ධ්රැවාන්තර – 3
ධ්රෝණ සිය සුවපහසු කාර්යාල කුටියේ වූ විධායක අසුනේ හේත්තු වී සිටියේ දෙපා ළං කොට මේසට මත තබාගෙන දෑත මත හිස තබාගෙනය. ඔහු පසුවූයේ අඩ නින්දකය.
සර්… මෙන්න ගෙනාවා
අවසරයකින් තොරව ඔහුගේ කුටියට පිවිසුණු යුවතිය සිය අතෙහි වූ බෑගය මේසය මතට දමා ගැසුවේ කෝපයෙනි. ධ්රෝණ දෑස විවර නොකරම පෑවේ මද සිනහවකි.
මන් යනවා.
ඔහුගෙන් පිළීතුරක් නොවුණු තැන භෂ්මා ආපසු හැරුණේ කෝපය තවත් වැඩි කර ගනිමිනි
ඔහොම ඉන්නවා..
එවර ධ්රෝණගේ හඩ ඇසුණි.
ධ්රෝණ දෑස විවර කර දෙපා බිමට ගනිද්දී භෂ්මා ඔහුවෙත හැරුණි.ඇගේ මුහුණ කෝපයෙන් කලු වී පුපරු ගසමින් තිබෙනු දැක ධ්රෝණ මුවට ආ සිනහව ගිල ගැනීමට සිතුවේ නැත..
ඔයාට විහිලුවක් සර්..මගෙ ජීවිතේ විහිලුවක්..මගෙ ආදරේ විහිලුවක්..දෙයියනේ මන් මැරිලා යයි සර්..ඔයා වෙන කෙල්ලකේට මන් ලව්වා ඇදුම් තෝරවගෙන එනවා..ඔයා කියනවා ඔයා ඊයෙ රෑ හිටියේ ඒ කෙල්ල එක්ක කියලා.මට කියන්නෙ ඒවා විශ්වාස කරන්න කියලද.මෙච්චර මන් ඔයාට පැලීගෙන ආදරේ කරද්දි මන් දිහා ඇහැක් ඇරලා නොබලන ඔයා වෙන කෙල්ලෙක් එකක් යාලුයි කියලා මන් කොහොම විශ්වාස කරන්නද?
භෂ්මා සිය ප්‍රේමයේ ශෝකාලාපය ධ්රෝණ ඉදිරියේ දිග හැරියේ ඉකි බිදිමිිනි. කුඩා කළ සිටම ධ්රෝණ ඇසුරු කළ භෂ්මා මුලු හදින්ම ඔහුට ප්‍රේම කළ බැව් ඔහු මුල සිටම දැන සිටියද ධ්රෝණ පසුවූයේ කිසිවක් නොවැටහුණූ ගාණටය. මේ තාක් කල් ඈ ඒ බැව් හැගවීමට උත්සාහ දරුවද ධ්රෝණ උඩක් බිමක් නොවූ ගාණට පසුවූවේය..
සිය කඩවසම් ප්‍රධානියා, කුඩා කළ සිට හද බැදි මිතුරා අත් හැරීමට භෂ්මාගේ කිසිදු අදහසක් නැති ගාණය. ඈ සමග තවත් යුවතියන් දෙදෙනක් ඔහු වෙනුවෙන් සටන් වදී. භෂ්මා ඔවුන් සමග උඩින් සිනහ වී සිටියාට සිත යටින් ඔවුන්ට ඇති තරම් බැන වදී. ධ්රෝණ මහ හඩින් සිනහසුණේ භෂ්මා අපූරු විහිලුවක් සිදු කළ ගාණටය.
ඔයා හිනාවුණාට දවසක ආදරේ නිසා ඔයා පිච්චෙයි සර්.. විදවයි ගොඩක්..
භෂ්මාගේ අදෝනාව ධ්රෝණට කිසිදු ආකාරයකින් වැදගත් වූයේ නැත
මන්..විදවයි..ආදරේ නිසා…හහ්..භෂ්මා මන් ගැන දන්නෙ නැති ගාණටනෙ කතා කරන්නේ..ම්ම්…. භෂ්මා ගැන මන් හිතාගෙන හිටියෙ අනික් සෝබන ගෑණු ළමයිගෙන් වෙනස් වුණු හරිම ස්ට්‍රෝං ගර්ල් කෙනෙක් විදිහට.ඒත් බලපුවාම භෂ්මත් ඒ බෝට්ටුවේ
ඒ හඩ අවඥාවට බරය. භෂ්මා ඉවත බැලුවේ වේදනාව උසුලාගෙනය.
