Episode

“ඔයාලා දෙන්නා මොකද මෙතන කරන්නෙ?කරුණාකරලා ඔතනින් අහක් වෙන්න. ඇමතිතුමා දැන් මීටින් එකකට යන්න හදන්නෙ…”

අපි දෙන්නා බස් එකේ ටව්මට ඇවිත් ඊට පස්සෙ පයින්ම ඇවිදගෙන ඇමති තුමාගෙ ගේ ගාවට ආවා.ඇමතිතුමා ගොඩක් බලවත් කෙනෙක් නිසා අපිට එයාගෙ ගෙදර හොයාගන්න අමාරු උනේ නැහැ.

ගෙදර ගේට්ටුව ළඟට ඇවිත් බලන් ඉන්නැද්දි ආරක්ෂක නිළදාරියෙක් ඇවිත් අපි දෙන්නට බැනලා එලව ගන්න හැදුවා.ලේසි නෑ වගේ ඇමතිතුමාගෙ ගෙදරට යන්න.එතකොටම වගේ ඇතුලෙ ඉඳන් ෆයිල් එකක් අතේ තියාගෙන කව්දෝ මනුස්සයෙක් ගේට්ටුව ගාවට දුවගෙන ආවා.සුදු කමිසෙකිනුයි යි කළු කලිසමකිනුයි සැරසිලා හිටපු ඔහුගෙන් දිස් උනේ වැදගත් පෙනුමක්.

“අනේ මහත්තයා අපි ගමේ ඉඳන් ආවෙ. පාන්දර හතරයි මෙහාට එද්දි.අපිට ඇමතිතුමා එක්ක චුට්ටක් කතා කරන්න පුලුවන්ද?…”

තේනුක මහත්තයා බොහොම බැගෑපත් විදියට අර මනුස්සයගෙන් එහෙම ඇහුවා.ඒ පාර ඒ මනුස්සයා අතේ තිබ්බ ෆයිල් එක දිගෑරලා ටිකක් වෙලා බලන් ඉඳලා අපිව ගේට්ටුවෙන් ඇතුලට අරන් පැත්තකට වෙලා පොඩ්ඩක් ඉන්න කිව්වා.

“ඇමතිතුමා දැන් මීටින් එකකට යන්න ලෑස්ති වෙලා ඉන්නෙ.ඔයාලා දෙන්නා පොඩ්ඩක් වෙලා ඔතන ඉන්නකො.මං ඇමතිතුමාට කියන්නම්…”

ඒ මනුස්සයා ෆයිල් එකත් අරන් අඩියට දෙකට ගේ ඇතුලට ගියා.තට්ටු තුනක මහ විශාල ගෙයක්.හරියට රජ මාලිගාවක් වගේ. මේ මාලිගාව ඇතුලෙ කොහේ හරි කොනක අපේ දූ පැටික්කි ඇති කියලා මට හිතුනා. අනේ මගෙ පැටියව ඇස් දෙකට දැක ගන්නකල් මට ඉවසුමක් නැහැ.

මගෙ පැටියෝ අම්මියි අප්පච්චියි ඔයාව හොයාගෙන ආවා රත්තරං.අනේ ඉන්න තැනකින් එලියට ඇවිත් ඔය මූණ ඩිංගක් පෙන්නන්න මගෙ වස්තුවේ.

මගෙ හදවත මහ හයියෙන් ඉකි බින්දා.ඇස් කරකව කරකව මට වටපිට බැලුවෙ මගෙ දූ පැටික්කිගෙ කටහඬවත් ඇහෙයිද කියලා බලන්නයි.

“ඇමතිතුමා මොකක් හරි දෙයක් ඇහුවොත් මං කියලා දීපු විදියටම උත්තර දෙනවා. එයාලට අපි ගැන කිසිම සැකයක් දැනෙන්න බැහැ.තේරුනාද?…”

තේනුක මහත්තයා මට විතරක් ඇහෙන්න රහසෙන් වගේ එහෙම කිව්වා.ටික වෙලාවකින් මං දැක්කා ඇමතුමා ගේ ඇතුලෙ ඉඳන් ඇවිත් සුදු පාට කාරෙකට නගිනවා.ඊට පිටිපස්සෙනුයි ඉස්සරහිනුයි තවත් කාරෙකක් පිලිවෙලට ආවා.

