ධ්රැවාන්තර -7
කියවන්න එනවද මා එක්ක
ඕරාගේ මුව සුරතේ ඇගිලි තුඩු වලින් පොඩි කරමින් ධ්රෝණ විමසයි.එහෙත් ඕරාගේ ආකර්ෂණීය දෑස දෙස මොහොතක් බලා සිටි ධ්රෝණ ඈ අතැර දැමුවේ දිගු සුසුමක් හෙලමින්ය.
සීතලයිද ..ම්…
එවර ඔහු විමසද්දී ඕරා හිස වැනුවාය.
ධ්රෝණ ඈ තුරුලු කරගත්තේ සෙමින් ඈ හිස පිරිමදිමිනි.ඕරාට ඔහු වටහාගත හැකිවූයේ නැත.
ඕරා මන් වෙනුවෙන් දෙයක් කරන්න ඕනෙ..ඊට පස්සෙ ම්න ඕරාව ඖරාඩ් වලට ඇරලවනවා.
ඔහු පැවසුවේ නිවුණූ හඩකිනි.ඕරාට දැනුනේ විසල් සතුටකි
කරන්නම් ඕන දෙයක්..මොනවද
හෙමීට කියන්නම්.
ඇගේ ගත පිරිමදිමින් ධ්රෝණ පැවසුවේ ඈ දෙතොලට එබෙමිනි.
පිටසක්වල කෙල්ලෙක් ඉඹිද්දි මෙච්චර සතුටක් දැනෙයි කියලා මන් දැනගෙන හිටියෙ නෑ.
ධ්රෝණ පැවසුවේ ඇගෙන් මිදුණු පසුවය.
ඊයා..
ඕරා දෙතොල් පිස දමමිනි අප්‍රසාදය පළ කරයි.ධ්රෝණ ඒ පිළිබද කිසිදු සැළකිල්ලක් නොදක්වා ඈ අතැර බිම අසුන්ගත්තේය.
ඕරාද ඔහු අසල අසුන්ගත්තීය
ධ්‍රැවයක් කියන්නෙ මොකද්ද?..මට හිතාගන්න බෑ
.
ඈ විමසුවේ කුතුහලයෙන් සිටීමට අකමැත්තෙනි.
ධ්රෝණ සිය කබා සාක්කුවේ වූ කුඩා ත්‍රිකෝණාකාර උපකරණයක් ඉවතට ගත්තේය.ඔහු එය පිරිමැද බිමින් තැබුවේය.
එසැනින් එයින් නිකුත් වූයේ ආලෝක ධාරාවන්ය.
මේ තියෙන්නෙ පෘථිවිය
ධ්රෝණ පවසද්දී ඔහුගේ හඩට අනුරූපව පෘථිවියේ ඡායාරූපයක් එහි දිස්විය.
මේ අපේ ග්‍රහලෝකෙ.මේ තියෙන්නෙ උත්තර ධ්‍රැවය.. ඒ කියන්නෙ මේ අයිස් ග්ලැසියර වලින් වැසුණු ඉහළ කොටස.මේ තියෙන්නෙ දක්ෂිණ ධ්‍රැවය
ධ්රෝණ උතුර හා දකුණ පෙන්වමින් විස්තර කළේ ඕරා උනන්දුවෙන් අසා සිටියදීය.
ධ්‍රැවයක් කියන්නෙ පෘථිවියේ ඉහල හා පහළ අන්ත දෙකින් එකක්. මේ ධ්රැව ග්ලැසියර..ඒ කියන්නෙ මිදුණු අයිස් කුට්ටි වලින් හැදිලා තියෙන්නෙ. මනුස්ස වාසයට ඒ තරම් හිතකර නෑ.මේ ධ්රැව දෙකට සූර්යා ලෝකය .ඒ කියන්නෙ අපි අයිති තරුවෙ එළිය වැටෙන්නෙ අඩුවෙන්. ඒ නිසා සීතලයි.මේ තියෙන්නෙ හිම. හිම වැටෙන්නෙ ඒකයි. මේ උත්තර ධ්‍රැවේ වගේම දක්ෂිණ ධ්රැවේත් මගේ කදවුරක් තියෙනවා .මේ වගේම තව කොටසක් එහෙ ඉන්නවා
ඔයා කොහොමද එයාලව මෙහෙ ගෙනාවෙ..ඒ අය හරි අමුතුයි. මොන ලෝකෙන්ද ගෙනාවෙ
එකක් කියලා නෑ ඕරා..මේ බලන්න..මේ තියෙන්නෙ විශ්වය
එවර ආලෝක කදම්භය විසල් වී තිරයක් මවා පෑවේ තරු පොකුරු වලින් සමන්විත විශ්වයේ රූපයකි.
