මලක්දෝ නුඹ අරලියා 🌸🌿

_ 🌷🌿දොලොස්වෙනි කොටස🌿🌷_

අම්මට එහෙම කියලා ආවත් කරගත්තේ ලොකුම ලොකු මෝඩ කමක් කියලා රන්දයට හිතුනේ ඒ තරුණිය සර්පයෙක් වගේ ඔහුගේ ඇඟෙහි එතෙන්නට වූ නිසයි……………..

❤️ මේ නංගි ටිකක් අපි ඈත් වෙලා කතා කරමුද……… ඈතට කැතයි වගේ නේද…..

🍁 අපෝ කිසිම social ගතියක් නැහැනේ……….. මං හිතුවෙ ටිකක් එහෙම ඇති කියලා…….. පොලීසියේ නේද ඉන්නවා කීවේ……….

❤️ ඔව්…….

🍁 අපි දන්න පොලීසියේ කට්ටිය නම් ඔහොම ලැජ්ජාවෙන් ඇකිලෙන්නේ නෑ…………

දැන් නම් රන්දයගේ ඉවසීමේපසීමාව ඉක්මවලා ගිහිනුයි තිබුනේ්………. මෙයා හොඳ චරිතකයක් කියලා රන්දයට නොවැටහුනාත් නෙවේ…………

❤️ ඔයා කොයි වගේ කෙනෙක්ද කියලා මං හොඳට දන්නවා නංගි……… මං මේ ඔයා එක්ක කතා කරනවා විතරයි හරිද නැතුව ඔයාට කැමතියි කියලා කිව්වා නෙවේ……… කොහොමත් මට නම් ඔයා වගේ කෙනෙක් ඕනෙ නෑ…….. එහෙනම් අපි යමු………

රන්දය ඇය එනවද කියලාවත් බලන්නෙ නැතුව අම්මලා ඉන්න තැනට ආවා………. බලන්න එපැයි සුලක්ඛණා මැණිකේගේ මුහුණු හරියට බෙරි වෙච්ච කොස් ගෙඩියක් වගේ………. රන්දයට හිනා යන්නත් ආවා……………

❤️❤️ අම්මා…… මෙයා නම් නියමයි…….. මොකද කියන්නේ වීණා ආන්ටිට කියලා අදම මේක කතා කරගමුද………..

සුලක්ඛණා දත්මිටිකමින් ඔහු දෙස බැලුවේ එය කාටහරි ඇහෙයි කියා සිතුනු බැවිනි…………..

🌿ගිහින් නගිනවා වාහනේට රන්දය……..

එය අම්මාගේ අවසන් රතු නිවේදනයයි……….. රන්දය වීණාගෙන් සමුගෙන හිනාවෙමින් වාහනයට නැග්ගේය…………….. තාත්තා සහ නංගී හිතාන තද කරගන්නට දැඩි වෑයමක් දරණ බව ඔහුට පෙනුනි………….

🏆️පුතා……… මේ……… දැන් අම්මට මොනවත් කියන්න එපා හරිද……… දන්නවානේ ඊට පස්සෙ වෙනදේ…..

❤️ කොහොමද අප්පච්චි සුලක්ඛණා මැණිකේගේ මූණ………….

🎀 හිනායනවා අයියේ…….. ඔයා නම් මාර වැඩ හලෝ කරන්නේ………….

සුලක්ඛණා පැමිණි බැවින් කතාව එහෙමම නතර කරන්නට ඔවුන්ට සිදු විය……………. නිවසට යනතුරුත් කිසිවෙක් කිසිවක් නොපැවසූහ………. නමුත් උඩ තට්ටුවට යන්නට ගිය රන්දයව සුලක්ඛණා විසින් නවතාලූයේ අවසන් තීරණය දැනගැනීමට බව රන්දයට සිතුනි……………

🌿 රන්දය………….. ඒ වගේ කෙල්ලක් තමුසෙට හරියන්නේ නෑ පුතා…….

