම්ම බිය වීමට තරම් ඇයට සිදු වූ දේ කුමක්ද?
දැන් ඔහුට ඇය ගැන කේන්තියක්ද ඉපදේ. තරහෙන් මෙන් ඇයව තම පපුවෙන් ඈත් කෙරූ ඔහු ඇය දෙස රවා බැලුවේය.
“මගෙ යකා අවුස්සන්නැතුව කතා කරපන් චේතනා.ඇයි උ/ඹ අඬන්නෙ?මං මේ හොඳින් අහන අන්තිම පාර…”
මොහොතකින් ඇය තම දෑස් තුලින් ගලනා කඳුලු පිසදාගෙන තේනුක දෙස අසරණ අසරණ ලීලාවෙන් බැලුවා.ඇගේ ඒ බැල්මට ඔහුට දුක නොසිතුනාම නොවෙයි.
කාත් කවුරුවත් නොමැතිව තමා අසරණ වී ඇති බව ඇයට දැනේ.තේනුක තමාට ආදරය කරන්නේ නැත. තමා හට කුමක් සිදු වූවත් කුමන ආකාරයේ කරදරයක් පීඩාවක් සිදු වූවත් ඔහුට දුකක් කණගාටුවක් නැත.ඉතින් මේ සිදු වූ දෙය ඔහුට පැවසුවත් ඉන් පලක් නැත.
“ඇයි කතා කරන්න බැරි?ගො/ළු/ද ත/මු/සෙ?…”
ඔහු එවර ඇගේ උරහිස් දෙකෙන් සොලවා ඇසුවේ මහත් කෝපයෙනි.ඒ හඬට ඇය පවා තිගැස්සුනාය.
“අනේ මහත්තයා…. ඇමති තුමා…. මට… කරදර…. කරන්න හැදුවා…. මං බොහොම අමාරුවෙන්…. බේරිලා දුවලා ආවෙ…”
“මොකක්??…”
තේනුක එකවරම පුදුමයෙන් මෙන් දෑස් ලොකු කරගෙන ඇය දෙස බැලුවාය.ඇය ඉකි ගසමින් ඇඳ වියල මත හිස තබා ගත්තාය. ඒත් සමඟම ඔහුට මාලක ගැන කේන්තියක් දැනුනි.දත්මිටි කාගෙන ඇඳෙන් බැසගත් ඔහු බිත්තියට අත මිට මොලවා වේගයෙන් පහරක් ගැසීය.
“දුවව බලා ගන්නැතුව ත/මු/සෙ මොකටද උගෙ කාමරේට ගියේ?…”
“කුස්සියෙ වැඩ කරන…. ගෑණු කෙනා මට කිව්වා…. ඇමතිතුමාගෙ කෑම එක…. කාමරේට….. ගිහින් දෙන්න කියලා….. ඒකයි මං ගියේ…”
“ඉතින් ත/මු/සෙ/ට තිබ්බෙ ඒ කෑම එක ඒ ගෑ/ණි/ට/ම ගිහින් දෙන්න කියලනෙ…”
“මං එහෙම කිව්වා මහත්තයා…. ඇමතිතුමාලු කිව්වෙ….. කෑම එක මගෙ අතේ එවන්න කියලා…”
තේනුක මහත්තයා කාමරේ පුරාම ඇවිද ඇවිද රෑ වෙනකල්ම කල්පනා කරා.අපි මෙහාට ආවෙ මොන සටනක් හරි දීලා කොහොම හරි අපේ දුවව අපි ගාවට ගන්න.
ඇසි පිය ගසන පමාවට මාස දෙකක්ම ගෙවිලා ගියත් අපිට දුවව ලබාගන්න මොකුත්ම කරගන්න බැරුව ගියා.කරන්න පුලුවන් වෙච්චි එකම දේ දුවගෙ හිතට ලං වුනු එක විතරයි.
“එහෙනම් ඌ ත/මු/සෙ/ව කොටු කරගන්න හදලා තියෙන්නෙ.මීට පස්සෙ කවුරු කිව්වත් ත/මු/සෙ ඇමතිගෙ කාමරේට යන්න එපා. තව සතියක් ඔහොම ඉවසලා පරිස්සමෙන් ඉන්නවකො…”
“සතියක්?ඒ කිව්වේ…. තව සතියකින් මොකද වෙන්නෙ මහත්තයා?…”
“මෙහාට වෙලා මු/න්/ගෙ වැඩ කර කර මෙහෙම ඉඳලා අපිට කවදාවත් දුවව අපි ගාවට ගන්න බැහැ.ඒ නිසා පියවරක් ඉස්සරහට තියන්නම වෙනවා…”
තේනුක මහත්තයා කියන දේ මට නම් හරියට තේරෙන්නෑ.ඒත් එක දෙයක් යාන්තමට වගේ මට වැටහුනා.එයා අපේ දුවව අපි ගාවට ගන්න විදියෙ මොකක් හරි ප්ලෑන් එකක් ඇඳලා තියෙන්නෙ.
“දැන් මහත්තයගෙ හිතේ තියන ප්ලෑන් එක මොකක්ද?…”
එයා මං ගාවට ඇවිත් මගෙ ළඟින්ම වාඩි උනා.