අපි ග්‍රහලෝකෙක හිරවෙලා ඉන්නෙ ඕරා. අපි හිතන්නෙ අපි විතරයි මේ විශ්වයේ ඉන්නෙ කියලා.ඒත් එහෙම නෑ..මේ විශ්වයේ ජීවය පවතින ග්‍රහලෝක ඕන තරම් තියෙනවා.ඒවාට යන්න පුලුවන් විදිහෙ යානා ගොඩක් මන් ළග තියෙනවා.ඒවා ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා. ඉස්සර නම් මේ පෘථිවියේ මිනිස්සුන්ට මේවා හීන. ඒත් දැන් එහෙම නෑ.ග්‍රහලෝක අතර ගමන මට සුලු දෙයක්.
ඕරා අසා සිටියේ සැබවින්ම උනන්දුවෙනි
ඖරාඩ් වලදී ඈ මෙවැනි කිසිවක් පිළිබද උනන්දුවක් දැක්වූයේ නැත.සිය සිතුරියන් සමග ඇවිදීම ඇගේ විනෝදාංශය විය. එසේ යන ගමනකදී ඇයට චාරුන් මුණ ගැසුණි. තමා සමග බබෙක් සෑදීමට කැමති බැව් ඔහු පැවසුවේය. මිතුරියන් ද ඔහුට එකග වන ලෙස පැවසූ නිසා ඕරා ඔහුට එකග විය. ඈ ධ්රෝණට හසුවූයේද චාරුනු මුණ ගැසීමට අගුරු කන්දට ගිය ගමනේදීය.
එයාලා පව් ධ්රෝණ. ඇයි එයාලාව නිදහස් කරන්න බැරි ඔයාට.
ඇයි මන් එයාලාව නිදහස් කරන්නෙ
ඔයාව කවුරුහරි හිර කළොත්
මාව..හහ්
ධ්රෝණගේ මුව සැරසුණේ උපහාසාත්මක සිනහවකිනි.
ඕරා නිහඩ වූවාය.
සති දෙකක් ගත වද්දී ඕරා පෘථිවිය පිළිබද සේම සිංහල ඉංග්‍රීසි භාෂා පිළිබදවද හසල දැනුමක් ලබාගත්තේ ටොබීගෙනි.ටොබී හොද කරුණාවන්ත ගුරුවරයෙකු විය. ඖරාඩ් ග්‍රහලොවේ දී ඈ සිංහල භාෂාව ඉගෙන ගත්තේ ඔවුන්ට ඒ භාෂාව පිළිබද දැනුම ලබා ගත යුතු බවට රැජිණ නියමකොට තිබුණු හෙයිනි. එහෙත් සියලුම වචන ඈ දැන සිටියේ නැත.
ඖරාඩ් භාෂාවට වඩා එම භාෂවේ වචන උච්චාරණය පහසු බැවින් ඕරා එය ඉගෙන ගත්තේ කැමැත්තෙනි.
. ටොබීගේ සරල ඉගැන්වීම් නිසා සේම සැබවින්ම ඕරා බුද්ධිමත් හා දක්ෂ තැනැත්තියක වූ නිසාම ඈ පහසුවෙන් සියල්ල ග්‍රහණය කර ගත්තාය. මුලින් ඈ අනුවණ බැව් සිතා සිටි ධ්රෝණටද පසුව ඒ අදහස වෙනස් කරන්නට සිදු විය.
රාත්‍රියට ඕරා වෙත පැමිනෙන ධ්රෝණ ඈ සමග වදනකුදු නොදොඩා යහනට වැටෙන්නේ ඈ සිය ග්‍රහණයේ සිර කරගෙනය.ඈට සෙලවීමට නොහැකි ලෙස ඔහු ඈ සිර කරගනී. ඈ යමක් විමසුවද පලක් නොවේ.ඔහුගේ මේ අමුතු වැඩ පිළිවෙල ඕරාට තේරුම්ගත හැකිවූයේ නැත.
