May be an image of 1 person and text
සිතින් විතරක් ..
හතලිස් තුන…43
අශ්මිරා හිටියෙ සඳළු තලේ සිමෙන්ති බැම්මට හේත්තු වෙලා. පහ ගෙව්යන දිහා බලාගෙන. ලස්සනට ඉර පායලා තිබුන සුන්දර උදෑසනක්. අශ්මිරා වටපිට සුන්දරත්වයෙන් වශීවෙලා වගේ බලාගෙන හිටියා. ඒත් ඇගේ හිත තිබුනෙ හුඟක්ම නොසන්සුන්ව.
සෙත් සඳළුතලේ සිමෙන්ති බැම්මට හේත්තු වුනේ අශ්මීරාගෙ මූණ දිහා බලාගෙන. ඈ සැබැවින්ම යහපත් යුවතියක් බව ඔහුට මේ වෙන විට වැටහිලා තිබුනා. නොතේරෙන හැඟීමක් හිත තුල දඟ කරද්දි ඔහු බර සුසුමක් හෙළුවා. ජීවිතේ මහ පුදුමාකාර දෙයක්.
ඇයි..සෙත් මොකක්ද ප්‍රශ්නෙ..?
ආපහු හැරිලා සෙත් දිහා බලාගෙන ඇහුවා.
ඉක්මනින් මැරි කරන්න නං බැරිය..ඔය හොඳ ගර්ල් කෙනෙක් හොයා ගන්න එකනෙ අවුල… ඔහු කියවගෙන ගියෙ බැරෑරුම් හඬකින්.
ඇත්තටම ඒක එච්චරම අමාරුද..? ඒත් ඇය ඒක විහිළුවකට ගත්තා.
අමාරුයි නේන්නං කොහොමද ඔය හොඳ හොයා ගන්නෙ ඉතිං..
සෙත් ඒක විහිළුවකට ගත්තෙ නෑ.
ඉතිං මොනවා කරන්න ද..? ඒත් ඉතිං ඒන්ජල් පව්… අශ්මිරා හෙමින් කීවා.
ඇයි ඒ..?
ඇයි කියන්නෙ…ඔයා හොඳ ගර්ල් කෙනෙක් හොයා ගන්න කං ඒ කෙල්ලට හිත හදා ගන්න පුළුවන් වෙන එකක් නෑ.. අශ්මිරා ආයිම කීවේ ගෙවුයන දිහා නෙත් හෙලන ගමන්.
විහඟගෙ සුරතෙ එල්ලිලා ඒ ගෙව්යනෙ ඇවිඳ ගෙන යන ඒන්ජල්ව අශ්මිරාගෙ ඇස් ගැටුනා. හිතපුරාම මොකක් දෝ නුහුරු හැඟීමක් පෙල ගැහෙද්දි ඇය ක්ෂණිකව ආපහු හැරිලා සෙත් දිහා බැළුවා.
ඇයගෙ බැල්මෙ කලබල බව නිසාම සෙත් ඈ දිහා නෙවී නෙත් හෙළුවෙ ගෙවුයන දිහා අශ්මිරා දුටු දසුනම සෙත්ගෙ නෙත ගැටුනා. අශ්මිරා හිතපු දේ දැනන නිසාම සෙත් ඈ දිහා බැළුවා.
ආශ්…. ටික වෙලාවට පස්සෙ ඔහු ඇයට කතා කලා.
කියන්න… ඇය කීවේ හිටපු ඉරියව්ව වෙනස් කරන්නෙ නැතුව.
මම ඔයාගෙන් දෙයක් අහන්නද…? ඒ ගමන සෙත් ඇහුවා.
මොකක්ද සෙත්…?
දන්නෙ නෑ මෙහෙම අහන එක වැරදිද කියලා..ඒත්…?
කමක් නෑ සෙත් අහන්න…
ඔයා මෙහෙ එන්නෙ ඒන්ජල් නිසා විතරද..?
සෙත් ඇහුවෙ සන්සුන් හඬකින්. අශ්මිරා ගැස්සිලා සෙත් දිහා බැළුවා.
