ආයෙ ගීත්නා මට කතා කලේ රෑ වෙලා. මම කොහොමත් එයාගෙ කෝල් එක බලාපොරොත්තුව හිටියේ.
සමීර..
හ්ම්ම්ම්..
නිදිද ඔයා..
නැහැ. මං දන්නවනෙ ඔයා කතා කරනව කියලා.
හ්ම්. එහෙමද?
ඉතින් මොකද කරන්නෙ?
ඔයා එක්ක කතා කර කර ඉන්නව. මට නම් තාම හීනයක් වගේ අද දවස.
මේ හැමදේම හීනයක්ම වෙයිද ගීත්නා? මම ඇහුවෙ එයා කරන්නෙ බොරුවක් කියල දන්න හින්දමයි. ඒ උනාට මගේ හිතත් එයා අරං වගේ. මට එයා ගැන වැරදියට හිතන්න බැහැ.
ඇයි ඔයා එහෙම කියන්නෙ? එයා ඇහුව.
මට එහෙම හිතෙනව.
අහන්න සමීර.. මම ඔයාට ආදරේ කලේ දැකපු දවසෙ ඉඳලම. ඉතින් මම කවදාවත් ඒක හීනයක් වෙන්න දෙන්නෙ නැහැ. එයාගෙ ඒ කටහඬේ තිබුනෙ ලොකු විශ්වාසවන්ත බවක්. එදා ඒ කෝල් එක වෙන කවුරු හරි ගැනද නැත්තම් වෙන කවුරුහරි දෙන්නෙක් කතා කරපු එකක්ද කියල මට හිතුනු තරම්.
එතකොට ඔයා?
හ්ම්. දීපන්කෝ උත්තර. එයාගෙ සිත් ඇදගන්නසුලු බවක් තිබුනත් මට තාමත් විශ්වාස නැහැ මම එයාට ආදරේ කරනවද කියල. මා දන්නෙනැහැ ගීත්නා ඒක කවද කොහොම උනාද කියල. මම කිව්වෙ ඒ හින්දම.
ඔයා තාම මට ආදරේ කරන්නෙ නැහැ. මට තේරෙනවා. එයා සුසුම් හෙලනව මට දැනුන
ඇයි ඔයා එහෙම කියන්නේ?
මට කියන්න පුලුවන්. ඒ උනාට ඒක ඉක්මනටම ආදරයක් වේවි.
දෙවියනේ. කෙල්ලෙකුට මෙච්චර බොරුවක් කරන්න පුලුවන්ද?
අපි සෑහෙන දේවල් කතා කරන්න ඇති. එයා හරිම සරල යුවතියක් කියල මට හිතුනෙ. ඒ කතා කල කිසිම දේක එයා මම ගැන ඇහුවෙ නැහැ. එයා එයාගෙ පවුලෙ අය ගැන විස්තර කලා.
මගේ අම්ම නැති වෙලා තාත්තයි අයියයි මායි ඉන්නෙ.
ආ තාත්ත ඉන්නවද? එදා අපිට මුණගැහුනෙ නැහැනේ? මම ඇහුව.
ඔව් තාත්ත ඉන්නව. එදා ඔයාල ආපු දවසෙ එයා අසනීප වෙලා හිටියේ.
ආ.. එහෙමද?
ගීත්නා මොකද්ද ඔයාගෙ සර් නේම් එක?
ඒ මොකෝ මේ හදිසියෙ මගේ සර්නේම් එක අහන්නෙ? උත්තර දෙනව වෙනුවට එයා ප්‍රශ්නයක් ඇහුව.
නිකම් දැනගන්න අනේ.. යාලුවෙලා ඉන්න කෙල්ලගෙ නම වත් දන්නෙ නැද්ද කියල කවුරුහරි ඇහුවොත් එහෙම මම දැනගෙන ඉන්නෙපැයි.
ඔව් ඒකත් ඇත්ත තමයි නේද? මගේ නම ගීත්නා සයුරංගි වීරබාහු. එයා කිව්ව.
ඒ කටහඬේ තිබුනෙ අවංක බවක්. එයාගෙ නම කියන්න එයා බය වෙන්නෙ මොකටද?
