25_වන_කොටස❄️
වෑන් එක දිහාවට එන තේජස්වියි මාන්වීයි දුටු ජාන්වීයි දිල්රූයි මුහුණෙන් මුහුණ බලාගත්තෙ නොරිස්සුමෙන්…
” මේ ඩබල මොන මගුලකටද එන්න හදන්නේ…… මට පේන්නේ තේජස්වි භූමි සර්ට ලයින් වගේ
දිල්රූ කිව්වේ රහසින් වගේ…… ජාන්වී හිස සලා තුහී දෙස බලද්දි ඇය නම් ඔය කිසි දේකටඅවධානය යොමු නොකර මල් සැකසුම් සදහා අවශ්‍ය උපකරණ බෑගය යලි පරීක්ෂා කර බලමින් සිටියාය…….
” ඔය දෙන්නා කොහේද යන්නේ…….. මේක මේ පික්නික් එකක් නෙවේ…..
භූමි කිව්වේ මදක් කේන්තියෙන්…… නමුත් තේජස්වියි මානවීයි නම් එය ගණන් ගත් බවක් පෙනුනේ නෑ…….
” අපි දන්නවා අයියේ…….. අප්පච්චි තමයි අපිටත් ඔයා එක්ක යන්න කියලා කිව්වේ…… ඔයා අපි එනවට කැමති නැද්ද……..
මන්වී ඇසුවෙත් කෝපය මුසුවූ හඬකින්….. භූමි ඒ විදිහට ඔවුන්ව පිරිස ඉදිරිපිට අපහසුතාවයට ලක් කිරීම ගැන මාන්වීගේ හිතේ තිබුනේ ලොකු තරහන්…… විශේෂයෙන් එතැන සෙහන්ස්‍යා ඉන්න එකත් ඒකට ලොකු හේතුවක්…… මේ අක්කයි නංගියි තුහින්යයි සෙහන්ස්යායි එක්ක ටිකක් තරහයි….. ඊර්ෂ්‍යායි…. ඒ වගේමයි භූමි ටිකක් තුහින්‍යා ගැන උනන්දුයි කියලත් මේ දෙන්නට ඉව වැටිලයි තිබුනේ…….. උඩින් හොඳ මිතුරුකමක් පෙන්නුවත් ඊට යටින් තිබුනේ තරහක්……..
” එහෙම මගුලක් නෑ… නගිනවා නගිනවා…….
භූමි කෝපයෙන් යුතුව රියදුරු අසුනට ගොඩ වෙද්දි අනෙක් පිරිසත් වාහනයට නැගුනා……… රජීව් ඉදිරිපිට අසුනට නගින්නට හදන විටම තේජස්විත් ගිහින් ඉදිරිපස දොරින් ඇල්ලුවා……..
” රජීව් ඔයා පිටිපස්සෙන් නගින්න……
ඒක හරියට විධානයක් වගේ……. එයට නම් භූමිට දැනුනේ පුදුම තරහක්….. කොහොමත් ක්ෂණික කෝපය වලක්වා ගන්න භූමි දැනගෙන හිටියෙ නෑ……
” තමුසෙට පිස්සුද ඕයි….. ගිහින් වාඩි වෙනවා පිටිපස්සෙන් මගේ යකා අවුස්සන්නැතුව……..
භූමි කොපයෙන් ගුගුලද්දි ජාන්වීටයි දිල්රූ ටයි හිනා………..
” අයියෝ….. මේ තේජස්වි උදේම නාගන්න හදන්නේ……..
ජාන්වී කිව්වේ දිල්රූගේ කණට කොඳුරමින්…..
” නාගන්න හදනවා නෙවේ බං ඇදගෙනම නා ගත්තා……
දිල්රූ කිව්ව එක මාන්වීට ඇහුනා……. ඇයත් හිටියේ ලැජ්ජාවෙන්…….
” අයියේ මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනෑ…….
තේජස්විත් පිටුපසට යන්නට කැමැත්තක් නැත……… එපා කියූ දෙයක් නැවත නැවත කරන එක භූමි අකැමතිම දෙයක්……. ඔහුට උදේ පාන්දරම මාරාවේශ විය……….