ඇත්තටම ඇය නිතර නිතර මේ නිවසට ආවෙ ඒන්ජල්ව බලන්න විතරක් නෙවී කියලා ඇය දන්නවා. නොතේරෙන මොකක් දෝ හැඟීමක් සෙත් ගැන ඇගේ හිතේ තිබුනා.
ඔහුව දකින් හමුවන්න කතා බහ කරන් ඇගේ සිතේ තිබුනෙ ලොකු කැමැත්තක් ඒ ඇයි කියන්න ඇයට පැහැදිලි කරගන්න තේරුනේ නෑ.
ඒත් විහඟයි ඒන්ජලුයි දෙන්නම විහිළු කරද්දි ඇයට දැනුනා ඒ හැඟීම ඔවුන්ටත් තේරෙන්න ඇති කියලා. ඒත් සෙත් ඔහු කවදාවත් තමන් ගැන විශේෂයෙන් හිතනවා කියලා අශ්මිරා හිතුවෙ නෑ. ඉතිං හදිස්සියෙ මේ වගේ දෙයක් අහද්දි ඈ නොසන්සුන් වුන එක පුදුමයක් නෙවී.
මට ඔයා අහන දේ තේරෙන්නෙ නෑ සෙත්…?
ඇය කීවේ කියන්නම දෙයක් නැති තැන. ඒ ලජ්ජාවෙන් රතුපැහැ ගැනුවුන ඇගේ මුහුණ දැක්කාම සෙත් හුඟක් දේවල් හිතා ගත්තා.
ඔයා හොඳ ගර්ල් කෙනෙක්..හුඟක් හොඳ ගර්ල් කෙනෙක්.. එහෙම නැති කෙනෙකුට ඒන්ජල් ගැන මේ තරම් මහන්සි වෙන්න ඕනි නෑ.. ඇත්තටම ඔයා මගෙ හොඳ යාළුවෙක් වෙලා ඉන්න එක ගැන මට හුඟක් සතුටුයි..
සෙත් කියවගෙන යනවා ඔහු කියන්නෙ මොන වද කියලා අශ්මිරාට හිතා ගන්න බැරිවුනා. ඇය කිසි දෙයක් හිතා ගන්න බැරි ඇස් වලින් සෙත් දිහා බැළුවා.
ඔයා මොනවද සෙත් කියන්න හදන්නෙ…
අශ්මිරා ඇහුවෙ කිසිම දෙයක් හිතා ගන්න බැරුව.
කෙලින්ම අහන්නං.. කැමතිද..ඔයා අර මට හොයා ගන්න කීව හොඳ ගර්ල් වෙන්න… සෙත් ඇගේ දෑස් දිහා බලාගෙන.
සෙත්… ම..ං…. අශ්මිරාට එකපාරම කිසිම දෙයක් හිතා ගන්න බැරිවුනා.
අයිම් සොරි ආශ්…සමහර විට මම වැරදි ඇති මේ වගේ දෙයක් එකපාරම එහෙම අහන එක වැරදි තමා…
මට එක පාර උත්තරයක් එපා පස්සෙ කල්පනා කරලා උත්තරයක් දෙන්න.. ඔයා මොනා කිව්වත් මම තරහා වෙන්නෙ නෑ.. මොන දේ උනත් මේ යාළුකම නැති කරන්න එපා ඒකට මම හරිම කැමතියි…
සෙත් කියවගෙන ගියෙ හුඟක් සන්සුන් හඬ කින්. ජිවිතේ ආයිම අළුතින් පටන් ගන්න ඕනි කියලා ඔහුට හිතුනා. ඇත්තටම අශ්මිරාට තමන්ව තේරුං ගන්න පුළුවන් කියලා ඔහු හිතුවා.
පස්සෙ කල්පනා කරන්න දෙයක් නෑ සෙත්… ඔයා වගේ කෙනෙක් ගැන තීරණයක් ගන්න මට දෙපාරක් හිතන්න ඕනි නෑ.. අශ්මීරා කියවගෙන ගියෙ හුඟාක්ම බර හඬකින්.
එච්චරටම විශ්වාසද මාව.. ඔහු ඇහුවෙ විමතියෙන්.
ඒන්ජල්ගෙ ප්‍රශ්නෙ දි ඔයා හැසිරුණ විඳිහ දිහා බලන් ඉද්දි මට දැනුනා ඔයා හුඟක් හොඳ කෙනෙක් කියලා.. ඉතිං වෙන මොනවද.. අශ්මිරා කීවේ සුන්දර සිනාවක් පාමින්.
