ධ්‍රැවාන්තර -1
පාළු කාමරයේ මුල්ලක වැටී හඩනා හුරුබුහුටි යුවතිය දෙස ධ්‍රෝණ බලා සිටියේ කට කොනක නැගි වියරු සිනහවකිනි.
මට කරන්න පුළුවන් මොනවද කියලනෙ ඇහැවෙ. දැන් දැක්කනෙ මට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා.. හහ්..
ධ්‍රෝණ සිය කමිසයේ උඩු බොත්තම් දෙක විවර කරමින් යුවතිය වෙත පැමිණියේ මහ හඩින් හිනැහෙමිනි.යුවතිය ඔහුගේ උස් සිනහා හඩට දෑස ඔසවා හෙලුවේ රළු බැල්මකි.
ඕහෝ මැඩම්..ඔරවන්නත් දන්නවා..තව මොනවද දන්නෙ..ආ
ධ්‍රෝණ යුවතිය දෝතට ගත්තේ ඇගේ දත්මිටි කෑම නොතකමිනි.
අත අරිනවා.මට තමුන්ව අප්‍රියයි..ඊයා..
ධ්‍රෝණ යුවතිය අතඇරියේ සයනය මතටය.ඇගේ දෑත් දෙපසින් යහනට සිර කරගෙන ඔහු ඇගේ මුහුණට එබුණි.
මටත් තමුන්ව අප්‍රියයි
එහෙනම් මොනවටද මාව මෙහෙට ගෙනාවෙ..මේ කොහෙද?
යුවතිය විමසන්නේ දැඩි කෝපයකිනි.
මන් හිතුණු දේ කරනවා.තමුන්ගෙ ඔය කට නිසයි මෙහෙම වුණේ..දැන් ඉතින් මෙහෙ ඉන්නවා මගෙත් එක්ක. තමුන් කට පරෙස්සම් කරගෙන හිටියොත් තමුන්ව ආයෙත් ගෙදර ඇරලන එක ගැන මං සළකා බලනවා.මට හිතුණූ දවසට තමා ඒකත්
ඕරා ධ්‍රෝණගේ කඩවසම් මුහුණ දෙස බලා සිටියේ සිතෙහි බුර බුරා නැගෙන කෝපයේ ගිනිදැල්ව වලින් පීඩිතවය.
තමුන් මහ ලොකු මනුස්සයෙක් කියලද හිතාගෙන ඉන්නෙ.කවුද තමුන්
ඔව්..මන් එහෙම තමා මන් ගැන හිතාගෙන ඉන්නෙ..මගේ නම ඔය
නෝනා අහලා නැති එක මගේ වරදක් නෙවෙයිනේ
මොකද්ද නම
ඒක රහසක්.පුලුවන් නම් හොයාගන්නවා.මන් කවුද?මොනවද කරන්නෙ..මට මොනවද කරන්න පලුවන් දේවල්.මේ හැමදේම..
ඇයි මන් ඒවා හොයන්නෙ..මට තමුන්ගෙන් ඇති වැඩක් නෑ
හහ්..තමන් කසාද බදින්න ඉන්න කෙනා ගැන දැනගන්න ගෑණු ළමයි හරි ආසයිනෙ මන් දන්න විදිහට
කසාද බදින්න..ඒ මොකද්ද?
ඕරා විමසද්දී ධ්‍රෝණ හිනැහුණේ උස් හඩිනි.
මගේ චාරුන් දැනගත්තම තමුන් ගැන..තමුන්ව එක බැල්මෙන් පුච්චලා දායි
ඕරා තර්ජනය කරන්නේ හැකි උපරිම ලෙස නපුරු බැල්මක් නෙතට ගෙනය.
ධ්‍රෝණ මද වේලාවක් තරවටු දෑසින් යුවතියගේ දෑස දෙස බලා සිට සෙමින් ඒ දෙතොල් දෙසට පාත් වූයේ ඕරා වහා මුව ඉවතට ගද්දීය
මට කෙල්ලො ඉන්නවා ඕන තරම්.තමුන් වාගේ වැදිරියක් ඕන නෑ
වැදිරි..ඒ කවුද?