” මේහ්…… ලොකු නංගි……. මං එච්චර හොඳ මිනිහෙක් නෙවේ….. මාව තරහගස්සන්න එපා….තමුසෙට කතා කරන්න දෙයක් තියනවා නම් මං ඒක කතා කරන්න තමුසෙගේ ගෙදරට එන්නම්… දැන් ගිහින් පිටිපස්සෙන් වාඩි වෙනවා අපිට පරක්කු වෙනවා…. රජ්ජා නැගපන් ඉස්සරහින්……..
තවත් මොනවත් කියන්න කලින් රජීව් ගිහ්න් ඉස්සරහින් වාහනයට නගිද්දි මුහුණත් බර කරගෙන කළු කරගෙන තේජස්වි ඇවිත් පිටුපසින් වාහනයට නැග්ගා………
” බලපන්කෝ මූණ……. පව් වැඩේ වුනේ…. මේකි ඇත්තටම මෙච්චරම ගොන්ද බං……. අර භූතයාගේ හැටි දන්නෑ වගේ තොදොල් වෙන්න ගියේ…. සමයං………
ජාන්වී කිව්වේ තුහින්‍යා දිහා බලලා නමුත් තුහින්‍යා හිටියේ ඇස් දෙක පියාගෙන…… ඇස්.පියාගෙන හිටියට මේ සිද්ධ වෙන හැමදේම ඇයට ඇසෙනවා….. නමුත් ඇයට ඒ ගැන උනන්දුවක් දක්වන්නට අවශ්‍ය නෑ……භූමි වාහනය පාරට දැම්මෙම කොපයෙන් මුහුණ කළු කරගෙන…….. බෑවුම් වල ඉතා වේගයෙන් වාහනය පදවන ඔහුගේ දෑස් යොමුව තිබුනේ මාවත දෙසට……..
” මේ මනුස්සයා නම් කවදාවත් හැදෙන්නෑ අප්පා….. ශිට්…… බලන්නකෝ යන වේගය………..
තුහින්‍යා කිව්වේ ජාන්වීට……… නමුත් ජාන්වී නම් එය අනුමත කලේ නෑ…..
” ඒ මනුස්සයාව කේන්ති ගැස්සුවේ ඔය ඉස්සරහ ඉන්න පුංචි නොනානේ මට නම් කේන්ති එයා එක්ක……
” ඒ ළමය ඉතින් මොනවා කරන්නද….. මස්සිනා නිසා ආදරේටනේ ඉස්සරහට එන්න ඇහුවේ එයා………
තුහින්‍යා කිව්වේ වේගයෙන් පසුවන තේ වතු දිහා බලාගෙන……… නමුත් ඒ වචන ටික පිටවුනේ අවංකවදැයි ඇයට සැකයක් දැනුනි………
හෝරා හයකට ආසන්න කාලයක් ගත වෙද්දි ඔවුන් කොළඹ නගරය බලා පැමිණියා……… ඔවුන් නතර වුනේ කොලඹ රජීවිට හිමිව තිබූ නිවසක….. හවස් වරුම ඔවුන් ගමන් මහන්සිය නිසා විවේකයෙන් ගෙවා දමන්නට තීරණය කලා………. කොල්ලො ටික නම් ආයෙම හම්බ වුනේ රාත්‍රී ආහාරයට…… කෑම මේසය වටා වාඩි වෙලා ඉන්නකොටවත් තුහින්‍යා භූමි දිහා බැලුවේවත් නෑ…..
” හ්ම්ම්ම්….. මොකද මේ මෙයාගේ ලොකුකම මේ තරම්….. ඕනැවට වැඩී වගේ…….
භූමි සිතුවේ කන ගමන්………..
” තුහී………… හෙට පාන්දරම වැඩ පටන් ගන්න ඕනි හරිද…. ජාන්වී දිල්රූ නංගි ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන් තේරුනාද…….. අපි එකතු වෙලා මේ වැඩේ අපේ ආයතනයට ගන්නම ඕනි….