පොරොන්දු වෙනවා ඒ විශ්වාසය ජිවිත කාලෙ පුරාම ඒ විඳිහටම රකිනවා කියලා..
සෙත් කීවේ ඇගේ දෝතින්ම අල්ලගෙ හුඟා ක්ම ආදරණීය හඬකින්. දෙපාරක් හිතන්නෙ නැතුව අශ්මීරා ඒ පපුවට බරවුනේ හිත පුරාම උතුරා ගලා ගිය ආදරෙන්.
ගෙව්යනේ ඒන්ජල් එක්ක සක්මන් කරමින් උ න්න විහඟ ඒ දසුන දුටුවෙ අහම්බෙන්. ඔහුගෙ සිතට දැනුනෙ මහත් සතුටක්.
මොන තරම් තරම් සාමාන්‍ය වෙන්න උත්සහ කලත් සෙත් උන්නෙ වේදනාවෙන් කියලා විහඟ දැනගෙන හිටියා. ඔහුට සැනසුම් සුසුමක් හෙළුනා.
ඒන්ජල් ආපහු හැරිලා විහඟ දිහා බැළුවෙ ඒ සුසුම් හඬට. ඇය ඇයි කියලා ඔහුගෙන් ඇහුවෙ ඇස් වලින්.
ත\මු/සෙ බොරුවට මෙතන හොටු පෙරාගෙන අඬන්න ඕනි නෑ..ආන් බලනවා.අයියණ්ඩි
..කොහොමද ඉන්නෙ කියලා…
එහෙම කියලා විහඟ ඇගේ මුහුණින් අල්ලලා සදළු තලේ දිහා බැළුවා. ඇය සෙත්වයි අශ්මි රාවයි දැක්කෙ ඒ අතරෙ. ඇගේ දෑස් විමතියෙන් විසල් වුනේ ඒත් එක්මයි. ඇයට දැනුනෙ තම න්ගෙ හිතේ ලොකු බරක් නිදහස් වුනා වගේ හැඟීමක්.
තේරුමක් නැතුවම ඇගේ ඇස් වලට කඳුළු පිරිලා ඔහේ ගලාගෙන ගියා. සෙත් තවත් දුකින් නෙවී කියලා ඇයට දැනුනා. ඇයට යමක් කියන්න ඒනි වුනා. ඇය අපහසුවෙන් හුස්ම ගත්තා.
ඒන්ජල්..ඇයි බබා ඇයි මේ…
ඇගේ වෙනසින් විහඟ බියට පත්වුනා. ඇය දෑස් වලින් මොනවත්ම නොකියා තොල්වලින් යමක් කියන්න හැදුවා. ඒත් එකවර වචන වෙනුවට පිට වුනේ ඉකියක්.
මෙතෙක් දවසක් කිසිම ශබ්ධයක් පිට නොවුන ඇගේ මුවින් ඉකියක් පිටවීමත් ලොකු දෙයක් කියලා විහඟට හිතුනා.
ඒන්ජල්… මොනවද මැණික ඔයා කියන්න හදන්නෙ.. විහඟ ආයිම ඇහුවා.
අ……යි……..යා…… එක වරම ඇගේ මුවින් පිටවුනා.
දෙයියනේ ඒන්ජල්..ඔයා…ඔයාට… ඔයාට කතා තරන්න පුළුවන් නේද..
විහඟ ඇහුවෙ ඈව තුරුළු කරගෙන. ඔහුගෙ සිත සතුටින් පිරී ඉතිරී ගියා.
සේ…ත්….. ඉක්මනට පහලට වරෙන්…..
ඔහු සඳළු කලේ දිහා බලාගෙන මහා හඬින් කෑ ගැසුවා. අශ්මිරා සෙත්ගෙ න් ඈත්වුනේ ඒ හඬට. ඇය කලබලෙන් වටපිට බැළුවා.
තමන් දිහා බලාගෙන හිටපු විහඟ දැක්කම ඇගේ සිතට දැනුනෙ ලජ්ජාවක්. ඇය විලිබර සිනාවක් සෙත් දිහා හෙළුවා. ඒත් සෙත්ගෙ දෑස් තිබුනෙ විහඟ දිහා.
