Episode

නුවර ගිහින් ආපු ගමන්ම තේනුක මහත්තයා මගෙන් ඇහුවෙ දුව ගැන.දුවව දැක ගන්න නැතුව එයා හිටියෙ පි/ස්/සු/වෙ/න් වගේ. දවස තිස්සෙම දරුවා ගාවට වෙලා ඉඳලා රෑට අපේ කාමරේට එද්දි මට ලොකු දුක්බර හැඟීමක් දැනෙනවා.අපේ පුංචි ආරණ්‍යා දැන් අනුන්ට අයිති වස්තුවක් උනත් ඒ දරුවව මේ ලෝකෙට බිහි කරපු අම්මා මම.

“එයා අපේ දුව මහත්තයා.අපේ පැටික්කි මං පුංචි කාලෙ වගේමයි.හරිම හුරතල් අහිංසක දරුවෙක්.අද දවසෙම මං හිටියෙ දුව ළඟමයි. ඒත් මට හරිම දුකයි මහත්තයා.මගෙ ප/පු/ව පැලෙන්න වගේ එනවා මගේ කුසින් වදාපු දරුවා මනුලි මැඩම්ට අම්මා කියද්දි…”

“ඔය ඇඬියාව නවත්තලා මං කියන විදියට වැඩ ක/ර/ප/න් චේතනා.ඔය ඇඬිල්ල නිසා උ/න්/ට අපිව අහු උනොත් එදාට උ/ඹ/ට මගෙන් සමාවක් නෑ.අන්න ඒක දැනගනින්…”

තේනුක මහත්තයා කතා කරන්නෙ බොහොම හිමින්.ඒ එයා කියන දේවල් කවුරු හරි හොරෙන් අහගෙන ඉඳියි කියලා හිතලා වෙන්න ඇති.

“අපි දැන් මොකක්ද කරන්න ඕනි මහත්තයා?දුව එයාලා දෙන්නා ගාව ඉන්නෙ ගොඩක් සතුටින්.ඇමතියි මනුලි මැඩමුයි දරුවව අපිට දෙන්න කැමති වෙයිද?…”

මං කඳුලු පිහදාගෙන හූල්ලමින් ඇඳේ ඉඳගෙන බිත්තියට හේත්තු උනා.දරුවව අපි ගාවට ගන්න එක අපිට ගොඩක් අමාරු වෙයි.එයා දැනටමත් අම්මා,අප්පච්චි කියන්නෙ මාලක ඇමතිටයි,මනුලි මැඩම්ටයි. එයාලා දෙන්නා දරුවට පන වගේ ආදරෙයි.

“උ/ඹ/ට මොලේ නැද්ද චේතනා?අපි ගිහින් ඇත්ත කියපු ගමන්ම ඇමතියයි උ/ගෙ ගෑ/ණි/යි දරුවව මේන් කියලා අපිට බාර දෙයි කියලා උ/ඹ හිතනවද?මෝ/ඩ කතා කියන්න එපා ය/කෝ.අපි ප්ලෑන් එක ගහන්න ඕනි මොලෙන්.උ න් ට අපි ගැන කිසිම සැකයක් නොහිතෙන විදියට අපි උ න් ගෙ හිත දිනා ගන්න ඕනි…”

එයාගෙ කේන්තිය සාධාරණයි කියලා මටත් හිතුනා.අපේ දරුවා අපේ ඇස් ඉදිරිපිට හිටියත් එයාව අපි ගාවට ගන්න එක හිතන තරම් ලේසි නැහැ.ඇත්ත කියලා දරුවව අපි ගාවට ගන්න කොහොමටත් පුලුවන් කමක් නැහැ.අපි මේ වෙලාවෙ වැඩ කරන්න ඕනි හොඳට මොලේ කල්පනා කරලා බලලයි.

නීතියෙ පිළිසරණක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.මාලක විජේවර්ධන කියන්නෙ රටේ නම දරපු බලවත් ඇමති කෙනෙක්.ඉතින් නීතිය අපිට යුක්තිය ඉශ්ට කරලා ඇමතිට දඬුවම් දෙන්නෑ.

