24_වන_කොටස❄️

” මං බැළුවා ඒත් මොකද කියලා වැස්ස එකපාරම නැවතුනේ මේදෙන්නා එනවානේ….. බලනවාකෝ අක්කේ…..

සිනාමුසු මුහුණින් යුතුව නිවස දෙසට පිය නගන තේජස්වි හා මානවී දෙස බලා සෙහන්ස්‍යා කීවේ සරදමට……..

” හ්ම්ම්ම්ම්…. අපි නම් මෙහෙමවත් ආවා….. කෝ ඔයාලා නිකමටවත් ආවද…..

මානවීත් පසුබට නොවී පිලිතුරු දුන්නාය….

” මේ දෙන්නා නම් එක් වුනොත් රණ්ඩුවක් තමයි…… එන්න තේජ් ඇතුළට……

තුහින්‍යා තේජස්විව ඇතුලට කැඳවාගෙන යන විට සෙහන්ස්‍යා මානවීගේ අතකින් අල්ලා ගත්තේ සුහද සිනාවක් පාමින්……

” ඉතින්…… කියන්නකො……

තේජස්වි කීවේ තුහින්‍යාගේ අතකින් අල්ලාගනිමින්……

” මං අළුත් ජොබ් එකකට යන නිසා ඒ පැත්තේ එන්න බැරි වුනා……

” ආ….. ඒකට මොකද……. ඔයාගේ අප්පච්චි කීවා ඒ ගැන……. ඔයා යන්නේ ඉතින් අපේ නැන්දිගේ තැනටනේ තුහී……. කෝමද අළුත් බොස් හොඳයිද……

හැමදාමත් මෙන් භූමි ගැන සිතත්ම ඇගේ හිත හිරිවැටී ගියේය…….

” තූහී………. ඔයා කතා නොකර ඉන්නෙ නම් එයා ගැන හරියටම දැනගෙන වගේ…… අපේ භූමි අයියා එහෙම තමයි අනේ පුදුම විදිමට කේන්ති ගන්නේ….. ඒ වුනත් එයා හරි හොදයි…….

තේජස්වි ඔහු ගැන පැහැදීමෙන් කතා කරන විට මානවී ඔවුන්ගේ කතවෙ අතර මැදට පැන්නාය…..

” අපේ අක්කට ඉතින් කොහොම හිටියත් එයා හොඳයිනේ………

තුහින්‍යාගේ හදවතට කියා ගත නොහැකි හැගීමක් ඇතිවේ….. එය දුකක්ද ඊර්ෂ්‍යාවක්ද කියා වෙන් කර හඳුනාගන්නට නොහැකි වුවත් ඒ ඔස්සේ වැඩි දුර සිතන්නට ඇය අකැමති වූවාය……..

” මස්සිනානේ ඉතින්….. අපේ අක්කා හිතන් ඉන්නේ එයා අයිති මෙයාට කියලා….

සංවරකමක් නැති මාන්වී ඔහේ කියවයි….. තේජස්විට දැනුනේ අපහසුතාවයක්…….

” නංගි බොරු නොකර ඉන්නවා…. මගේ එහෙම එකක් නෑ…… මං එහෙම දෙයක් හිතලා කිව්වෙත් නෑ……..

” හරි හරි අපි ඒ කතාව නවත්තමුකො….. මේ අපාි යමුද ඔයාලගේ ෆැක්ට්‍රියට…. ආසයි බලන්න………..

තුහින්‍යා කීවේ කරගෙන ආ කතාව නවත්වා දමමින්…..

” ආ….. එහෙනම් අපි දෙන්නත් එක්ක පලයල්ලා…..

කඩාගෙන බිඳගෙන සාලයට ඇතුළු වුනේ ජාන්වී හා දිල්රූ……..

” අනේහ්……. ඊයේ කිව්වට අද මෙහෙ එනවා කියල මං හිතුවෙවත් නෑ බං……

තුහින්‍යා ඔවුන් වෙතට ගියේ සිනාමුසු මුහුණින්……….

” මේ දෙන්නද තුහීගේ ඔෆිස් එකේ යාළුවො දෙන්නා……

තේජස්වි ඇසුවේ සුහද සිනාවක් පාමින්…….

” හ්ම්ම්ම්ම්ම් ඔව්….. මේ ජාන්වී…… මේ දිල්රූ…….