එහෙත් ධ්රෝණ යම් චිත්ත පීඩාවකින් පසුවන බැව් නම් ඇයට වැටහී ගොස් තිබුණි. ඔහු නින්දට වැටෙන්නේ මහා බරක් හිසෙහි ඇති ගාණට බැව් ඔහුගේ සුසුම් රටාවෙන්ම ඕරා තේරුම් ගෙන තිබුණි.
ටොබී.ඔයාගෙ සර්ට මොකක් හරි ප්‍රශ්නයක්ද?
ඕරා විමසුවේ ටොබී ඇයට විද්‍යා පාඩමක් කියා දෙද්දීය.
ඇයි එහෙම ඇහැවෙ
එයා අමුතුයි .මගෙ එක්ක කතා කලේ නෑ රණ්ඩු වෙන්නවත් ගොඩ දවසකින්
මා එක්කත් කතා කලේ නෑ ඕරා.ඒත් මට භෂ්මා කතා කළා.
භෂ්මා.ඒ කවුද
එයා තමා සර්ගෙ ඒජන්සි එකේ මැනේජින් ඩිරෙක්ටර. ඕරා දැන් දන්නවනෙ මැනේජර් කියන්නෙ කාටද කියලා.
ඔව්.එයා තමා පාලන කටයුතු පවත්වාගෙන යන්නෙ.
හරියට හරි.භෂ්මා කීවා සර් එයාලාටත් බනිනවලු. භෂ්මා ඇහැවා ඕරා ගැන
මං ගැන
ඔව්.සර් කීවලු එයා ගර්ල් කෙනෙක් එක්ක ඉන්නෙ කියලා. ඒක ඇත්තද ඇහැවා
ඉතින්..
මන් කීවා ඔව් කියලා
ඊට පස්සෙ ඇහැවා කසාද බැදලද කියලා
මන් කීවා නෑ කියලා.ඒත් ළගදිම කසාද බදිනවා කියලා.
කසාදය යනු කුමක්දැයි ටොබී දැන් ඕරාට වටහාදී ඇත
ඇයි බොරු කීවෙ
සර්ට කරදරයි එයාලාගෙන්.
කාගෙන්ද?
භෂ්මායි නීලියායි,නුරානියි.ඒ තුන්දෙනාම සර්ට කැමතියි.
තුන්දෙනෙක්. ධ්රෝණ කැමතිද එයාලාට
නෑ සර් කාටවත් කැමැති නෑ.. පේන විදිහට එයාලා රණ්ඩු කරනවා සර්ව බෙදාගන්න බැරුව.
මොනවා
ඔව්.ඕරාව සර් තියන් ඉන්නෙ එයාලාගෙන් බේරෙන්න වෙන්න ඇති.අපෙ සර් වගේ හැන්ඩ්සම් කොල්ලෙක්ට අකමැති වෙන කෙල්ලො ඉන්නවද? හහාා..
ටොබී මහ හඩින් හිනැහෙද්දී ඕරා අසුනින් නැගිට ඔහුගේ කොණ්ඩය අවුස්සමින් හිනැහුණේ ඔහුට තුරුලු වෙමිනි.එක්වරම විවර වූ ආලින්දයේ දොරින් ධ්රෝණ. ඇතුලු වෙද්දී ඕරා වහා ටොබී ගන් වහා ඈත් විය.ධ්රෝණ දෑස් හැකිලුවද කිසිවක් පැවසුවේ නැත
ධ්වනිත – (ධ්රෝණගෙ පියාගෙ කතාව ) කියවන්න කැමති අයට ධ්වනිත පොත 40%ක විශේෂ වට්ටමක් සහිතව මිලදී ගන්න පුලුවන්..අද මුදල් තැන්පත් කරන අයට ..මේක ලොකු වට්ටමක්.අද විතරයි..විස්තර ඉන්බොක්ස් විමසන්න.
ලයික් ගොඩක් අඩුයි.. කතාව හොද නැද්ද..නතර කරන්නද?
ධ්රැව අතර වන
සුවිසල් අවකාශයක
ඔබද සිරවී මමද සිරවී
සසර එක බැදීමක
©රුවනි ලියන්ගොල්ල