ධ්‍රැවාන්තර -4

ටොබී මනුස්සයෙක් නෙවෙයි

ඕරා විමසුවේ කුතුහලෙයනි.

ඔව් එයා රොබෝ කෙනෙක්

ඕරා දෑස වටකුරු කළේ එම වදන වටහා ගත නොහැකිවය.

රොබෝ..ඒ කීවෙ

ධ්‍රෝණ නැගී සිටියේ ගැටලුවට පිළීතුරු දීමේ අපේක්ෂාවෙන් තොරවය.

කියන්න..මේ කොහෙද? ඔයාලා අමුතු ඇයි?මට චාරුන් ළගට යන්න ඕනෙ..ඔයාලා කවුද….ඔයාලා කන කෑම හරි අමුතුයි.ඊයා..මන් කැමති නෑ ඒවට. ඔයා මනුස්සයෙක් කියලා විතරයි මන් දන්නෙ

ඒක දැනගත්තම ඇති

අනේ මේ කොහෙද?

ඕරා විමසුවේ ධ්‍රෝණගේ දෑසම අල්වාගෙන ගැලවීමට නොදෙමෙනි

මේ පෘථිවිය

ඕරාගේ දෑස විසල් වී මුවද විවර විය

මො..මොකද්ද?

යස් මයි ස්වීට් හාර්ට්.. ඔයා දැන් ඉන්නෙ මගේ ලෝකෙ…ඔයාගෙ ලෝකෙ ඖරාඩ් වල ඉදලා ආලෝක වර්ෂ එක්දහස් තුන්සිය හතලිස් හතරක් දුරින්

ඔ..ඔ්යා මොනවද කියවන්නෙ

මොකද කරන්නෙ බේබි..ඔයා සිහි නැතිවුණානෙ එවෙලේ..ඉතින් මට ලේසි වුණා..හහ්

ධ්‍රෝණගේ හඩ වඩාත් බර අවඥාවටය.වෙනත් ග්‍රහලොවක යුවතියක් පැහැරගෙන ඒම ඔහුට අනුව සුලු දෙයකි.ඕරාගේ ධෑස කදුලින් පිරී ගියේ නිරායාසයෙනි.ඈ බිම හිදගත්තේ ලොවම නැතිවූ ගාණටය.ඔව් සැබෑය..ඇයට සිය ලොවම අහිමි වී ඇත.

ධ්‍රෝණ ඈ අසල බිම හිදගෙන ඇගේ සුරත අල්වාගත්තේය.
එක්වරම ඕරා යමක් සිහිපත් වූ කලෙක මෙන් කදුලු පිසදාගෙන ධ්‍රෝණ දෙස බැලුවේ වමතියෙන් මුසපත්වය.

ඔව් බේබි…ඔයා හිතන දේ හරි..මන් ධ්‍රෝණ..ධ්‍රෝණ ධශ්රථ් ධ්‍රැතරාක්ෂ

ධ්‍රෝණගේ ගැඹුරු හඩ සවන් තුල රැව් පිළිරැව් දෙද්දී ඕරා විස්සෝපයෙන් බලා සිට බිම දිගේ පසුපසට ඇදී ගියේ ධ්‍රෝණ සුපුරුදු පරිදි යහනෙන් පොරෝනයක් ඇද ඇගේ දෙපා වසාදමද්දීය.සිය අකීකරු කමකට නැති දෑස කලබල වැඩිය.ඈ රුවැත්තියකි.ඈ අබියස එහෙත් සිය සිත සසල නොවේ..අවශ්‍ය ඇයට මතක සිටින පාඩමක් උගැන්වීම පමණකි.

මුහුණ පුරා යාන්තම් වැවුණු රැවුල් කොට පිරිමදිමිින් ධ්‍රෝණ යුවතිය දෙස බලා සිටියේ වියරු බැල්මකිනි.
ඕරා භීතියෙන් ඇලලී පිටුපසට ගොස් බිත්තියට හේතුත වූයේ අතැගිලි වලින් වියරුවෙන් සිය කෙටි කෙස් ගස් ඇද කඩාදමමිමනි. ගෙල දක්වා පමණක් දිගු ඇගේ කොණ්ඩය කූරු කූරු ලෙස දිස්වූ අතර එය අමුතුම දිස්නයක් ගෙන දෙන්නක් විය.‍

නෑ..නෑ ඒක වෙන්න බෑ..ඔයා එයා නෙවෙයි.ඒක වෙන්න බෑ.