“මට තේරෙන්නෑ මහත්තයා අපි මොනවා කරන්නද කියලා.දරුවා අපේ ඇස් ඉස්සරහ ඉඳලත් අපි ගාවට ගන්න අපි දෙන්නට පින නෑ.මේක අපේ ක/රු/මෙ මහත්තයා…”

“අපේ නෙවෙයි මගේ.උ/ඹ වගේ එකියක්ට ආදරේ කරලා අද මං කොච්චර දුක් විඳිනවද කියලා බලපන් චේතනා?මේ වගේ මහා මන්දිරේක රජෙක් වගේ සැපවත් ජීවිතයක් ගත කරපු කෙනෙක් මං අන්තිමට වැඩකාරයෙක් උනා උ/ඹ නිසා.ඒත් කමක් නෑ. මගෙම කැමැත්තෙන් මං ඒ හැම සැප සම්පතක්ම අතෑරලානෙ උ/ඹ/ව තෝර ගත්තෙ.

ඒත් උ/ඹ ඇස් පනාපිටම මගෙ ආදරේට ද්‍රෝහියෙක් උනා චේතනා.මුළු ජීවිතේම උ/ඹ වෙනුවෙන් කැප කරපු මාව උ/ඹ නොකල වරදකට හිරේ යැව්වා.මගෙ දරු පැටියව විකුණන්න ඇරලා සද්දෙ නැතුව හිටියා.එදා උ/ඹ/ට නිකමටවත් හිතුන්නැද්ද චේතනා දරුවව විකිණුවා කියලා අම්මාට විරුද්ධව පොලීසිවත් යන්න?…”

එයා එහෙම කියලා හයියෙන් හයියෙන් හුස්ම අරන් මාව පැත්තකට තල්ලු කරලා දැම්මා.කියන්න නම් ගොඩක් දේවල් තියනවා.ඒත් ඒවා කිව්වා කියලා ඔහු මාව විශ්වාස කරයිද?එදා මගෙ තිබ්බ අසරණකම ඔහුට කවදාවත් තේරුම් ගන්න බැහැ.

“මට…. සමාවෙන්න මහත්තයා….මං පොලීසි ගියොත්…. මහත්තයට කවදාවත් හිරෙන් නිදහස් වෙලා එන්න ඉඩ තියන්නෑ කියලා අම්මා දිවුරලාම මට කිව්වා….. අම්මා අපේ දුවව විකුණුවෙ මහත්තයගෙන් ප / ලි ගන්න….. එයාගෙ හිතේ තිබ්බ අදහස් කවදාවත් මහත්තයගෙන්….. ඉශ්ඨ වෙන්නෑ කියලා තේරුම් ගියාට පස්සෙ….. එයාට ඕනි උනේ අපිව වෙන් කරන්න.

මහත්තයා හිරේ ගියාට පස්සෙ මං අම්මා ගැන කලින් නොදන්න ගොඩාක් දේවල් දැන ගත්තා…. කටක් ඇරලා මගෙ අම්මා මෙහෙම කෙනෙක් කියලා කියන්න මට ඇත්තටම ලැජ්ජයි….. ඒත් මගෙ ජීවිතේ මහත්තයගෙන් හංගන්න කිසිම දෙයක් මට නෑ…. මං මහත්තයට ඇත්තටම කියන්නම්.

මහත්තයගෙ යාළුවා එදා…. මගෙ අම්මා සල්ලි හම්බ කරන්නෙ කොහොමද කියලා…. නොකියා කියපු දේ හරි මහත්තයා….. එයා එහෙම කෙනෙක්…. ආච්චි අම්මා නැති උනාට පස්සෙ මං උස් මහත් උනේ…… කෑවෙ බිව්වෙ ඒ සල්ලි වලින්….

අම්මා ගොඩක් ලොකු ලොකු සල්ලිකාර මහත්තුරු එහෙම අඳුරනවා…. එයාලා කවදාවත් අම්මව හම්බවෙන්න මුඩුක්කු වත්තට එන්නෑ…. පොලීසියෙ ලොකු මහත්තුරු කීප දෙනෙකුත් අම්මව දන්නවා…. මං එදා මහත්තයගෙ පැත්ත ගත්තා නම්…. අම්මා මහත්තයව ම/@/න/වා කියලා මට තර්ජනේ කරා.

