ධ්රැවාන්තර-5
දැන් බලන්න..මන් මෙහෙම ඔයාව ඉඹිනවා..කිස් කරනවා..
යුවතියගේ කම්මුලක් සිපගත් ධ්රෝණ පැසුවේය.
දැන් ඕරාත් ඒකම කරන්න
ඕරා ද වැඩිදුර නොසිතා ඔහුගේ කම්මුලක් මත දෙතොල් තැබුවාය.
තෑන්ක්ස්.ඉට්ස් මාවලස්..
ධ්රෝණ පැවසුවේ ඕරා ඔහුට ඔරසා ගස්සා ඉවත බලද්දීය.
අන්න ඒවගේ.මන් කරන දේ ඕරාත් කරන එකට තමා අනුකරණය කියලා කියන්නෙ.තේරුණාද?
ඈ එවර හිස ඉහළ පහළ වනයි.
මේ ලෝකෙ තේරුම් ගන්න උත්සාහ කරන්න.විශේෂයෙන් මන් කතා කරන දේවල්. මන් ටොබීට කියන්නම් ඉදිරි දවස් ටිකේ ඕරා නොදන්න දේවල් කියලා දෙන්න කියලා.විශේෂයෙන් භාෂා ප්රශ්නෙ. හැබැයි ඕරා..මතක තියාගන්නවා.තමුන් පැනලා යන්න හැදුවොත් ධ්රෝණට වඩා නරක කෙනෙක් දැකලා නැතිවෙයි
දැකලා නෑ තමා.නරක මනුස්සයෙක් තමා.මගෙ චාරුන්ට අහුවුණාම පුච්චලා දායි
ඕරා කොතරම් උත්සාහ කළද ඇයට කෝපය මැඩගත හැකිවූයේ නැත
කොහොමද පුච්චන්නෙ..ම්ම..තමුන් ඔය කියන චාරුන් මොකෙද්ද මට.අල්ලලා පොඩි කරලා දානවා.
ඕරාගේ බාහුවක් සුරතින් පොඩි කරමින් ධ්රෝණ කෝපයෙන් මුමුණද්දී ඕරා එවර ආයාසයෙන් සිනහවක් මුවට නගා ගත්තීය. ඔහු යාප්පුවෙන් තබා ගත යුතුය.
ඔයා ඔහොම ඉන්න මන් ඇදගන්නකල්
මොකක්?
ඔව්..
ඇය පෑවේ කෘතිම සිනහවකි.
ගෑණු මායම් වලට මන් අහුවෙන්නෙ නෑ
ධ්රෝණ ඉවතට ගියේ ඈ නොතකමිනි.ඕරා ඔහුට නෑසෙන සේ කුටු කුටු ගාමින් බනිමින් ඔහු වසාදැමූ ද්වාරය දෙසම බලා උන්නීය.
ධ්රෝණ ගෙනවිත් දී තිබූ කලු පැහැ අත්කොට කෙටි ගවුමකින් සැරසුණු ඕරා කණ්ණාඩියෙන් හැඩ බැලුවේ විමතියෙනි. සිය ලෝකයේ මෙවැනි ඇදුම් අදින්නේ නැත. දිගු බාච්චු වැනි කලිසම් හා දිගු උඩු ඇදුම් පමණි.උස් අඩි පාවහන්ද විස්මයානුකූලය.
දොර විවර වූයේ ධ්රෝණ සමග ටොබීද ඇතුලු වෙමිනි.
මොකද්ද ධ්රෝණ මේ ඇදුම..කැතම කැතයි.. ඊයා..
ධ්රෝණ විස්මයෙන් ඈ දෙස බලා සිටියදී යුවතිට චෝදනා කලේ මුවද ඇද කොටය.
කැත..හහ්
ධ්රෝණ ටොබී දෙස බලමින් හිනැහුණේ උපහාසයෙනි.
ඔහු ඈ වෙත පැමිණ ඈ වටා වටයක් ගමන් කළේ විසිල් නාදයක්ද සමගය
යූ ලුකින් සෝ හොට් ඕරා..අයි ෆීල් අමේසින් තින්ග්ස්
ඕරාගේ සවනට ළංව අනුරාගී හඩින් මිමිණූ ධ්රෝණ දෙස ඕරා බුල්වේ සුපරුදු කුතුහලයෙනි
ඒ කීවෙ..
