23_වන_කොටස❄️
භූමි පැවරූ සියළුම කාර්යයන් හේෂර විසින් කර තිබුණි……… අග්‍රාමාත්‍යවරයාගේ පුතුගේ.විවාහ මංගල උත්සවය ලබන මස ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය……… එවන් උත්සවයක මල් සැකසුම යනු කොතරම් සුවිශේෂි දෙයක් දැයි අමුතුවෙන් කිව යුතු නැත……. භූමි සවස මිතුරන් සොයා ගියේ හදවතේ සතුටකින් හා දුකකින්ද යුතුවය……
” ආ…… ආවද කොහේද අද ගිහින් හිටියේ…….
තෙනුක තවමත් පැමිණ සිටියේ නැත…. නමුත් ඉතිරි සියල්ලන්ම එහි විය…….
” රජ්ජා…… මං අර වැඩේ භාරගත්තා….. මාමායි හේෂරයි වෙනුවෙන් මං ඒක කරනවා…….. ඇඩ්වවර්ටිස්මන්ට් එකත් දැම්මා දෙකම එකට එකතු කලා කියලා…… ම්ම්ම්ම්ම් ඒ වගේම අර competition එකට අපිත් apply කලා…. ඒකත් හරි….. මට උඹලාගේ උදව් ඕනි මචං….. ඒක තනියෙන් කරන්න බෑ…..
” කවුද බොල දැන් බෑ කිව්වේ….. අපිටත් Flower decorations පුළුවන්….. මතකනේ තර්ඩ් ඉයර් එකේ අපි කැම්පස් එකේ ස්ටේජ් එක decorations කරපු විදිහ…..
” That’s point පුතා….. ආන්න ඒකයි මං උඹලා ලගට ආවේ……..
භූමිගේ මුහුණේ වූ හැඟුම වලට කොල්ලො ටිකට හිනාය….. මේ මිතුරා වෙනුවෙන් ඔවුන් ඕනැම දෙයක් කරනු ඇති……
” හරි දැන් කවද්ද වැඩේ තියෙන්නේ…..
” මෙහෙමයි මචං….. වැඩේ තියෙන්නේ ලබන සෙනසුරාදා…. අපි සිකුරාදා යනවා එහෙ….. අපේ මලයයි තෙනුකයයි සිරිපාලයි චන්ද්‍රතිලකයි මෙහෙ ඉන්නවා….. එයාලා සෙනසුරාදා පාන්දර වෙද්දි කොළඹට මල් ගේනවා…. ම්ම්ම්ම්… අපි ඒ කියන්නේ රජ්ජා ධනු සිතිජ තරුන් රවික මං අපි කට්ටියමයි අර ඔෆිස් එකේ ඉන්න කෙල්ලො තුන් දෙනයි යනවා සිකුරාදාට…… හරිනේ… ගිහින් වැඩේ කරලා එමු…. අනිවා මචං අපි මේක ගන්න ඕනි…… මොන හේතුවකටවත් මේක වෙන කෙනෙක්ට යන්න බෑ……..
” හරි භූමි…… අපි වැඩේ කරමු……
කොල්ලො ටික එක පයින් ඊට කැමති විය…….. භූමිට එය විශාල සැනසුමකි…… ඔහු පැවසුවත් නැතත් කොල්ලො ටික තමා අත්නොහරින බව ඔහු දනී…… නමුත් ඔහුගේ හදවත ගැඹුරින් එක් වේදනාවක් නැගෙමින් තිබුනේ තුහී ගැනයි………… තව දුරටත් ඇය ගැන හදවතේ ඇති හැඟීම සිර කරගෙන සිටීමට ඇවැසි නොවේ……. නමුත එය මිතුරන් හා කෙසේ පවසන්නදැයි සිතාගත නොහැකිය………
” මේ……හ්….. මචං…… මට දෙයක් කියන්න තියනවා…. රජ්ජා….
භූමි මේ තනනමින් කියන්නට උත්සහ කරන්නේ තුහී ගැනදැයි රජීව්ට නිකමට සිතුනි………
” මේ…… මං අර කිව්වේ තුහින්‍යා……
තම සිතුවිල්ල නිවැරදි යැයි රජීව්ට සිතුණි…….