❤️ අම්මා මං හුඟක් කල්පනා කලා ඔයා කවදාවත් මට වරදක් කරන්නේ නැහැනේ ඉතින් මේ කෙල්ල හොඳ ඇති…….. මං නම් කැමතියි………..

🌿 රන්දය…….. ඒ වගේ තොරොම්බල් කරත්තයක් මේ වලව්වට ගේන්න බෑ………. මං තව තැනක් බලන්නම්………

❤️ අම්මා මේ…………මං රූකඩයක් නෙවේ…….. දැන් හුඟ කාලයක් ඔයා මාව එහෙම නැටෙව්වා………. දැන්……..දෙවියන්ගේ නාමෙට මට කෙනෙක් හොයාගන්න දෙන්න…………

🌿 රන්දය…………….

❤️ අම්මා………. ඒක මගේ තීරණය ඔයාට මං අවස්ථාව ඕනැවටත් වඩා දුන්නා හොඳ කෙනෙක් බලන්න…….. දැන් මං මගේ ජීවිතේ ගැන බලාගන්නම් සමාවෙන්න අම්මා…………… තවත් මට කෙල්ලෝ හොයන්න එපා……………..

රන්දය කිසි දිනක සිය මවට මෙසේ නොකියනු ඇති ඔහුට මේ වන විටත් වන්දනා හමුවී නොතිබුනා නම්……….. දැන් නම් කිසිසේත්ම වෙන කෙනෙකුට අවධානය යොමු කල නොහැක………… වන්දනාගේ එක බැල්මක් රන්දයගේ මුළු හදවතම බැඳ දමා තිබුණි…………..

🌿 එහෙනම් ඒකත් එහෙමද පුතේ………

සුලක්ඛණා ගස්සගෙන කාමරයට ගියේ හඬමිනි…………… තම පුතු මෙල්ල කල හැකි ප්‍රබලම ආයුධය සිය කඳුලු බව අය දැන සිටියාය…………….. නමුත් මෙවර නම් ඒ කඳුලු හමුවේ රන්දයගේ දැඩි තීරණය දියාරුවී නොගියේය…………

සුලක්ඛණා මැණිකේ දෙවේලක් පමණ ආහාර වර්ජනය කලත් රන්දය කිසිවක් නොපවසාම පිටව ගිය බැවින් ඇය ඒ අදහසද අත්හැර දැමුවාය…………

🍂🍃🌺🌿🍂🍃🌺🌿🍂🍃🌺🌿🍂🍃🌺🌿🍂🍃🌺🌿🍂🍃🌺🌿🍂🍃🌺🌿🍂🍃

නුවර අහස මත පැහැබර අරුණළු නැගුණු සුන්දර ඉරුදිනක් උදා විය…………….. සුපුරුදු පරිදි රන්දය සිටියේ සිය රාජකාරි ස්ථානයේය……….. එදා සම්මානි හේවාවිතාරණ පැමිණ ගියත් අම්මා යොදාගත් ගමන නිසා ඇයව මුණ ගැහෙන්නටත් නොහැකි විය………. එනිසාම ඔහු ඇයට ඇමතුමක් ගත්තේය……………….. නාද වන්නටත් මත්තෙන් එය ප්‍රතිචාර දැක්වීය………

🖤 රන්දය පුතා………….. ඔයා ආයේ කතා කලෙත් නැනේ ඒ හින්දා අපි ආයෙම colombo ආවා

❤️ ඒකනේ ආන්ටි එදා අම්මා වෙන වැඩක් දාගෙන තිබුනනේ සොරි අනේ…….

🖤 ආ…….. ඒකට කමක් නෑ……… දැන් මොකක්ද පුතාට කතා කරන්න තියෙනවා කීවේ………….

❤️ ඒක මෙහෙම කියන්න බෑ ආයෙ කවදද මෙහෙ එන්නේ

🖤 next week විතර එන්නම්………. පුතා නංගිත් ඔයා ගැනම අහනවා……… මතක් කරනවා……….