ඇමතිතුමා හිටපු කාරෙක අපි ගාවින් නතර උනා.ඇමතිතුමා අපිට කතා කරා.

“මොකක්ද මාව හම්බ වෙන්න ආපු කාරණාව?…”

ඇමතිතුමා කතා කරේ ගොඩක් සංවරව වගේම කරුණාවෙන්.පිටට කරුණාවන්ත හිතක් පෙන්නුවට ඇතුලාන්තයෙන් එයාලා මොන වගේ මිනිස්සුද කියලා පහුගිය කාලෙ වෙච්චි දේවල් වලින් හිතාගන්න පුලුවන්.

“ඇමතිතුමා මායි මගෙ නෝනයි ආවෙ ගොඩක් දුර ගමේ ඉඳන්.අපිට රස්සාවක් හොයලා දෙන්න පුලුවන්ද?ලොකු එකක් නැතුවට කමක් නෑ.ඔය ඩ්‍රයිවර් රස්සාවක් උනත් කමක් නෑ…”

“ඩ්‍රයිවින් පුලුවන්ද හොඳට?…”

“අනේ ඔව් ඇමතිතුමා.මට හොඳට වාහන එළවන්න පුලුවන්.මගෙ නෝනට හොඳට උයන්න පිහන්න එහෙමත් පුලුවන්…”

“මොකක්ද නම දෙන්නගෙ?…”

“මං ප්‍රදීප්.මේ මගෙ නෝනා සමාධි…”

බොරු නම් දෙකක් සහිතව හොරාට හදපු හැඳුනුම්පත් දෙක අපි ඇමතිට පෙන්නුවා. ඇමති ඊට පස්සෙ කාටදෝ කෙනෙකුට කතා කරලා අපිට ඇතුලට යන්න කිව්වා.දැන් මට ඉවසිල්ලක් නෑ දරු පැටියව දැක ගන්නකල්.

“ඔතනින් ඉන්නකො.මං නෝනාට කතා කරන්නම්…”

බෑග් එක අතේ තියාගෙන අපි දෙන්නා කුස්සිය අයිනට වෙලා හිටියා.ගේ ඇතුලෙන් ඉංග්‍රීසි සිංදුවක වාදනයක් ඇහුනා.මං ඒ හඬට සවන් දීගෙන ඉන්නැද්දි අපි ගාවට ආවෙ අවුරුදු විසිපහක විතර තරුණියක්. ඇය ඇමතිතුමාගෙ බිරිඳ වෙන්නැති.

“මැඩම් ඇමතිතුමාගෙ නෝනද?…”

මං ඇහුවා.ඇය බොහොම සුහදශීලීව මාත් එක්ක හිනා උනා.

“ඔව්.මට ඇමතිතුමා ඔයාලා දෙන්නා ගැන කිව්වා.අපිත් වැඩට ගෑණු කෙනෙක්ව හොයා ගන්නමයි හිටියෙ.උයන පිහන වැඩ නම් නෙවෙයි කරන්න තියෙන්නෙ.අපේ බේබිව බලාගන්න…”

මගෙ ඉහේ මලක් පිපුනා වගේ දැනුනා.ඇය බේබි කියන්න ඇත්තෙ අපේ දූ පැටික්කිට. දෙයියො අපේ මූණ බැලුවා.අද ඉඳන් අපිට අපේ දරුවව බලන්න පුලුවන්.