ඕරාගේ කෑගැසීමට ධ්‍රෝණ මහ හඩින් හිනැහුණේය.

ඔහු නැගිට ඈ වෙත පැමිණෙද්දී ඕරා භීතියෙන් බිතතිය පුපුරවා යෑමට වෙර දැරීය.ඈ ධ්‍රෝණ පැමිණෙද්දී වහා නැගී සිටිටාය. ඔහු ඇගේ දෙපසින් බිත්තිය මත දෑත තබා ඈ සිර කරගත්තේ ඈ ගතින් ස්පර්ශ නොවන පරිද්දෙන්ය. තමාට වඩා උසැති හැඩකාර දේහධාරියා දෙස ඕරා බැලුවේ ගෙල මදක් ඔසවමනි.ඒ දෑස ඉතා ආකර්ෂණීය බව සත්‍යයකි.එහෙත් එහි සටහන්ව ඇත්තේ විනාශයකි.

අහලා තියෙනවද.මන් ගැන ඕරා..ම්ම්…

ඕරාගේ දෙතොල් වේවලයි.ඈ දිගු ඇසිපියන් වේගෙයන් සැලෙයි.

ඔව් මන් එයාගෙ මුණුබුරා තමා..ඔයාලාගෙ රැජිණගෙ..ඕරා මන් ගැන අහලා තියෙන කතා ඔක්කොම ඇත්ත.ඕරාත් මගේ දඩයමක් තමා..

තමා සිතනා දේ ඔහු පවසන්නේ කෙසේද්?ඕරා විස්මයෙන් ඇලලී ගොස්ය.

රැජිණ.කරුණාවන්තිය..ඒත.ඒත්… ඔයා

ඔව් මන් එහෙම නෑ….අම්මා,තාත්තා ,ආච්චි සීයා..හහ්..මට එයාලාගෙන් වැඩක් නෑ..ඒ කවුරුවත් මට අදාල නෑ.
එයාලා මාව අතඇරලා දැම්මේ මාව නවත්තන්න බැරි නිසා

ඕරාඩ් යනු පෘථිවියේ සිට ආලෝකවර්ෂ 1344 ක් දුරින් ඔරායන් නෙබියුලාව මත බිහිවී තිබූ ජීවය පැවති ග්‍රහලොවකි. ධ්‍රෝණගේ මිත්තණිය වූ සාවන්‍යා එම ග්‍රහලෝවේ විද්‍යාඥවරියක් වූ අතර ඇය එහි පාලකවරියද විය. ඈ යානාවක් තනා පෘථිවියට පැමිණි පසු ධ්‍රෝණගේ සීයා හා පෙමින් වෙලී බිහි කළේ නිහාරිකා නම් ධ්‍රෝණගේ මවය. ධ්‍රෝණගේ පියා වූ ධ්වනිත ධාරණ්‍ය ධ්‍රැතරාක්ෂ නිහාරිකා ගැබ්බරව සිටියදී සිදවූ අනතුරක් හේතුවෙන් රුධිර පාරවිලයනය සදහා සාවන්‍යා කැටුව ඒමට නිහාරිකා තැනූ අභ්‍යවකාශ යානය වූ රුක්ෂ සමග ඖරාඩ් ග්‍රහලොව වෙත ගොස් තිබුණි. එය ඕරාඩ් ග්‍රහලොව පුරා ප්‍රකටව තිබූ ඉතිහාස කතාවකි. එහෙත් ඒ ඉතිහාස කතාවේ පලුද්ද වූයේ ධ්‍රෝණය

රැජිණ දඩුවම් කරයි.

ඕරා එවර කෝපයෙන් පැවසුවාය.

හීනෙන්ද? එයා දැන් වයසනියිනෙ.මයි ඕල්ඩ් ලේඩි..හහ්..කවදා ෆියුනරල් එක ගන්න වෙයිද දන්නෙ නෑ..

ධ්‍රෝණගේ කමකට නැති සිනහව දෙස ඕරා බලා සිටියේ දැවෙන සිතිනි.