” ඉතින්……
” එයා බැඳලා ඉන්නෙ බං……..
එක්වරම කොල්ලො ටිකගේ ඇස් නලලට ගියා……
” නෑ නෑ භූමි….. ඒක නම් කීයටවත් වෙන්න බෑ……..
කිසිවෙක් එය එක්වර පිලිගන්නට මැලි විය…….
” හුම්මම්ම්ම්…. මාත් හිතනවා ඒක එහෙම නැති වුනා නම් හොඳයි කියලා…… ඒත් තුහින්‍යා මැරීඩ්…….
සියළු දෙනාම බලාපොරොත්තු කඩවූ මුහුණින් බලා සිටියහ……..
” මචං……. ඒ කෙල්ල හිටියෙ එයාගේ අප්පච්චිගේ ගෙදර…… එදා එහෙ වෙන මිනිහෙක් හිටියේ නෑනේ……. හරි අපි දූවි ගෙන් අහමුද……. ඇත්ත නැත්ත……
තුහින්‍යා විවාහක යැයි පිලිගන්නට අකැමති වූ ධනූ යෝජනා කලේය…….
” එපා එපා……. ඒක ගැන එයාගේ ගෙදරින් අහන්න ඉක්මන් වෙන්න ඕනි නෑ….. අපි හොයාගමු……දැන් අපිත් එක්ක යනවානෙ එයාලත් කොළඹ…..
රජීව් කිව්වේ දැඩි හඬකින්………. භූමිගේ හිතට හැමදාමත් සැනසීමක් දැනුනේ රජීව් ඔය විදිහට නිවැරදි දැඩි තීරණ ගන්න නිසා………. සවස් වෙන්නත් තව ටිකක් වෙලා තියනවා…… භූමිට ආපහු යන්නත් කම්මැලී වගේ……. ඒත් තව එක සැරයක් ඇයව දකින්නට දඟකාර ආශාවක් හිතට ඇති වුනා…….
” හ්ම්ම්ම්ම්ම්….මං යන්නද එහෙනම්…..
භූමි ඒ සිතුවිල්ලෙම නැගිට්ටේ කලිසමත් හදමින්………. නමුත් රජීව් ඔහුව වැලැක්වීය………
” භූමි……. උඹට යන්න හදිස්සි මොකද…….. ටිකක් ඉඳලා පලයන් තව දෙකයි වෙලාව……. අනික කෑවෙත් නෑ නේද…….. යං යං කාලා ඉමු……
රජීව්ගේ වදේ ඉවසන්න බැරිම තැන භූමි ඔවුන් සමගින් පහලට ගොස් ආහාර ගන්නට වුනා………. තවත් ටිකක් වෙලා කතා කර කර ඉන්නකොට වෙලාව ගෙවුනා දන්නෙවත් නැතිව…. ආයෙමත් අහස බර වෙලා වැස්සක් වැටෙන්නට වුනේ පිදුරුතලාගල කඳු පන්තියවත් පෙන්නෙ නැති ගානට……….
” වැස්සට කමක් නෑ මං යනවා….. කෝ මගේ ෆෝන් එක…….
භූමි හැම තැනම ෆෝන් එක හෙව්වත් එය කොහේවත් තිබුනෙ නෑ…….
” ෂහ්……. ඒ මගුල දාලා ඇවිත්නේ එහේ……
භූමි කියද්දි සිතිජගෙයි තරුන්ගෙයි මුවින් එලියට පැන්නේ විසල් සිනාවක් භූමි ඔවුන්ට රවා බැලුවේ කොටියෙක් වගේ……..
” හරි බං…….. එල…….. හවසත් කෙල්ල බලන්න යන්න හේතුවක් තියෙන්න එපෑ…… පලයන් ඉතින්………
ධනු පැවසූවෙන් භූමි මදක් අපහසුතාවයට පත් විය…..
” මං යනවා උඹලා ඕනැ එකක් හිතාගනිල්ලා…..