ඔහ්
ධ්රෝණ හිස බදාගත්තේ අතිශයෝක්තියෙනි
ඒ ටොබී..මන් කීව දේ තේරුම් කරනවා මෙයාට
පසකෙ සිටි ටොබී සිනහවක් පා ඕරා වෙත පැමිණීයේය
ඔයා හරිම සරාගීයි.මට මහ පුදුම දේවල් හිතෙනවා
ටොබී කිසිදු වගක් නැතුව ඕරාගේ මුහුණටම පවසද්දී ඕරා නැවතත් ධ්රෝණ දෙස බැලුවාය.
ඒ කීවෙ..
අපොයි..
ධ්රෝණ ටොබීගේ පිටට පහරක් ගසා මහ හඩින් හිනැහුණේ ටොබීද උස් හඩින් හිනැහෙද්දීය.
ඔහ් ටොබී..දවසක මන් මෙයාට ඒවා ගැන කියලා දෙන්නම්.දැන් යමු..කවදාහරි ඕරා මාව හිනස්සලාම මරනවා..හහ්හා…
ධ්රෝණ කාමරයෙන් පිටවූයේ හිනහව ආයාසයෙන් ගිලගෙනය.
ටොබී..ඇයි ඔයාලා හිනාවෙන්නෙ..
ඕරා විමසුවේ ටොබීට ළංවෙමිනි.ඔහු රොබෝවෙකු බවට ධ්රෝණ පවසා ඇත.ඕරා ටොබීගේත් ධ්රෝණගේත් වෙනස්කම් හදුනාගැන්මට උත්සාහ දරමින් උන්නාය. තමාගේ ග්රහලොවේ මෙවැනි කතා කරන යන්ත්ර පවතින්නේ නැත. විවධ කාර්යයන් සදහා විවිධ යන්ත්ර පැවතියද ඔරායන්වරුන්ගේ ස්වරූපයට සමාන කතා කරන මෙවැනි යන්ත්ර ඇත්තේ නැත. එබැවින් රොබෝ පිළිබද ඈ කුතුහලයෙනි
අහ් නෑ ඕරා..ඇත්තටම මට හරිම වේදනයි.ඔයා මාව රැවැට්ටුවා..මට බොරු කළා..ඇයි ඔයා මට එහෙම කළේ
ඕරා..සර් අද බැන්නෙ නෑ මට..සර්ට මන් ගැන දුක හිතෙන්න ඇති.
ටොබී එක්වරම පැවසුවේ දුක්මුසු ස්වරූපයෙනි. රොබෝවරයෙකු වුවද ටොබී මානවයෙකු සේම හැගීම් දැනීම් පෙන්වා සිටී.
ඇයි..දුක
ඔයා ඇයි මාව දාලා දොර වැහැවෙ ඉස්සෙල්ලා
.
සමාවෙන්න ටොබී..ඔයාට වරදක් කරන්න හිතුවෙ නෑ
ඕරා..සර් මට ඔයාගෙ වගකීම් පවරලා තියෙන්නෙ..ඔයා පැනලා ගියොත් සර් මාව විනාශ කරනවා කීවා.අනේ ඕරා..මන් ජීවත් වෙන්න ආසයි.ඔයාලා වාගේ…අනේ මාව විනාස කරන්න ඉඩ දෙන්න එපා..
ඕරා සංවේදීය.ඈ ටොබීගේ දුක ඉදිරියේ අසරණ වූ සෙයකි
නෑ ටොබී.මන් නිසා ඔයාට කරදරයක් වෙන් නෑ.
ඕරා..ඔයා පැනලා ගියත් සර් ඔයාව කොහොම හරි හොයා ගයි.ඔයාව ධ්රැවේක හිර කරයි.
අහ්.. ඒ කීවෙ..
මන් පස්සෙ කියලා දෙන්නම්..දැන් යමු.සර්ට තරහා යයි.සර්ට තරහා ගස්සන්න එපා..විනාසයක් වෙයි එතකොට.
ටොබී පවසන දේ වල නිවැරදි අරුත වැටහුණේ නැතිවුවද ඕරා යම් තරමකට තේරුම් ගත්තේ තමා පැන ගියහොත් ටොබී කරදරේ වැටෙන බවය. ඈ ටොබී පසුපස ඇදුණි. කාමරයෙන් ඉවත වූයේ දිස්නෙ දෙන සුදු පැහැ කොරිඩෝවකි. එතුලින් ගොස් විවර වූ දොරින් සෝපානයකට ඇතුලුව පහල බිම් මහලින් ඔවුන් පිවිසියේ එළිමහනකටය. ඕරා විසුමෙන් වට පිට බැලුවේ මේ පරිසරය ඇයට නුහුරු නිසාමය.
