🌿එකලොස්වෙනි කොටස🌿🌷_

කෙල්ලට ඒ විහිලුවට නම් තරහා ගියා කියලා රන්දයට තේරුනා…………

❤️ සොරි මැඩම්…….. මං ඒක විහිලුවට කිව්වේ………..

🌹 හරි ඒකට කමක් නෑ………….

වන්දනා ආයෙම මොනවත්ම කියන්නෙත් නැතුව පිට වෙලා ගියේ…….. ලොකු සර්ගෙන් උපදෙස් ගන්න…………. වන්දනා එක්කම Dr ලක්ෂ්මන් සේනානායකත් ආවා…………… ඔහුත් රන්දය පරීක්ෂා කරලා බලලා තීරණය කලා රන්දයට යන්න පුලුවන් කියලා………….

බෙහෙතුත් දාගෙන රන්දය ආයෙම වන්දනා හිටිය ඩෙස්ක් එක ගාවට ආවේ එයාට ස්තුති කරන්නත් එක්ක…………..

❤️ මේ……… ඩොක්ටර්………… මං ගිහින් එන්නම්…….. thank u so much අකැමැත්තක් නැත්තම් මට නම කියන්න පුලුවන්ද……………….

වන්දනාගේ මුහුණට සුන්දර හිනාවක් ආවා………… මොනවා වුනත් වන්දනාගේ හිතත් මේ දඩබ්බරයට කැමැත්තෙන් හිටියා……………

🌹 මං වන්දනා……………

❤️ ඩොක්ටර් වන්දනා…………. මං රන්දය……… ඔයා හඳුනගන්න ලැබුන එක සතුටක්……… ඒ වගේම මගෙන් ඕනෙනැති වචනයක් පිට වුනා නම් සමාවෙන්න……….. ම්ම්ම්ම්…… මං එහෙනම් ගිහින් එන්නම්……….

වන්දනා යන්තම් හිනාවෙලා හිස දෙපසට සැලුවා……………. රන්දයගේ සුන්දර සිනාව ආකර්ශණීය දෑස් වන්දනාගේ හද පතුලේම ගොස් තැන්පත් විය………… සංසාරයේ කොහේ හෝ අැති හුරුපුරුදු බවක් ඇගේ සිතට දැනුනේ ඔහු දුටු පලවෙනි දිනයේමය……………..

රන්දය දොර අසලදී නැවතත් හැරී බැලුවේ ඇයව යලි කවදා හමුවේදැයි සිතමිනි…………..

❤️❤️ හැමදාම අසනීප වෙන්න හිතෙනවා………. කොහොමත් මට මෙයා දැක්ක වෙලාවේ ඉඳන් හොඳ කරන්න බැරි ලෙඩක් හැදීගෙන එනවා කියලා නම් දැනෙනවා…………. වන්දනා………… වන්දනා…………….. මට නිකම් පිස්සු වගේ…………. මේ රන්දයගේ හිතේ කවදාවත්ම කෙල්ලක් ගැන මෙහෙම දෙයක් නම් ඇති වෙලා නෑ…… සුද්දියේ……… උඹව ලැබෙනවා නම්………..,!!!!!!

රන්දය ඇය ගැන සිතුවේ එලෙසටයි………. නමුත් නොදැනුවත්වම වන්දනා තම සිත ආක්‍රමණය කරමින් සිටින බව ඔහුය දැනේ……………….. රන්දය කෙලින්ම ගියේ සිය කාර්යාලයටයි………….. එහි යන විටත් හුඟක් පමා වී තිබුණු අතර ප්‍රධානියාගෙන් ඔහුට කැඳවීමක් තිබුණි………….

❤️ may i coming sir……

🖤 oh sure randaya

❤️ සර් මට කතා කලේ විශේෂ දේකටද……..

🖤 ඔව්……… රන්දය……. ඔයා මේ පරණ කේස් එකක් ඇදගෙන මොකද………… මේක විසඳිලා ඉවරනේ………..

❤️ කොහොමද සර් එහෙම කියන්නේ……….. මේ සදහම් දෑලබණ්ඩාර දැම්ම නඩුව වත් කතා කරලා නෑ……… මේ බලන්න………. අඩු තරමින් ආයෙම මින්ය ගොඩ අරන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් වත් අරන් නෑ……….. ඉතින් මං කියන්නේ මේක ඇතුලෙ සිද්ධියක් තියෙනවා………… ඒ වගෙම සර් මේ මරණ තුනම සැක සහිතයි………..

🖤 ඔයාට ඔප්පු කරන්න සාක්ෂි තියනවද……… දැන් මේක වෙලා අවුරුදු විස්සක් වෙනවා…………… එකම එක ඇහින් දුටු සාක්ෂියත් අතුරුදහන්……. මටත් නොතේරෙනවා නෙවේ මේක සූක්ෂමව කරපු දෙයක් කියලා……… ඒ වුනත් ප්‍රබල සාක්ෂි නැතුව කිසිම කිසි දෙයක් කරන්න බෑ……………..