” ඇල් පරෙස්සමින් පලයන් වැස්සෙ රේස් යන්නැතුව……
වරක් රජීව් දෙස බැලු භූමි එතැන නොරැඳී පහලට ගියේ වේගයෙනි…… අනෝරා වර්ෂාවට පාරත් අපැහැදිලිය…… ගල් ගැහෙන ශීතල දරාගන්නට නොහැකි තරම්ය නමුත් මේ ගල් ගැහෙන සීතලේදීත් අති සුන්දර මල් පිබිදෙන සුන්දර මධ්‍යම කඳුකරයට හිත ලොබ බැඳෙන්නේ විශ්මයජනක ලෙසය…….. දළ බෑවුම් වලින් යුතු කඳුශිඛරයක් මීදුම් තට්ටු වලින් වැසී අැත……… භූමි එක්වරම වාහනයේ සැර බාල කලේ සීතාඅම්මාන් කෝවිල පේනමානයේය……… වැහි බිඳු වැටෙන වීන්ඩ්ස්ක්‍රීන් එකේ දිය ධාරා අතරින් ඔහු දුටුවේ සීතා අම්මාන් කෝවිල අසල සිටින තුහින්‍යාවයි……… මේ සීතලේදිත් ඔහුගේ සිත උණුසුම්ව සැනසුමක් දැනුනේ ඇගේ අවිහිංසක රුව නෙත ගැටීමෙනි…….. වෙලාව හතර හමාර වුවත් වැහි අඳුර නිසා හාත්පසම දිස්වූයේ ඉක්මනින් උදාවූ රාත්‍රියක් මෙනි……..
භූමි…. ඇය දෙසට ලං කර වාහනය නවත්වද්දි තුහින්‍යා බියෙන් හැකිලී ගියාය……….. භූමිගේ පැත්තේ වීදුරුව පහත් කල ඔහු වැස්සේම පිටතට හිස දැමිමේය…… නමුත් තුහින්‍යා සිටින්නේ බිමට නෙත යොමාගෙනයි…..
” තුහින්‍යා…….. තුහී……… තුහී……
☔ වැහි පොද වැටෙන හඬට භූමිගේ හඬ යටපත් විය……
” මේකිගේ තියන ලොකුකම…….
භූමි අනෙක් පසින් වාහනයෙන් බැස්සේ කුඩයත් 🌂 අතට ගෙනයි……. ඔහු කඅඩය ඉහලාගෙන ඇය ලඟට ගියේ තරමක කෝපයකින්………
” තුහී……… තමුසෙට කන් ඇහෙන්නැද්ද……
භූමිගේ හඬින් ඇය ගැස්සී ගියාය……..
” ස්…….සර්….මේ….
” මොකද මෙතන තෙමි තෙමී සීතලේ ඉන්නේ…….. කවුද අද එක්ක යන්න එන්නේ……
” ක්……ක්කවුරුත් නෑ සර්…. බස් එකක් නෑ තව…….
” නගිනවා නගිනවා වාහනේට මං ගිහින් දාන්නම්……..
එයට තුහින්‍යා මදක් බිය වූවාය…….. ඇත්කටම ඇය පිරිමින්ට බියක් දක්වයි…… ගිණි පෙල්ලෙන් බැට කෑ මිනිසා කණා මැදිරි එළියටත් බය යැයි කියන්නාක් මෙන් තුහින්‍යා මේ අයුරින් හෝ පිටස්තරයෙකු සමග සබඳතා පැවැත්වීමට බිය වූවාය……… එසේ බලන කල ඇය සාධාරණය……… සාකේත් වැනි තම ලේ ඥාතින් පවා තමා විවාහය අත්හැර දමා පැමිණියා යැයි දැනගත් විට ආවේ අයුතු ප්‍රයොජන ගන්නටයි………..
” අනේ එපා සර් මං බස් එකේ යන්නම්…..
භූමිට කෝපයක් දැනුනත් තුහින්‍යාට කෑගසන්නට සිතුනේ නැත….. ඔහු මදක් සන්සුන්ව කරුණාවන්තව කතා කලේය…….
