සිතින් විතරක්..
හතලිස් හතර…44 ( අවසන් දිගහැරුම)
අපි ආපහු ඒන්ජල්ගෙ පැත්තට හැරෙමු.
දැන් නං හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ඒ ආයිම මට කතා කරන්න පුළුවන් උන නිසාම නෙවී. සෙත් අයිය සතුටින් ඉන්න හින්දා. ආශ් අක්කි නිසා එයා ඉන්නෙ සතුටින්. ආශ් අක්කි ඇත්තටම හොඳ කෙනෙක් ඉතිං හැමදාම ඒ දෙන්නා සතුටින් ඉදීවි.
සියා පප්පා නං මුලින් කැමති වුනේ නෑ. සෙත් අයියා මාව මැරි කරන්නෙ නැති එකට. ඒත් සෙත් අයියා හුඟක් අමාරුවෙන් පැහැදිලි කලාට පස්සෙ එයා විහඟටයි අශ් අක්කිටයි දෙන්නට කැමති වුනා. ඉතිං දැන් හැමෝම සතුටින්.
ඇත්තටම මගෙ ජීවිතේ ගෙවුන අවුරුදු දහ නවයම පහුගිය අවුරුද්දෙ කනපිට පෙරළුනා කියලා මට හිතුනා. ඒ වගේ අත්දැකීම් ගොඩක් මට හිතා ගන්නවත් බෑ.
දැන්නම් හොඳටම සනීප වෙලා උන්න නිසා විහඟ ආයිම එයාගෙ රාජකාරි පටන් ගත්තා. මං නං එයා ඒ ජොබ් එක කරනවට කැමති නෑ. ඇත්තටම මට බයයි.
ඒත් ඒන්ජල් මට ඔයාගෙනුයි ජොබ් එකෙනුයි එකක් තෝරගන්න ඉඩ තියන්න එපා කියලා කීවා නිසා මම ආයිම මොනවත් කියන්න ගියෙ නෑ. මොකද එයා ඒ ජොබ් එකට මොන තරම් ආදරේ ද කියලා මම දන්නවා.
එයා දැන් ඉස්සර වගේම නං නපුරු නෑ. ඒත් තාමත් මම මොකක් හරි වැරැද්දක් කරොත් නං අඩුපාඩුවක් නැතුව බනිනවා. ඒක නං කවදාව ත් නැති වෙන එකක් නෑ.
සෙත් අයියා දෙතුන් පාරක්ම මට එයත් එක්ක ඔෆිස් එන්න කීවා නිසා ඔෆිස් යන්නද කියලා මම විහඟගෙන් ඇහුවා.
ගිහින් ඔයාට ඒ වැඩ කරන්න පුළුවන්ද..? එයා එක පාරම ඇහුවා.
ඇයි මම ඔයත් එක්කත් ඔෆිස් ගියෙ..?
ගියා නේන්නං..ගිහින්..සකබඹරෙ වගේ කැරකි කැරකි හිටියා මිසක් වැඩක් කරාද..? උ\ඹ\ව පරිස්සම් කරනවා ඇරෙන්න මට වැඩක් කරගන්න උනෙත් නෑ… ඒ ගමන එයා කීවේ හිනා වෙවි.
අනේ යන්න..මම මොන තරම් වැඩ කලාද.. ඔයා නං හරි නරකයි..
කරා කරා..එතන හිටපු කො\ල්ලො ටික නං ඇවිස්සුවා..වෙන කරපු ඇති දෙයක් නෑ… එයා ආයිම හිනාවුනා.
මම එහෙම නෑ.. ඔයා බොරුමයි කියන්නෙ… මම කීවේ ඇස් වලට කඳුළු පුරෝගෙන.
ඔන්න ඉතිං..පටන් ගන්ත හොටු පෙරාගෙන අඬන්න… විහිළුවක්වත් කරන්න බෑනි මේ කි ට හ්ම්ම්..යන්නම ඕනි නං ගිහින් බලන්න සෙත්ට වෙන වැඩක් නං නැතිවෙය ඔයාව බලා ගන්නවා ඇරෙන්න…
අවසානෙ එයා එහෙම කීවා.
