රෝහලේ දවස් දෙකක් නැවති අවශ්‍ය ප්‍රතිකාර ගෙන නැවත නිවසට පැමිණියේ වෛද්‍යවරයාගේ දහසකුත් උපදෙස් මත. මන් දන්නවා ගෙදර අය පවා මන් ගැන දුකින් ඉන්නේ. මාව සතුටු කරන්න නොකරන දෙයක් නෑ. ඒත් මට හැමදේම නැති වෙලා වගේ හැගිමක් දැණුනේ.

මම කාමරයට වෙලා ලෑස්ති උනේ හසරැල්ගේ ලස්සනම දවසට යන්න. කොච්චර හිත හයිය කරන් මන් යන්න හැදුවත් හිත ඇතුලෙන් කඩා වැටිලා හිටියේ පුදුම විදිහට… ගතින් විතරක් නෙවේ මන් මේ වෙද්දි මනසිනුත් ගොඩාක් දුරවල.වෙලායි හිටියේ.
එදාට වඩා මගේ පෙණුම ගොඩාක් වෙනස් වගේ මට දැණුනේ. පිරිච්ච මුහුණ වගේම හරි හමක් කෑමක් නැති මගේ ශරීරය ඇදිලා ගිහින් තිබ්බේ…

“උබ ලෑස්තිද බන් වෙනු…”

කණ්ණාඩියෙන් පේන මගේ පිළිඹුව දිහා බලාගෙන කල්පනා කරමින් සිටි මගෙන් කල්පනාව මදකට දුරස් කරමින් මගේ කාමරයට පැමිණියේ නිශියි.

මා කිසිවක් නොපවසාම සිහින් මදහසක් සමගම දිගු සුසුමක් හෙලමින් කනෙහි කරාඹුවක් රැදවුයේ නිශි මා අසලට පියනගද්දි.

“උඹට යන්නම ඔනිද බන්..”

මට එහා පැත්තේ සයනය මත අසුන් ගනිමින් නිශි පවසද්දි මන් හැරිලා බැලුවේ ඈ දෙස..

“හ්ම් යන්නම ඔනි. මගේ හසරැල්ගේ ලස්සම දවස වෙනුවෙන්…”

“උබට බලන් ඉන්න පුලුවන්ද එයා වෙනකෙනෙක්ගේ වෙනවා…”

“බැරිවෙයි බන්. ඒත් මන් යනවා.කොහොම හරි බලන් ඉන්නවා ඒ දෙන්න දිහා. මන් ඒ දෙන්නාගේ ජිවිතේට සුභ පතන්න ඔනි නිශි. මට සුලෝචනාට කියන්න ඔනි මේ ආත්මේ විතරයි මන් එයාට මගේ හසරැල්ව දෙන්නේ කියලා. අනිත් හැම ආත්මෙකම හසරැල් මගෙ. මන් මේ විදිහට එයාව මග තනි කරලා යන් නෑ කියලා කියන්න ඔනි නිශි…”

මන් සිහින් ඉකියක් සමගම ඒ ටික හිමින් පැවසුවේ පපුවෙන් සිහින් රිදුමක් දැනෙද්දියි.

“උබ හොදින්ද වෙනු…”

මම පපුව පිරිමදිනවා දුටු ඈ කලඹලයෙ විමසුවේ මා සිටිනා තත්වය දන්නා නිසාමයි…

“මන් හොදින් නිශියෝ. අපි යමුද. මන් ලෑස්තියි…”

“යන්…”

ගෙදර හැමෝගේම අකමැත්තෙන් වුවත් මන් හසරැල්ගේ ලස්සන දවසට සුභ පතන්න කියලා පිටත් වුණේ නිශි එක්ක ආයේ කිසිම දවසක ඔහු අභියසට යන් නෑ කියන බලාපොරොත්තුව ඇතිව. සමහරවිට මන් හසරැල්ව දකින අන්තිම දවස අද වෙන්නත් පුලුවන් කියලා මන් නොදන්නවා නෙවේ. මගේ ජිවිතේ කොයි වෙලේද කියලා මන් වත් දන් නෑ… අපි මේ ලෝකෙට එනකොට අපේ දෛවය ලියන් එන්නේ. අපි කොච්චර ලස්සනට ජීවත් වෙන්න හැදුවත් ඒ දෛවය අපේ ජිවිතයට හරස් වෙන්නේ පුදුම විදිහට.