“මාලකව වට්ටන්න පුලුවන් ජාතියෙ කෙනෙක් මට හම්බ වෙලා තියෙන්නෙ චේතනා…”
“ඒ කව්ද මහත්තයා?විරුද්ධ පක්ෂයෙ ඇමති කෙනෙක්ද?…”
මං ඇහුවෙ අලුත් බලාපොරොත්තුවක් හිත දරාගෙන.මාලකව ඔය ඇමති පුටුව අහිමි කරොත් අපිට එයාගෙ බලය අඩු කරන්න පුලුවන්.
“නෑ.මිනිහා ඇමති කෙනෙක් නම් නෙවෙයි. මිනිහගෙ යාළුවා නම් විරුද්ධ පක්ෂයෙ ඇමති කෙනෙක්.අපිට පුලුවන් මාලකටයි මනුලිටයි නීතියෙන්ම දඬුවම් කරලා අපේ දුවව නීතිය මාර්ගයෙන්ම අපි ගාවට ගන්න…”
“ඒ මොකක්ද මහත්තයා?…”
“ත/මු/සෙ උ/න්/ට අහු නොවෙන්න ශේප් එකේ දුවගෙ කෙස් ටිකක් ගන්නවා.අපි මුලින්ම ඔප්පු කරන්න ඕනි දුව අපි දෙන්නගෙම දරුවෙක් කියලා.ඊට පස්සෙ වෙන්න ඕනි ටික මං පස්සෙ කියන්නම්…”
තේනුක මහත්තයා කියපු විදියටම මං පහුවදාම දුවගෙ ඔලුව පීරනකොට කෙස් ටිකක් අරන් තියාගත්තා.ඒක මට ලේසියෙන්ම කරගන්න පුලුවන් උනා.
දවස් දෙකක් යන්න කලින් රිපෝට් එක ආවා. දැන් පුංචි ආරණ්‍යා අපේම දුව කියලා අපිට නීතිය ඉස්සරහ උනත් ඔප්පු කරන්න පුලුවන්.
“අපි දැන් මොකක්ද කරන්න ඕනි මහත්තයා?මේක අරන් පොලීසියට යනවද?…”
“පි/ස්/සු/ද ඕයි?අපි මේක අරන් පොලීසියට ගිය ගමන්ම පොලීසියෙන් මේක කෑලි කෑලි වලට ඉරලා දාලා අපිවම වැරදිකාරයො කරයි.ටිකක් මොලේ කල්පනා කරලා වැඩ කරනවා.චන්දෙත් ළඟ ළඟම එනවා.මාලක නාම යෝජනාත් බාර දීලා තියෙන්නෙ. ජනතාවගෙනුත් මාලකගෙ පැත්තට සෑහෙන පිරිසක් ඉන්නවා.අපි ගොඩක් පරිස්සමෙන් වැඩ කරන්න ඕනි.පොලීසියෙන් යට ගන්න යන මාලකගෙ ටිකක් දරුණු කේස් එකක් තියනවා.චන්දෙට කලින් ඒක එලියට ඇද්දොත් හරියටම හරි…”
“ඒ මොකක්ද මහත්තයා?…”
“ඔය මාලකයා මාස තුන හතරක්ක් තිස්සෙ ගර්ල් කෙනෙක්ව හංගගෙන ඉන්නවා හලාවත පැත්තෙ තියන උ/ගෙ ගෙදරක. මාලක නිසා ඒ ගර්ල් ප්‍රෙග්නන්ට්ලු.මාලකට ඒ කෙ/ල්ලගෙ ජීවිතේට අනතුරක් කරන්න බෑ.මොකද මේ වෙද්දි ඒ සිද්දිය ඒ ගර්ල්ගෙ ගෙදරින් දන්නවලු.ඒ ගර්ල් ටිකක් පෝසත් ෆැමිලි එකක කෙනෙක්…”
“ඒක හොඳයි මහත්තයා…”
“හොඳයි කිව්වෙ?…”
“මාලකට පුලුවන්නෙ ඒ ගෑණු ළමයට ලැබෙන්න ඉන්න දරුවව හදාගෙන අපේ දුවව අපිට දෙන්න.අනික එතන ඉන්නෙ මාලකගෙම *ල් තියන දරුවෙක්නෙ. ආරණ්‍යාට එයාලට කිසිම *ල් බැඳීමක් නෑනෙ…”
“ත/මු/සෙ කියන දේත් හරි තමයි චේතනා. ඒත් මාලකවත් මනුලිවත් ලේසියෙන් ආරණ්‍යාව අපිට දෙන්නෑ.ආරණ්‍යා අපේ කියලා දැනට දන්නෙ අපි දෙන්නා විතරයි. ඒත් ආරණ්‍යා මාලකගෙයි මනුලිගෙයි කියලා මුළු රටම දන්නවා.රටේ මිනිස්සු දැන ගත්තොත් මු/න් දෙන්නා අපෙන් ආරණ්‍යාව හොරකම් කරා කියලා ඒක මාලකගෙ දේශපාලන ජීවිතේට ලොකු පැල්ලමක්.ආයෙ චන්දෙ ඉල්ලුවත් මාලකට ලේසියෙන් දිනන්න බැරි වෙන්නත් පුලුවන්.ඒ නිසා මාලක මේක ලේසියෙන් අතාරිනේකක් නෑ…”
මතු සම්බන්දයි.
පොඩ්ඩයි ටයිප් කරේ ළමයී.පුලුවන් උනොත් බෝනස් කොටසක් දෙන්නම්.ලයික් කමෙන්ට් කරන්න.ගොඩාක් ස්තූතුයි හැමෝටම