එකම එක වතාවක් ❣️

පස්වන_කොටස

කාමරේට ආපු අක්කා මගේ ළගින් ඉදගෙන කතා කලේ හිස පිරිමදින ගමන්..

“ඇයි අක්කා එහෙම කිවේ…”

“ඔයාව හම්බෙන්න කෙනෙක් ඇවිල්ලා…”

“කවුද…”

“එන්න යන් සාලෙට…”

අක්කා මාවත් එක්කරගෙන සාලෙට ගියේ හිතට නුහුරක් දැනෙද්දි. මොකද්දෝ අමුතු හැගීමක් දැනෙද්දි මන් සාලෙට පිය තැඹුවේ ගැහෙන සිතින්.

කොහොම විශ්වාස කරන්න ඒ ඔහුයි. දුවගෙන ගිහින් ඒ පපුවට තුරුළු වෙන්නට හිතුණත් දැන් මගේ නෙවේ කියලා මතක් වෙද්දි ඒ පපුව දැන් මට අයිති නෑ කියලා මතල් වෙද්දි කොහොම ඉවසන්නද…

“හසරැල්…”

මාවයි හසරැලුයි සාලේ තනිකරමි අක්කා මුළු තැන් ගෙ දෙසට ඇදුණේ මාව අසරණ කරමින්..

“අහ් මැඩම් සතුටින් ඉන්නවා වගේ…”

හසරැල් මන් ගාවට ආවෙ සමච්චලෙන් හිනා වෙවි ඇහුවේ මගේ දිහා හොදට බලන ගමන්. ඔහුගෙන් අහන්න හිතුනත් මං සතුටින් වගේ පේනවද කියලා මොකුත් නොඅසාම මා සිටියේ බිම බලන්…

“ම්හ් සතුටින් වගේ. අන්තිමට මන් රැවටුන එකනේ උනේ. ඇත්තටම ආදරය කරා නම් ඔහොම කවදාවත් අත අරින් නෑ…”

“හසැරැල් අයි ආවේ…”

ඔහුගේ දෑස්දෙස නොබලාම මම හිත හයිය කරන් ඇහුවේ තවත් ඔහුගේ කතා අසා සිටියහොත් ඇඩෙනවා කියලා දන්න හින්දාමයි…

“ආ…”

“මොකද්ද…”

හසරැල් දිගු කල ලියුම් කවරය දිහා බලන් මම ඇහුවේ හිතේ දෙගඩියාවකින්.

“මගෙයි සුලෝචනාගෙයි වෙඩින් එකට ඉන්වයිට් එක. පලවෙනි ඉන්විටේශන් කාර්ඩ් එක මගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ට…”

කඳුළු ඇස් දෙකෙන් එළියට පනින්න වෙර දරද්දි බොහෝම අමාරුවෙන් ඇස් අස්සේම කඳුළු හිර කරන් මන් හසරැල් දිහා බැලුවේ පපුව හත් අටකට පැලි යන වේදනාවක් දැනෙද්දි…

“ආ ගන්න. මතක ඇතුව අනිවාර්යයෙන් එන්නම ඕනි. ඔයා එනකල් මම පෝරුවට නගින් නෑ. මෙච්ච්චර ආදරේ කරපු මාව කුණු මාළු කෑල්ලක් වගේ විසි කරපු ඔයා අනිවාර්යයෙන්ම එන්නම ඕන. ඔයා පසුතැවෙනවා මට බලන්නම ඕන. මතක තියා ගන්නවා හරියට තව දවස් තුනකින් ඉදේ අටයි දොලහට පෝරුවේ චාරිත්‍ර. අනිවාර්යයෙන්ම මන් බලන් ඉන්නවා… මගේ ජිවිතේ සතුටුම අවස්ථාවේ ඔයා නැත්තම් වැඩක් නැනේ. එහෙම අනිවාර්යයෙන්ම එන්නම ඕන. ටයිම් එක මතකනේ…”

මගේ සවන ලංව පැවසු ඔහු මගේ දෑතක් මත ඔහුගේ ආරාධනා පත්‍රය තබා එක වරක්වත් හැරි නොබලා යන්න ගියේ මම එතනම බිම වාඩි වෙද්දි. මෙපමණ වෙලා ඇස් වල හංගන් හිටිය කඳුළු කැට එකින් එක බිමට පතිත වෙද්දි බොද වූ දෑස් මා බැලුවේ ඒ ආරාධනා පත්‍රය.

හසරැල් ගිහස්ම මගේ ජීවිතයම වෙනස් කරපු එයා තව දවස් කිහිපයකි වෙන කෙනෙක්ගේ. කොහොම දරා ගන්නද ඒ වේදනාව.