❤️ මං දන්නවා සර්……………. මේ කේස් එක මට හදිසියේ කරන්න ඕනෙ නෑ……….අපරාධකාරයෝ ඔය හිටියා වගේ තව ටික දවසක් හිටපුදෙන්…….. හැබැයි සර්…….. ඊට පස්සෙ නම් මට කරන්න දෙයක් නෑ………… අවුරුදු විස්සක් නෙවේ කීයක් ගියත් අපරාධයක් සදාකාලිකවම වහන්න බෑ………….. අනිවාර්යෙන්ම ඔය සූක්ෂම අපරාධ කල්ලිය මොකක් හරි සාක්ෂියක් ඉතුරු කරලා ඇති…………. අපි හොයන්න ඕනි අන්න ඒ දේ…………………

🖤 ඔයාගේ ධෛර්යය උත්සාහය අධිෂ්ඨානය ගැන මං ආඩම්බර වෙනවා රන්දය……….. ඒත් ඔයාට මේකෙදි හුඟක් බාධක නම් හම්බ වෙයි…………..

❤️ ඒවට මුහුණ දෙන්න බලාගෙන තමයි සර් මං මේකට අත තිබ්බේ………..

🖤 හොඳයි එහෙනම් ඔයා කරගෙන යන්න………. අවශ්‍ය උදව්වක් තියේ නම් මට කියන්න……… දැන් යන්න පුලුවන්………..

❤️ thank u sir

රන්දය නැවතත් කාර්යාලයෙන් පිටවී නිවසට ගියේ අම්මාගේ කනකරච්චලය ඉවසා ගත නොහැකි තැනය…………… ඇයට දැන් අවශ්‍යව ඇත්තේ රන්දය විවාහ කර දීමයි………. නමුත් ඒ බලන්න යන කිසිම කෙල්ලෙකුට රන්දයගේ කැමැත්තක් නැත…………….

අද ඔහු සිතා සිටියේ සම්මානි හේවාවිතාරණ හමුවීමට යාමටයි……………. ඒකත් ඔහුට අවලංගු කිරීමට සිදුවූයේ මව නිසාය…………. රන්දය කොහොම අකැමති වුනත් කුමන ප්‍රශ්ණ දැම්මත් විරෝධය පෑවත් ඔහුට අම්මාගේ වචනයට පිටින් යා නොහැකිය……………….. සුලක්ඛණා මැණිකේ දෑලබණ්ඩාර වලව්වෙ අාධිපත්‍ය දැරුවේ එලෙසය…………. නමුත් දරුවන්ට මේ සිදු කරන බලපෑම් සදහම් දෑලබණ්ඩාරට බලා සිටීමට නොහැකිය……….. ඔහු ඒත් ඉවසුවේ සුලක්ඛණා මැණිකේ යනු මෝඩ,,,,, තම පරම්පරාගත කුල ගර්වයෙන් උදුමවා ගත් සිත් ඇති තැනැත්තියක් බව දන්නා නිසාය………….

රන්දය නිවසට එන විට මධ්‍යහ්නය උදාවී තිබූණි………….. අම්මා අද මේ තමාට කතා කර ඇති තරුණිය කුරුණෑගල ප්‍රදේශයේ වංශවත් පරම්පරාවක අයෙකි…………. ඇය කොතරම් හොඳ වුනත් රන්දය ඇයගේද කුමක් හෝ අඩුපාඩුවක් දකිනු ඇත……….. නොඑසේ නම් ඇය තම මවගේ සිත් නොගනු ඇත…………… දැන් නම් කොහොමත් රන්දයට වෙනත් තරුණියක් අවශ්‍ය නැත………………. ඔහුට අවශ්‍ය වුයේ වන්දනාට ලංවීමට පමණි……….

රන්දයගේ මුළු හදවතම ඇය හා ගෙවූ නිමේෂයේ සුන්දර මතකයන්ගෙන් වෙලී තිබුණි…………..

🍃 ලෑස්ති වෙන්න ලමයෝ………….. හුඟක් දුරයි අපි යන්නත් ඕනි……….

ඒ සුලක්ඛණා මැණිකේ ය……………. මේ ගමනට එක්වූයේ ඇයත් රන්දයත් ඔහුගේ නැගණිය වන විදර්ශණාත් සදහම් දෑලබණ්ඩාරත් පමණි………… සුලක්ඛණා මැණිකේ ගේ නපුරු උද්දච්ඡකම නිසා බොහෝ නෑදෑයින්ද සිටින්නේ ඔවුන්ගෙන් දුරස්වීය…………

සවස හය පමණ වන විට ඔවුන් ඔය කියන නිවසට පැමිණියේ වැහි පොදකුත් සමගය……………… මේ තරුණිය සිය මවගේ පැත්තෙන් ඥාති වන කෙනෙකි…………… නමුත් මව ඇයව දැක නැත………………..

