ධ්රැවාන්තර – 6
ප්ලේන් එකක්.අහස් යානයක්..අපි ඒකෙන් තමා ධ්රැවේට යන්නෙ..ඒක ගොඩක් දියුණුයි.ගොඩක් වේගෙන් යන්නෙ මිනිත්තු විස්සකින් අපි ඉන්නෙ උත්තරධ්රැවේ..
එහෙ ගොඩක් දුරද
ඔව්..ඒත් මේ යානෙන් ඉක්මණට යන්න පුලුවන්.
මාව ගෙනාවෙත් මේකෙද?
නෑ ඕරා..ඒ යානෙ තියෙන්නෙ දූපතේ..මෙහෙ නෙවේ..
කවුද මේක හැදුවෙ
ඕක කලින්ම මිනිස්සු හදපු එකක් ඒත් මෙච්චර දියුණු කලේ සර්..
හ්ම්..එයා පුදුම කෙනෙක්නෙ..
ඔය ටිකයි දැක්කෙ..යමුකො..පුදුමෙ බලන්න.
ඕරා ටොබී සමග යානයට ගොඩවූයේ විමතියෙනි.මේ සියල්ල ඇයට නව අත්දැකීම්ය.
යානයේ පරිපථ සකසමින් උන් ධ්රෝණ එහි පරිපථයේද උත්තරධ්රැවය සළකුණු කලේය.එසැනින් යානය ගුවන් පථය දිගේ ඉදිරියට ගොස් ඉහළට එසවුණි.
ඕරා කුඩා කවුලුවෙන් විස්මයෙන් බලා සිටී.
කොහොමද එහෙම ඉහළට එසවෙන්නෙ
ඈ විමුසවේ ටොබීගෙනි.
බනූලි ප්‍රමේයය අනුව වෙන්නෙ
මොකද්ද?
ඔව්.ගුවන්යානයේ තටුවක තියෙන විශේෂ අනාකූල හැඩය ඒ කියන්නෙ කුරුල්ලෙක්ගෙ වගේ හැඩය නිසා තටුවට ඉහළින් ගමන් කරන වාත ප්රවාහයේ වේගය වැඩි වෙලා පීඩනය අඩු වෙනවා.ඒත් තටුවට පහළින් ගලන වාතයේ වේගය සාපේක්ෂව අඩු යි. පීඩනය වැඩියි. තටුවේ ඉහළ හා පහළ අතර තියෙන පීඩන අන්තරය නිසා තටුව මත ඉහළට බලයක් ඇති වෙනවා. ඒ නිසා ගුවන්යානයට පියාසර කරන්න පුලුවන් වෙනවා.
ඕරා ඔහේ ටොබී දෙස බලා උන්නා පමණි
ඔහ් ටොබී.නතර කරනවා.ඕරාට දැන්ම ඕවා තේරුම් ගන්න බෑ..අනික ඕරා ඖරාඩ් වල සයන්ස්ටිස්ට් කෙනෙක් නෙවෙයි.
ධ්රෝණ ස්වයංක්‍රීය උපදෙස් යානයට ලබාදී ඔවුන් අතරට පැමිණ අසුන්ගත්තේය.
ඇයි මට පුලුවන්.ඔයා හිතාගෙන ඉන්නෙ ඔයා හැමදේම දන්නවා කියලද?
ඕරාද පහසු තැනැත්තියක නොවේ.
ඔව් .එහෙම තමා..
බොරු.ඔයා මගේ චාරුන් ගැන දන්නෙ නැහැනෙ.
ඕරා..තමුන් ආයෙ මන් ඉස්සරහා චාරුන්ගෙ නම කීවොත් මන් චාරුන්වත් අරන් ඇවිත් ධ්රැවේක හිර කරනවා.හොදට මතක තියාගන්නවා.ආවා මෙතන චාරුන්ගෙ වරුණාව දිග අරින්න.
කෝපයෙන් කෑගැසූ ධ්රෝණ ඉවතට ඇදුණේ ටොබී ඕරා දෙස විස්සෝපයෙන් බැල්මක් හෙලද්දීය
මන් කීවනෙ ඕරා සර්ව කේන්ති ගස්සන්න එපා කියලා
ටොබී සෙමින් මිමිණුවේය. එතැන් පටන් ගෙවුණේ නිශ්ශබ්ද කාලසීමාවක්ය.අහස් යානය යම් තැනක නතර වූ බැව් දැනෙද්දී ටොබී වහා නැගී සිට පසෙක තිබූ ඝන සුදු පැහැ ලොම් කබායක් ගෙන ඕරාගේ ගත ආවරණය කළේය.
ඇගේ හිසට වැසෙන සේ හිස් වැසුම සවි කල පසු ඈ දිස්වූයේ එස්කිමෝවරයෙකු ලෙසය.
