ධ්‍රැවාන්තර -2

ඕක ගලවලා ඇදගන්නවා මේක..

ධ්‍රෝණ දිගු කළ කලු පැහැ විසල් කමිසය දෙස සැකමුසු බැල්මක් හෙලූ යුවතිය ඔහුට ඔරවා ඉවත බලා ගත්තා මිස එය අතට ගැනීමට උත්සුක වූයේ නැත. ඈ දිය බේරෙන තෙත ඇදුම පිටින්ම කාමරයට පැමැණීයේ ධ්‍රෝණව තවත් කෝප ගැන්වීම උදෙසාමය.

මට කියලා ගලවගන්න ආසද ඕක.ඕරා තමුන්ට මගෙ ඉවසීම ගැන සැකයිද?

අඩියක් යුවතිය වෙත ළංවෙමින් ධ්‍රෝණ විමසුවේ ඕරා කමිසය උදුරාගෙන අඩි දෙකක් පසුපසට යද්දීය.

ඔයා යන්න මන් ඇදගන්නම්..

බෑ ..මට තමුන්ව ෂුවර් නෑ..ඒ නිසා මන් බලාගෙන ඉන්නවා.

මොකක්ද?

ඔව්…

ධ්‍රෝණගේ මුවෙහි වූ අවඥා සහගත සිනහව දෙස කෝපයෙන් බලා සිටි ඕරා හොදහැටි ඔහුට ඔරවමින් සිය ඇදුමේ උඩු බොත්තම් ලිහාදමන්නට වූයේ ඔහුට දෙවෙනි නොවෙමිනි.

ඔහ් ෂිට ඕරා..බ්ලඩී ගර්ල්..

ධ්‍රෝණ වහා දෑස වසාගෙන ඉවතට හැරී කාමරයෙන් පිටවී ගියේ ඕරාගේ මුරණ්ඩු කමට සිතින් හැකි උපරිම ලෙස බැන වදිමිනි. ඈ මට්ටු කිරීමට රැගෙන ආවාට ඈ නිසා ළගදීම තමා මට්ටු විය හැකි බැව් සවැනි ඥාණයකින් මෙන් ඔහුට වැටහී යමින් පැවතිනි.

ධ්‍රෝණ යළි කාමරයට පැමිණියේ දුම් දමන නූඩ්ල්ස් දීසියක්ද සහිතවය. ඕරා ඒ වන විට ධ්‍රෝණගේ විසල් කමිසය ඇදගෙන යහන මත ඉදගෙන සිටියේ කොට්ටයක් තුරුලු කරගෙන එය හපමිනි.

ඔහ් නෝනාට බඩගිනිද? කෑම ගෙනාවා.කොට්ටෙ රස නෑනෙ

ධ්‍රෝණ යහන මත තැබූ නූඩ්ල්ස් දීසිය දෙස ඕරා බලා සිටියේ මුහුණ හකුලුවා දමිමිනි. ඇගේ පිරිපුන් කුඩා ගත ඔහුගේ කමිසයෙන් වසා තිබුණිද දණහිසින් අගල් හතරක් පමණම ඉහල පාදයන් වසා ගැනීමට එය ප්‍රමාණවත් වී නැත. ධ්‍රෝණ ඒ දෙස බලමින් යුවතියට ඇසින් ඉගි කළ නුමුදු ඕරාට එය වගක් වූයේ නැත. ඇගේ සම්පූර්ණ අවධානය යොමු වී තිබුණේ දුම් දමන දීසිය වෙතටය.

මේ මොනවද?

ඈ විමසද්දී ධ්‍රෝණ පොරෝනය ගෙන ඇගේ පාද වසා දැම්මේ සිය අකීකරු කමකට නැති දෑසෙන් ඉදිරියට ඇයට කුමන හානියක් වේදැයි බියවීය.

නූඩ්ල්ස්..

ඒ මොනවද?

කන ජාතියක්..දැන් කනවා ඕක බඩගිනි නම්..

මට බෑ..

එහෙනම් මන් කනවා.තමුන් බඩගන්නේ ඉන්නවා.

ධ්‍රෝණ දීසිය ගෙන නූඩ්ල්ස් අහුරක් මුවට දමා ගනිද්දී ඕරා එය උදුරාගෙන වහ වහා ගිල දැම්මේ ධ්‍රෝණ යළී එය උදුරා ගනීවි යැයි බියෙන් මෙන්ය

හෙමීට කනවා..මන් ඕක කන් නෑ ආයෙ..

එහෙත් යුවතියට ඔහු සැකය. ඈ සුපුරුදු පරිදි ඔහුට ඔරවමින් නිහඩව ආහාර ගත්තීය.ධ්‍රෝණ ඈ වෙත වතුර වීදුරුවක් ළං කළේය.

යුවතිය එක උගුරට එයද බී අහවර කළාය.