මාත් සාමාන්‍ය කෙල්ලෙක් සර්..ධ්රැවාන්තර ස්පේස් ක්‍රාෆ්ට් ඒජන්සියෙ මැනේජින් ඩිරෙක්ටර් වුණාට මාත් හිතක් තියෙන මනුස්ස දුවක්.
භෂ්මාගේ වේදනාත්මක හඩට ධ්රෝණ අසුනින් නැගිට සෙමින් ඈ වෙත පැමිණියේය.
භෂ්මා..මගෙ දිහා බලනවා
ඔහුගේ ගැඹුරු ප්රතාපවත් හඩ ඉදිරියේ සුපුරුදු පරිදිම භෂ්මා ගැහේ. තමාට වඩා අඩියක් උසැති ඔහු දෙස භෂ්මා සෙමින් හිස ඔසවා බැල්මක් පා කළාය
ආදරේ කියන මාතෘකාව ගැන හිතනවට වඩා මට කරන්න රාජකාරි තියෙන බව භෂ්මා දන්නවා. මට භෂ්මා දිහා එහෙම ඇහැකින් කවදාවත් බලන්න බෑ..
ඇයි බැරි සර්..මන් ලස්සන මදිද? ඉගෙනගෙන මදිද? මොකදද් මගෙ අඩුපාඩුව
ධ්රෝණ භෂ්මා දෙස බලා සිටියේ තියුණු දෑසිනි.ඔහු මදක් ඈ වෙත පහත් විය. භෂ්මාගේ හුස්මද නතර වන සෙයකි.
භෂ්මාගෙ කිසිම අඩුපාඩුවක් නෑ.අඩුපාඩුව තියෙන්නෙ මගේ. ඒ ගැන අහන්න එපා මගෙන්.
ඇයි අහන්න එපා කියන්නෙ.මන් අහනවා..
භෂ්මා..සීමාවෙ ඉන්නවා. තමුන් මගේ කම්පැණි එකේ විශ්වාසවන්තම සේවකයා කියලා අමතක කරවන්න එපා මට.
ඔයත් අමතක කරන්න එපා ඔයා වෙනුවෙන් පණ දෙන්න වුණත් ළෑස්ති කෙල්ලෙක් ඉන්නවා කියලා
එක ගර්ල් කෙනෙක් විතරක් නම් මදැයි.තුන්දෙනෙක්ම ඉන්නවනෙ..
භෂ්මා දෑස විසල් කළාය
මොනවා..ඔයා දන්නවද ඒ දෙන්නා ගැනත්
ඔව්..
එහෙනම් නොදන්නවා වගේ ඉන්නෙ..
මට තුන්දෙනාවම මැරි කරන්න බැරි නිසා..හහ්හා..
ධ්රෝණ මහ හඩින් සිනහා සෙමින් සිය අසුනට ගියේ භෂ්මා ගස්සා ඉවත බලද්දීය.
සුභ දහවලක් මැඩම්..මෙන්න ඔයාගෙ රසම රස කෑම වේල.මන් මේ අත් දෙකෙන්මයි හැදුවෙ..
එක්වරම විවර වූ කාමරයේ දොරින් ඇතුලු වූ කඩවසම් තරුණයෙකු පවසද්දී ඕරා යහනෙන් නැගී සිට ඒ දෙස බැලුවේ තිගැස්මෙනි.තරුණයා ඉතා අහිංසක පාටය. ඔහු මේසය මත කෑම පිගාන තබා ආපහු හැරුණි.
අහන්න..
ඕරාගේ හඩට තරූණයා නැවතුණි.
ඔයා ටොබී ද?
ඔව් මැඩම්..
ආපසු හැරුණු ටොබී පෑවේ ආකර්ෂණීය සිනහවකි.
ටොබී..අර කාමරේ වතුර එන්නෙ නෑ..ඒක හදලා දෙන්න පුලුවන්ද?
ඕරා විමසුවේ සිත යට අදහසක් තබාගෙනය. මේ සැලසුම සාර්ථක විය යුතුමය.
පුලුවන් මැඩම්..
මැඩම් නෙවෙයි..මන් ඕරා..ඕරා කියන්න
ඕරා..හරි.ඕරා කියන්නම්..
ටොබී නාන කාමරය දෙසට ගමන් කරද්දී ඕරාද ඔහු පසුපසම පැමිණියාය.
ඔයා හරි ලස්සනයි ටොබී..ඇත්තමයි..