“වෙනු අපි ආවා…”

මගේ ජීවිතය ගැන හිත හිතාම ආපු මාව පියවි සිහියට ආවේ නිශිගේ වදන් සමගම..

“මායි එයයි වෙඩින් එක ගන්න හිතපු තැනම බන් මේ. ඒ විදිහට සරසලා…”

මන් නිශිට කිවේ මන් ආසම විදිහට එයා වෙඩින් එක ගන්න ඔක්කොම සරසලා තියනවා දැකලා.

“ඔක්කොම ඒ විදිහ බන්. මනමාලයා පවා ඉන්නවා. ඒත් මන් වෙනුවට එතන වෙන කෙනෙක් ඉන්නේ නිශි…”

“අඩන්න එපා බන්…”

“මන් අඩන් නෑ නිශි. මගේ හසරැල්ගේ ලස්සනම දවස අඩලා කැත කරන් නෑ….”

එලෙස පැවසු මා සෙමින් සෙමින් පිය නැගුවේ උත්සව ශාලාව වෙතට ගැහෙන හදින්.

ශාලාවට ඇතුල් වෙනකොටම ම දැක්කේ හසරැල්. පෝරුවේ චාරිත්‍ර වලට තවත් තියෙන්නේ විනාඩි ගානක් වගේ. මන් ආසම විදිහට කෝට් එක ඇදලා හසරැල් හිටියේ රාජ කුමාරයෙක් වගේ. පොරුව අනෙක් පස සිනහා වෙවි ඉන්න සුලෝචනාව දැක්ක මගේ පපුව පිච්චෙනවා වගේ හැඟීමක් දැණුනේ මන් මගේ වෙඩින් එකට අදිමු කියලා ආසම විදිහට එයා සැරසි ඉන්නවා දුටු විට.

අෂ්ඨක මධ්‍යයේ හසරැල් සුලෝචනාගේ දැඟිලි පැටලෙද්දි මම බලන් හිටියේ අඩන්න බැරි කමට හිනා වෙවි. මන් ඉන්න තත්වය දන්න හින්දාම නිශි මගේ අතින් අල්ලන් මට ශක්තියක් උනේ.

හසරැල්ගේ වෙඩින් එක සුලෝචනාත් එක්ක ලස්සනට වෙද්දි හැමෝගෙම ආශිර්වාදය මධ්‍යයේ දෙදෙනාම පොරුවෙන් බැස ඊලග නික්මුණේ විවහා ලියාපදිංචිකරු අසලට.

හසරැල් නිතියෙන්ම සුලෝචනාගේ වෙද්දි මට දැණුනේ හුස්ම ගන්න අපහසු ගතියක්. හසරැල් හැමෝම එක්ක සුහදව සිනහා වෙවි ඉද්දි මගේ දෑස් සෙමින් පියවෙමින් ඇදවැටුණේ නිශිගේ කෑ ගැසිම මධ්‍යයේ…

“වෙනු අනේ වෙනු කතා කරන්න…”

බිද වූ දෑසින් හසරැල් මගේ දිහා පුදුමයෙන් වගේ බලාන ඉද්දි මාව කාගේ හෝ දෑතකට එසවුණේ ජසරැල් දිහා බලන් එයාට හැමදාම සතුටින් ඉන්න කියලා ඉගියෙන් පවසා විට. ඒත් එක්කම මගේ සිහිය මගෙන් දුරස් වෙලා යන්න ගියේ ඊලග තත්පරයේ මොනවද උනේ කියලාවත් නොදැන…

මතුවට…..

💜️ යේශ්නි අකේල්‍යා