කට්ටියම සුහදව හඳුනාගත්තා……….
වැස්සත් අඩුකරලා හින්දා කෙල්ලො හය දෙනාම එළියට බැස්සේ තේජස්විලාගේ තේ කර්මාන්ත ශාලාව බලන්න යන්න………..

හරිත වර්ණ තේ වතු කඳු පන්තිය පුරා මිහිඳුම් තට්ටු පිරී ඇත……. කටුක සීතලට ඇඟ කිළිපොලා යයි…….. ⁣තුහින්‍යා දෑතම සාක්කු වලට දමාගත්තාය………. කෙල්ලො ටික අතොරක් නැතිව කියවමින් දළ බෑවුම දිගේ ඉහලට නගී…….

” මොකද තුහින්‍යා වැඩිය කතාවක් නැත්තේ……..

තේජස්වි ඇසුවේ පිටුපසින්ම එන තුහින්‍යා දිහා හැරිලා බලන ගමන්……..

” එයා එහෙම තමයි තේජස්වි….. ඒ තුහීගේ හැටි…… වැඩිය කතාබහක් නෑ එයා………

ජානවී කීවේ ඇය අසලින් ගමන් කරන තුහින්‍යාගේ අතක් දැඩිව අල්ලා ගනිමින්……..

” මේ යමුද ඇල්ලට……..

ඒ යෝජනාව මානවීගෙනි…… ඊට නම් සියල්ලන්ම කැමති විය……. ඇල්ල පිහිටා ඇත්තේද ඔවුන්ගේ තේ වතු අද්දරට වන්නටය…… ⁣දිය ඇල්ලට යන මාවත මදක් කඩතොළු සහිත දුෂ්කර මාර්ගයක් විය………

” ෂා…… කොහොමද දිය ඇල්ලේ සද්දේ ආශාවේ බෑ……..

දිය ඇල්ලට හැරෙන වංගුවේදී ඔවුන් ඉදිරියට ආ පිරිස දැක කෙල්ලො ටික එහෙමම නැවතිණි…….

” ආහ්…… භුමි අයියා……….. හේෂර අයියා…………

මානවී කීවේ විශ්මයෙන්………ඉදිරියට පැමිණි පිරිස භූමි, හේෂර, රජීව්,තෙනුක, ධනු, සිතිජ, තරුන් හා රවිකයි ඉදිරිපසින්ම සිටියේ තේජස්විගේ පියායි………… භූමිගේ ඇස් නැවතුනේ තුහින්‍යාගේ මුහුණ මතයි………. නමුත් තුහින්‍යාගේ දෑස් නම් යොමුව ඇත්තේ ඈතින් පේන කඳු වලල්ගේ සුන්දරත්වයටයි………

” පුදුමාකාර අහංකාරකමක් තියෙන්නේ……. පේනවානේ ඉන්න විදිහ භූමි………

භූමි සිතුවේ ඇයදෙසම බලාගෙනය……..

” මේ ළමයිනුත් ඇල්ලටද යන්නේ….. අද ඇල්ලේ වතුර පාර වැඩී බහින්න එහෙම එපා…….

රන්ජන් මහතා පැවසුවේ ඔවුන් පසු කරමින්……… තුහී ඉවත බැලූ හෙයින් භූමි යලිත් ඇය දෙස බලන්නට ගියේ නැත……… භූමිද කිසිවක් නොපවසාම ඔවුන් පසු කර පහලට බසින්නට විය………

” මේ මේ……… භූමි අයියගේ මාර ලොකු කමක් නේද තියෙන්නේ……

මානවී ඇසුවේ තේජස්වි දෙස බලලා…….

” ඒ එයාගේ හැටිනේ……

තේජස්වි හරියට කතා කරන්නේ ඔහුව කාලාන්තරයක් සිට දන්නා පරිද්දෙන්…… ඇයට අවශ්‍ය ඔහු හා තමා අතර කිට්ටු සම්බන්ධයක් ඇතැයි හුවා දැක්වීමටය…….

කෙල්ලො රංචුව පසු කර පහලට බසින කොල්ලො ටිකට ප්‍රශ්ණ ගොඩකි…..

” ඒ භූමියා…… ඒ කෙල්ලො කවුද බං…..

” ඒ අපේ මාමාගේ දුවලා දෙන්නයි අපේ ඔෆිස් එකේ වැඩ කරන ⁣ළමයි තුන්දෙනයි ජාන්වී දිල්රූ තුහින්‍යා……..

