ත/මු/සෙ කොහෙද ඔය කෑම එකක් උස්සන් යන්නෙ?…”
ඇමතිතුමාගෙ දවල් කෑම එක අරන් මං පඩිපෙළ නැගලා උඩට යද්දි තේනුක මහත්තයව හම්බ උනා.එයා හිටියෙ උඩ තට්ටුවෙ බාතෲම් එකේ ක්ලීන් කරමින්.
“ඇමතිතුමාගෙ දවල් කෑම එක මහත්තයා. අද කුස්සියෙ වැඩ කරන ගෑණු කෙනාට වැඩ වැඩියිනෙ.මට කිව්වා ගිහින් දෙන්න කියලා…”
“හ්ම්ම්.පරිස්සමෙන් ගිහින් එනවා.වැඩි වෙලා කාමරේ ඉන්න එපා.ඔය ඇමතියා මට සත පහකට විශ්වාස නෑ…”
එහෙනම් තේනුක මහත්තයගෙ හිතේ කොනක මං ගැන පුංචිම පුංචි හරි ආදරයක් ඉතුරු වෙලා තියනවා.ඒකනෙ මට එහෙම කිව්වෙ.එයාට බය ඇති මට ඇමතිතුමාගෙන් කරදරයක් වෙයි කියලා.
“මහත්තයා බය වෙන්න එපා.මං කෑම එක දීලා ඉක්මනින් එන්නම්…”
“වැඩිය උඩ යන්න එපා.ත/මු/සෙ මගෙ දරුවගෙ අම්මා නිසයි එහෙම කිව්වෙ. නැත්නම් ත/මු/සෙ ඌ/ත් එක්ක බු / දි/ ය ගත්තත් මට කමක් නෑ.මේ ලෝකෙ කිසිම මිනිහෙකුට උ/ඹ වගේ ගෑ/ණි/යෙ/ක් නම් හම්බ වෙන්න හොඳ නෑ…”
තේනුක මහත්තයා ඒ කියපු දෙයින් මගෙ හදවත කෑලි කෑලි වලට කැඩිලා ගියා වගේ මට දැනුනා.මගෙ හදවතේ එදා ඔහු ගැන තිබූ ආදරය අදටත් එලෙසම පවතිනවා.ඒත් ඔහුගෙ හිතේ මං ගැන ආදරය වෙනුවට තිබෙන්නෙ වෛ/ර/ය.
මං කෑම එක අරන් ඇමතිතුමාගෙ කාමරේ ළඟට ගිහින් දොරට තට්ටු කරා.මොනවා උනත් මට එකපාරටම කාමරේ ඇතුලට යන්න හිතුන්නෑ.ඔය වගේ මිනිස්සු සත පහකට විශ්වාස නෑ.
“එන්න.දොර ඇරලා තියෙන්නෙ…”
මාලක ලැප්ටොප් එක දිගෑරගෙන ලොකු වැඩකයි හිටියෙ.චේතනා කෑම පුරවපු ට්‍රේ එක අරගෙන කාමරේට ඇතුල් උනා.මුළු කාමරේම වායුසමනය කරලා.පුංචි ආරණ්‍යා එක්ක සෙල්ලම් කරලා මහන්සි වෙලා දාඩියත් දාලා හිටපු චේතනාට කාමරේ ඒසී එකෙන් එන සිසිල් බවට පුදුම සනීපයක් දැනුනෙ.
“බේබි කෝ?…”
ලැප්ටොප් එකෙන් මදකට මුහුණ ඉවතට අරන් මාලක චේතනාගෙන් එහෙම ඇහුවා.
“බේබි නිදාගත්තා සර්…”
“මොකක්ද ඔයාගෙ නම?…”
“සමාධි…”
“සමාධි කොච්චර කල් වෙනවද ප්‍රදීප්ව මැරි කරලා?…”
“මාසයක් විතර…”
“සමාධිගෙ වයස කීයද?…”
“අවුරුදු විසිතුනයි…”
“ගෙවල් වලට හොරෙන්ද මැරි කරේ?…”
“ඔව් සර්…”
චේතනා මාලක අහන ප්‍රශ්න වලට උත්තර දුන්නෙ සැරෙන් සැරේට දොර දිහා බලාගෙන. ඇයට බය හිතුනා තමා මාලකගෙ කාමරෙන් තවමත් එලියට ආපු නැති එකට තේනුක තමා ගැන වැරදි වැටහීමක් ඇති කරගනියි කියලා.
“ඇයි සැරෙන් සැරේට දොර දිහා බලන්නෙ?ප්‍රදීප් බනියි කියලා බයද?…”
මාලකට තේරුනා චේතනා බියෙන් පසුවන කාරණාව.මාලකගෙ ප්‍රශ්නෙට උත්තරයක් නොදීම චේතනා කාමරෙන් එලියට ආවා. ඇයට මාලක ගැන දැනුනෙ යම්කිසි අප්‍රසන්න බවක්.
