මලක්දෝ නුඹ අරලියා 🌸🌿
🌷🌿දහතුන් වෙනි කොටස🌿🌷_
🌹 කවුද ඔතන කෑ ගහන්නේ දන්නෙ නැද්ද මේක පන්සල….ක්…………..
වන්දනා ආවේ එහෙම කියාගෙනමයි………. වන්දනා දැක්කම නම් රන්දයට පොලව පාගෙන යන්න තරම් ලැජ්ජාවක් ආවා…………
❤️❤️ ශිට්…….. මං නෝන්ඩි වෙන්නෙම මේකි ලඟනේ……… දැන් ඉතින් පටන් ගනී lectures දෙන්න…………….
රන්දය තමාටම මුමුණගත්තා……….. වන්දනාට යන්තම් සිනා ගියා රන්දය දැක්කම………….
🌹 ආ…….මේ මහත්තයානේ………… පුදුම වෙන්න දේකුත් නෑ………… මේ……. ඒත් Mr රන්දය…….පොඩි හාමුදුරුවෝ එන්න තව ටිකක් වෙලා යනවා…….. මං හිතන්නේ ඔයා එතෙන්ට ගිහින් උන් වහන්සේට බාධා කරන එක ඔයා කරගන්න පවක්…………
❤️ ඒත් මේක හදිස්සියි………………
🌹 කොච්චර හදිස්සි වුනත් උන් වහන්සේට බාධා කරන්න එපා……. ටිකක් ඉවසන්න පුරුදු වෙන්න…………
❤️ මගේ යකා අවුස්සන්න එපා වන්දනා
අනිත් පැත්තතට ඉක්මනටම රන්දයට වැටහුනා තම මුවින් පිට වුනේ කියවිය යුතු නොවන දෙයක් කියලා……….
❤️ අයියෝ i am extremely sorry doctor වන්දනා………… මේක හදිස්සියක් මට උපදෙසක් ගන්න ඕනි ඒකයි…….. හ්ම්ම්ම්…… ඒත් කමක් නෑ ඔයා කියන එකත් ඇත්ත මං මෙහෙන් ඉන්නම්………
වන්දනාගේ හිත යටින් සතුටක් දැනුනා ……. මොකද රන්දය එයා කිව්ව දේ අහපු නිසා………… වන්දනා යලිත් දරුවන්ට එකතු වුනේ තවත් එක් වරන් රන්දය දෙස බලාගෙනමයි………. රන්දය බෝ මළුවට මෙහායින් තියෙන සල් ගස පාමුල වාඩි වෙලා සල්මලකුත් ඇහිඳගත්තා……….. ඔහුට මදක් එහායින් දරුවන්ට පාඩම් කියාදෙන වන්දනා ව ඔහුට පේන්නේ දහස්පෙතියා මල් වැට අතරින්……………….
වන්දනා මේ සල් මල වගේ සුන්දරයි පිවිතුරුයි කියලා රන්දයට හිතුනා………….. දොලහ පහු වනතුරුත් උනි වහන්සේ වැඩමකලේ නැති හින්දා රන්දය හිටියේ ටිකක් නොසන්සුන්වයි…………… වන්දනා දහම්පාසල අවසන් වෙලා අවසන් ළමයත් යනකම් ඉදලා රන්දය ඉන්න දිහාට ආවා…………
🌹 Mr රන්දය………….. කලබල වෙන්න එපා දැන් උන් වහන්සේ වඩින වෙලාව………….
❤️ හ්ම්ම්ම්… ඔයාගේ වැඩ ඉවරද……..
දැන් මේ ඉරිදට දහම්පාසලේ උගන්වන්න එන්නෙ නිවාඩු දාලාද……….
🌹 ඔව්…
❤️ඒත් ඉතින් ඔයාටත් පුළුවන්නේ privete කරනවා කියලා මෙහෙ එන්න නිවාඩුවත් ඉතුරුයි……………
🌹 මං එහෙම කෙනෙක් නෙවේ Mr රන්දය මං වැඩ කරන්නේ වෙනමම විදිහකට……….
❤️ ඒක නම් පේනවා…………….
🌹 මං එහෙනම් යන්නම්……………..
❤️ තනියෙන් යන්න පුළුවන්ද………..
🌹 අපොයි පුළුවන් Mr රන්දය………. මං වාහනේ ආවේ…………..
වන්දනා එතැනින් යන්න ගියේ සිනා මල් ගොඩක් එතැන විසුරුවලා…………. රන්දය ඇය යන දිහා බලන් හිටියේ ඇසි පිය නොගහා………….. එතැනට වැඩම කරපු අනුරුද්ධ පොඩිහාමුදුරුවන්ව වත් ඔහු දුටුවේ නෑ……….. හාමුදුරුවෝ ටිකක් උගුර පෑදුවා…………..