භූමි වෙනුවට පිලිතුරු දුන්නේ හේෂරයි…….

⁣” තුහින්‍යාව අපි දන්නවා…. එතකොට තුහී එක්කම හිටියේ නංගි වෙන්න ඇති එයාගේ…… ඒ ෆේස් කට්මයි…..

තෙනුක කීවේය…… භූමි ගමන් කලේම සිතුවිල්ලේය…….. අද ඔහුගේ සිතෙහි ඇත්තේ වෙනමම කරුණකි…….. භූමි ජීවිතයේ වැදගත්ම යමක් පිළිබඳ සිතමින් සිටියේය………… දෛවය තම ජීවිතය වෙනස්ම අරමුණකට යොමුකර ඇති සෙයක් පෙනේ………

ගත යුතු තීරණය තමා ගෙන අවසන්ය…….. නමුත් එය රජීව් හා පවසා ඔහුගේ අදහස දැනගැනීමට අත්‍යවශ්‍ය විය………. එතැනින් නික්ම රාජීව්ගෙ හෝටලය කරා පැමිණෙන තුරුද භූමි සිටියේ කල්පනාවේමය……. අනෙක් අයද ඒ දැහැන බිදින්නට උත්සහ නොකලේය…….

ඔවුන් සත් දෙනා එක්ව කතා බස් කරන සුපුරුදු කාමරයේ කුෂන් පුටු මතින් වාඩිවූ ඔවුන් තේ ඇනවුම් කලේය……

” භූමි මොකද වෙලා තියෙන්නේ උඹට….

රජීව් ඇසුවේ භූමිගේ පාදයකට තට්ටුවක් දමමින්……..

” මං දන්නවා උඹට කියන්න දෙයක් තියනවා කියලා……… ම්ම්ම්ම්…. කියපන් ඕනැ දෙයක් භූමි පණ වුනත් දීලා උඹට ඕනැ දේ ගෙනත් දෙන්නම්……..

ඒ වචන රජීව්ගේ.තනි වචන නොවේ…… ඒ වචන Monster orion ලගේ පොදු වචනයකි………..

” භූමි කියපන් මොකක්ද කරන්න ඕනි අපි……..

තෙනුක ඔහු ලඟින්ම වාඩිවූයේ සියල්ලන්ගේම අවධානය භූමි දෙසට යොමුකරමින්…..

” රජ්ජා………. තෙනූ,,, ධනූ,, තරූ සිතූ,, රවී….. මං තීරණයක් ගත්තා…….!!!!

සියල්ලන්ගේම දෑස්දැල්වී තිබණි…… භූමි මේ සිය ජීවිතය ගැන තනිව තීරණ ගන්නා පලමු අවස්ථාවයි……

” මං හුඟක් වැරදි කලා…… මගේ අතින් හුඟක් වැරදි වුනා….. මං මිනිස්සු මැරුවා……. කුඩු ගැහුවා….. එක එක දවසට එක එක විදිහේ ගෑණු එක්ක ගියා……… හිරේ ගියා…….. ජීවිතේ සම්පූර්ණයෙන්ම වැරදුනා……. ඒත් ඇත්තටම පුංචි අම්මා නිසා මගේ ජීවිතේ වෙනස් වුනා……. පුංචි අම්මා මට ඒ විදිහට සැලකුව නිසයි මං වෙනස් වුනේ….. ඉතින් රජ්ජා…….මං තීරණය කලා…….#මංවගේමජීව්තයවැරදුනජීවිතයක්සුන්දරකරනවාරැකබලාගන්නවාකියලා…………#මංතීරණයකලාතුහීවකසාද_බඳින්න
මේක මං මේ ඉක්මන්වෙලා එයාගේ ලස්සනට රූපෙට වශී වෙලා ගත්ත තීරණයක් නෙවේ…….. හිතට එකඟවම ගත්ත තීරණයක්……. මට තුහීව දැනෙනවා…… මට එයාව තේරෙනවා…. මගේ හිතේ මටමනොතේරෙන විදිහේ ආදරයක් තියනවා…….. මං හිතන්නේ මං එයාට ආදරය කරනවා…….. උඹලට පුළුවන් නම් මට උදවි කරපල්ලා…….

” ඒයි ඒයි මොනාද යකූ මේ කියන්නේ….