ඒ කීවෙ

ඔහ්..ග්‍රැනී.ඔයාලාගෙ සිලබස් එකට ඉන්ග්ලිශ් ඇයි ඇඩ් නොකළේ..

ධ්‍රෝණ එවර යුවතිය අතැර නළල තෙරපා ගත්තේය.

මොකද්ද?

ඕරා ඔහු වටහා ගන්නට උත්සාහ දරයි

අත ඇරලා දාන්න..ලෑස්ති වෙන්න

ඇ..ඇයි

ධ්‍රෝණ යළීත් ඕරා මැදි වන ලෙස බිත්තිය දෙපසින් දෑත තැබුවේය.මේ පිටස්තර ග්‍රහලෝකයක යුවතියක් පැහැර ගෙන ඒමෙන් තමා ලද්දේ නොමද සතුටකි. ඈ මෝඩ බැව් ඔහු දනී.එය ඔහුට සතුටකි. වෙනත් සාමාන්‍ය තරුණයන් සතුටු වන කිසිදු දෙයකින් ධ්‍රෝණ සතුටු වූයේ නැත. තමන්ටම ආවේණික වෙනත් වැඩපිළිවෙලක් ඔහුට තිබුණි.

ප්‍රශ්න අහන්න ආසයි නේද?

ඔ..ඔව්.. මන් ප්‍රශ්න අහනවා.

ඕරා එවර බිය සැක නැතිව පවසයි.

බබෙක් හදමුද?

ධ්‍රෝණ ඇසක් වසමින් පැවසුවේ උපහාසාත්මක සිනහවකිනි.

ඊයා..

හහ්..මොකක් නැතිත් ඒ වචනෙ නම් ලස්සනටම කියනවා

රොබෝ කෝ..කියන්න..කවුද ඒ..මට තේරෙන් නෑ

තමා ඈ මෝඩියක ලෙස සැළකුවාට ඈ සැබවින්ම විචක්ෂණශීලී බව ධ්‍රෝණ එවර වටහා ගත්තේය.

රොබෝලා කියන්නෙ මිනිස්සු නෙවෙයි. එයාලාව හදන්නෙ විවධ ලෝහ වර්ග යොදාගෙන. එයාලා ඉපදෙන් නෑ..එයාලාට හැමදේම හිතලා කරන්න පුලුවන්.ටොබීව හැදුවෙ මන්.ටොබී ගොඩක් දියුණුයි. එයාට හැමදේම හොදට තේරුම් ගන්න පුලුවන්.හැබැයි එයා අනෙක් රොබෝලා අතර විශේෂයි.එයාට හැගීම් දැනීම් තියෙනවා.අනිත් රොබෝලට එහෙම නෑ..

හැගීම් දැනීම්..ඒ මොනවද?

ඕරා විමසුවේ කුතුහලයෙනි.ධ්‍රෝණ එවර දෑස කුඩා කර කල්පනාවට වැටුණි.

ෆීලින්ග්ස්..මේක හරි යන් නෑ..මටත් සිංහල විතරක් කතා කරන්න අමාරුයි.ඕරාට ඉන්ග්ලිශ් ටීච් කරන්න වෙනවා

ඒ මොකද්ද

ධ්‍රෝණ නිහඩ විය.ඇයට මේවා තේරුම් කර දෙන්නේ කෙසේද?

කියන්නකො…මොනවද හැගීම් දැනීම්.ඒවා කන දෙයක්ද?

ධ්‍රෝණගේ මුවේ එවර විසිරුණේ සරාගී සිනහවකි.

ඒවාගේ තමා. ඇස් පියාගන්නවා ඕරා.මන් කියලා දෙන්නම් හැගීම් දැනීම් ගැන

ආ…මට බෑ..මට ඔයාව විශ්වාස නෑ..

ඒකට කමක් නෑ ඇස් පියාගන්නවා.ඒ ගැන දැනගන්න ඕනෙ නම්..
ධ්‍රෝණ සිනහව ගිලගෙන පවස්දදී ඕරා දෑස පියාගත්තේ අකමැත්තෙනි.ධ්‍රෝණ ඇගේ පියකරු උවන දෙස මොහොතක් බලා සිට සෙමින් ඇගේ දෙතොල් සිපගත්තේය.එක්වරම ඕරා කලබලයෙන් ඔහු තල්ලු කර දැම්මේ ධ්‍රෝණගේ සිනහව මුහුණේ ඉතිරී යද්දීය.