” තුහින්‍යා…….. බස් එකක් එද්දි තවත් රෑ වෙනවා……. මට තමුසෙව මෙතන දාලා යන්න බෑ…… මේ පැත්තේ ඉන්න උන් ගැන තමුසෙවත් මංවත් දන්නෑ…… නගිනවා වාහනේට මං ගිහින් දාන්නම්…..
” එපා සර්……..
” මේ තුහී……….. මගේ යකා අවුස්සන්නැතුව නගිනවද වාහනේට….. ඇයි යකෝ….. මං කිව්වේ ගෙදරට දාන්නම් කියලා නැතුව මාත් එක්ක මගුල් නටන්න යන්න කතා කලේ නෑ……. නගිනවා වාහනේට….. තවත් මොකෙද්ද වගේ බලන් ඉන්නැතුව……
තුහින්‍යා ඔහුට අවනතව වාහනයේ පිටුපසින් නගින්නට හදද්දි භූමි යලිත් ඔහු වැලැක්වීය………
” මේ තුහින්‍යා…….. ඉස්සරහින් නගිනවා….. මං තමුන්ට කිසිම කරදරයක් කරන්නෑ…… ඇයි මොකද බයද මහත්තයා මොනා හරි කියයි කියලා……. හරි මං අද එයාව හම්බවෙලාම යන්නම්කෝ……. මාත් කැමතී තුහීගේ මහත්තයා හම්බවෙන්න…….
භූමි කියද්දි තුහින්‍යා මදක් තැතිගත් නෙතින් ඔහු දෙස බැලුවාය…..
” මේ ඔහොම ඉන්නවා හරිද මං ෆෝන් එක අරන් එනකම්…..
භූමි අඩියට දෙකට කාර්යාලයට ගොස් ෆෝන් එකද රැගෙන ආවේය…… ඉන්පසු ඔහු වාහනය නුවරඑළිය නගරය දෙසට ධාවනය කලේය………… තුහින්‍යා මුලදී වාහනයට නැගීමට අදිමදි කලත් භූමි ලඟ ඇගේ සිතට දැනුනේ ආරක්ෂාවකි……
” තුහින්‍යාගේ මහත්තයා මොකද කරන්නේ…….
” බිස්නස් සර්…….
” මොනවද……..
” ම්ම්ම්ම්ම් ටෙක්ස්ටයිල්ස්..
” මහත්තයා බිස්නස් කරනවා නම් ඔයා මොකද මේ ජොබ් එහෙකට ආවේ….. ආහ්…. සොරි මං නිකම් ඒක දැනගන්න ඇහුවේ තුහී ආ…. වැරදිවට හිතන්න එපා….
භූමිට බොරුවක් කීමට ඇයට සිතක් නැත…… අනෙක් කරුණ නම් භූමි දැන් තමාගේ ආයතන ප්‍රධානියාය….. ඔහුට බොරුවක් කල නොහැකිය…..
” සර්….. මේ………. මං දැන් එයා එක්ක නෙවේ ඉන්නේ……… අම්මලත් එක්ක…. ප්‍රශ්ණයක් නිසා අපි වෙන් වෙලා ඉන්නේ……
” ඔහ්…… අයිම් සෝ සොරි තුහී….. හිත රිදුන නම්… මං වැරදි දෙයක් ඇහුවද මන්දා………
” එහෙම නෑ සර්……
” දැන් ඩිවෝර්ස් එක ලැබුනද……
” ම්ම්ම්ම්හු නෑ….. සර් තාම නෑ…….
” හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්…….. තුහී කැමැත්තෙන්මද එයාව අත්හැරලා ආවේ……..
” ඔව් සර්……. එයාට වෙන කෙනෙක් ඉන්නවා…… ඒ හින්දා එයා මගෙත් එක්ක වැඩි සම්බන්ධතාවයක් තිබුනේ නෑ….. මට දරුවො නෑ කියලා තමා එයයි එයාගේ අම්මයි අක්කයි මාව අයින් කලේ…… ඉතින් මං අම්මලා ගාවට ආවා…….
” ඒක හොඳයි……..