“බේබිගෙ වයස කීයද මැඩම්?…”

“අවුරුදු හතරයි.ඔයාට අමාරු වෙන එකක් නෑ එයාව බලාගන්න.හරිම කීකරු දරුවෙක්. පොඩ්ඩක්වත් දඟ නෑ.බේබි මේ අවුරුද්දෙ ඉඳන් මොන්ටිසෝරි යනවා.ඔයාට පුලුවන් නේද බේබිව මොන්ටිසෝරි ගෙනිහින් ආපහු එක්කන් එන්න?දෙන්නටම මාසෙකට හොඳ සැලරි එකක් ගෙවන්නම්.කැමති නම් අපේ පල්ලෙහා කාමරේ දෙන්නට නතර වෙලා ඉන්න පුලුවන්.තීරණයක් අරන් කියන්න…”

තව මොනවා තීරණේ කර කර ඉන්නද?අපි ආවෙ කොහොම හරි ඇමතිතුමාගෙ ගෙදර රස්සාවක් කරන්නනෙ.දෙයියන්ගෙ පිහිටෙන් අපේ ප්‍රථම පියවර හිතුවාටත් වැඩිය හොඳින් සාර්ථක උනා.අද ඉඳන් අපි දෙන්නට අපේ දරුවගෙ උණුහුම විඳින්න ළඟින් ඉඳන් ආදරේ කරන්න පුලුවන්.

“අපි කැමතියි මැඩම්.මේ වෙලාවෙ මේ රස්සාව අපිට ගොඩක් වටිනවා…”

“ඕකේ ගුඩ්.පියදාස මෙයාලට පල්ලෙහා එහාපැත්තෙ තියන කාමරේ පෙන්නන්න.අද බේබිට මොන්ටිසෝරි නිවාඩු නිසා වත්තෙ පිටියෙ වැඩක් කරගෙන ඉන්න.නිවාඩු දවස් වලට සමහර විට ඔයාට ඇමතිතුමාගෙ වැඩ වලටත් එහාට මෙහාට යන්න වෙයි…”

“හොඳමයි මැඩම්…”

පියදාස අපි දෙන්නට පෙන්නපු කාමරේ තිබුනෙ ගෙයි පිටිපස්ස පැත්තට වෙන්නයි. වෙනම තියන නිසා අපි කතා කරන දේවල් පිටට ඇහෙන්නැති නිසාත් හොඳයි.

“මෙතන ටෙලිෆෝන් එක තියනවා. උවමනාවක් උනොත් මැඩම් කෝල් එකක් දෙයි.එතකොට එන්න…”

එහෙම කියලා ඒ මනුස්සයා යන්න ගියා.අපි දෙන්නා ඇඳුම් ටික කාමරේ අයිනෙ තිබ්බ අල්මාරියට අහුර ගත්තා.මුළු කාමරේටම තියෙන්නෙ ඇඳකුයි අල්මාරියකුයි පුටුවකුයි පොඩි මේසෙකුයි විතරයි.

“අපි ගිහින් දුවව බලමුකො මහත්තයා.අපේ දුව ගේ ඇතුලෙ ඇති.කටහඬක්වත් මට ඇහුනෙ නෑ…”

“පොඩ්ඩක් ඉවසලා ඉන්නවා චේතනා.කතා කරන්න කලින් ගිහින් උ/ඹ හදන්නෙ අපේ හැම ප්ලෑන් එකක්ම අවුල් කරන්නද?ළමයව දැක්ක ගමන්ම අඬාගෙන වැලපෙන්න හදන්න එහෙම එපා.ඒ මිනිස්සුන්ට සැකයක් දැනෙන්නෙ නැති වෙන විදියට හි/ට/ප/න්…”

තේනුක මහත්තයා බොහොම හිමින් එහෙම කියලා ඇඳෙන් බිමට බැහැලා කාමරේ වටේටම හොඳට සෝදිසි කරලා බැලුවා.ඇඳ යට,කබඩ් එක ඇතුලෙ එහෙම හොඳට බැලුවා.

“ඇයි මහත්තයා?…”

“හිමින් කතා ක/ර/ප/න් චේතනා.අපි මෙතන ඉඳන් කියන දේවල් සමහර විට ඇමතියට හරි උගෙ ගෑ/ණි/ට හරි ඇහෙන්න පුලුවන්…”

මට බයත් හිතුනා ඒ කතාවට නම්.ඒත් මේ කාමරේ ඉඳන් අපි දෙන්නා කතා කරන ඒවා කොහොමද එයාලට ඇහෙන්නෙ.මේ කාමරේ තියෙන්නෙ දුරින් වගේනෙ.