රජීව්ගේ වචන වලට භූමිගේ හදවත සත්කඩකට පැලී යන්නා සේ වේදනා දෙන්නට විය……. භූමි රජීව් ⁣දෙස බැලුවේ අසරණවය………

” අපි ඒකට කැමතී කියලා කලින්ම කීවානේ භුමි…… උඹ ගත්තේ හොදම තීරණයක්…… ඒත් තුහී තා….ම……..

” ඔව් රජ්ජා……. එයාට ඉක්මනින් ඩිවෝර්ස් එක ගන්න කරන්න පුළුවන් උදව්වක් මං කරන්න ඕනි…… එහෙම නේද

භූමි කිව්වේ රජීව්ගේ අදහසත් පතමින්………

” භූමි……… ඒක තුහින්‍යාගේ තාත්තා දැනටමත් කරලා ඇති……. අපිත් එයාට උදවි කරන්නම්….. ඒත් උඹ ටිකක් ඒකට involve වෙන්න එපා…..

” ඒත් ඇයි…….

භූමි ඇසුවේ පුදුමයට පත්ව……. නමුත් ඔහු තවදුරටත් කිසිවක් නොපැවසුවේ සාමාන්‍යයෙන් රජිව් යමක් පවසන්නේ හොඳින් සිතාබලා වීම නිසයි……

” භූමි………. ඒක කෙල්ලට අවාසියි….. මං ඒකට තුහීට උදව් කරන්නම්…… දැන් උඹ තුහීට මේවා කිව්වද……

භූමිිගේ මුහුණේ ඇඳුනේ අසරණ සිනාවකි……….

” පිස්සුද බං…….. ඒකි මුහුණ දිහාවත් බලන්නෑ……. ඉතින් කොහොමද වගබං මේවා කතා කරන්නේ…………

” හරි අපි හෙට ගමන යනවානේ…… බලමු……… මේ ගමන ගිහින් එද්දි උඹයි තුහීයි හුගක් ලං වෙයි…… ඒක මට ස්ථිරයි…….

භූමිට සැනසුම් සුසුමක් හෙළුනේ ඉබේටමයි………. මේ ප්‍රශ්ණය විසදාගත යුත්තේ ඉතාම ඉවසීමෙන්…… වරක් පිරිමිවෙකුගේ අසාධාරණයෙන් පීඩා විඳි තරුණියක් තවත් පිරිම්යෙකු එක් වරම විශ්වාස කරන්නේ නැති බව භූමි හොඳන්ම දනී………

අසාර්ථක විවාහයක් අතැතිව සමාජයට පැමිණි තුහින්‍යා තම ජීවිතය අයුතු ලෙස නොවටිනා ලෙස යොදා නොගෙන මේ අයුරින් ඉතාමත් සන්සුන්ව සංවරව ජීවත් වන ආකාරය නම් පැසසිය යුතුමය……… භූමිගේ හදවත දවසින් දවස පැයෙන් පැය තත්පරයෙන් තත්පරය ඇය වෙතම බැදෙන්නේ ඇයගේ ඔය අහිංසකත්වයටමය….. ඒ හොඳ ගතිගුණයටමය……… තම ජීවිතයද ගොඩගෙන….. අසරණ වූ ඇගේ ජීව්තයටද සතුට කැන්දන අපූරු අදහසක් ඔහු ලඟ ඇත………

පසුදා පාන්දර හතර වන විට භූමිගේ KDH වෑන් රථය Fairy lily ආයතනය ඉදිරිපිට නැවැත්තුවේ හිරි පොද වැස්සක් අතරේමය……….. ඒ වන විටත් සියළු දෙනාම පාහේ පැමිණ සිටියහ……

” කට්ටියම හරිනේ නේද……. එහෙනම් නංගිලා ටික නගින්නකෝ වාහනේට…….

රජීව් කිව්වේ ජාන්වී දෙස බලමින්…… ඊයේ ජාන්වී දුටු මොහොතේ පටන් ඔහඅගේ හදවතටද අාදරණීය සුන්දර හැඟුම් ගලා එන්නට විය……

” හොව් හෝව් ටිකක් ඉන්න අපිත් එනවා…..

ගේට්ටුව දෙසින් ඇසුන අනපේක්ෂිත හඬින් ඔවුන් මවිත විය……..

❤️••••මතු සම්බන්ධයි••••❤️