ධ්‍රැවාන්තර 08

ටොබී..අද භෂ්මා කතා කළාද?

ඔ..ඔව් සර්

තමුන් මොනවද කීවෙ

සර්

ටොබී තමුන් කීවද මමයි ඕරායි මැරි කරලා නෑ කියලා.

ටොබී බියෙන් මෙන් ඕරා දෙස බැලුවේය.

ඔ..ඔව් සර්

ෂිහ්.. තමුන් කාලා වැඩේ.මට ඒ තුන්දෙනාගෙන් බේරෙන්න බෑ .ගෙදරට එන්න තහනම් කරලා තියෙන නිසාම හොදයි. නැත්නම් ගෙදර ඉන්නත් නෑ කනක් ඇහිලා

ධ්‍රෝණ සෝපාවට බර වූවේය.

සොරි සර්..සර් මාව දැනුවත් කලේ නැහැනෙ

ටොබී පැවසුවේ ඉතාමත් ගරු සරු පාමිණි.

මන් දැනුවත් නොකළ දේවල් ගැනත් ඔය ටික ටික දැනුවත් වෙන්නෙ.හහ්.මන් නැති වෙලාවට

ටොබී බිම බැලුවේ ලැජ්ජාවෙනි.

ආ ටොබී..කියනවකො මටත් දැනුවත් වෙන්න.දැන් මන් එද්දි ළගට වෙලා කරපු එක

සර්..මන් ‍ඕරාට ආදරෙයි.එ්ත් මට එයාව මැරි කරන්න බෑ. මන් මුහුදට පනිනවා

මොකක්? හහ් හා….

ඕරා විමතියෙන් බලා සිටියද ධ්‍රෝණ දෙකට නැමෙමින් සිනහා වෙන්නට විය.

සර්ට මේක විහිලුවක් වුණට මේක මගේ ජීවිතේ ගැන ප්‍රශ්නයක් සර්. මට තියෙන්නෙ කෘතිම හදවතක් වුණත් මන් අවංකයි.

ටොබී සටන අත් නොහරියි.

සර් රෑට ඕරාව කාමරේට දාගෙන දොර වහද්දි මාව පිච්චනෙවා සර්.පිච්චෙනවා. මගෙ ඇස් පව්කාරයි.

අර තරම් හොදට වැදගත් ලෙස හැසිරුණු ටොබීට මේ කුමක් වී දැයි නොදැන ඕරා බලා සිටියේ විමතියෙනි.

නවත්වනවා ටොබී ඕවර් ඇක්ටින් එක.ඕරාට ලස්සන ගවුමක් සිලෙක්ට් කරලා දෙනවා. අද රෑට පාර්ටි එකට.ඕරා තමුන් මගේ ගර්ල් වගේ ඇක්ට් කරන්න ඕනෙ ගොඩක් ක්ලෝස් විදිහට මගෙත් එක්ක. අර අංගනාවො තුන් දෙනාගෙන් ගැලවෙන්න වෙන මගක් නෑ.මෙච්චර ග්‍රහලෝක එක්ක ගණු දෙනු කරන මට මේ ලෝකෙ කාන්තාවන්ගෙන් බේරෙන්න බැරි හැටි. මන් වොශ් එකක් දාගෙන එන්නම්. ලෑස්ති වෙලා ඉන්නවා.

ටොබීගේ වදන් ගණනකට නොගෙන ධ්‍රෝණ කාමරය වෙත යද්දී ඕරා ටොබී වෙත ළංවුණි

ටොබී.

ඒක විහිලුවක් ඇත්තමයි

ටොබී එක්වරම පැවසුවේ ඕරා තවත් විමතියට පත්වද්දීය.

ඒත් මේක ඇත්තක්.මන් ඔයාට හරිම කැමතියි. ඇත්තමයි. ඒත් ඔයා සර්ගෙ

ටොබී මොනවද වෙලා තියෙන්නෙ

ඕරා උඩ බිම බලමින් විමසන්නට විය.

යමු මන් ගවුමක් තෝරලා දෙන්නම්.

ටොබී පසුපස ඕරා ඇදුණේ යාන්ත්‍රික ටොබී සැබවින්ම තමාට පෙම් කරන්නේ දැයි සිතමිනි.එය මහා විහිලුවකි

ටොබී සමග දිනක් එළියට ගොස් අවට සිරි නැරඹූවද ඕරා මෙවැනි උත්සව ශාලාවකට පිවිසියේ මුල්වරටය.

ටොබී තෝරා දුන් මෙරුන් පැහැ කොට ගවුම ගතටම ඇලී ඇත.ධ්‍රෝණගේ දුඹුරු පැහැ යුරෝපීය බ්ලේසරය හා කලු පැහැ කමිසයක් ඇද කොණ්ඩය පසුපසට පීරා සකස් කර තිබුණි.ඔහුගෙන් දිස්වූයේ කඩවසම් සරාගී බවකි.