සීයා පප්පට ඕනි වුනේ සෙත් අයියගෙයි ම ගෙයි වෙඩින් දෙකම එකට ගන්න. ආශ් අක්කි ලාගෙ ගෙදර අයගෙන් නං ප්‍රශ්නයක් වුනේ නෑ. කවුද සෙත් අයියා වගේ කෙනෙකුට අකමැති වෙන්නෙ. එයා ඇත්තටම හොඳ කෙනෙක්.
විහඟගෙ ගෙදර අය හදිසියෙන් ලංකාවට ආ වෙ එයා සිද්ධ වුන හැමදේම අම්මලාට කියලා තිබුන නිසා. එයාලා මාව දැකලා තිබුනෙ නැති නිසා බලන්න එන්න ඕනි කියලා. මගෙ හිතේ නං තිබුනෙ ලොකු බයක්.
එයාලා මට කැමති වෙන්නෙ නැති වෙයිද.. මං වගේ අනාත කෙ ල් ලෙ ක් ට කවුද කැමති වෙන්නෙ. ඇරත් මගෙ අප්පච්චි ගැන දැන ගත්තාම එයා හින්දා විහඟට සිද්ධවුන දේවල් දැන ගත්තම එයාලා කැමති වෙයිද විහඟ මං වගේ කෙනෙක් මැරි කරනවට.
ඔයා වගේ කෙ\ල් ලෙ ක්ට කවුද අකමැති වෙ න්නෙ ඒන්ජල්.. ආශ් අක්කි හැම වෙලාවෙම කීවා.
ඒත් මට බයයි අක්කා.. මම කීවෙ බයෙන්.
මොනාට ද බය..?
එයාලා විහඟට කීවොත් මාව මැරි කරන්න එපා කියලා..
ඔයා හිතනවද.. ගෙදර අය එපා කීවම විහඟ හැමදේම අමතක කරලා දාලා නිකං ඉදී කියලා
ආශ් අක්කි ඇහුවෙ පුදුමෙන්.
නෑ අක්කි.. එයා එහෙම කරන්නෙ නෑ..ඒකයි මට බය..එයා ඔය ජොබ් එකට ගිහින් තියෙ න්නෙත් ගෙදර අය එපා කියද්දි…
ඉතිං එහෙනං මොනවට බය වෙන්නෙ…?
ඒක තමා බය අක්කි..මං හින්දා එයා ගෙදර අය නැති කරගන්නවට මම ආස නෑ… මම කීවේ දුක්බර හඬකින්.
පිස්සු හිතන්නෙ නැතුව ඉන්න ඒන්ජල් ඔයා ඕනි එකයි එපා එකයි හැම එකම ඕනිවට වඩා හිතනවා.. ආශ් අක්කි කීවේ තරවටු හඬකින්.
ගෙදර අය ඇවිත් හිටිය නිසයි ජොබ් එකේ වැඩයි එක්ක මේ දවස් වල විහඟ හුඟක්ම බිසී වෙලා හිටියෙ ඉතිං අපිට නිදහසේ කතා කරන්වත් වෙලාවක් තිබුනෙ නෑ. හිතට දුකයි හිත හුඟාක් බරයි. ඒත් ඉති මොනා කරන්නද මම ඉවසගෙන හිටියා.
විහඟලාගෙ ගෙදර අය එනවා කියපුවම මට හැමදේම තනියම කර ගන්න බැරි නිසා ආශ් අක්කි එයාගෙ අම්මියි අපේ ගෙදර ආවා. ඒ දෙන්නා හිටපු නිසා හිතට ටිකක් සැනසීමක් දැනුනත් මම හිටියෙ බයෙන්.
බොරුවට බය වෙන්න එපා දෝණි..