දැන් ඔයාට දැනුනෙ..ඒවා තමා ෆීලින්ග්ස්, හැගීම් දැනීම්

ඔහු පවසද්දී ඕරා කෝපයෙන් මුහුණ ඉවතට හරවා ගත්තීය.

ඇ..ඇයි එහෙම කළේ මට..චාරුන්ටවත් ඉඩ දීලා නෑ මන්

ඉතින් හොදයිනෙ..චාරුන් එක්ක බබෙක් හදන්නෙ කොහොමද එතකොට

ඒක මන් දන් නෑ..චාරුන් කීවා ලබන මාසෙ අපි දෙන්නා එක තැනකට යමු කියලා.

ඔයාලා කසාද බදින්නෙ නැද්ද

ඒ කීවෙ

හැමෝම එකතු වෙලා උත්සවයක් අරන්..නීතියෙන්

නෑ..දෙන්නා කැමති නම් බබෙක් හදාගන්නවා.හැබැයි හැමදාම දෙන්නා එකට ඉන්න ඕනෙ. කිසිම තැනක තනියම යන්න බෑ..

අම්මෝහ් ..වෙලාවට මන් ඔරායන් කෙනෙක් නොවුණෙ

ඇ..ඇයි ඒක හොද නැද්ද

හහ්..පිස්සු නැත්නම් හොදයි

පිස්සු?

ඔහ් ඕරා ඇති දැන්

අනේ..ටොබී ගැන විස්තර කියන්න මට..එයා හරි ලස්සනයි.මන් කැමතියි එයාට

මොකක්?

ධ්‍රෝණ දෑස විසල් කළේය.

මන් කීවෙ..එයාට පුලුවන්ද මට මේ ලෝකෙ දේවල් ගැන කියලා දෙන්න.ඔයා මාව අපේ ලෝකෙට ගෙනියන්න කලින් මට මෙහෙ ගැන දැනගන්න පුලුවන්ද?

තමා සිතුවේ ඈ මෝඩ ඔරායන්වාසියෙකු කියාය.එහෙත් ඈ බුද්ධිමත් බැව් ධ්‍රෝණ ක්‍රමයෙන් වටහා ගනිමින් සිටියේය.

බලමු.ඉස්සෙල්ලා ඔයා ටොබී ගැන ඉගෙන ගන්න ඕනෙ..ටොබී කියන්නෙ හියුමනොයිඩ් රොබෝ කෙනෙක්(Humanoid Robot).ඒකෙ තේරුම එයා මිනිස් හැසිරීම් වලට සමානව හැසිරෙනවා.අපි ඒකට කියන්නෙ අනුකරණය කරනවා කියලා.

ඕරා හිස දෙපසට වැනුවේ වැටහීම මද බව දැක්වීමටය.

කතාව ගොඩක් අය කියෙව්වට අපි පොතක් කළාම ඒක ගන්න අය හරි අඩුයි. ඒත් ඒ ගන්න අයට අපි හිස නමා ආචාර කරනවා. සප්තවර්ණ..මගේ අලුත්ම පොත ඩිස්කවුන්ට් එක්ක ගන්න පුලුවන්..ඕන අය 0743435887 අංකයෙන් ඕඩර් කරන්න

අහ්..ධ්වනිතගෙ පුතාව ඉල්ලුව අයට සතුටු ඇති..ත්වරණ ගේද්දිත් හිතුවෙ ඒ ධ්වනිතගේ පුතා කියලනෙ..හැබැයි එහෙම කියලා ධ්වනිත කියෙව්ව නැති අයට මේ කතාව කියවන්න බාධාවකුත් නෑ..මොකද ඒකයි මේකයි අතරේ තියෙන්නෙ නෑකම් ගැන සම්බන්ධෙ විතරයි.තව දෙයක්..ධ්‍රෝණ නම් ධ්වනිත වගේ ඩීසන්ට් නෑ..ඔයාලට එපාවෙයි. හී..

ලයික් කමෙන්ට් දෙන හැමෝටම ස්තුතියි

ධ්‍රැව අතර වන
සුවිසල් අවකාශයක

ඔබද සිරවී මමද සිරවී
සසර එක බැදීමක

©රුවනි ලියන්ගොල්ල©