තාත්තගෙ නම අහන්න මට කොච්චර ඔක්න උනත් මම ඇහුවෙ නෑ.. දැනට සර්නේම් එක දන්නවනෙ. ඒ ඇති. ඊටපස්සෙ කෙල්ල මාව සැක කලොත් එහෙම. හා හා පුරා කියල යාලු වෙච්ච දවසෙම ඇදගෙන නාන්නෙ මොකටද ? ඔන්නොහෙ තව ටිකදවසක් ඉමු.
කියන්නකො ඔයා ගැනත් විස්තර ඉතිම්..
ෆේස්බුක් එකේ තිබුනු විස්තර වලට අමතරව අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඉතිම්.
එයා හිනාවෙනව ඇහුන. ඔයා මට විහිලු කරනවා නේ?
ඇයි ඒ?
නෑ ඉතිම් මමෆේස්බුක් එකෙන් විස්තර හොයාගත්ත කියලනෙ ඔයාලව මගේ පාටි එකේ ෆොටෝ ගන්න කැමති කරවගත්තෙ.මම පේජ් එකේ විස්තර බැලුව මිසක් වෙන වෙනම ඔයාලගෙ විස්තර හෙව්වෙ නෑ.
ඇත්තටමද කියන්නෙ?
නෑ නෑ බොරු බොරු. මම හොඳට හොයල බැලුව. ආදරේ උනත් කවුද කියල දැනගන ඉන්න එපැයි.
මේ කොල්ලො නම් අම්මපා…
ඇයි මොකෝ? හා ඔයා හොයල බැලුවෙ නැද්ද මම ගැන විස්තර.ඇත්තම කියන්නකො.
මම එහෙම බැලුවෙ නැහැ ගීත්නා. අපි දෙන්න මෙච්චර ලං වෙයි කියල මම හිතුවෙ නැහැ. ඔයාව දැක්කම මම දන්න කෙනෙක් මට මතක් උනා. මට කියවුනේ ඉබේටම.
කවුද ඒ. මට දැනුන එයා කලබල වෙනව. කෙල්ලන්ට පුරුදු ඉරිසියාව. පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද?
නැහැ නැහැ . ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවේ. මම දැනගෙන හිටපු කෙනෙක්. මොන හේතුවක් හින්දද මන්ද මට හිතුන ඩියාශි ගැන එයාට කියන්න ඕන නැහැ කියල. අපි මොකක් හරි සිදුවීම් ගොඩකට නොදැනුවත්වම සම්බන්දයි නම් මට එයාව කරදර වලට පටලවන්න ඕන උනේ නැහැ.
යාලුවෙක්ද?
ඔව්.. යාලුවෙක්. පොඩිකාලෙ යාලුවෙක්.
මොකද්ද නම.
ඩි.. එයාගෙ නම දිව්‍යා. මම කිව්වෙ ඩියාශි කියන්න හදල ආයෙම මතක් වෙච්ච නමක්.
ඉතින් කෝ එයා දැන්?
දන්නෙ නැහැ. මම කිව්වා. ඇත්තට ම මම ඩියාශි ඉන්න තැනක් දන්නෙ නැහැනේ.
ඔයා මාර එක්කෙනෙක්නෙ.
ඇයි ඒ?
තමන්ගෙ යාලුවෙක් ලු. මාව දැක්කම එයාව මතක් වෙන්න තරම් ලඟින් හිටපු එක්කෙනෙක්. ඒත් ඉන්න තැනක් දන්නෙත් නෑ.
හම්මේ. කෙල්ල හිතල තියෙන දුර.ඔව්. එයා මගේ ඉස්කෝලෙ යාලුවෙක්. මම රට යද්දි මෙහෙ තිබ්බ කනෙක්ශන් ඔක්කොම නැති උනා. ඊටපස්සෙ යාලුවොන්ට මොනා උනාද කියල මම දන්නෙනෑ. රවීන් මගේ හොඳම යාලුව. ඌ එක්ක සම්බන්දෙ තිබ්බෙ ඌ කූඩැල්ලෙක් වගේ මගෙ ඇඟේම එල්ලිල ඉන්න හින්ද. මම කිව්වෙ මට ගොඩ නගාගන්න පුලුවන් වෙච්ච විශ්වාස කරන්න පුලුවන් එකම කතාව.