බලන්නකො ඔයා පුංචි සුරංගනාවියක් වගේ කවුද ඔයාට අකමැති වෙන්නෙ…
අම්මි එහෙම කීවම මොනවත් නොකියා මම හිනාවුනා.
අම්මි අක්කියි එකතු වෙලා මට ඔසරියක් ඇන්ඳුවා. මීට කලින් මම කවදාවත් සාරි ඇඳලා නෑ. ඇඳගෙන ඉද්දි කඩාගෙන වැටෙයි කියලා මට බය හිතුනා.
අම්මෝ කෙ;ල්ලගෙ ලස්සන පුංචි කුමාරිහාමි කෙනෙක් වගේ.. මට බය වෙඩින් එකත් එපා කියලා විහඟ අදම කෙ\ල් ල ව ගෙදර අරගෙන යයිද කියලා…
මගෙ දිහා බලලා ආශ් අක්කි කීවේ හිනා වෙවි. ඒත් මගේ හිතේ නං තිබුනෙ වචනයෙක් කිය න්න බැරි තරම් බයක්.
එයාගෙ අම්මා අප්පච්චි අයියා කොහොම අය ද දන්නෙ නෑ. එයාලා මට කැමති වුනේ නෑ නං. මතක් වෙද්දි හිත හිරි වැටිලා ගියා.
ආශ් අක්කිගෙ අම්මි මාව සාලෙට එක්කගෙන ගියා. මගෙ අම්මාත් අද හිටියා නං එයත් මාව මෙහෙම එක්කගෙන යාවි කියලා මතක් වෙලා ඇස්වලට කඳුළු පිරුනා.
බොරුවට.. ඕ\කට කේක් අලලන්න ඕනි නෑ නංගා..මොකෝ ඒකා ඔයාව දැකලා නැතුව ය ඔන්න ඕක මෙහාට අරගෙන එන්න..
මම සාලෙට එනකොටම කවුද පිරිමි කෙනෙක් කතා කලා. මම ඔළුව උස්සලා බැළුවා. විහඟ වගේම තව කෙනෙක් හිටියා. ඒ එයාගෙ අයියා වෙන්න ඇති. මොනවා කරන්න ද කියලා මට හිතා ගන්න බැරි වුනා.
අදවත් ම\නුස්සයෙක් වගේ කට පියාගෙන ඉන්නවකො..මේ කෙ\ල්ල හොඳටම බය වෙලා ඉන්නෙ…
මම අන්ද මන්ද වෙලා වගේ එයා දිහා බැළුව නිසාද කොහෙද විහඟ කීවා.
ඉතිං මම ඇත්නෙ කීවේ..මොකද උ ඹ මේ මෙහා ට ෆස්ට් ටයිම් ආවද නෑනේ..
අනේ මන්දා මේ අයියට නං පුදුම කටක් තියෙ න්නෙ. එයා හුඟක් ලඟ සහෝදරයො හරියට යාළුවො වගේ.
අනේ මන්දා..මේ දෙන්නට මෙහෙම තැනකට ඇවිත්වත් බෑ රණ්ඩු නොකර ඉන්න පුංචි එවුන් වගේ කෑ ගහනවා…එන්න දෝණි..
එහෙම කියලා විහඟගෙ අම්මා මාව එයා ලඟට ගත්තා. අන්තිමට කේක් එක අල්ලන්න වුනේ ආශ් අක්කිගෙ අම්මිට.
මාව වෙව්ලනවා වතුරෙන් ගොඩ දාපු මාළු වෙක් වගේ. අනේ මෙයාලා මොනා කියාවිද..?
ඒන්ජල් කියලා කිව්වට ඇත්තටම සුරංගනා වියක් කියලා හිතුනෙ නෑනෙ ඉතිං.. අම්මා කීවේ මාව ආදරෙන් වැලඳ ගන්න ගමන්.
මේ/කත්..ඉදලා ඉදලා නර්සරි ස්ටුඩන්ට් කෙනෙ ක්වනෙ හොයාගෙන තියෙන්නෙ..බාල අපරාධ කරන්න එපා බ\න්.. අයියා ආයිම හිනාවුනා.