බොද වූ දෑසින් හසරැල්ගේ නම මගේ අතින් පිදිමදිමින් සිටිනා විට මගේ උරහිඩින් අල්ලන් නැගිට්ටෙව්වේ මගේ අක්කා…

“අ.. අක්කා එයා…”

“අඩන්න එපා මැණික. ඔයා හොදට හිතලා නේද මේ තීරණය ගත්තේ. ඇයි මේ අඩන්නේ නංගි…”

“ද.. රාගන්න අමා..රුයි අක්..කා ඒ.. වේදනා..ව..”

“අඩන්න එපා නංගි. වේදනාවක් තමා ඒත්…”

“අක්කා ප්ලිස් මට ටිකක් තනියම ඉන්න ඔනි. ප්ලිස් අක්කා..”

අක්කාගේ දෑත් මගේ උරහිසින් ඉවත් කරන ගමන් මම පියමැන්නේ මගේ කාමරයට.

අඩලා අඩලා තවත් අඩන්න ඇස් වල කඳුළු නති වෙද්දි මම සයනය මතින් ඉදගෙන මගේ දුරකථනයේ සුරැකි ඔහුගේ ඡායාරූපය දෙස බලා සිටියේ මුළු හිතම වේදනාවෙන් පිච්චෙද්දි…

“සමා.. වෙන්න රත්..තරනේ… හිතකින් නෙවේ ඈත් උනේ.. ඈත් නොවි බැරි කමට. වෛර කරන්න මට. එතකොට හිතට ලොකු සැනසීමක් රත්තරනේ. පින් නෑ මට ඔය තුරුළේ රැදෙන්න. මන්.. මන් මහ කාල..කණ්නි කෙල්ලක් මහත්තයෝ. ඔය ආදරේ විදින්න..පින නැති මම මහ කාල… කණ්නි කෙල්ලක් මහත්තයෝ. සිය දහස් වතාවක් සමාවෙන්න රත්තරනේ…”

“මාව තාත්තෙක් වගේ බලා ගත්ත මාව ආරක්ෂා කරපු ඔයාගේ ඔය ඇස් වලට කඳුළු දුන්නේ හිතකින් නෙවේ. දන්නවා ඔය හිතේ මන් වෙනුවෙන් තාමත් ආදරේ තියනවා කියලා. ඔය ඇස් වලින් මාව පුච්චන්න තරම් තරහකින් බැලුවත් ඒ ඇස් වල ඇයි මට මෙහෙම කලේ කියලා අහනවා මන් දැක්කා රත්තරනේ… ඔයා දවසක දැනගනි හැමදේම… ම්.. මාත් අසරණයි මහත්තයෝ. මේ කෙල්ල ගොඩා..ක් අසරණයි..”

මගේ දුරකථනයේ තියෙන හසරැල්ගේ ඡායාරූපය සෙමින් පිරිමදින ගමන් මගේ පපුවට තුරුළු කරන් ඇදේ වකුටු උනේ ඇස් දෙකත් පියාගෙන.

දරා ගන්න බැරි වේදනාවත් සමගම පපුව ඇතුලෙන් සියුම් වේදනාවක් සෙමින් සෙමින් ශරීරය පුරාම උඩු දුවද්දි මම ඇස් පියන් පපුව පිරිමැද්දේ මේ ජිවිතේ මේ තත්පරයේම නැති වෙලා යනවා නම් කියලා හිතන ගමන්. වේදනාව දරා ගන්න තවත් ශක්තියක් නොමැති තැන මම දෙතොල් තදින් විකා ගත්තේ මගේ සිහිය ටිකෙන් ටික මගෙන් ගිලිහි යනවා වගේ දැණෙද්දි.

“පේශන්ට් ගැන ඔයාලා හොදටම දන්නවානේ. එයාට ටෙන්ශන් එකක් දුකක් දෙන්න හොද නෑ මේ ඉන්න තත්වය අනුව…”

කෙමින් කෙමින් මගේ ඇස් විවර වෙද්දි නහය දැණුන බෙහෙත් සුවදත් එක්කම මම ඉන්නේ හොස්පිටල් එකක කියලා තෙරුණා. පසෙකින් ඩොක්ටර් කාටදෝ මොනවාද කියද්දි මම අමාරුවෙන් දෑස් විවිර කරමින් වට පිට බැලුවේ අපහසුවෙන්…

“ව්.. ව. ව.. තු.. ර…”

අපහසුවෙන් මුවගින් වචන කිහිපයක් පිට වෙද්දි හෙදියක් පැමිණ මගේ දෙතොලේ වතුර බිතිදි කිහිපයක් තැවරුවේ ඇතට ඉන්ජෙක්ෂන් එකක් විදින ගමන්. මවත් අක්කාත් ඇස් වල කඳුළු පුරවන් මන් දිහා බලන් ඉන්නවා බොද වු දෑසින් දකිද්දි මගේ දෑස් පියවිනි.

මතුවට…..