එයා ඒක පිලිගත්ත බව මට දැනුන.
අනේ අනේ යාලුවට කූඩැල්ලා කිව්ව නේහ්. ඉන්න මම රවීන් හම්බුනාම කියන්න.
එයා කිව්වෙ දඟ විදිහට.
ඔයා කිය්න්න ඕන නෑ. මම ඕක ඌට හැම වෙලේම කියනව.
මරු යාලුවො දෙන්න.
කාලය ගත උනේ අපි දෙන්නටම හොරෙන්.
දැන් නිදාගමු නේද? අයියගෙ බබාගෙ මොන්ටිසෝරිය ටයන්න ඕන මම හෙට.එයා කිව්ව. ඇත්තටම එයා එක්ක කතා කරාට පස්සෙ මට දැනුනෙ සැහැල්ලුවක්.
හා නිදාගමු. ගුඩ්නයිට් ගීත්නා.
නිදාගන්න කලින් කියන්නකො. අපි කවදද මීට් වෙන්නෙ? එයා ඇහුව ආයෙම.
ඔයාම කියන්නකො දවසක්.
ලබන ඉරිදා..
හා..
අපි කොහෙද යන්නේ?
ඔයා එනවද මෙහේ? මම ඇහුවෙ එයා මොකද කියන්නෙ බලන්න.
හා.. මම එන්නම්. එයා කිව්ව.
පුදුම කෙල්ලක් තමයි. මට හිතුන.
එහෙනම් ස්ටුඩියෝ එකට එන්නකෝ.
හා.. මම තියනව එහෙනම්. බුදු සරනයි.
හැමදාම රෑට දුරකතනෙන් කතා කරන එක පුරුද්දකට ගියේ අපි දෙන්නටම නොදැනී. කතා කලේ මොනවද කියල මතක නැතත් ඒ කතා කරනෙක ජීවිතේ අනිවාර්‍ය දෙයක් වගේ. ඔව් තාම සතියයි තමයි. ඒ සතියට එයා මට ලං උනේ මටත් නොදැනී. එයාගෙ අරමුණ මොකද්ද කියල දන්නෙ නැති උනත් ඒ හැඟුම් වලට සීමා මායිම් දාන්න මම දැනගෙන හිටියේ නැහැ. මට හිතුනෙ එයා මට ඇත්තට ම ආදරේ කරනව කියලමයි.
මොනවද අරකි කියන්නේ? රවීන් හැමදාම වගේ මගෙන් අහන එකත් පුරුද්දකට ගිහින්.
මොනවත් නෑ බං. මම ත් හැමදාම එකම උත්තරේ දෙනව.
ඇයි යකෝ දැං සතියක් වෙන්න එනව. හැමදාම රෑට මල් කඩනව. ඒ උනාට ඇහුවොත් කතා කරපු දෙයක් නෑ.
එහෙම මතක හිටින්න තරම් දෙයක් කතා කරල නෑ.
මොක උනත් කමක් නෑ උඹ ඔය කෙල්ලට සිරාවටම ලව් කරන්න යනව හෙම නෙවේ. රවීන් මට කිව්වෙ අනතුරු ඇඟවීමක් විදියට. ඒ උනත් ඒක කොච්චර දුරට සාර්ථක ද කියන්න මම දන්නෙ නෑ.
ඒ සති අන්තය උදා උනේ වෙනදාටත් වඩා කලින් කියල මට හිතුනෙ. මම ලෑස්ති වෙලා ස්ටුඩියෝ එකට ගියා. ගීත්නා කෝල් කරල කිව්ව එයා උදෙන්ම එනව කියල. එනකම් මට ඉවසිල්ලක් තිබුනෙත් නෑ. ඒ පෙම්වතුන් විදියට අපි මුණගැහුනු පලවෙනි දවස.
ගුඩ් මෝනිං. එයා ස්ටුඩියෝ එකට ආවෙම එහෙම කියාගෙන. අද උදෙන්ම නාල දියබිඳු වෑහෙන කොණ්ඩෙ. චාම් ඇඳුම. ඒ හැම දෙයක්ම මගේ නෙත් ගත්තෙ මටත් හොරෙන්. මේ සොඳුරු රුව මගේ නේද කියල මට හිතුන.