යුවතිය කුතුහලයෙන් විමසද්දී ධ්‍රෝණ යළිත් මහ හඩින් හිනැහී ඈ අතැර යහනේ වැතිරුණේය.
වැදිරි කියන්නෙ හරිම ලස්සන හිතාගන්න බැරි තරම් සුන්දර ගෑණු ළමයින්ට..
ධ්‍රෝණ ඒ වදන් පැවසුවේ අතිශයෝක්තියෙන් වර්ණනාත්මකවය. යුවතිය ඒ අසා සිටියේ ඇහි බැමිද ඉහළට ඔසවාගෙනය. මදකින් ඈ නැගී සිට යහනෙන් බැස කවුලුව අසලට ගියේ ධ්‍රෝණ ඈ දෙසටම නෙතු රන්දාගෙන සිටියදීය. අලු පැහැ දිදුලන ගතටම සිරවූ ඇදුම දැන් නම් ඇයට කිසිසේත් ගැලපෙන්නේ නැත.
ඇයි මාව හිර කරගෙන ඉන්නෙ.. මට යන්න දෙන්න..මේ කොහෙද..මෙහෙ හරි අමුතුයි..කොහොමද මාව මෙහෙට ගෙනාවෙ
ධ්‍රෝණ පිළිතුරක් දීමට උත්සුක වූයේ නැත.
කවුලුවෙන් එපිට ඈත පෙනෙන ආකාශයේ පෙනෙන තාරකා මණ්ඩල දෙස නෙත් රන්දාගෙන සිටි ඕරා ධ්‍රෝණ දෙස නෙත් යොමු කළේ බොහෝ වේලාවකට පසුවය. ඒ පෙනෙන තරු රටා ඈ හදුනන්නේ නැත.
ධ්‍රෝණ ඒ වන විට නින්දට වැටී සිටිනු පෙනුනි. සුදු පැහැ කාමරයේ වූ සුදු පැහැ සයනයේ වැතිරී සිටිනා දේහධාරියා පිළිබද තමා දන්නේ මොනවාද? ඔහු කවුරුන්ද? තමා ඔහුගේ සිරකාරියක් කරගත්තේ ඇයි?තමාට මින් මිදී යා හැකි වේද? හෙට දිනය අවිනිශ්චිතය.ඔහුගෙන් වෙනත් කිසිදු කරදරයක් නම් සිදුවූයේ නැත. වහසි බස් දෙඩවීම පමණකි.
මේ කුටිය කුමක්ද? මේ අවට පරිසරය තමාට ගෝචර නොවේ.
ඕරා මද වේලාවක් බලා සිට කවුලු හා දොර අගුලු විවෘත කිරීමට වෙහෙසුණද එය හිතලුවක් පමණක්ම විය. අවසානයේ ඈ ධ්‍රෝණ අසලින්ම වැතිරී වේදනාවෙන් දෑස පියාගත්තීය.
සිදුවූ අකරතැබ්බය විශ්වාස කළ නොහැකි තරම්ය. සියල්ල තමාගේ පාලනයෙන් තොර මුව හා පුහු ආඩම්බරකම නිසාමය.
සත්වන මහලේ කවුලුවෙන් හිරු එබෙන්නේ නැවුම් දවසකට මග කියා පාමිනි. ඕරා අවදිව බොහෝ වේලාවක් ගත වී ඇත. ධ්‍රෝණ තවමත් සුව පහසු නින්දකය.
හහ්..මාව මේ විදිහට කරදරේක දාලා එයා හොදට නිදි.. කරන්නම් හොද වැඩක්..නපුරු රාක්ෂයා
ඕරා දෙවරක් සිතුවේ නැත මේසය මත තිබූ වතුර වීදුරු ගෙන ධ්‍රෝණගේ මුහුණ මතට හැලුවේ කුරිරු සිනහවක් මුහුණට ගෙනය.