“එහෙම ඇහෙන්නෙ කොහොමද මහත්තයා?…”

“එහෙම ඇහෙන්න පුලුවන්.නැත්නම් අපි කරන දේවල් උන්ට පේන විදියට කාමරේ කැමරා හයි කරලා තියෙන්න පුලුවන්…”

“අනේ දෙයියනේ…”

මට එහෙම කියවුනා.ඉක්මනින් ඇඳෙන් නැගිටලා ගිහින් මාත් මුළු කාමරේම හොඳට සෝදිසි කරලා බැලුවා.සැක හිතෙන දෙයක් අහු නොවුනත් අපි දෙන්නා හිටියෙ ප්‍රවේශමෙන්.

“මොකුත් සැක හිතෙන දෙයක් නැහැ.ඒත් කතා කරද්දි හෙමින් කතා කරනවා…”

හවස දෙකට විතර ඇමතිතුමාගෙ නෝනා මටයි තේනුක මහත්තයටයි එන්න කියලා කතා කරා.අපි දෙන්නා ඉවසිල්ලක් නැතුව බලන් හිටියෙ දුවව දැක ගන්න.මගෙ ප/පු/ව/ත් වේගයෙන් ගැහෙනවා.දරුවගෙ කටහඬවත් ඇහෙන්නෑ.

“ආ ප්‍රදීප්…. ඔයා එහා පැත්තෙ තියන කාරෙක අරන් ඇමතිතුමාගෙ කාර්යාලෙට යන්න. දන්නවනෙ කාර්යාලෙ තියන තැන?…”

“ඔව් මැඩම්…”

“ඇමතිතුමාට හදිස්සියෙම නුවර යන්න වෙලා තියනවා අගමැතිතුමාව හම්බ වෙන්න.ඩ්‍රයිවර්ට හදිස්සියෙම වගේ අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරාලු.ඒ නිසා මේ දවස් ටිකේ ඒ වගකීම ගන්න වෙන්නෙ ප්‍රදීප්ට.කොහොමත් ප්‍රදීප්ට ආපහු ගෙදර එන්න වෙන්නෙ හෙට දවල්ට ඇමතිතුමා එද්දිම තමයි…”

ඇමතිතුමාගෙ නෝනා තේනුක මහත්තයගෙ අතට කාරෙකේ යතුර දුන්නා.එතකොට මට අද රෑට තනියම තමයි මෙහෙ ඉන්න වෙන්නෙ

තේනුක මහත්තයා යතුර අරගෙන මගෙ දිහා බලලා එලියට ගියා.එයා දැන් බයේ ඉන්නවා ඇත්තෙ මං තනියම මොනවා කරගනීද කියලා හිතලා.සැරෙන් සැරේට මට කියන්නෙ කිසිම කලබලයක් කරන්න එපා කියලයි.මං ඔලුව හරවලා ඇස් වලින් ඉඟියක් දුන්නා බය වෙන්න එපා කියලා.

“සමාධි එන්නකො ඇතුලට.ඔයා තවම අපේ පොඩි බේබිව දැක්කෙ නෑනෙ.ඔයාලා එද්දි එයා නිදාගෙන හිටියෙ…”

ඇමතිතුමාගෙ මාලිගාවක් වගේ විශාල ගෙදරට මං ඇතුල් උනා.ඒ ඇතුල් වෙද්දිම මගෙ හිතට දැනුනෙ බිය මුසු අමුතු හැඟීමක්. බිමට අල්ලලා තියන ටයිල් දිලිසි දිලිසි ඒවයෙන් මූණත් පේනවා.කුණු දූවිලි පොදක් නෑ බිම.

ගෙට ඇතුල් උනායින් පසුව මුලින්ම මගෙ ඇස් රැඳුනෙ සාලෙ අයිනෙ තිබුනු චායාරූප කිහිපය වෙත.මොහොතකින් මගේ දෑස් තෙත් වීගෙන ගිහින් මාව ගල් වෙලා වගේ ගියා.