මම ඉක්මනට ගිහිල්ල එයාව වැලඳගත්තෙ හදිසියේ ඇති උනු පෙලඹවීමක් මත. ඒ දෑත් මගේ බඳ වටා රැඳුනෙ එයා ඒක බලාපොරොත්තුව හිටියා වගේ. අපි එහෙම ම හිටියෙ කාලය පමණක් ගත වෙද්දි. මොන හේතුවකට හරි බැඳුනත් ඒක හරිම අහඹු බැඳීමක් උනත් අපි දෙන්නට ම ඒ වෙලාවේ ඒ හැඟුම් වලින් මිදෙන්න ඕන උනේ නෑ. වචනයක් වත් කතා නොකලත් මම හිතන්නෙ අපේ හදවත් ඒ හැමදේම කතා කරගන්න ඇති.
සමීර.. එයා කතා කලේ එක නිමේශයක් පමණක් වගේ දැනුනු විනාඩි ගානකට පස්සෙ.
ම්ම්ම්..
දැන්වත් කියන්න ඔයා මට ආදරේ ද?
ඒ ප්‍රශ්නෙට උත්තරේ ඒ වෙලාවෙත් මම දැනගෙන හිටියෙ නෑ. ඒත් එයාට බොරු කියන්න මට ඕන උනෙත් නෑ. මම හිටියෙ එයාගෙ ඇත්තටම වෙන අරමුණක් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නෙට මැදි වෙලා.
මම දන්නව ඔයාට තව කල් ඕන කියල. ඊටපස්සෙ එයා කිව්වෙ මගේ තුරුලින් මිදිල. කැමති තරම් කල් ගන්න. එයා කිව්වෙ මගේ ඇස් දිහාම බලාගෙන.
සමාවෙන්න ගීත්නා. මම කිව්වෙ වෙන කියන්න දෙයක් නැති කමට.
ඒත් මට දැනගන්න ඕන ඇයි ඔයාට මට ආදරේ කරන්න බැරි කියලා. එයා ආයෙ ඇහුව.
ඇයි දැන් මේ අපි කරන්නෙ ආදරේ නෙවෙයි ද? මම ඇහුව. මම හොඳටම දන්නව ඒ ආදරේ නෙවේ කියල. ඒත් එයාට මොනවහරි කියන්නත් එපැයි.
ඔයයි මායි හොඳටම දන්නව ඒ ආදරේ නෙවෙයි කියලා. එයා කිව්වෙ හිනා වෙලා. ඒකට කමක් නැහැ. ආදරේ බලෙන් ගන්න බැහැනේ. මම ඉන්නම්. මට ඕන තරම් කල් තියෙනව.
තේරුම් ගන්න ගීත්නා. ඔයා මගේ ජීවිතේට ආවෙ හරිම අහම්බෙන්.
ඉතින් හැමෝම අපි හැමදාම දන්න කියන කට්ටියම වෙන්න ඕන කියල නීතියක් තියෙනවද? අහම්බෙන් කාටවත් ජීවිතේට එන්න බැරිද? එයා අහනව. ඒ ප්‍රශ්න වලට දෙන්න උත්තර මට නැහැ. අර කෝල් එක මොකද්ද කියල මට අහන්න හිතුන තරම්. ඒත් මේ ඒකට වෙලාව නෙවෙයි කියල මට හිතුන.
සමීර.. දෙයක් කියන්නද මං? එයා ඇහුවෙ ටිකක් වෙලා ඉඳල. කියනවද නැද්ද කියල දෙගිඩියාවක් ඒ හිතේ තිබුන.
කියන්නකො ඉතිම්.
මම මුලින්ම මේ ස්ටුඩියො එකට ආපු ගමන අහම්බෙන් වෙච්ච දෙයක් නෙවෙයි. ඔයා එක්ක යාලු වෙච්ච එකත් එහෙමයි. මේ හැමදෙයක්ම කලින් සැලසුම් කරලා වෙච්ච දේවල්. මම මුලින්ම ඔයා ව වෙන කෙනෙක් කියලා වැරදියට තේරුම් අරගෙන හිටියා. එයා කියන්න ගත්තෙ මගේ හදවත වේගෙන් ගැහෙද්දි.
ඒකට හේතුව.
හේතුව මගේ තාත්ති