භූමි කිව්වේ ජාන්වී හා දිල්රූ දෙස බලමින්……
” ඔව් සර් අනිවාර්යෙන්ම අපි ඒක ගමු…. පුළුවන් උපරිමයෙන් අපි ඒක කරනවා…. නේද තුහී……..
ජාන්වී කිව්වේ තුහින්‍යා දිහාත් බලන ගමන්……….
” ඔ…..ව්…..
එච්චරයි….. තුහින්‍යා ඊට වඩා දෙයක් කතා කලේ නෑ……..
” මෙයා ඇයි මේ කිසිම කතාවක් නැත්තේ……. කමක් නෑ තුහී….. ඔහොම බලන් ඉන්නකො මං කොහොමත් ඔයාව බඳිනවාමයි……. ඔයාටවත් ඒක නවත්තන්න බැරි වෙයි…..
භූමි සිතුවේ තුහින්‍යා දිහා බලාගෙනමයි…..
” භූමි සර්ගේ හිතේ අපේ තුහී ගැන හැඟිමක තියනවා වගේ…. ඔව් මට එහෙම හිතෙනවා…..
ජාන්වී සිතුවේ පිඟාන දිහා බලාගෙන කන තුහී දෙසත්,,, තුහී දෙසම බලා සිටින භූමි දෙසත් බලමින්……..
” හෙට තෙනුක උදෙන්ම මල් අරන් එනවා…… මෙහෙමයි…….. සෙටි බැක් එක පෝරුව එතකොට එන්ට්‍රන්ස් එක ටේබල් ඇරෙන්ජ්මන්ට්ස් වෝල් ඩෙකරේෂන්ස් මේ හැම දෙයක්ම අපි පෙන්නන්න ඕනි…… මේ වෙඩින් එකේ තීම් එක සින්ඩරෙල්ලා….. ඒකට ගැලපෙන්න අපි මල් තෝරගන්න ඕනි…..
භූමි තව දුරටත් විස්තර කලේය…….
” සර් වයිට් රෝසස්,,, ලිලී,, ඩේසි,, බේබිස්බ්රෙත්, ඕර්කිඩ් එහෙම අපිට කොහොමත් භාවිිතා කරන්න වෙනවා….. ඒත් නිල් පාටට මොන මල්ද ගන්නෙ…… නිල්පාට ඩේසි අපි ගාව තියන ප්‍රමාණය අඩුයි……. හැබැයි නිල් කාර්නේෂන්ස් නිල් ක්රිෂාන්තිමම් තියනවා…… අපි මොනවද ගන්නේ…..
තුහින්‍යා කිව්වේ කවුරුත් හිතුවේ නැති විදිහට…… භූමිට සතුටක් දැනුනා….. කොහොමත් භූමි පාවිච්චි කරන්න හිතාගෙන හිටියේ ඔය මල් වර්ග දෙකම තමයි……..
” හරි තුහී…….. ඔයා හිතුව විදිහ හරි……. ඒ මල් හෙට එයි….. මල් වලට කොල අතු රිකිලි වැල් වලට අමතරව අපි කිසිම දෙයක් ගන්නෙ නෑ…….
” සර් එතකොට පොරුව…….??
ජාන්වී ඇසුවේ එය වැදගත් ලෙස ඇයට දැනුන හෙයින්……
” ඔව් ජාන්වී………… පොරුව තමා වැදගත්ම…… හැමදේම ලෑස්ති කරලයි තියෙන්නේ…….. මෙහෙමයි……. දිල් තෙනුකයි ධනූයි එක්ක එන්ට්‍රන්ස් එක හදන්න ඕනි….. එතකොට ජාන්වී ඔයා රජීයි රවිකයි එක්ක පෝරුව බලන්න ඕනි මොකද ඔය තුන්දෙනොට ඒක කරන්න පුළුවන්…….. තුහී සිතිජ තරුන් සෙටිබැක් එකයි ටේබල් ඇරෙන්ජ්මන්ට්ස් වෝල් ඇරෙන්ජ්මන්ට්ස් මේ ටිකම බලන්න ඕනි…….