අනේ මන්දා ලොකූ..ඔයාගෙ ඔය කට නං හදන්න බෑ..කට පියාගෙන ඉන්නකො.. මේ දරුවා තවත් බය වෙනවා.. අම්මා කීවේ අයියා දිහා බලලා තරවටු හඬකින්.
දැන් ඉතිං..තවත් මේවා කල් ඇර ඇර ඉදලා වැ ඩක් නෑනි..පොරොන්දම් එහෙම බලලා ඉක්ම නට දිනයක් දාගෙන මේ කටයුතු ඉවරයක් කලානම් තම හොඳ…
හුඟක් දේවල් කතා කරලා අවසානෙ විහඟගෙ අම්මා එහෙම කියද්දි මාව ආයිම ගැස්සුනා. පාරෙ දාලා ගිහින් අනාත නිවාසෙක හැදුන මට කොහෙන් ද පොරොන්දම්.
හැමදේම කතා කරගෙන අවසානෙ එයාලා යන්න ලෑස්ති වුනා. විහඟට නම් ඉන්න ඕනිකම තිබුනා.
ඒත්
ය\කෝ මනමාලි බලන්න ආව දවසෙ මන මනාලය බින්න බහින්නෙ නෑ වරෙන් යන්න කියලා.. අයියා කියපු නිසා එයත් එයාලා එක්ක ගියා.
ඒ ගමන මොනව ද ඒන්ජල් කල්පනා කරන්නෙ
මම බය වෙලා වගේ හිටපු නිසා ද කොහෙද ආශ් අක්කි ඇහුවා.
මට බයයි අක්කි…මට කේන්දරයක් නෑනි.. ඉතිං කොහොමද පොරොන්දම් බලන්නෙ..
උ\ඹ/ට නං තනිකර පිස්සු තියෙන්නෙ..මොකක් හරි එකක් හොයා ගන්නවා මූණ දික්කර ගන්න… බලන්නකො සෙත් ඒ ගමන මෙයා කියන දේ..
ආශ් අක්කි කීවේ මටයි සෙත් අයියටයි දෙන්න ටම.
විකාර හිතන්නෙ නැතුව ඉන්න ඒන්ජල්..ඒ හැමදේම විහඟ බලාගනී.. මට ඒකව එච්චර සුවර් නෑ නං මං ඔයාව එයාට භාර දෙන්නෙ නෑ…
අනං මනං හිතන්නෙ නැතුව ඉන්න හැමදේම හරියයි… සෙත් අයියා කීවේ මගෙ හිස පිරි මදින ගමන්.
සෙත් අයියලා කිව්වා වගේම කිසිම දෙයක් ප්‍රශ්නය් වුනේ නෑ. සීයා පප්පාගෙ කැමැත්ත නිසා සෙත් අයියගෙයි මගෙයි වෙඩින් දෙකම එකට ගන්න තමා අවසානෙ තීරණය වුනේ.
අවසානෙ කොහොම හරි හැමෝමට සතුටින් ඉන්න පුළුවන් වුන එක ගැන මට තිබුනෙ ලොකු සතුටක්. මොකද මම නිසා මේ හැමෝම ගොඩාක් දුක් වින්ඳා. කරදර උනා ඉතිං එයාලා තවත් දුකින් හිටියොත් මටත් හිත හදා ගන්න බෑ.
ජිවිතේ ඇත්තටම පුදුම දෙයක්. හරියට සුරංගනා කතාවක් වගේ වෙන කෙනෙක් කීව නං මමත් විශ්වාස කරන්නෙ නෑ. ඒ තරම්ම අමුතු කතාවක් මේක. ජීවිතේ ගැන කිසිම බලා පොරොත්තුවක් නොතිබුන ළමා නිවාසෙක ඔහේ ජීවත් වෙනුවට ජීවත් වුන මම.