ඒකයි මහත්තයා මං අකමැත්තෙන් උනත් මහත්තයව වැරදිකාරයා කරලා හිරේ යැව්වෙ….අනේ මගෙ දෙයියො මං ඒ දේවල් කරේ….. මගෙ රත්තරං මහත්තයට…. ද්‍රෝහි වෙන්න හිතාගෙන නෙවෙයි….. මහත්තයට මොනවා හරි උනොත් මං ජීවතුන් අතර ඉඳලා වැඩක් නෑ….. මට සමාවෙන්න මහත්තයා…”

අම්මා කරපු හැම දෙයක්ම මං තේනුක මහත්තයට කිව්වා.මං දන්නෑ තේනුක මහත්තයා මාව විශ්වාස කරාද නැද්ද කියලා. එයා බිත්තියට හේත්තු වෙලා ගොඩක් වෙලා කල්පනා කර කර කියා.ඒ කල්පනා හඬින් මිඳුනෙ ෆෝන් එකට කෝල් එකක් එන සද්දෙටයි.

“මනුලි මැඩම් මට කතා කරනවා මහත්තයා. ඔයත් එන්න දුවව බලන්න.අපේ සුරංගනාවිව දැක්කම මහත්තයට ගොඩක් සතුටු හිතෙයි…”

අලුත් පනක් ලැබුවා වගේ ලොකු සතුටකින් එයා එකපාරටම ඇඳෙන් බිමට පැන්නෙ.ප/පු/ව/ට අත තියාගෙන හරිම සතුටින් ඒ සතුට මොහොතක් විඳලා ඇඳුම් මාරු කරගෙන මාත් එක්ක ඇමතිගෙ ගේ ඇතුලට ආවා.

“ප්‍රදීප් මොකද මේ පැත්තෙ?මං එන්න කිව්වෙ සමාධිට විතරයිනෙ…”

එහෙම අහගෙන මනුලි මැඩම් උස අඩි තියන සපත්තු දාගෙන ටොක් ටොක් හඬ නංවමින් පඩිපෙළ බැහැලා පල්ලෙහාට ආවා.මැඩම් කොහෙ හරි ගමනක් යන්න ලෑස්ති වෙලා වගේ.ඒකත් හොඳයි.අපිට ගොඩක් වෙලා දුව ගාව ඉන්න පුලුවන්.ඒත් මැඩම් තේනුක මහත්තයට යන්න කියයිද දන්නෑ.ඒකටත් මං කියන්න දෙයක් හදාගෙනයි ආවෙ.

“ප්‍රදීප්ට මං එන්න කිව්වෙ මැඩම්.මෙයාට රසට කෑම උයන්න පුලුවන්.පීසා එහෙම රසට හදනවා.බේබි පීසා කන්න ආස නිසා ප්‍රදීප් බේබිට රසට පීසා එකක් හදලා දෙයි…”

“ඒක නම් ගොඩක් හොඳ අදහසක් සමාධි. බේබි කන්න ආස හැම දෙයක්ම එයාට හදලා දෙන්න.බඩු මොනවා හරි ඕනි නම් කෝල් කරලා ගෙන්න ගන්න.මං පොඩි ගමනක් යනවා.එද්දි හවස් වෙයි.බේබිව හොඳට බලා ගන්න.ඇමතිතුමා ආවම එයාගෙ ලන්ච් එක ගැනත් බලන්න.කිචන් එකේ සවන්ට් ට අද පොඩ්ඩක් වැඩ වැඩියිනෙ…”

“හා මැඩම්…”

“බේබි කාමරේ ඉන්නවා.එයා ගාවට යන්නකො…”

මනුලි මැඩම් ගියාට පස්සෙ තේනුක මහත්තයා මාත් එක්ක දුව ඉන්න කාමරේට ආවා.එයා මොකුත් නොකියා ගල් පිලිමයක් වගේ හිටගෙන දුව දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.එයා දරුවව මේ දැක්කෙ පළවෙනි වතාවටයි.

“කව්ද ආන්ති මේ?…”

පුංචි ආරණ්‍යා ටෙඩි බෙයාර් කෙනෙක් තුරුල් කරගෙන චේතනා ගාවට ඇවිත් ඇයව බදා ගත්තා.තේනුකගෙ ඇස් වලට කඳුලු පිරිලා. ඔහු බිම දණ නවාගෙන තම දරුවා දිහා හරිම ආදරෙන් බලා සිටියෙ මහමෙරක් තරම් වූ ආදරයක් හද පතුලේ පුරවාගෙනයි.

“ඔය්යා ඇයි අදන්නෙ?තූති බබාලනෙ අදන්නෙ…”

තේනුකගෙ ඇස් වල කඳුලු දැකලා පුංචි ආරණ්‍යා එහෙම ඇහුවා.කෙ/ල්ල මිහිපිට ලස්සන පුංචි සුරංගනාවියක් වගේමයි කියලා ඔහුට හිතුනා.