මගෙ දුවගෙ පින්තූර කිහිපයක්ම සාලෙ තැනින් තැන ලස්සනට එල්ලලා තිබුනා.ඒ පින්තූර වලින් ඇස් අහකට ගන්න මට හිතුනෙම නෑ.ප/පු/වට/ අමුතු මිහිරක් දැනුනා.ඇස් වහක් කට වහක් නෑ මගෙ දුව පන තියන බෝනික්කියක් වගේ.හරිම ලස්සනයි.හරිම සිරියාවන්තයි කියලා මට හිතුනා.

කිසිම වෙනසක් නෑ.දුව නම් මං පුංචි කාලෙ වගේමයි.මාත් ඔය වයසෙදි කොණ්ඩෙ වවලා හිටියෙ ඔය විදියටමයි.මගේ පුංචි සුරංගනාවි හැබැහින් දැක ගන්න ඇත්නම්.

“ඊගාවට මුලින්ම කරන්න ඕනි දරුවගෙ කොණ්ඩ ගස් කෑලි චුට්ටක් ගන්න එක. හරියටම අපි ඩීඑන්ඒ ටෙස්ට් එකකින් දැක ගන්න ඒ අපේම දුවද කියලා…”

මට හදිස්සියෙම වගේ එකපාරටම මතක් උනා තේනුක මහත්තයා කියපු දෙයක්. ඩීඑන්ඒ ටෙස්ට් ඕන්නෑ.මේ මගේ දුවමයි කියලා ඔප්පු කරන්න තව මොකටද සාක්කි. මගෙ පුංචි කාලෙ ෆොටෝ එකකුත් තිබ්බා නම් නිකන්ම ඔප්පු වෙලා.

“බේබි හරිම ලස්සනයි මැඩම්…”

මං එහෙම කියද්දි මැඩම් හිනා උනා.ඇමති බිරිඳක් උනාට ඇය හරිම නිහතමානියි. ඇමතිතුමා උනත් ඉස්සෙල්ලා ලොකුකමක් පෙනුනෙ නැහැ.සුහදශීලීව කතා කරා.

ඒත් මෙයලා දෙන්නනෙ මගෙන් මගෙ දුවව හොරකම් කරගෙන ආවෙ.මගෙ සතුට මගෙ පනව මගෙන් උදුර ගත්තා.වැදගත් නිහතමානී මිනිස්සු නම් එහෙම කරයිද?මගෙ දරුවව මගෙන් උදුර ගත්තු මේ පව්කාර ගෑ/ණි/ට/යි මිනිහටයි කවදාවත් හොඳක් නම් සිද්ද වෙන්න එපා.

“අපි දෙන්නගෙ පන ඩිංග ඔය.අවුරුදු ගානක් දරුවො නැතුව ඉඳලා බොහොම අමාරුවෙන් සිංහල බෙහෙත් කරලා ඔය දරුවව ලබා ගත්තෙ…”

ඇඟට පතට නොදැනි බොරු කියපු ලස්සන. මගෙන් දරුවව මගෙන් උදුරගෙන ඇවිත් දැන් මෙතන බොරු කියනවා.

මාත් ඇය පසුපසින් පඩිපෙළ නැගලා උඩ තට්ටුවට ගියා.තනි කෙනෙකුට නම් මේ මන්දිරේ අස් කරලා අතුගාලා ඉවර කරන්න සුමානයක්වත් යයි.

උඩ තට්ටුවෙ පාර පැත්තට මුහුණලා තිබෙන එක කාමරේක පන නැති බෝනික්කො ගොඩක් මැද්දෙ පන තියන ලස්සන පුංචි බෝනික්කියක් සෙල්ලම් කරමින් හිටියා. මගෙ ඇස් ඒ බෝනික්කිගෙන් අහකට ගියෙම නැහැ.

දෙයියනේ මගෙ පන ඩිංග.මගෙ දරු පැටියා….