🌼 ඒ දරුවා නම් ගියා රන්දේ………..
රන්දය ගැස්සිලා වගේ හාමුදුරුවන් දිහා බැලුවා හරියට වරදක් කරලා අහුවුන එකෙක් වගේ………….
❤️ මං මේ අපේ හාමුදුරුවනේ………….
🌼 හරි හරි ඉතින් ඔය වයසට සාමාන්‍ය දෙයක් ඒක…………..
❤️ එහෙම දෙයක් නෑ…………
🌼 හ්ම්ම්ම් අපි යමුකෝ එහෙනම් ආවාස ගේ පැත්තට………..
දෙන්නම ඇවිදගෙන ගිහින් නතර වුනේ දළදාමාලිගාවේ පත්තිරප්පුව පේන ස්ථානයේ…………..
🌼 දැන් මොකක්ද රන්දය ප්‍රශ්ණය…………
ඔහු අර මනමාලිය බලන්න ග්ය කතාවේ ඉඳන් ඔක්කොම පොඩි හාමුදුරුවන්ට පැවසුවේ කේන්තියෙන්……………. උන් වහන්සේටත් හිනා සුලක්ඛණා මැණිකේට සිද්ධ වුන දේට………….
🌼 දැන් ඉතින් ඕකට කේන්ති ගත්තා කියලා වැඩක් නැහැනේ………..
❤️ මට කියන්න අමතක වුනා………. සම්මානි ඇවිත්…….. මට ඒ ගෙදරට රිංගගන්න පුළුවන් වෙන්නේ ඒ ගෑණිගේ මාර්ගයෙන්ම තමා…….. වෙන විදිහක් නෑ……….
🌼 කතා කලේ නැද්ද……
❤️කොහේද මේ අපේ අම්මාගේ මගුල නිසා මට ඒක කරන්න බැරි වුනා………..ආයෙ ලබන සතියෙලු එන්නේ…………..
🌼 ඔය ගෑණු මනුස්සයා හොඳ කෙනෙක් නම් නෙවේ රන්දේ……….
❤️ මං දන්නවා මං දන්නවා…….. ගෑණිට ඕනැ කොහොම හරි දුවව මගේ ඇඟේ ගහන්න………….. ඒකෙන්ම මේ වැඩේ කරගන්න තමයි මං බලන්නේ…………
🌼 කරන දෙයක් පරෙස්සමට…………..
❤️එහෙ ගියොත් මොනම හරි දෙයක් හම්බවෙයි හාමුදුරුවනේ………….
🌼🌼🌼 හම්බවෙයි සාක්ෂි නම් නෙවේ රන්දේ……. ඔයාගේ නෑනා………………
පොඩිහාමුදුරුවෝ එහෙම හිතුවා විතරයි………. වන්දනා කියන්නේ අරලියා කියලා කියන්න පුළුවන් කමක් තිබුනා නම් කොච්චර හොඳද කියලත් නොහිතුනාම නෙවේ……….
🌼 සමහර විට තියෙන්නත් පුළුවන්…….. ඔය ගෙදර ඉන්නවා සියාතු කියලා සීයා කෙනෙකුයි සුමනා කියලා ආච්චි කෙනෙකුයි……… ඒ දෙන්නා සමහර විට මොනවා හරි දන්නවා වෙන්න පුළුවන්……….
❤️ එහෙමද……… ඒක දැනගත්ත එකත් හොඳයි……….. මට ඉතින් තව සතියක් විතර බලන් ඉන්න වෙනවා…………
වෙන කරන්නට දෙයක් නැත…… නමත් සම්මානිගෙන් හා ඇගෙ දුවගෙන් නම් බේරී සිටිය යුතුය………………. නැත්නම් සිද්ධ වෙන්නේ වෙනම නඩුවක් දාගන්නටය…………….
🏵️💝🧡💜️🏵️💝🧡💜️🏵️💝🧡💜️🏵️💝🧡💜️🏵️💝
සවස් වරුව වන්දනා ගත කලේ අසල ඇති වැව ලඟය……….. ඒ වැවට පැන අම්මා දිවි නසාගත් බව ඇයට ආරංචි වූයේ කුඩා කලදීය……….. එය කිසිසේත්ම විශ්වාස කල නොහැක………… ඒ තරමට සිංහ ධේනුවක් මෙන් සියලු ප්‍රශ්ණ වලට සාර්ථකව මුහුණ දුන් අම්මා කිසි දිනක මේ අයුරින් ජීවිතය අතර මගදී පැන යන්නේ නැත………………
🍃 සුදු මැණිකේ මෙතන මොනවද කරන්නේ…………….
🌹 නිකම් අනේ කම්මැලි කමට ආවා………..