ඇතිද තව ගේන්නද මොනවා හරි..

එපා..මට සීතලයි..

ඕරා පැවසුවේ සැබවින්ම ගත වෙව්ලුම් කන බැවිනි..

ටිකක් ඉන්නවා.ඇවිත් රත් කරන්නම් මන්..

ධ්‍රෝණ නාන කාමරයට වැදුණේ සරදම් සිනහවකින් මුව සරසාගෙනය. ඒ විගස ඕරා දොරගුලු පරික්ෂා කළද පළක් වූයේ නැත. ඒ දොරගුලු විවෘත කිරීමට කිසිදු යතුරක් ඇති බවක් දිස් නොවිණි. මිනිත්තු කිහිපයකින් ධ්‍රෝණ පැමිණීයේ කලු පැහැ තුවායක් ගත දවටා ගෙනය. දිය බිදු බේරෙන ඔහුගේ කඩවසම් ගත දෙස ඕරා එවර බලා සිටියේ දෑස අයාය.චාරුන් සමග දිනක් බ්‍රින්දාරා නදියේ ස්නානය කරද්දී ඔහු දුටුවද ඔහුගේ ගත මේ තරම් කඩවසම් නොවුණි.

කණ්ණාඩියෙන් බලමින් හිස කෙස් පිහ දමන ධ්‍රෝණ යුවතිය දෙසට හිස කෙස් ගසා දැම්මේ වතුර බිදු වලින් ඈ තෙමී යන පරිද්දෙන්ය.

අහ්..එපා..

යුවතිය මුමුණද්දී ධ්‍රෝණ ඈ වෙත පැමිණ ඈ යහනේ පෙරලා ගත්තේය

මොනවද එපා..ආ..සීතලිය කීවනෙ..රත් කරන්නද?

ඇසක් වසා ධ්‍රෝණ පැවසුවේ යුවතිය කෝප ගැන්වීමේ අදහසිනි.

අත අරිනවා..චාරුන් පුච්චයි තමුන්ව..

ඕරා පොරකෑවේ ඔහුගේ දැඩි ග්‍රහණයෙන් මිදීමටය.

චාරුන් තමුන්ගේ බෝයිද?

බෝයි .ඒ කවුද?

ඔහ් ඉන්ග්ලිශ් දන් නැද්ද..ම්ම්…ස්වීටි..ඔයා හරි හොට් ගර්ල්නෙ..

ධ්‍රෝණ ඕරාගේ හිස කෙස් අතර ඇගිලි තුඩු යවමින් පවසද්දී ඕරා වහා ඔහු අතැගිලි ගෙන තදින් සපා කෑවේ ධ්‍රෝණ වේදනාවෙන් කෑ ගසද්දීය..

ඕරා.. මන් කීවා මාව යකෙක් කරගන්න එපා කියලා..

ඔහු තවදුරටත් ඉවසුවේ යුවතිය වේදනාවෙන් සිටින බැව් වැටහුණූ බැවිනි.

මට යන්න දෙනවා. මගෙ චාරුන් ළගට.. අපි බබෙක් ගේන්න හිටියේ ඊලග මාසෙදි..

මොකක්..

ඔව්..ඔක්කොම අපි දෙන්නා බබෙක් ගේනවට කැමැත්තෙන් හිටියෙ..අපි දෙන්නා නමකුත් කතා වෙලා හිටියෙ.දැන් චාරුන් මාව හොයනවා ඇති

ඒ මොකටද? බබෙක් ගේන්නද?

ඔව්..

ඉතින් බබෙක් ගේමුු..මන් උදව් කරන්නම්..ම්ම්..චාරුන්ගේ නෙවෙයි මගේ..

පිස්සුද ඊයා..මන් කැමති චාරුන්ට..

ඉතින් මට මොකද?

අනේ යන්න දෙන්න..මට බයයි..අනේ බයයි

එවර යුවතිය හඩා හෝ ඔහු නම්මා ගැනීමට උත්සාහ දැරීය
ධ්‍රෝණ ඈ අතැර නැගී සිටියේය. වහා සිය අල්මාරියෙන් අතට හසුවූ කමිසයක් හා කලිසමක් ගෙන ගත දවටා ගත් ඔහු ඕරා දෙස හෙලුවේ තර්ජනාත්මක බැල්මකි.

මන් ගමනක් යනවා. ඉක්මණට එනවා. තමුන් පිස්සු නටන් නැතිව පාඩුවේ ඉන්න ඕනෙ..ටොබී කෑම එකක් ගෙනත් දෙයි..

පිස්සු..ඒ කීවෙ..මාත් එනවා.මට මේකෙ තනියම ඉන්න බෑ..