❤️ මාත් නංගිව මතක් කලා කියන්නකෝ……….. එහෙනම් මං තියන්නම් ආන්ටි………… ආවම මට ගන්නකෝ ඈ……………

රන්දය දුරකතන ඇමතුම විසන්ධි කලේය……………. ඔහුට තේරුනේ ඇය සිය දියණියව තමාගේ ඇඟෙ ගසන්නට සැරසෙන බවය…………… ඔහුට සිතෙන ආකාරයට ඇය මේ පිඹුරුපත් හදන්නේ එයටයි………………

❤️❤️ නයිට් ක්ලබ් ගානේ එක එකා එක්ක ලැගපු,,,, උපදින්නත් කලින් දරුවෝ මරලා දාපු මේ වගේ එකියක් මට නම් කවදාවත් එපා……………..

රන්දය සිතුවේ කෝපයේ ගිණි දැල් බුරබුරා නැගෙන විටය…………….. රන්දයට සිහි වුනේ අනුරුද්ධ පොඩිහාමුදුරුවෝ ය………… මේ මොහොතේ සිතට ඇති අස්වැසිල්ල උන් වහන්සේයි……………..

රන්දය ඉක්මනින් වාහනයට නැග්ගේ සල්මල් ආරාමයට යාමටයි……….. හීරස්ගල පාරට හැරෙන තැනම ඇති සල් ගස් වලින් පිරුණු මනස්කාන්ත ආරාමයට ඔහු වාහනය හැරෙව්වේය……………..

පන්සල ඇත්තේ කන්ද මුදුනට වන්නටය……….. පන්සල් වත්ත පුරාම තිබුණු සල් ගස් වල මල් පිපී සුවඳ දෙමීන් තිබුණි……………. හිතට අමුතුම සැනසුමකි දැනුනත් තවමත් පහව නොගිය තරහ විටින් විට මතුවිය…………..

පඩ්පෙල නැග ඉහලට ගිය රන්දයට ඉදිරියට මුණ ගැහුනේ පන්සලේ ආවතේවකරුය…………..

❤️ කොහේද පොඩිහාමුදුරුවෝ…………

💦 උඩ ආරන්‍යයේ ඉන්නේ………. තව ටිකක් වෙලා යයි එන්න…………..

❤️ මං ගිහින් හම්බවෙන්නම්………..

💦 හා……. හා මහත්තයෝ එහෙම යන්ට දෙන්න බෑ නෙවැ………… පොඩිහාමුදුරුවෝ කිව්වේ කවුරුත් එවන්න එපා කියලා…………

❤️ මේ මගේ යකා අවුස්සන්නෙ නැතුව අයින් වෙනවද සුමනේ…………

💦යන්න දෙන්න බෑ මහත්තයා……….

❤️ උඹ කවුද මට එහෙම කියන්න…….. මං කවුද කියලා දන්නවා නේද……… අහකට වෙයන් මට යන්න………….

අද දහම්පාසැල් දිනයක් වූ බැවින් තැන් තැන් වල දරුවන් ඉගෙන ගනිමින් සිටියහ…………………. සුදෝසුදු සාරියකින් සැරසුණු සුන්දර අරලියා මල බෝ මළුවේ පන්තිය කරමින් සිටියාය…………….. පිටතින් ඇහෙන කාලගෝට්ටිය ඇයට වදයකි…………… සිසු දරුවන්ගේ අවධානයද බිදී ගොසින් ඔවුන්ද කටුකුටු ගාන්නට විය…………….

🌹මේ ගාථාව දැන් පාඩම් දෙන්න ඕනි නිශ්ශබ්ද වෙලා ඒක බලාගන්න………….

ළමයින්ට එහෙම කියලා ඇය බෝමළුවෙන් පිටතට පැමිණියේ කවුද මේ පන්සල ඇතුලෙත් කෑ ගහන මෝඩ මිනිසා කියලා බලන්න

෴ මතු සබැඳියි ෴