🍃 අපේ ආනන්දිතා සුදුමැණිකෙත් ඔහොම තමයි……..එයාගේ දවසත් ගෙවුනේ මෙතනමයි……….. අන්තිමට මැණිකෙගෙ මිණිය හම්බවුනෙත් මේ වැවෙන්මයි…………..
🌹 මො…මොකක්……….. අ..අනේ….. සීයා මට කතාව කියන්නකෝ………….
🍃 ඒක හරිම දිග කතාවක්……….. ආනන්දිතා සුදු මැණිකේ කියන්නේ දෑලබණ්ඩාර පරම්පරාවේ වැදගත් මැණිකේ කෙනෙක්……… මේ නෙළුම්දෙණිය වලව්ව ඒ කාලේ සින්න වෙලයි තිබුනේ සුරනිමල මහත්තයාගේ වරදින්ම තමා………… අන්තිමට ඒක සල්ලි වලට ගත්ත සුදු මැණිකෙවම සුරනිමල හාමු බැන්දා………… ඒ වෙද්දි සුරනිමල හාමු සහේට ගන්න හිටියේ දැන දෑලබණ්ඩාර මහත්තයාගේ නෝනා…. සුලක්ඛණා මැණිකේ…….. කොහොමින් කොහොම හරි පව් ගෙවන්න ආනන්දිතා මැණිකේ ආවා…………..
🌹 ඊට පස්සේ…………….. අහන්නකෝ සියාතු සීයේ ඒ මැණිකෙගේ කිසි දෙයක් මේ වලව්වේ නැද්ද…….. මං… මං අහන්නේ පින්තූරයක්වත්…………..
🍃නැත්තේ මොකද සුදුමැණිකේ……… සුරනිමල හාමු ඒ ඔක්කොම විනාස කරලා දාන්න කියලා මට භාරදුන්නට මං ඒ එකකවත් අයින් කරනනෙ නැතුව ඉස්ටෝරුවේ හැංගුව…………. මං මැණිකෙට ඒ ටික දෙන්නම්කෝ බලන්න
🌹 ඉතින් ඊට පස්සෙ මොකද වුනේ………..
🍃 ආනන්දිතා මැණිකෙට පුතෙකුයි දුවෙකුයි හම්බ වුනාම ඒ දරුවන් බලාගන්න දෑලබණ්ඩාර ලොකු මැණිකේ මෙහාට ආවා………….. ඊටත් ටික කාලෙකින් අරලියා පුංචි මැණිකෙත් ඉපදුනා…………. ඒ පවුල කිසිම එකමුතුවක් තිබුන එකක් නෙවේ……….. මෙ මල යස්සනී දවසක් ආවා වලව්වට…….
🌹 මල යස්සනී කිව්වේ………
🍃 අර සම්මානිද මොකද්ද කියන ගෑණි තමා………… ප්‍රශ්ණ වැඩි වුනා…… බහින් බස්වීම් වුනා…………. ලොකු මැණිකේ දැනගත්තා සුරනිමල හාමුවා මොකක්හරි මගෝඩි වැඩක් කරන්න යන්නේ කියලා ………… ඊට පස්සේ දවසක් ලොකුමැණිකේ නිදි පැදුරෙම මැරිලා හිටියා…………… අරලියා චූටි මැණිකේ හොඳටම බය වෙලා හිටියේ එයා කියවන්න ගත්තා අප්පච්චි අත්තම්මාගෙ මුහුණ කොට්ටෙන් තද කරගෙන හිටියා කියලා………….. ඒක ඒ දැරිවි ඇත්තටම දැකලා…………..
වන්දනාට ඒ දවස මැවි මැවී පෙනෙයි………. ඒ එදා අැති වූ භීතිය දැනුත ඇයට දැනෙයි……..
🌹දැන් කෝ ඒ මැණිකේ………………
🍃 අතුරුදන් වුනා……… ඒත් මට විශ්වාසයි ඒ මැණිකේ ඉන්නවා…….. කොහේහරි හොඳින් ඉන්නවා……… ආනන්දිතා මැණිකේ මැරෙන්න කලින් ඒ දැරිවිව කොහේ හරි කවුරුහරි එක්ක හැංගුවා………. දවසක ඒ මැණිකේ එයි මේ තිරිසන්නුන්ව අපායට යවන්න………. ඔව් මට විස්වාසයි……… ඒ මැණිකේ එනවා……. ආනන්දිතා සුදුමැණිකෙගෙ දරුවා එනවා………….
🌹 ඊට පස්සේ………………..
🍃 ඊට දවස් දෙකකට පස්සේ………
කතාව කියන්න වුනේ නෑ වේගයෙන් ආව වාහනයක් මිදුලෙ නැවැත්තුවා…………..
෴ මතු සබැඳියි ෴