ඔහු ශාලාවට ඇතුලු වද්දීම සියල්ලන්ගේම දෑස ඒ වෙත යොමු විය.

සර්..

කොහේදෝ සිට දිව ආ භෂ්මා එක්වරම නතර වූයේ ඔහුගේ ගතේ වෙලී සිටි ඕරා දැකීමෙනි.

තවත් යුවතියන් දෙදෙනෙකු පැමිණ භෂ්මා අසලින් නතර වූයේ හුස්ම අල්වාගෙනය.

කවුද ධ්‍රෝණ මේ වැදිරියො

ඕරා විමසුවේ යුවතියන් දෙස කුතුහලයෙන් බලමිනි.

ඔහ් ෂිට්

ධ්‍රෝණ මිමිණුවේ සිතිනි.ඔහු ඉවත බැලුවේ පිළිතුරක් සිතාගත නොහැකිවය. වැදිරියන් යනු ඉතා සුන්දර ලස්සන ගැහැණු ළමුන් බවට ඕරාට පැවසුවේ තමාය. යුවතියන්ද ඔවුනොවුන්ගේ මුහුණු බැලුවේ ඒ පැවසූව වටහාගත නොහැකිවය.

වැදිරියෝ.. සර්..මොනවද මෙයා කියන්නෙ

භෂ්වා මුව විවර කළාය.

ධ්‍රෝණ නළලත තෙරපා ගත්තේය.ඕරා මෙවැන්නකෝ සිදුකළාවි යැයි ඔහු කිසිවිට සිතුවේ නැත.

මගදී පැමිණෙන අතර තුර ධ්‍රෝණ අවවාද කළේ තමා සමග ඉතාම කුලුපගව හැසිරෙන ලෙසය.ඕරා එම උපදෙස් අකුරටම පිළිපදිමින් උන්නාය.

අහ් භෂ්මා..ඒක විහිලුවක්..යමු ඕරා..යමු මගෙ යාලුවො මීට් වෙන්න..

ඕරාව තුරුලු කරගෙන ධ්‍රෝණ පසෙකට යද්දී යුවතියන් තිදෙන ඕරා දෙස බැලුවේ දවා අලු කරවන බැල්මකි. ඈ අමුතු බැව් භෂ්මාට නම් දුටු මුල්වරම වැටහී ගියා සේය.ඕරා තුෂ්ණිම්භූතව සිටියද ඈ ආයාසයෙන් සිනහමුසු මුහුණක් මවාගෙන ධ්‍රෝණගේ මිතුරන් හා කතා බහ කළාය.ධ්‍රෝණ සෙවණැල්ල සේ ඈ සමගම සිටිමින් කාලය ගත කලේ යුවතියන් තිදෙනා දෙස හැරීවත් නොබලමිනි.

භෂ්මා මිතුරියන් තිදෙනා සමග සය කන්මන්ත්‍රණයක යෙදෙමින් පසුවූවාය. කොතරම් උත්සාහ කළද ධ්‍රෝණගේ සිත ගැනීමට තමාටවත් මිතුරියන්ටවත් නොහැකි බැව් ඈ දැන සිටියාය.එහෙත් තමාගේ දෑස අබියස ඔහු කිසියම්ම වූ යුවතියකට හිමි වනු දැකීමටද ඈට නොහැකිය.

ඕරා නාන කාමරයක් දෙසට යද්දීද ධ්‍රෝණ ඈ පසුපසම ගොස් ආරක්ෂාව සපයනු බැව් දකිද්දී භෂ්මා වහා ඔහු අසලට පැමිණියේ ඕරා ඒ තුලට ඇතුවූ පසුවය.

ධ්‍රෝණ

අහ්..භඕමා..ඒ පාර සර් ධ්‍රෝණ වුණාද?

විහිලු එපා ධ්‍රෝණ ඔයාමනෙ ඔෆිස් එකේදි විතරක් බොස් කීවෙ.

හහ්.මන් එහෙම කීවද?

ධ්‍රෝණ විමසුවේ භෂ්මාගේ මුහණට එබෙමිනි

ඔහොම බලලා මාව පිස්සු වට්ටලා දැන් මට රිද්දන්නද අරයව අරන් ආවෙ..

අරයා..හහ්.ඒ ඕරා..මගේ වයිෆ්

බොරු.ඔයාලා මැරි කරලා නෑ.