භූමිට කියැවුනි………. ඔහු වහාම තුහී දෙස බලා යලිත් දෑස මාවතට යොමු කලේය…….
” හොඳයි තමයි සර්……. තමන්ට ආදරය නොදෙන ගෞරවය නොදෙන තැනක නොඉඳ ආව එක තමා මං මේ ජීව්තේ ගත්ත හොදම තීරණය…….
තුහින්‍යාගේ පිලිතුර භූමි බලාපොරොත්තු නොවූවත් එය ඉතා අර්ථවත් පිලිතුරක් බව ඔහුට සිතුණි………..
කඳපොල පාර දිඟෙ සඳතැන්න දෙසට ආ වාහනය තුහීගේ නිවසේ මිදුලේ නතර වෙද්දි තුහීගේ අප්පච්චි එලියට ආවේ නලලත් රැලි කරගෙන…….
” ආ…..මේ පුතානේ…… මං බැලුවා කවුද කියලා යමු යමු ඇතුළට…….
අප්පච්චිගේ සුහදශීලි පිලිගැනීම නිසා ප්‍රමොදයට පත් භූමි තුහී දෙස බැලුවේ සිනාවෙන්මයි………
” අප්පච්චි ඔන්න මං තුහීව එක්ක ආවා…… මං දන්නෑනේ මේ ලමයා අපේ තැනක වැඩ කරන්නෙ කියලා…… ඉතින් අප්පච්චි කොහොමද ඉතින්…. මල්ලි නම් මට උදෙත් කතා කලා……..
භූමි කතා කරන විලාශයට අප්පච්චිගේ හිතට දැනුනේ පුදුම පැහැදීමකි…..
” ඔව් මට කීවා පුතාට කතා කලා කියලා…… ඉතින් පුතාගෙද ඒ මල් තවන්පොල……. අනේ වාසනාවන්…… තවත් හිතට සැනසීමයි….. ලොකු ලමයෝ අම්මට කියන්න තේ එකක් හදන්න කියලා……
” අනේ එපා අප්පච්චි ….. මං යන්න ඕනි…
” පිස්සුද පුතා….. තේ එකක් බීලා යන්න ඉන්නම ඕනැ…..
භූමිට තුහීගේ අප්පචිචිගේ ඉල්ලිම ඉවත දැමිය නොහැකි ව්ය…… තේ එක රැගෙන ආවේ සෙහන්ස්‍යායි…….
” හායි…… කොහොමද…… ප්‍රින්සස්……
භූමි හරි ආදරෙන් අහද්දි සෙහන්ස්‍යාගේ මුහුණ මල් වට්ටියක් වගේ පිපිලා ගියේ බලන් ඉද්දි………
” හොදින් ඉන්නවා අයියේ…….. අයියද අපේ අක්කිගේ බොස් එතකොට…… මං අහගෙන හිටියේ……
” හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම්….ඉතින් සුද්දි මොකක්ද ඔයාගේ නම…..
” සෙහන්ස්‍යා…….
” මොකක්….. හන්සයා…….. යකූ අපේ නංගිගේ නමත් හන්සයා…….
භූමි කියන්නේ ගිහන්ස්‍යා ගැනයි……
” එයා ගිහන්ස්‍යා……. ම්ම්ම්ම්ම් ඉන්නකො මං ඉක්මනට ගිහන්ස්‍යායි සෙහන්ස්‍යායි මුණගස්වන්නම්කො…. මේ තේ එක නම් රසයි අම්මද හැදුවේ…..
භූමි හරියට නංගි සමගින් කතා කරන්නේ බොහෝ කලක සිට දැන හඳුනන්නෙකු ලෙසය…….. තුහින්‍යා දොර අසලට වී සියල්ල අසා සිටී…..
“ඔව් අයියේ….. අම්මා තමා හැදුවේ…..
” පුතා…….. කොහොමද තනියෙන්ද ආවේ……කෝ අනිත් කට්ටිය………. එහෙනම් නංගිල එක්ක කතා කර කර ඉන්නකෝ මං රෑට ඉක්මනින් උයන්නම්….