ඕරා පැවසුවේ ලගන්නා සිනහවක් මුවෙහි තබාගෙනය.
ඔයත් හරි ලස්සනයි ඕරා..
ටොබීද කිසිදු කහටක් නොමැතිව පිළිතුරු බදී..
ටොබී නාන කාමරය තුලට ඇතුලු වූ විගස ඕරා වහා එහි දොර වසා දැම්මේ ටොබී ආපසු හැරී දොරට ගසද්දීය
ඕරා..දොර අරින්න..දොර අරින්න..
ඕරා කපටි සිනහවක් පා වහා කාමරයේ දොර දෙසට දිව ගියාය.ටොබීට එහි දොර වසන්නට අමතක වූ බැව් ඈ මුලින්ම දැක තිබුණි.එහෙත් ඕරාගේ සිනහව වියැකී ගියේ කාමරයේ දොරටුව හරස් කොට ගෙන දෙඅත් බැදගෙන උලුවස්සට හේත්තු වී සිටි පුද්ගලයා දැකීමෙනි. ඕරා වහා නැවතුණේ තක්බීර්වය
නයිස් ට්‍රයි මයිලේඩි….හොද උත්සාහයක්..තව පාරක් ට්‍රයි කරන්න.
ධ්රෝණගේ උපහාසයට මුසු වදන් වල අරුත හරි ආකාරව වැටහුණේ නැති වුවද ඕරා ඔහු වෙත දිවගොස් ඔහුගේ පපුතුරුට ගසාගෙන ගියේ දෑත මිටමොළවමිනි.එහෙත් සිදුවූයේ ඈ වෙහෙසට පත්වීම පමණි.
අයින් වෙනවා
ධ්රෝණගේ කෝපාන්විත වදනට ඉවත්වූ යුවතිය ඔහු අත වූ විසල් මලු දෙස බැලුවේ කුතුහලයෙනි.ඇගේ දෑසේ නිරන්තරයෙන් රැදී තිබුණේ සැක මුසු බැල්මකි.ඔහු දිගු කළ බෑග ගෙන ඈ ඒවා ඉව කර බැලුවේ ධ්රෝණ සිනහව ආයාසයෙන් ගිල ගනිද්දීය.
තමුන්ට ඇදුම් තියෙන්නෙ..මේ එකක් ඇදගෙන එනවා මගෙත් එක්ක යන්න දැන්..කාලා ඉන්නවා..මොනවද අර අසරණ ටොබීට කලේ..
ධ්රෝණ දොර වසා දමමින් නාන කාමරය වෙත ගොස් ටොබී නිදහස් කරගත්තේය
සර්..සොරි සර්..ඕරා කරපු දේ වැරදියි.. මට හරිම දුකයි..
ටොබීගේ අසරණ විලාසය ශෝකජනකය
ඒකට කමක් නෑ ටොබී..ටොබී යන්න දැන්..ගිහින් මට කූල් එකක් හදලා තියන්න..
හරි සර්..
ටොබී නික්මුණේ ඕරා දෙස වේදනාවෙන් බලමිනි.
ටොබී හරි අමුතුයි..ඇයි ඒ..
ඕරා විමසුවේ ටොබීගේ යම් වෙනසක් දුටු හෙයිනි
ධ්රෝණ යහනේ අසුන් ගත්තේ ඕරා ටද අසුන් ගන්නට සන් කරමිනි. ඈ සුපුරුදු පරිදි ඔහුගේ කමිසය ඇදගෙන වාඩි වූයේ දෙපා පිළීබද කිසිදු අවධානයක් නොමැතිවය. ධ්රෝණ කොට්ටයක් ඇගේ දෙපා මතට දැමුමේ ඈට හොදහැටි රවමිනි.
ටොබී මනුස්සයෙක් නෙවෙයි..
ධ්රෝණගේ වදනට ඕරා දෑස විමතියෙන් විසල් කළාය.
ධ්රැව අතර වන
සුවිසල් අවකාශයක
ඔබද සිරවී මමද සිරවී
සසර එක බැදීමක
සප්තවර්ණ ‘ ෆේස්බුක්හි පළ නොවුණු මගේ අලුත්ම නවකතා පොත ඕන අය 0743435887 නම්බර් එකට වට්ස්අප් මැසේජ් එකක් දෙන්න. ප්‍රී ඕඩර් යන නිසා ඩිස්කවුන්ට් තියෙනවා.
©රුවනි ලියන්ගොල්ල