” මේ හැන්ඩ්සමි…….. මාත් අක්කිට උදව් කරන්නද………
සෙහන්ස්‍යා ඇසුවේ භූමිට තට්ටුවක් දාමින්……..
” අහන්නත් දෙයක්ද හන්සයා…. ඒත් ඔයා ආසා නැද්ද මාත් එක්ක වැඩ බලන්න…. ආ…….
භූමි ඇයට ආදරයෙන් විහිළුවක් කලේය…… ඔහු ඇයට තම නැගණියට සේම ආදරය කරයි….. මාන්වී හා තේජස්වි සිටියේ සගවාගත් තරහෙන් පුපුරමින්…….
භූමි සියල්ලන්ටම කල යුතු දේ පැවරුවේ හෙට කාර්ය හොඳින් කර ගැනීමටයි……
” එතකොට අපි දෙන්නා…..
මාන්වී අසද්දි භූමි කට කොණකින් සිනාවක් පෑවා…… කොහොමත් මේ නෑනලා දෙන්නා එන්නෙ වෙනමම පොටකට කියලා භූමිට ඒ වෙදිදිත් තේරිලයි තිබුනේ…….
” ඔය දෙන්නා මොනවා කරන්නද….. අපි කරන දේ බලාගෙන ඉන්න පැත්තකට වෙලා……..
” ඇයි අයියේ ඔයා අපිව ඔහොම පාච්චල් කරන්නේ…….
ඉවසන්න බැරිම තැන මාන්වී ඇසුවාය…..
” මේ එහෙම එකක් නෑ හරිද…… මේක මේ විහිළු වැඩක් නෙවේ… මේක රාජකාරියක්….. ඔයාලා ආවට තෑන්ක්ස්…. ඒත් මේ වැඩේට ඔය දෙන්නා involve වෙන්න එපා….. හරිද……..හෙට ගිහන්ස්යායි හේෂරයිත් එනවානේ….. ඔයාලට එයාලත් එක්ක ඉන්න පුළුවන්…..
භූමි ඔවුන්ට පැහැදිලි කර දුන්නේය……
” හරි අයියේ….. අපි ඒක දන්නවා…. නංගි ඒක මේ නිකමට කියන්න ඇත්තේ….. ම්ම්ම්ම්….. කාලත් ඉවර එකේ යමුද අපි ටිකක් කතා කරන්න එලියට……
තේජස්විගේ ඇරයුමට භූමිට ආයෙම කේන්ති ගියා……..
” මේ ලොකු නංගි………….. මට මහන්සී අපි පස්සේ කතා කරමු……. මං යනවා උඩට…….. ධනා….පාන්දරට හේෂ් එයි පොඩ්ඩක් බලපන්…….
භූමි එතැන නොරැඳීම ඉහල මාලයට ගියේ ආපසු හෝ නොබලාමය
” තව කී දවසක් මාව මග හරින්නද අයියේ ඔයා…… අපි බලමුකො…… හැබැයි ඔයාට මාව බඳින්නම වෙනවා…………..
තේජස්වි සිතුවේ පඩිපෙල නගින භූමි දෙස බලාගෙන……….
•°•°°•°•°°•°•°°•°•°°•°•°°•°•
කොළඹ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ හොටලයක පහතම මාලයේ තිබූ උත්සව ශාලාවේ මේ තරඟය පැවැත්විණි……… තරඟය පිණිස බොහෝ මල් සැකසුම් ආයතන පැමිණ සිටියහ……… තුහින්‍යා ඇතුළු ගැහැණු ළමුන් එහි යනවිට ඔවුන්ගේ කුටිය සූදානම්ව තිබුණි……… එහි වූ පෝරුව දුටු තුහින්‍යාගේ නෙත් දීප්තිමත් විය……….. එය ඇත්තටම දැකුම්කළු පෝරුවකි…….. භූමි එක්වරම බැලුවේ තුහින්‍යා අත වූ සුදු පැහැති බෑගය දෙසයි……..
” තුහී මොනවද මේකෙ……..