” අනේ මගේ අම්මේ…… අද එපා උයන්න….. මං එන්නම් දවසක අම්මගෙන් බත් කටක් කාලා යන්න….. අද යන්න ඕනි යාළුවෝ ටික මං එනකම් බලන් ඉන්නවා…….. තරහා නෑ නේද…..
” අනේ නෑ පුතා…… එහෙනම් කට්ටියත් එක්නම දවසක එන්නකො…….
තුහින්‍යාගේ මව සම්මානි පැවසුවේ සැබෑම සතුටකින්………
” මේ අම්මා…. අප්පච්චි…..මේ මං පොඩි දෙයක් අහන්නත් එක්ක ආවේ… ප්‍රයිම් මිනිස්ටර්ගේ පුතාගේ වෙඩින් එකට Flower decorators ලා තෝරන වැඩසටහනක් තියනවා කොලඹ…. අපේ එකත් ඉදිරිපත් වෙනවා….. ඉතින් අප්පච්චි අපිට ඒකට කොළඹ යන්න වෙනවා……. ස්ටාෆ් එකම එක්ක යන්නයි මං හිතුවේ….. තුහීත් එක්ක යන්නද ඕනැ නම් මං හන්සයාවත් එක්ක යන්නම්…..
භූමි එය අප්පච්චිගෙන් අසනු ඇතැයි ඇය හීනෙකින් හෝ නොසිතුවාය…….
” මේ මොඩයා ඇහුවානේ…… අප්පච්චි මොනා හිතයිද දැන්…… බෑබෑ….මෙයා දැන් ඕනැවට වඩා ලං වෙනවා….. මං මෙයාව මග හැරලා ඉන්න ඕනි….. මෙයා නරක කෙනෙක් නෙවේ වගේ….. ඒත් පිරිමිනේ….. කවුරුත් එකයි……
තුහී සිතුවාය………. ඒ වන විට අප්පච්චි තුහී කොළඹ යන එනට අනුමැතියද දී අවසන්ය……
” එහෙනම් අප්පච්චි මං යනවා……..අම්මා හන්සයා මං යනවා….. ඒයි මේ හන්සයා සිකුරාදාට යමු ඈ……
” හාකෝ යමුකො එහෙනම් හැන්ඩ්සම්….
සෙහන්ස්‍යා දැන් ඔහු හා කතා කරන්නේ දුවින්‍ය හා කතා කරන සේය…….. භූමි පිටතට යන විට තුහින්‍යා ඔහු පසුපස පිටතට ආවාය…….
” සර්……. එක්ක ආවට ස්තූතියි……
” ඒක සුළු දෙයක් තුහී……..
” පරෙස්සමට යන්න සර්…..හොඳටම වහිනවා……..
” ඔයාට අහන ප්‍රශ්ණයට උත්තර දෙනවා වෙනුවට කතා කරන්වත් පුළුවන් නේද……
භූමි ඇසුවේ ඇයට කට කොණකින් සිනාවක් පාමින්…….
” මං යනවා…….
භුමි වාහනයට නැගුනේ තවත් වරක් ඇය දෙස බලමින්……….
•°•°•°•°•°°°°°__•°•°•°•°•
උදෑසන වන විටත් වැස්ස නම් පායා නොතිබුණි……… මොර සූරන වැස්සේ තුහින්‍යාත් සෙහන්ස්‍යාත් අවදි වුනේ හතට පමණය………. අද නම් සීතල දරාගන්නටවත් නොහැක…… දෙන්නාම සිටින්නෙ කකුල් වලට මේස්ද පලඳාගෙනය……… කෙල්ලො දෙන්නා මුහුණත් සෝදගෙන තේ දෙකකුත් හදාගෙන ඈත සුන්දර කඳු පන්ති වලට මුහුණලා ඇති අසුන් වල වාඩි විය…….. ගේට්ටුව විවර කරගෙන නිවසට එන තැනැත්තන් දැක තුහී ඉක්මනින් නැගී සිටියාය……. ඇය අනුව සෙහන්ස්‍යාද නැගිට්ටාය……..