මට හිතුනා එයාව තු/රු/ල් කරගෙන සි/ප ගන්න.ඒත් මං ඒ ආදරණීය හැඟීම යටපත් කරන් හිටියා.මට ඇයට හොඳ අම්මා කෙනෙක් වෙන්න බැරි උනා.ඒ මගේ අම්මා නිසයි.එදා මං කරපු වරදෙ තරම දැනුයි මට වැටහෙන්නෙ.

“බේබිගෙ නම මොකක්ද මැඩම්?…”

මං ඇහුවා.

“ගඟුලි ආරණ්‍යා…”

සඳලි ආරණ්‍යා.මගෙ පුංචි මැණික් කැටේ වගේම එයාගෙ නමත් හරිම ලස්සනයි.මගෙ රෝස මල මං දිහා ආදරෙන් වගේ බලාගෙන හිටියා.මුළු ලෝකෙම ඇයව දන්නෙ මාලක ඇමතිගෙයි මෙනුලිගෙයි දරුවා විදියට.ඒත් ඒ ලෝකයා පිළිගනියිද මේ ඉන්නෙ මගෙයි තේනුක මහත්තයගෙයි දරුවා කියලා?

“මේ තමයි සමාධි ඇන්ටි.අද ඉඳන් ඔයාව බලාගන්නෙ මේ ඇන්ටි තමයි.ඔයා කැමතියි නේද මේ ඇන්ටිට?…”

මෙනුලි මැඩම් මගෙ දුව ළඟින් වාඩි වෙලා ඇගේ කම්මුලක් සිපගත්තා.දුව හරිම ආදරෙන් බෝනික්කෙක් තුරුල් කරගෙන ඇවිත් හිනා වෙලා මගෙ අතින් ඇල්ලුවා.

මගෙ පුංචි මැණිකගෙ උණුහුම මට විඳ ගන්න ලැබුනෙ අවුරුදු කීයකද පස්සෙද.එදා අන්තිමට මගෙ බෝනික්කි මගෙන් කු/ක්/කු බීපු හැටි මට අද වගේ මතකයි.

“බේබි හරිම ලස්සනයිනෙ.හරියට සුරංගනාවියක් වගේ…”

ඇය හරි හුරතල් සිනාවක් පෑවා.මං ඇගේ අතින් අල්ලගෙන මගේ ළඟට ගත්තා.ඒ ඇස් වලින් මට පෙනුනෙ මගේ පුංචි කාලෙ.

“මට නම් හරිම පුදුමයි සමාධි.මෙයා දඟ ළමේක් නොවුනත් මීට කලින් ආපු සවන්ට්ලාට මේ වගේ ආදරෙන් ලං වෙලා හිටියෙ නැහැ.ඔයාව දැකපු ගමන් මෙයාගෙ හිතට අල්ලලා වගේ…”

මමනෙ ඉතින් එයාගෙ අම්මා.මාස නවයක් මං ඇයව කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරේ.මගෙ උණුහුමට දුවට දැනෙන්න ඇති.

“මාත් පුංචි දරුවන්ට හරිම ආදරෙයි මැඩම්. බේබිව දැක්ක ගමන්ම ආදරේ හිතුනා…”

“අපිට ඔයාගෙන් හොඳ විශ්වාසවන්ත,අවංක සේවයක් ඕනි සමාධි.ඒ වෙනුවෙන් අපි ඔයාට හොඳ සැලරි එකක් ගෙවනවා…”

“කිසිම සැකයක් හිතන්න එපා මැඩම්.බේබිව මං හොඳට බලාගන්නවා.මැඩම්ලාගෙ විශ්වාසෙ මං හොඳට රකිනවා…”

මගේ පොරොන්දුවට මෙනුලි මැඩම් සතුටු උනා.මීට පස්සෙ හැමදාම අපේ දුව හැමදාම අපේ ඇස් ඉස්සරහනෙ ඉන්නෙ.තේනුක මහත්තයා දරුවව දැක්කම ගොඩක් සතුටු වෙයි.

මතු සම්බන්දයි.