“අංකල්ගෙ ඇහැට රොඩ්ඩක් ගිහින්නෙ බේබි. ඒකයි ඔය අඬන්නෙ…”

“තුලාල වෙලාද?…”

පණ්ඩිත කෙලි පොඩිත්ති ලොකු කෙනෙක් වගේ දණිස් දෙකට අත් දෙක තියාගෙන පාත් වෙලා තේනුකගෙ ඇස් දෙක දිහා බැලුවා. ඔහුගෙ මුවඟට එක්වරම සිනහවක් නැගුනා පුංචි පැටික්කිගෙ හුරතලේට.

“තුලාල වෙලා නෑ අනේ.ඔලා බොලුවටනෙ අදලා තීන්නෙ…”

තේනුක හිනා වෙලා පුංචි ආරණ්‍යාගෙ ඔලුව අතගාලා ඇයව තුරුල් කරගත්තා. අප්පච්චිගෙයි දූගෙයි ආදරේ දිහා චේතනා බලාගෙන හිටියෙ හරිම සතුටෙන්.

“දූ වැඩිපුරම ආදරේ අම්මටද අප්පච්චිටද?…”

තේනුක දුවගෙන් එහෙම ඇහුවා.කෙ/ල්ල ටිකක් වෙලා බලාගෙන හිටියා.මාලක ඇමතියි මනුලි මැඩමුයි ඇයට ගොඩක් ආදරෙයි.පුංචි පැටික්කිට දෙන්නගෙන් එක්කෙනෙක් තෝර ගන්න අමාරුයි වගේ.

“අම්මිත.අප්පත්ති බබාව නුනු ගෙනියනවා මේම.මාමිත් බබාව නුනු ගෙනියනවා නේත?…”

පුංචි ආරණ්‍යා තේනුකගෙ කරේ නැගලා ලුණු ලුණූ කිය කියා කාමරේ පුරාම ඇවිද්දා.එක පැයක් යන්න කලින් ඇයට තේනුකව හොඳට හිතට ඇල්ලුවා.

“ඩැඩී,මමී ගාන්නැතුව දුවට මේ විදියට අම්මා,අප්පච්චි කියන්න උගන්නලා තියන එක නම් ගොඩක් වටින දෙයක් නේද මහත්තයා?…”

චේතනා ඇහුවෙ ආරණ්‍යාගෙ ඇඳුම් වගයක් නවලා කබඩ් එකෙන් අහුරන ගමන්.කාමරේ බිත්ති පුරාම තියෙන්නෙ පුංචි ආරණ්‍යාගෙ චායාරූප.එහි එක් චායාරූපයක් තිබුනා ආරණ්‍යාට සති එකහමාරක් වගේ කාලෙකදි ගත්තු එකක්.ඒ දිහා චේතනා බලාගෙන සිටියෙ ගොඩක් දුකින්.

ඔයාව එදා මගෙන් උදුරගෙන අරන් යද්දි මේ වයසෙම විතර ඇති පැටියො.ඔයා මගෙන් කු/ක්/කු බීපු හැටි මට අද වගේ මතකයි. මගෙ සුරංගනාවි ඉක්මනින් ලොකු වෙලා. ළඟ ඉඳලත් ඔයාව අපි ගාවට ගන්න පින නෑනෙ.

“බේබි…. ඔයාට දැන් බඩගිනිත් ඇතිනෙ.අපි කාලා ඉම්මු නේද?ඊට පස්සෙ සෙල්ලම් කරන්න පුලුවන්නෙ…”

තේනුක මහත්තයා කුස්සියට ගිහින් රසම රස පීසා එකක් හදාගෙන ආවා දුවට කන්න. එයාට රසට උයන්න පුලුවන්.අපි බැඳපු අලුත තේනුක මහත්තයා ගෙදර රස කෑම වේලක් හැදුවා මට අද වගේ මතකයි.

“හලිම සසයි මේවා.අම්මිත් බබාත මේවා හදලා දෙනවා.මාමි හදපු එක තමයි ගොදක්ම සස…”

කෙලි පැටික්කි රස කර කර එයාගෙ අප්පච්චි හදපු පීසා එක කනවා.මට ආසාවෙ බැහැ කෙ/ල්ල කට උල් කරලා ගිරවියක් වගේ කතා කරද්දි.

“මගෙ බේබිට මොනවද වෙන කන්න ඕනි?…”

මං දූගෙ පුංචි කම්මුලක් සි/ප ගනිමින් එහෙම ඇහුවා.