මහ ජ / රා ඇස් දෙකක් තියෙන්නෙ ඇමතිට. මාත් එක්ක කතා කරද්දි බැලුවෙම මගෙ ඇ / ඟ දිහා.ආයෙ නම් මට බැහැ එයාට කෑම අරන් යන්න.මං ආවෙ මගෙ දුවව බලාගන්නනෙ.
“අපි දැන් හැමදාම මේ විදියටම ඉන්නද කල්පනාව මහත්තයා?දුවව අපි කොහොම හරි අපි ගාවට ගම්මු.මට මගෙ දුවව ඕනි…”
“ඒක අපි හිතන තරම් ලේසි නෑ චේතනා.මං අන්තිම හුස්ම වෙනකල් දරුවව අපි ගාවට ගන්න උත්සහ කරනවා.ඇමතියි උ/ගෙ ගෑ/ණි/යි දුවට පන වගේ ආදරෙයි.මාලකයත් එක්ක හැප්පෙන එක අපි හිතන තරම් ලේසි වෙන්නෑ…”
මං හිතුවෙ තේනුක මහත්තයා දුවව අපි ගාවට ගන්න දැනටමත් ප්ලෑන් එකක් ඇඳලා ඉවර ඇති කියලා.එයා කියන දේත් ඇත්තක් තියනවා.ඇමතියි මනුලි මැඩමුයි දුවට ගොඩක් ආදරෙයි.එයාලගෙ පන ඩිංග මගෙ දූ පැටික්කි.අපි ඇත්තම දෙමව්පියො උනත් දුවව අපි ගාවට ගන්න ලේසියෙන් බැරි වෙයි.
මාලක ඇමති කෙනෙක් නොවී වෙනත් සාමාන්‍ය පුරවැසියෙක් උනා නම් මේ වෙනකොටත් නීතියෙන්ම අපි අපේ දුවව අපි ගාවට අරන් ඉවරයි.මේ වගේ බලවත් ඇමති කෙනෙක් එක්ක හැප්පෙන එක ලෙසි වැඩක් නෙවෙයි.
“අපි දැන් මොකද කරන්නෙ මහත්තයා?අපිට උදව් කරන්නවත් කවුරුවත් නෑනෙ…”
“අපි තවම දුර වැඩියි චේතනා.ත/මු/සෙ පුලුවන් තරම් ඇමතියගෙ ගෑණිට ලං වෙලා ඒකිගෙ හිත දිනා ගන්නවා.මාත් පුලුවන් තරම් උපරිමයෙන් ඇමතියගෙ හිත දිනාගන්න බලනවා.එතකොට උන්ගෙ පව්ල් වල තියන රහස් දැන ගන්න ලේසියි.ත/මු/සෙ දන්නවද මාලකයගෙ තාත්තා ගැන?…”
“ඔව් මහත්තයා.සේනක විජේවර්ධන කියන්නෙ ආණ්ඩුවෙ හිටපු ඇමති කෙනෙක්නෙ.ඇක්සිඩන්ට් එකක් වෙලානෙ නැති උනේ…”
“ඔව්.ඒ/කා/ගෙ චරිතෙ ගැනත් මං හොඳට දන්නවා.ඒ දවස් වලට ඌ/ට රටේ හැම තැනකම ගෑණු හිටියා.ඒකෙන් දැන් වැඩක් නෑ.හැබැයි ඉතින් තාත්තා වගේ නැතෑ පුතත්. ඊළඟ චන්දෙට කලින් කොහොම හරි පොටක් පාද ගන්න ඕනි මාලකයව වට්ටන්න පුලුවන් විදියෙ…”
“මොන දේ කරත් පරිස්සමෙන් මහත්තයා. අන්තිමේදි මට මගෙ දුවවයි මහත්තයවයි දෙන්නවම නැති කරගන්න බැහැ…”
“උ/ඹ මාව නැති කරගෙන දැන් ගොඩක් කල් චේතනා.ආයෙමත් මගෙ ජීවිතේට එන්න උත්සහ කරන්න එපා.මං උ/ඹ/ට මේ හොඳින් කියන්නෙ…”
එයා සීට් එක පොරවගෙන අනික් පැත්තට හැරිලා නිදාගත්තා.දුවව කොහොම හරි අපි ගාවට ගන්න බැරි උනොත් මට තේනුක මහත්තයගෙනුත් සදහටම වෙන් වෙන්නයි සිද්ද වෙන්නෙ.අන්තිමේදි මට ඉතුරු වෙන්නෙ මං විතරයි.
මං සෙමින් සෙමින් ඉකි බිඳිමින් සයනයේ අනික් පසට හැරී දෑස් පියා ගත්තෙමි.නමුත් නින්ද අහලකටවත් ආවේ නැත.හිස වේදනාවෙන් රිදුම් දෙයි.ඇඳෙන් නැගිට ගොස් පෙනඩෝල් දෙකක් බොන්නටවත් සිතක් නැත.