අවට වූයේ තණකොළ වලින් සුසැදි අලංකාර ගෙවත්තකි. එහි වූ නවීන පන්නයේ රිදී පැහැ මෝටර් රියේ සිටියේ ධ්රෝණය.
එන්න ඕරා..වාඩිවෙන්න
ටොබී ආචාරශීලීව දොර විවර කර දුන් විට ඕරා එහි අසුන් ගත්තීය.ධ්රෝණ රියදුරු අසුනේ සිට ඈ දෙස හෙලුවේ වියරු බැල්මකි.ඕරා ඒ බැල්මෙන් සීතලව ගියේ ඔහු කුමක් අදහස් කරන්නේ දැයි නොදැනය.
ඇ..ඇයි..ඔහොම බලන්නෙ..
ටොබී පසුපසින් වාඩි වෙද්දී ඈ විමසුවාය.
තව ටිකකින් ඕරාට මොකද වෙන්නෙ කියලා හිතලා බැලුවෙ.
ඇ..ඇයි?
හහ්..
ටොබී..අපි යන්නෙ කොහෙද දැන්..
සර්..සර් කීවෙ ඕරාව ඒජන්සි එකට එක්ක යනවා කියලනෙ
නෑ..වෙන ගමනක් එක්ක යන්නෙ..වැඩ පටන් ගන්න කලින් ඕරා ආස වෙයි එතෙන්න.මගේ හුරතල්ලු ඉන්න තැනට
ස..ර්..
ටොබී බියෙන් මෙන් පවසද්දී ඕරා හැරී ටොබී දෙස බැලුවාය.
ධ්රැවේකට
ටොබී මුවින් පමණක් පවසද්දී ඕරා විමතියෙන් ධ්රෝණ දෙස බැලුවේ මේ ටොබී පැවසූ තැන යැයි වටහා ගනිමිනි.
ධ්රෝණ රියදුරු අසුනේ හිදගෙන ඉදිරියේ වූ පරිපථ ක්රියාත්මක කළේය.මේ රියද ඔහු විසින් නිර්මාණය කළ නවීන තාක්ෂණයෙන් යුතු කෘතිම බුද්ධියකින් හෙබි රියකි.
පරිපථයේ වූයේ පෘථිවි ගෝලයේ විද්යුත් චිත්රයකි.ධ්රෝණ එහි සළකුණු කළේ උත්තරධ්රැවයයි.
ඒ ක්ෂණිකව පෘථිවි ගෝලය නාභිගත වී උත්තරධ්රැවයේ වූ ස්ථානයක් රතු පැහැ සළකුණකින් පෙන්වනු ලැබිණි.
ඕරා ඒ දෙස විමසිල්ලෙන් බලා සිටියද ඈ යමක් විමසුවේ නැත.
එසැනින් රිය වේගයෙන් ගමන් කළේ ඕරා විමතියෙන් පසුවන දෑ දෙස අවධානය යොමු කරගෙන සිටියදීය.අවසානයේ රිය නතර වූයේ උස් තාප්ප වලින් වටවුණු ස්ථානයකය. විවර වූ ගේට්ටුවෙන් රිය ඇතුලට යනු ලැබිණි.නැවතුණු රියෙන්වහා බැසි ටොබී ඉදිරිපස දොර විවර කලේ ඕරාට බැසීමටය.
ඕරා බසින විටද ධ්රෝණ ඉදිරියේ වූ කුඩා අහස් යානය දෙසට යමින් සිටියේය..
ඒ මොකද්ද?
ඕරා සුදු පැහැ අහස් යානය දෙසබලමින් විමසුවේ විමතියෙනි
සප්තවර්ණ..මගේ අලුත්ම පොත ඩිස්කවුන්ට් එක්ක ගන්න පුලුවන්..ඕන අය 0743435887 අංකයට වට්ස්අප් පණිවිඩයක් තියන්න
මගේ පාඨකයින් දැන් දක්සයි මන් හිතන දේ කියන්න පුලුවන් තරම්..සුභපැතුම් ගෙස් කරපු හැමෝටම..
ධ්රැව අතර වන
සුවිසල් අවකාශයක
ඔබද සිරවී මමද සිරවී
සසර එක බැදීමක
©රුවනි ලියන්ගොල්ල©