එස්කිමෝවරු යනු ග්‍රීන්ලන්තය,නැගෙනහිර සයිබීරියාව,බීරිං මුහුදුබඩ ප්‍රදේශ හා ඇලියුෂන් දූපත්වල එනම් උතුරු ධ්‍රැවාසන්න ප්‍රදේශවල ජීවත් වෙන ජන කොට්ඨාශයකි..එස්කිමෝවරුන්ගේ හිස දිගටිය.මුහුණ පළල් ය.මොවුන්ගේ නිවාස ඉග්ලූ ලෙස හඳුන්වයි.එය අර්ධ ගෝලාකාර වන අතර අයිස්කුට්ටි උපයෝගී කරගෙන සාදයි.අනෙක් ජනකොටස් වල නිවාසවලට වඩා ඉග්ලූ නිවාස ප්‍රසිද්ධ ය.මෙම අයිස් බිත්ති දියවීම වැළැක්වීමට පාසි හා සම් වලින් ආවරණය කෙරේ.එස්කිමෝවරුන්ගේ ඇඳුම් සඳහා පිනි මුවන්ගේ සම් හා සීල් මත්ස්‍ය සම් භාවිතා කෙරේ.අධික ශීත ප්‍රදේශවල ජීවත්වන මොවුන් බල්ලන් යෙදූ හිම යානා ප්‍රවාහනය සඳහා යොදා ගනී…
ටොබී එනවා ඔය නෝනාවත් අරගෙන..
ලොම් කබායකින් සැරසුණු ධ්රෝණ එතැනට කඩාපාත් වූයේ ද ඕරාට ඔරවමිනි.
විවර වූ දොරින් ධ්රෝණ බැස්සේ හිමෙන් වැසුණු කලාපයකටය.
සර් මොනවා කීවත් නිහඩව ඉන්න.දැන් තරහා ගිහින් ඉන්නෙ.නැත්නම් ඔයාවත් ධ්‍රැවේ හිරකරයි.
ටොබී පැවසුවේ ඔවදනක් ලෙසිනි
මට තේරුම් ගන්න බෑ ධ්‍රැවේ..ඒ කීවෙ..
ටොබී..එනවා..
ධ්රෝණ කෑ ගසද්දී ටොබී ඕරා සමග ගොඩ බැස්සේ හිම මතටය.
මුලු පරිසරයම සුදු පැහැ හිමෙන් වැසී ඇත..
සීතලයි..
ඕරා මිමිණුවේ වෙව්ලමිනි..
ඔව්..ඒ හැටි
ටොබී පිළිතුරු බදී
ඔයාට සීතල නැද්ද ටොබී.
ඕරා කාරුණිකව විමසද්දී ටොබී පෑවේ ලගන්නා සුලු සිනහවකි.
මන් රොබෝ කෙනෙක්..මට සීතල වගේම රස්නෙත් ඔරොත්තු දෙනවා
ධ්රෝණ මගක් දුර ඇවිද ගොසිනි ..ඔහුගේ පා සටහන් හිම මත දක්නට ලැබේ..
දෙදෙනාම ඒ පසුපස ගාට ගාට ගමන් ගත්තේ ඊට ස්වල්ප වේලාවකට පසුවය.
ගමන කෙළවර වූයේ හිමෙන් වැසුණු විසල් ගේට්ටුවක් අබියසය.
ධ්රෝණ දුටු විගස ගේට්ටුවේ මුරකරු එය විවර කර ආචාර දක්වන්නට විය.
එයත් රොබෝ කෙනෙක්.මෙහ වැඩට ඉන්නේ ඔක්කොම රොබෝලා.
ටොබී පැහැදිලි කරන්නට විය.
ඇතුලට පිවිසි ඔවුන් දුටුවේ විසල් ගොඩනැගිල්ලකි.ඒ තුලට ධ්රෝණ ගේ පසුපසින් පිවිසුණු ඕරා මහත් විමතියට පත්වූවාය.එහි වූ කුටි වල වූයේ අමුතුම ආකාරයේ ජීවින්ය. ඒවා වීදුරු කුටිය.
ඇතැමෙක් කොළ පැහැය ගෙන සිටියහ..තවත් අයෙක් නිල් පැහැය.ඇතැම් අය කලු පැහැය.ඔවුන් මානවයින්ගේ හැඩය ගත්තද සැබවින්ම මානවයන් නොවේ. ඇතැම් අයට ඇස් තුනකි.බහු අත් හා පාද ඇත..ඔවුන් විකෘති ජීවින් විය යුතුය.
ඔවුන් සියල්ල ධ්රෝණ දුටු විගස කෝපයෙන් කෑගසනු පෙුනින..ඒ භාෂාවන් ඕරාට වටහාගත හැකිවූයේ නැත.
කට වහනවා
ධ්රෝණ කෑගැසූ සැනින් ඔවුන් නිහඩ විය.
එය සිර මැදිරියක් බව ඕරා බැලූ බැල්මට වටහා ගත්තීය.ධ්රෝණගේ දැඩි බැල්ම ඉදිරියේ සියල්ලන් නිහඩ වූයේ ඔහුට කීකරු සත්වයින් ලෙසිනි.ධ්රෝණ වීදුරු කූඩූ අසලට ඇවිද යමින් සියල්ලන් නිරීක්ෂණය කළේ ඕරාද විමතියෙන් ඒ සියල්ල බලා සිටියදීය.එහෙත් ඔරායන් වාසියෙකු එහි දැකගත හැකිවූයේ නැත.