ඉක්මනට පහලට වරෙන් බං හදිස්සියක්…
විහඟ ආයිම කෑ ගහද්දි මේ නම් විහිළුවක් නෙවී කියලා හිතුන නිසාම සෙත් අශ්මිරාගෙ අතින් ඇදගෙනම පහලට දිව්වා.
ඇයි විහා..මොකද…? සෙත් ඇහුවෙ කිසිම දෙයක් හිතා ගන්න බැරුවා.
ඒන්ජල්…ඒන්ජල් කතා කලා සෙත්…..
විහඟ කීවේ සතුට පිරුණ හඬකින්.
ඇත්ත ද.. බබා… අශ්මිරායි සෙතුයි ඒන්ජල්ගෙන් ඇහුවෙ එකපාර.
හිත පිරිලා තිබුන නිසාම ඒන්ජල්ට වචන පිට කරන්න බැරි උනා. ඒ වෙනුවට ඇස්වලින් කඳුළු ගලාගෙන ගියා.
ඒන්ජල්..ඇයි මේ ඔයා අඬන්නෙ…
සෙත් ඇගෙන් ඇහුවා.
සෙත් එයාට අඬන්න දෙන්න…මෙච්චර දවසක් හිතේ හිරකරගෙන හිටපු දේවල් පිටවුනාම රිලැක්ස් වෙයි එයා…. අශ්මිරා කීවා.
ඒත්… විහඟට දෙයක් අහන්න ඕනි වුනා.
දෙන්නම මෙතනින් යන්න…විහඟටයි සෙත්ට යි එහෙම කියන ගමන්ම එන්නකො පැටියො.. කියලා අශ්මිරා
ඒන්ජල්ගෙ දෝතින්ම අල්ලගෙන ඔවුන්ගෙන් ඈත් වුනා.
ඒන්ජල් තාමත් අඩනවා. හිතට දැනෙන හැඟීම වචන කරන්න ඇයට තේරෙන්නෙ නෑ. ඒ ඇස්ව ලින් කඳුළු ගලව දිහා අශ්මිරා ටික වෙලාවක් නිහඬවම බලාගෙන හිටියා.
හොඳ බබා වගේ දැන් ඔය ඇඬිල්ල නතර කර න්නකො ඒන්ජල්..ඇයි මේ අඬන්නෙ…අශ්මිරා ඇහුවෙ ඒන්ජල්ගෙ ඇස්වලට එඹෙන ගමන්.
එ..යා…එ…යා…
ඒන්ජල් ගොත ගහනවා. ඇය අහන දේ අශ්මි රාට තේරුනා. සෙත් වේදනා වෙන් ඉන්නෙ කියන එක ඒන්ජල්ව මොන තරම් වේදනාවට පත්කරලද කියලා අශ්මිරාට හිතුනා. ආදරේ මහ අමතු දෙයක්. සමහර ආදර කතා තියනවා ඒවා හරිම අමුතුයි හිතා ගන්න තේරුං ගන්න බෑ. තෝරලා දෙන්නත් බෑ.
එයා හොඳින් ඒන්ජල්…එයා ඉන්නෙ සතුටින්.. එයා ගැන දුක් වෙන්න එපා.. ඔයා දැන් රිලැක්ස් වෙන්නකො… අපි හෙමීට කතා කරමු..
හැමදේම හරියයි තේරුනාද..?
අශ්මීරා ආයිම කීවෙ හුඟක් ලෙංගතු හඬකින්.
එයාව හැමදාම සතුටින් තියන්න..එයාට දුකක් දෙන්න එපා.. වචන වලින් කියා ගන්න ඉක්මන් වුන ඒ සිතිවිල්ල ඒන්ජල් අශ්මිරා දිහා බලා ගෙන කීවේ ඇස් වලින්.
දැන් ඇති ඇස් වලින් කතා කලා.. කටින් කතා කරන්න.. හොර කෙ/ල්ල..
මූණ ලජ්ජාවෙන් රතු කරනගෙන අශ්මිරා කීවේ ඒන්ජල්ගෙ කම්මුලක් මිරිකමින්.
හමුවෙමු.