🌿 එන්නඩ එන්නඩ ඇතුලට සුලක්ඛණා අක්කේ………… අයියේ කොහොමද ඉතින්……… බලන්න එපැයි මනමාල මහත්තයාගේ ලස්සන…………….

කාන්තාව ඉදිරියට පැමිණියේ මුව පුරා සිනාවක්ද ඇතිව එසේ පවසමිනි………..

🍃 සදහමි………… විදර්ශණා,,, පුතා…….. මේ ඉන්නේ විණා ආන්ටි…………… එයා මගේ කසින් කෙනෙක්…………. ම්ම්ම්….

ඔවුන් එකිනෙකා හඳුනාගත්හ………….

🌿දැන් පුතා මොකද කරන්නේ…………

🍃 මේ…….. පුතා දැන් ඒ නුවර පලාතේ OIC………….

🌿 එහෙමද…………කොච්චර හොඳද………..

🍃 දුව මොකද කරන්නේ…………….

🌿 දුව මේ මීඩයා වල JOB එකක් තමා කරන්නේ………….

මීඩියා යැයි කියූ විට නම් අම්මාගේ මුහුණ ටිකක් අඳුරු වනු ඔහුට පෙනුනි……………..

🍃 දුවට කතා කරමු එහෙනම් බලන්න……. අපේ හාදයා මොනවා කියයිද දන්නෙ නෑ………

ඒ වචන ටිකෙන්ම අම්මා මීට එතරම් කැමැත්තක් නැති බව රන්දයට තේරුණි………………

❤️❤️ අද නම් මං ඔයාට හොඳ වැඩක් කරනවා අම්මේ කරන්න දෙයක් නෑ…… ආයෙ මට කෙල්ලෝ හොයන එක එපාම කරලා දානවා…………..

වීණා ගොස් සිය දියණියව කැඳවාගෙන ආවාය…………. ඇය දුටුවනම සුලක්ඛණා මැණිකේගේ දෑස් උඩ ගියේය…………
රෝස පැහැති දුහුල් සාරියක් ඇඳ සිටි තරුණියගේ සාරි හැට්ටයක් නැති තරම්ය……… එතරම් ඒ හැට්ටය විවරව තිබුණි……………. සාරිය ඇඳ සිටියේද සිය සිරුරෙන් අඩක්ම නිරාවරණය වන පරිදිය…………..

නංගී හා තාත්තා සිනාබර මුහුණු බිමට හරවා ගන්නවා ඔහු දුටුවෙිය……… අම්මා සිටියේ ඔහු ලඟමය…………….

❤️ පට්ට කෑල්ලක්නෙ අම්මා…… ඔයත් මට හොයලා තියෙන්නේ………වෙන කවුරුත් ඕන්නෑ…… මෙයා මරු…………

රන්දය හෙමින් අම්මා හට මිමිනුවේය……….. කෝපයෙන් දැල්වෙන දෙනෙත් රන්දය වෙත යොමු කල ඇය සිය කේන්තිය දරා ගැනීමට ආයාසයක් දැරුවාය……………..

🌿 මේ තමයි මගේ දුව……… තවම අපි නැතුව ගෙදරින් පිට ඉඳලා නෑ…………. ලැජ්ජා බයට හැදිච්ච දරුවා……. එහෙනම් පුතා දුවත් එක්ක කතා කරගන්නකෝ……………

🍃 අනේ අපේ පුතා ටිකක් ලැජ්ජාකාරයා……… පස්සෙ බැරිය දෙන්නට කතා කරලා හඳුනගන්න………

❤️ අම්මා……. මං කැමතියි මේ නංගිත් එක්ක ටිකක් කතා කරන්න………..

රන්දයගෙ කතාවට සුලක්ඛණා මැණිකේ ට දෙලොව රත් විය……… කිරි කලගෙඩි හතක් පොවා ඇත් රජෙක් සේ හදාවඩාගත් සිය ආදරණිය පුතුට මෙවන් තොරොම්බල් කරත්තයක් නම් කිසිසේත්ම නොගැලපෙන බව ඇය දනී……… නමුත් මෙපමණ දිනක් ගිය කිසිම තැනක තරුණියකට කැමති නොවූ රන්දය මෙවැනි තැනැත්තියකට කැමති වීම සුලක්ඛණා මැණිකේගේ හිත භීතියෙන් පිරවීමට සමත් විය………… තමා කලේ නිවැරදි දෙයක් නොවන බව ඇයට වැටහුනේ ඔවුන් දෙදෙනා මිදුලේ අරලියා ගස යට බංකුවේ ඉඳගෙන කුලුපගව කතා කරනු දැකීමෙන්…………

෴ මතු සබැඳියි ෴