ඕරා.අර හිස්වෙලා තියෙන කුටිය පේනවා නේද..ඒක තමා මන් ඕරා වෙනුවෙන් වෙන් කළේ..ඔරායන් කෙනෙක් මෙච්චර කාලෙකට මගේ දඩයමක් වෙලා නෑ ..ඒත්
ඕරා බියෙන් සලිතව ටොබීගේ සුරතේ එල්ලුණේ තමා බේරාගන්නා ලෙස අයදිමින් මෙන්ය.
ඔහ්..බයවෙන්න එපා..ඕරා මට කීකරුව හිටියොත් ප්‍රශ්නයක් නෑ.
ධ්රෝණ ඉවතට ඇදෙද්දී සත්වයින් නැවත හඩ තලන්නට වූවෝය..ඔවුන්ගේ වේදනාත්මක හඩ ඉදිරියේ ඕරා තුෂ්ණිම්භූතව බලා සිටියා පමණි.
අනේ කවුද මෙයාලා ටොබී.ඇයි හිර කරගෙන ඉන්නෙ..
මේ අය එක එක ග්‍රහලෝක වලින් අපේ සර් දඩයම් කරගෙන ආව අය.
ඒ කියන්නෙ එයා ගැන තියෙන ඔක්කොම කතා ඇත්තද ටොබී.මන් හිතුවෙ ඒවා බොරු කියලා.
ඒවා ඇත්ත ඕරා..අපේ සර් ග්‍රහලෝක සත්ව දඩයම පටන් ගත්තෙ අවුරුදු දාසයේදි.දැන් සර්ට අවුරුදු විසිනවයයි.මේ තමා සර්ගෙ විනෝදාංශෙ
ඒ කීවෙ
.
සර් කැමති දේ
ඒක හරිම නරකයි ටොබී.
වෙන්න පුලුවන්..ඒත් මේකට අපිට කරන්න දෙයක් නෑ
එයාලා පව්..
නෑ.එයාලාට සර් හැමදේම දෙනවා.මිනිස්සු මෙයාලා බලන්න විනෝද චාරිකා එනවා. මේ 2062 අවුරුද්දෙ නත්තල් සාදෙ තියෙන්නෙත් මේ ධ්‍රැවේ.. පිටසක්වල ජීවීන් ගැන මේ ජීවමාන කෞතුකාගාරයක්.ගොඩක් අය ඉගෙනගන්නවා මෙහෙට ඇවිත් මේ සත්වයො ගැන.අපේ සර් කරන්නෙ සේවයක්.
සතෙක් හිර කරන එක හොද දෙයක්ද? ඔයාලා මනුස්යො නෙවෙයි..
ටොබී..ඕරාව එවනවා.මෙහෙට
ධ්රෝණ කෑගසනු ඇසුණෙන් ටොබීගේ ඉගි කලේ සැනෙකින් යන ලෙසය.
ඕරා එසැනින් ඒ දෙසට ගියෝ ධ්රෝණ පිළිබද උපන් නොනිම් කෝපයෙනි.
ධ්රෝණ බලා සිටියේ ඈ පැමිණෙන තුරුය.
ඇයි..
ඈ කෝපයෙන් විමසුවේ ඔරවමිනි
ධ්රෝණ ඇගේ සුරතින් අල්වාගෙන ගෙට්ටුවෙන් පිටතට ඇදගෙන ගියේ කිසිවක් නොපවසමිනි.පසෙක තිබුණේ හිමනේ වැසුණු ගස්කොළං සහිත වනයකි.ධ්රෝණ එයට ඇතුලු විය.
අතඅරිනවා..අත අරිනවා
ඕරා කෑගැසුවදද ඔහු ඈ අතහැර දැම්මේ හිමෙන් කොල වැසුණු කද පමණක් යාන්තම් පෙනෙන ගසක කදකට ඈ හේත්තු කළ පසුවය.
ආයෙ මගෙ දිහා ඔරවලා බැලුවොත් ඔය ඇස් උගුල්ලනවා දන්නවද
ඇගේ මුහුණට එබෙමින් ධ්රෝණ පවසද්දී ඕරා යළිත් වරක් ඔහුට හොදහැටි එරවූවාය.
හා..අහිංසකයින්ට කරදර කරන ඔයාට පුලුවන් ඒවා විතරනේ..
ධ්වනිත – (ධ්රෝණගෙ පියාගෙ කතාව ) කියවන්න කැමති අයට ධ්වනිත පොත 30%ක වට්ටම සහිතව මිලදී ගන්න පුලුවන්..ඉන්බොක්ස් විමසන්න.මේ සතිය තුල පමණයි
ධ්රැව අතර වන
සුවිසල් අවකාශයක
ඔබද සිරවී මමද සිරවී
සසර එක බැදීමක
©රුවනි ලියන්ගොල්ල©