එක්වරම කඩාපාත්වූ සීතල වටහා ගැන්මට නොහැකිව අවදි වූ ධ්‍රෝණ උපරිම කුරිරු සිනහවකින් තමාදෙස බලා සිටින ඕරා දෙස විමතියෙන් බලා සිටියේ සිදුවූව යාන්තමින් වටහාගන්නා තෙක් පමණි.
ඊඊඊ..මොකද්ද ඒ කලේ..
වහා ඕරා වෙත කඩාපැනි ධ්‍රෝණ ඇගේ විරෝධය නොතකා ඈ ඔසවාගෙන නාන කාමරය වෙත ගියේ ඕරා ඔහුගේ බාහුව දසන් වලින් තද කරමින් ඔහුගෙන් මිදීමට වෙර දරද්දීය.
වතුර පුරවා තිබූ නාන බේසමට මේ සීතල උදෑසන කිසිදු දුකක් නොමැතිව යුවතිය අතැරි ධ්‍රෝණ අත්ල පිස දමාගත්තේ ඕරා කෑගසමින් ඔහුට බැණ වදිද්දීය
මොකද්ද තමුන්ගෙ නම..
ඕරාගේ කෙස් වැටියෙන් අල්වා ඇගේ මුව සුරතින් තද කරගෙන ධ්‍රෝණ විමසුවේ මෙතෙක් විමසන්නට අමතක වූ පැනයකි
කියනවා..මොකද්ද නම
ඕ..රා…
රිදුම් දෙස මුවින්ම යුවතිය මිමිණුවේ සීතලින් පෙගුණූ සලුපිලි වලින් පෙනෙන ඇගේ ශෝබමාන ගත දෙස ධ්‍රෝණ අනුරාගී සුසුමක් සමගින් නෙතු පාකරද්දීය.
මාව යකෙක් කරගෙන හැමදාටම පසුතැවෙන්න එපා ඕරා.මන් බොහොම කරුණාවෙන් කියන්නෙ.තමුන්ට අවැඩක් කරන්න හිතක් මට නෑ.ඒත් තමුන්ගෙ බාලාංශ හැසිරීම මත මගේ හැගීම් වුණත් වෙනස් වෙන්න පුලුවන්
බාලාංශ හැසිරීම.ඒ මොකද්ද?
ඕරා දෑස විසල් කර විමසද්දී ධ්‍රෝණ ඈ අතැර නැගී සිටියේය.
නාගන්නවා හොදට කුණූ අතුල්ලලා..තමුන් ළග ගදයි.
මොකද්ද කීවෙ..
ඇහුණනෙ..කටු අත්ත වගේ එල්ලි එල්ලි එන්නෙ නැතුව පාඩුුවෙ වැඩක් බලාගන්නවා..
කටු අත්ත කියන්නෙ..
ඔහ් ගෝඩ්..මොකක්ද මන් කරගත්තේ
ධ්‍රෝණ හිස බදාගත්තේය.
ගෝඩ් ..කවුද ඒ..
ඕරා නවත්තනවා..නාගෙන එනවා..ඇදුමක් හෙයලා දෙන්නම් මන්..
ධ්‍රෝණ නාන කාමරයේ දොර මහ හඩින් වසාගෙන පිටවූයේ ඕරා නාන බේසමෙන් එළියට විත් කෝපයෙන් වතුරට පහර දෙද්දීය.ඔහු පවසන ඇතැම් දේ තමාට වැටහෙන්නේ නැත. ඔහු තමාට උපහාසයට සිනහසෙයි. ඔහුට හොද පාඩමක් ඉගැන්විය යුතුය. එහෙත් ඒ කෙසේද?
ධ්‍රැව අතර වන
සුවිසල් අවකාශයක
ඔබද සිරවී මමද සිරවී
සසර එක බැදීමක
ධ්‍රෝණ කියන්නෙ කවුද ළමයි.පුලුවන් නම් ගෙස් කරන්න. පළවෙනි කොටස නිසා ලයික් ෂෙයාර් කමෙන්ට් ගොඩක් ඕනෙ..
©රුවනි ලියන්ගොල්ල©