පුංචි ආරණ්‍යාව සිහිපත් වන හැම මොහොතකම මගේ මුළු ආත්මයම වේදනාවෙන් බර වේ.මට ඇයව සිහිපත් වන එකඳු තප්පරයක්වත් නොමැති තරම්.ඇගේ සුරතල් සිනහවත් ආදරණීය මුහුණත් මතකයට නගාගෙන මා දෑස් පියාගත්තෙමි. මොහොතකින් මගේ දෑස් වලට නින්ද ළඟා විය.
එදින රාත්‍රියේ මා නපුරු සිහිනයක් දුටුවෙමි. මා කාමරේ නිදා සිටියදී මාලක පැමිණ මගේ යහනේ පසෙකින් වාඩි විය.මා සිතුවේ ඒ ආවේ තේනුක බවයි.ඉතින් මං දෑස් පියාගෙනම ඔහුට තු/රු/ල් වූයෙමි. මොහොතකින් මාලකගේ දෑතින් මා හැඳ හුන් සළු පිළි ගැලවී යන්නට විය.තවමත් දෑස් පියාගෙන සිටි මා දෑස් හැර බැලුවෙමි.මා අසල සිටින්නේ තේනුක නොව මාලක බව දුටුවෙ එවිටයි.කෑ ගසාගෙන මා ඔහුගෙන් ගැලවෙන්නට උත්සහ කරද ඔහු අතින් සිත් පිත් නැති අයුරින් මා විනාශ විය.
“ත/මු/සෙ මොකද මේ බය වෙලා වගේ?මොකක් හරි හීනයක්වත් දැක්කද?දාඩියත් දාලා…”
දාඩිය බිඳු දෑතින් පිසදාගෙන මං ඇඳෙන් හාන්සි වූයෙමි.සිත බියෙන් ගැහෙන්නට විය.
අනේ දෙයියනේ මොකක් හරි නරක දෙයක් සිද්ද වෙන්නවත් එනවද ඒ වගේ හීනයක් පෙනුනෙ?
මං ටික වෙලාවක් කල්පනා කරන්නට වූයෙමි.තේනුක මහත්තයා කොහේදෝ යන්නට ලක ලෑස්ති වී පැමිණියේය.
“මහත්තයා කොහෙ යන්නද?…”
“අද ඇමති යනවලු අගමැතිතුමාව හමබවෙන්න.ඊට පස්සෙ මීටින් එකක් තියනවලු හිල්ටන් එකේ.එද්දි ගොඩක් ගොඩක් හවස් වෙයි.ත/මු/සෙ කොහොම හරු මනුලි මැඩම්ගෙ හිත දිනාගෙන වැඩ කරනවා…”
“හා මහත්තයා…”
උදෑසන අටයි තිහ වෙද්දි තේනුක මාලක සමඟින් පිටත්ව ගිය අතර චේතනා නිවසේ උඩු මහල වෙත පැමිණ ආරණ්‍යා සොයා ගියා.
“අද ආන්ටිට නිවාඩුවක් දෙමු නේද දූ?අම්මි ඉන්නවනෙ ඔයා ගාව…”
මනුලි ආරණ්‍යාගෙන් එහෙම අහද්දි චේතනාට දුකක් දැනුනා.ඇයට මොහොතක්වත් දුවගෙන් ඈත් වෙලා ඉන්න බැහැ.ඇය ආරණ්‍යා ගාවට එන්නෙ හරිම සන්තෝශෙකින්.
“සමාධිට දුක හිතුනද මං එහෙම කියද්දි?ඔයා දරුවන්ට ගොඩක් ආදරෙයි වගේ නේද?…”
චේතනාගෙ හිත අඳුරගෙන වගේ මනුලි එහෙම ඇහුවා.
“ඔව් මැඩම්.මගෙ හිතේ දරුවො ගැන තියෙන්නෙ ලොකු ආදරයක්.ආරණ්‍යා බේබිටත් මං මගේම දරුවෙකුට වගේ ආදරෙයි…”
චේතනා ආරණ්‍යා ළඟින් වාඩි වෙලා ඇය දෙස බලා ආදරෙන් සිනාසුනා.
“ඉතින් සමාධියි ප්‍රදීපුයිත් දරුවෙක් හදන්නකො…”
මනුලි එහෙම කියනකොට චේතනාගෙ ඇස් දුකින් වගේ බිමට බර උනා.ඔය ඉන්නෙ මගෙයි එයාගෙයි දරුවා තමයි මැඩම් කියලා කියාගන්න ඇත්නම් කියලා චේතනාට හිතුනා.
“ඊට කලින් හරියට ඉන්න හිටින්න තැනක් හදාගෙන ඉන්න එපායැ මැඩම්…”
“මං ඇමතිතුමාට කියන්නම් ඔයාලට ඉඩමක් අරන් දෙන්න කියලා.අමාත්‍යාංශයෙන් ආධාර කරයි ගෙයක් හදාගන්නත්…”
“අනේ එහෙම පුලුවන් නම් ලොකු දෙයක් මැඩම්…”
මතු සම්බන්දයි.
හැමෝම ලයික් එකක් දාලා ස්ටිකර් කමෙන්ට් ටිකකුත් දාගෙන යන්න