“මං ඔලාගෙ නෙවෙයි අනී.මට අම්මියෙක් ඉන්නවා…”

දුව තවම පුංචි දරුවෙක් උනත් ඒ කියපු දෙයින් මගෙ ප/පු/ව පිච්චිලා ගියා වගේ මට දැනුනා.එයා නෙවෙයි මැණික මමයි ඔයාගෙ අම්මා කියලා ඔයාට කියන්න පුලුවන් නම් කොච්චර හොඳද කියලා මට හිතුනා.

“චේතනා….. ත/මු/සෙ ඔච්චරටම සීරියස් ගත්තද ඕයි මේ හයක් හතරක් නොතේරෙන පොඩි දරුවා කියපු දේ?බබෙක් වෙන්න හදන්න එපා…”

චේතනා බිත්තිය මුල්ලට ගිහින් කඳුලු හලද්දි තේනුක ඇවිත් ඇගේ කඳුලු පිසදානවා වෙනුවට ඇයට බැන වැදුනා.ඒක ඇගේ සිතට තවත් වේදනාවක් ඇති කරා.

“අම්මා කෙනෙකුගෙ ප/පු/වෙ තියන වේදනාව දරු දුක මහත්තයට තේරෙන්නෑ. දරුවා මනුලි මැඩම්ට අම්මා කියලා කතා කරද්දි මට මැ/%/න්/න හිතෙනවා.ඒ ඉන්නෙ අපේ එකම දරුවා මහත්තයා.මමයි ඒ දරුවට මගෙ $ල් කිරි කරලා පෙව්වෙ.මමයි ඒ දරුවව මාස නවයක් බඩේ තියාගෙන මේ ලෝකෙට බිහි කරේ.අනේ මේ මිනිස්සු මොන හිතකින්ද දෙයියනේ අපේ දරුවව මෙහෙම අපෙන් උදුරගෙන සතුටින් ඉන්නෙ?දරුවගෙ පුංචි කාලෙ පොටෝ දකිනකොට මට වාවගන්න බැරි වේදනාවක් දැනෙනවා දෙයියනේ…”

ඇස් දෙකේ කඳුලු පුරෝගෙන චේතනා එහෙම කියද්දි තේනුක ඒකට මොකුත් කිව්වෙ නැහැ. චේතනා ඒ දේවල් කිව්වෙ ඇත්තටමයි කියලා ඔහුට තේරුනා.මේ අවස්ථාවෙ ඇගේ මව් සෙනෙහසේ කිසිඳු බොරුවක් ඔහු දුටුවෙ නැහැ.

“දැන් ඔය කඳුලු පිහදාගන්න චේතනා.ඔයා අඬලා කියලා දුවට තේරුනොත් එයා මනුලි මැඩම්ට කියයි අර ඇන්ටි අද ඇඬුවා කියලා. අපි මේ වෙලාවෙ ගොඩක් ප්‍රවේශමෙන් වැඩ කරන්න ඕනි.අපේ අතින් මොකක් හරි සුළු අතපසුවීමක් සිද්ද උනොත් මෙයාලට අපි ගැන සැක හිතෙන්න පුලුවන්…”

චේතනා මූණ පිහදාගෙන පුංචි ආරණ්‍යා ගාවට ආවා.කෙ/ල්ල සේරම පීසා ටික කාලා නැහැ.එක කෑල්ලක් ඉතුරු කරගෙන.චේතනා ඒක අරන් ඇයට කවන්න හැදුවා.

“ඕක ඇන්ති කන්න.මත ඇති.මේ බණ්ඩිය පිලිලා…”

පුංචි ආරණ්‍යාව නාවද්දි චේතනා දැක්කා ඇගේ ඉන ගාව ඇති උපන් ලපයක් වගේ කැලල.එවන් ලපයක් තමාගේ ඉන ළඟත් තියනවා.

ඔයා මගේ කියලා කියන්න ඔය මොකුත් ටෙස්ට් ඒවා කරන්න ඕන්නෑ.මගෙ මැණික මං වගේමයි.

මතු සම්බන්දයි.

බලමුකො ඉස්සරහට.චේතනාට ඇමතිගෙ ගෙදරත් එකක් තියන සම්බන්දෙ මොකක්ද කියලා….

ලයික් එකක් දාලා අදහසකුත් කියාගෙනම යන්න ළමායී…. ආදරෙයි හැමෝටම.