ඔහු ඇසුවේ බෑග් එක පෙන්වමින්…… එවර නම් තුහීනේ මුහුණේ ඇදුනේ සුන්දර පිවිතුරු සිනාවත්……. ඒ සිනාවෙන් භූමිගේ හදවතම පිරී ගියේය…….
” මේ පිච්චමල් වැල් සර්…..
” පිච්චමල් වැල්…….???
” ඔව් සර් මේක පෝරුවට……
භූමිට දැනුනේ අපමණ සතුටක්…. සැනසීමක්………. අවශ්‍ය වන්නේ ජීවිතය අවුල් කරන අයෙක් නොව…… මේ අයුරින් අතපසු වන සියල්ලට එලිසමයක් වෙමින් තරුවැල් එල්ලන සහකාරියකි…… තුහින්‍යා එවන් සුන්දර අදහස් ඇති තමාට ගැලපෙනම යුවතියකි……. ඇය ඒවා ගත්තේ නවාතැන අසල වූ කෝවිල ලඟින්…..
“Very Good තුහී…….. අන්න එහෙමයි ඉන්න ඕනි……………..
තරඟය ආරම්භ වූයේ නවයට පමණය……..
” හොඳයි පැමිණ සිටින සියළු දෙනාගෙන්ම අවසරයි…… අවශ්‍ය උපදෙස් ඔයගොල්ලන්ට දැනටමත් ලැබිලා තියනවා……. ම්ම්ම්ම්ම්….. පැය දෙක හමාරක් දෙනවා….. ඒ ඇතුලත ලස්සනටම වැඩේ ඉවර කරන්න ඕනි……. හොඳම ආයතනය තෝරන්නේ අගමැතිතුමාගේ පුතා සහ ඔහුගේ මනාලිය විසින්……. ඉතින් සුභපතනවා හැමෝටම…….
නිවේදකයා විස්තර කලේය….ඉන් තරඟය ආරම්භ විය………………..
සියළු දෙනාම තම උපරිමයෙන් මේ කාර්යට දායක වී සිටියහ…… භූමි හා තුහී ඉදිරිපස මේසය අසල මේස සැරසිලි සකස් කරමින් සිටියේය…… තූහීගේ සකසුරුවම් දෑත් ඉතා සුන්දරව රටා මවමින් සිටියේය………..
“හරි ලස්සනයි……… ඔයාට හොඳ හැකියාවක් තියනවානේ….. දැන් නම් ටිකක් බයත් හිතෙනවා……..
භූමි කියද්දි මද සිනාවකින් තුහී ඔහු දිහා බැලුවාය……
” ඇයි සර් ඒ…. මොකටද බය වෙන්නේ..
“#ඔයාවමගෙන්කවුරුහරිඋදුරගනීකියලා
භූමිගේ හැගීම්බර වචන වලට තුහි ගැස්සිලා ඔහු දිහා බැලුවේ පුදුමයෙන්……
” මේ මං කීවේ ඔයා වගේ දක්ෂ කෙනෙක් කවුරු හරි ඇවිත් මගෙන් හොරකම් කරන් යයි කියලා…….
තුහී ඊට සිනාවක් පා යලිත් කරමින් සිටි කාර්යයට නෙත් යොමු කලාය…… මද වේලාවකින් අැය යලිත් හිස එසෙව්වේ භූමිගේ සොයුරා වන හේෂර එතැනටට පැමිණි නිසාය……. නමුත් ඊටත් එහායින් සිටින රුව දුටු තුහින්‍යා ඒ දෙසම බලා හිඳ හිස බිමට හරවාගත්තාය….
💔
නුඹ හිරුයි මං සඳුයි
කිසිවිටෙක සැබෑ ලොව එක් නොවෙයි..
නුඹ සයුර මා සිතිජයයි
එනමුත් එයත් මිරිඟුවක්මයි…..
නුඹ අහස මං මහ පොලවමයි
සිතුවත් කෙලෙසවත් එක් නොවෙයි
මෙය පතා ආ අපෙ දෛවයයි….
මා ඉක්මන් වුනා වැඩිදැයි සිතෙයි…
෴තුහී෴
💔
❤️••••මතු සම්බන්ධයි••••❤️