මට ඔය නීති පොත් අදාල නෑ.ඒක භෂ්මා දන්නවනෙ.ඒකෙ නොලීවට ඕරා මගේ වෙලා ඉවරයි.මට අදාල ඔයාලාගෙ භාෂාවෙන් නම් කැළෑ නීතිය

මට ඒක පිළිගන්න බෑ.ඇත්ත කියන්න ධ්‍රෝණ.එයා අරන් ආවෙ ඖරාඩ් වලින් නේද? ඔයා අන්තිමට ගියෙ එහෙ..එයා වෙනස්..දැක්ක ගමන්ම තේරුණා මට

වැදිරි කියපු එකද?

ධ්‍රෝණ.

භෂ්මා නම උච්චාරණය කලේ තදිනි.

හරි මන් එහෙන් තමා ගෙනාවෙ

ඔහු මදක් කල්පනා කොට පිළිතුර ලබාදුන්නේ කාගෙන් ගැලවුණද භෂ්මාගේන ගැලවීමක් නොමැති බැව් දන්නා නිසාය.

ඇයි

ඒක තමුන්ට වැඩක් නෑ.

රැජිණ දන්නවද ඒ ගැන

මට වැඩක් නෑ.එයා දන් නෑ

ධ්‍රෝණ පිස්සු නටන්න එපා.ඔයා ඕරාව කිඩ්නැප් කළාද?

ඔව්..

භෂ්මා නළලත තෙරපා ගත්තේ බැරෑරුම් පෙනුමක් මුහුණට ගෙනය.

ධ්‍රෝණ ඔයාගෙ වැඩ නිසා කවදාහරි අපේ ලෝකෙ පිටසක්වල ජීවියො ආක්‍රමණය කරනවා..දවසක දුක් වෙයි කරපු හැමදේටම.ඕරාව ඇරලවන්න.

නෙවර්.. අයි වෝන්ට් හර්..

ධ්‍රෝණ මේ රටේ කෙල්ලො නැතුවටද ඔයාට.

ඉන්නවා.ඒත් මට එයාලා හරි යන් නෑ.

ධ්‍රෝණ මේක වැරදියි.ඕරා ඔයාට කැමතිද?

ඔව්

බොරු..ඔයා එයාව බය කරගෙන ඉන්නෙ

කුමක් වුවද භෂ්මා ධ්‍රෝණව පහසුවෙන් තේරුම් ගනී.

ධ්‍රෝණ.ඔයා ඔයාට ලැබුණු දැනුම බලය අයුතු විදිහට යූස් කරන්නෙ.ධ්වනිත අන්කල් නිහාරිකා ආන්ටි දුක් වෙනවා ඔයා ගැන.එයාලා පෘථිවය අතඇරලා ගියේ ඔයා කරන දේවල් බලන් ඉන්න බැරුව.ඔයාගෙ සීයත් අසනීප වුණේ ඔයා ගැන කල්පනා කරලම දුක්වෙලා.දැන් රැජිණටත් වෙන්නෙ ඒ ටිකමයි.ධ්‍රැතරාක්ෂ පරම්පරාවෙ පිරිමි දරුවොන්ට පෘථිවියෙන් පිට වෙන්න බැරුවම තිබුණා නම් මේ තරම් ප්‍රශ්නයක් නෑ

හහ්..මගෙ තාත්තාත් ගියා..කෝ මොකුත් වුණාද?මට..එතකොට මට..කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ.ඕවා ඔක්කොම මිත්‍යා කතා.හහ්..

ඔයා වැරදියි ධ්‍රෝණ කවදාහරි පසුතැවෙයි

නෙවර්. භෂ්මා.ඇති දැන්.තමුන් සීමාවෙ ඉන්නවා..යනවා..මළවදේ..

ඕරා පැමිණෙද්දී ධ්‍රෝණ සමග යුවතියක් හරි හරියට කතා කරනු දුටු විට වහා ඔහු වෙත ගොස් ඒ සුරතේ වෙලුනාය.

මයි ලව්ලි බේබි..ලෙට්ස් ඩාන්ස්

ධ්‍රෝණ වහා පවසා ඕරා ඇදගෙන මෙන් නර්තන ඉසව් පවතින ස්ථානයට යනු භෂ්මා බලා සිටියේ කෝපයෙනි.ඔහු සිතා මතා මේවා සිදු කරනවාද නැත්නම් ඕරාට සැබෑවට පෙම් කරනවාද භෂ්මාට පැහැදිලි නොවුණි. ඇය මිතුරියන් අතරට ගොස් තොරතුරු පැවසුවේ වේදනාවෙනි.

ධ්‍රෝණ අඩ අදුරු නර්තන භූමිය තුල ඕරා තුරුලු කරගත්තේය.

ධ්‍රැව අතර වන

සුවිසල් අවකාශයක

ඔබද සිරවී මමද සිරවී

සසර එක බැදීමක

©රුවනි ලියන්ගොල්ල©

☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්‍යජාලයක කිසිදු අයුරින් පළ කිරීම තහනම්☠️