ඔහොම පුලුවන්ද මගෙත් එක්ක එන්න.. මන් තමුන්ට ගැලපෙන ඇදුම් ටිකක් අරන් එන්නම් එද්දි.. තමුන් කරන කියන දේවල් මට පේනවා ඔක්කොම..මන් නොහිටියට මට දැනෙනවා

ඕරා වහා නැගිට ධ්‍රෝණගේ බාහුවක එල්ලුණාය

මන් හොදට හිිටියොත් ඔයා මාව ගෙදර ඇරලනවද?

යුවතිය එවර විමසුවේ ධ්‍රෝණගේ මුහුණටම එබෙමින් ඔහුගේ දෑස දෙස තියුණු දෙස බලමිනි. ධ්‍රෝණ ද ඇගේ ධෑස දෙස සෘජුව බැලුවේ ඒ මොහොතේය. ඕරාගේ වූයේ අමුතුම ආකාරයේ සුන්දරත්වයකි. ඇගේ සම ලා කහ පැහැතිය. දෑසේ කාචය අලුපැහැ වීදුරු ගෝලයක් මෙන්ය. ඒ දෑස දිගැටිය .ඉතා කාන්තිමත්ය. දෙතොල් තද දුඹුරු පාටය. හිස කෙස් තද දුඹුරු පැහැය ගෙන ඇත. ධ්‍රෝණ උවමනාවෙන් මේ සියල්ල නිරීක්ෂණය කරමින් මද වේලාවක් ගත කලේය.

ඔව්..ඒ ගැන සලකා බලන්න පුලුවන්.

පොරොන්දු වෙනවද?

පොරොන්දු වෙනවා බබෙක් හදන්න උදව් කරනවා කියලා..

ඇසක් වසා ඉගි කළ ධ්‍රෝණ පිටවූයේ යුවතියගේ කම්මුලක් මත කෙටි හාදුවක් තබමින්ය. ඕරා ඔහු ගිය දෙසට ඔරවමින් සිට නැවිතත් යහනට පිවිසියේ හොදින් කල්පනා කිරීමට සිතාගෙනය. එහෙත් කොතරම් කල්පනා කළත් ගැලවී යන මගක් ඇයට වැටහුණේම නැත. අවසානයේ ඈ තීරණය කළේ කෙසේ හෝ ධ්‍රෝණගේ විශ්වාසය දිනාගත යුතු බවය. ඔහු ඉදිරියේ හොද චරිතයක් රගපා ඔහු මුලා කොට පැනගත යුතු බවය. ඕරාගේ මුව එවර විවර වූයේ සැනසිලි දායක සිනහවකිනි.

එක්වරම ඈට සිහි වූයේ ධ්‍රෝණ සිය කම්මුල් ස්පර්ශ කළ බවය. ඈ වහා අත්ලෙන් කම්මුල් අතුල්ලා ගත්තේ ධ්‍රෝණගේ දෙතොල් ස්පර්ශය නැතිවී යන ලෙසය.

ධ්‍රැව අතර වන
සුවිසල් අවකාශයක

ඔබද සිරවී මමද සිරවී
සසර එක බැදීමක

(ඔව් ඔව්..ඔයාලා හිතන කෙනා තමා ධ්‍රෝණ.. ඔන්ගොයින් කියවන්න ළමයි.ඔයාලට වගේම ලියන අපිටත් වැඩ තියෙනවා. මේ කොපි කරන ඈයො එක්ක කතාවක් දිගින් දිගටම සයිබරේ තියන්න ලියන කවුරුවත් කැමැති නෑ. විශේෂයෙන් පොත් කරන්න බලාපොරොත්තු වෙන කතා. මේ කතාව ගැනත් මට දැන්ම අනාවැකි කියන්න බෑ.

ඒත් ඔන්ගොයින් කියවනකොට ඔයාලා වගේම මාත් අපහසුතාවයට පත් වෙන් නෑ.‘ ලියලා ඉවර වුණාම අපි කියවන්නෙ, වැඩ අස්සෙ කියවන්න වෙලාවක් නෑ ‘ කියලා ලොකුවට කියන අය නිසා නෙමෙයි ඇත්තටම අපිට ලියන්න හිතන්නේ ඔන්ගොයින් කියවලා කමෙන්ට් එකක් ලයික් එකක් දාලා රචකයා දිරි ගන්වන ඔයාලා නිසා. මන් වැඩියෙන්ම කැමති ඔන්ගොයින් පාඨකයින්ට..ආයෙත් කියන්නෙ ඔන්ගොයින් කියවන්න.)

‘සප්තවර්ණ ‘ ෆේස්බුක්හි පළ නොවුණු මගේ අලුත්ම නවකතා පොත ඕන අය 0743435887 නම්බර් එකට වට්ස්අප් මැසේජ් එකක් දෙන්න. ප්‍රී ඕඩර් යන නිසා ඩිස්කවුන්ට් තියෙනවා.

©රුවනි ලියන්ගොල්ල