ලක්ෂ විසිපහක පොරොන්දුවකට බෝසෙත් අනුත්තර මංචනායක ගෙ තාවකාලික බිරිඳ වෙනකොට අවුරුද්දකට පස්සෙ මේ වගේ ලස්සන වෙඩින් එකක මනමාලි වෙලා එයාගෙ හොඳම යාළුවගෙ බිරිඳ වෙන්න සිද්ධ වෙයි කියලා මට හීනයක්වත් තිබුනෙ නෑ.
කාත් කවුරුවත්ම හිටියෙ නැති මට දැන් අම්මා කෙනෙක් අප්පච්චි කෙනෙක් සීයා කෙනෙක් අයියලා දෙන්නෙක් අක්කලා දෙන්නෙක් පුංචි පැටව් දෙන්නෙක් ඉන්න අපූරු ලස්සන පවුලක්ම ලැබිලා. ඇත්තටම ජිවිතේ මොන තරම් පුදුම ද.. හීනයක් වගේ මේ හැමදේම.
ඒන්ජල්…
විහඟ කතා කලේ හුඟාක් වෙලාවකට පස්සෙ. මොනවත්ම නොකියා මම එයා දිහා ඇස් දෙක උස්සලා බැළුවා.
ඇත්තමයි..ඒන්ජල් අදනං ඔයා..සුරංගනාවිය ක් වගේමයි.. කවුරු උනත් ඔයාට දාලා තියෙ න්නෙ ගැලපෙනම නමක්… එයා කීවේ මගෙ දිහා බලාගෙන.
මගෙ අම්මා වෙන්න ඇති…අච්චර දුක් විඳ ගෙන එයා මගෙ ජීවිතේ නැති කරන්නෙ නැතුව බලාගත්තා වෙන කරන්නම දෙයක් නැතුව ළමා නිවා සෙකට භාර දුන්නත් එයා කොහෙ හරි තැනක ඉදන් මගෙ දිහා බලාගෙන ඉන්නවා ඇති…. මම කියවගෙන ගියෙ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන.
ඒ සේරම ඇත්ත වෙන්න ඇති…ඒත් මේ වගේ දවසක මේ වගේ වෙලාවක ඔහොම අඬනවට නං එයා කැමති වෙන එකක් නෑ…මං කැමතිත් නෑ.. තේරුනාද..?
මාව පපුවට තුරුළු කර ගන්න ගමන් එයා කීවේ ආදරෙන්. ජීවිතේ ඇත්තටම හීනයක් නෙවී. මේ වගේ ආදරයක් තියනවා නං මට අදින් පස්සෙ අඬන්න කිසිම හේතුවක් නෑ. ඒ පපුවෙ මූණ හංගෙන මම හිතුවෙ හිත පිරිලා ඉතිරිලා තිබුන ආදරෙන්.
(නිමි)
පසුවදන..
මුලින්ම මේ තරම් දවසක් මාත් එක්ක ඉදගෙන කතාව කියවපු ලයික් කමෙන්ට් කරපු හැමෝ ටම හුඟක්ම හුඟක්ම හුඟක්ම හුඟක්ම ස්තූතියි. කණාගාටුයි ඔයාලාගෙ කමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරි උනාට නං ඒකට සමා වෙන්න.
හැමදාම කරන චෝදනාව කරන්න එපා හදිසි යෙන් ඉවර කලා කියලා. මේ කතාවෙ මීට වඩා කියන්න දෙයක් නෑ. ඉතිං දිගට අදින එකේ තේරුමක් නෑ.
ඉතිං කතාව කියවලා නිකම්ම නොගිහින් ලස්සනයි කියලා විතරක් නොකියා ස්ටිකර් එකක් දාන්නෙ නැතිව ඇත්තටම හිතට දැනුන දේ කියාගෙන යන්න. මෙලෝ රහක් නැත්තං ඒකවත් කියන්න. මට ආයිම කතාවක් ලියන්න හිතෙන්නෙ එතකොට. එහෙනං ගිහින් එන්නං