එදා දවසම ස්ටුඩියෝ එකේ වැඩ වලට ගත උනා. අපිට වෙනද පුරුද්දට ෆිල්ම් එකක් වත් බලන්න යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ ස්ටුඩියෝ එක පටන් ගත්තට පස්සේ.

මචන් දැන් නම් මට පට්ට බඩගිනි බන්. රවින් කිව්වේ එක දිගට වැඩ කර කර ඉඳල.

හම්මට යකෝ තුනයි වෙලාව. වෙලාව යනවා දැනුනෙවත් නැහැ.

උඹට නම් ඉතින් මොටිවේෂන් එක හම්බවෙලානේ තියෙන්නේ උදේ පාන්දර. මට එහෙමද?

ඒ කොහෙන්ද මට මොටිවේෂන් හම්බුනේ?

ඇයි අර කෙල්ල පයක් තිස්සේ කතා කලේ. මට එහෙමද?

ඉතින් උඹේ ගෑනි උඹට කතා කලේ නැතුවට මම පලිද?

මගේ ගෑනි මට කතා කරනවා බන්. මම තමයි ඒකිට කතා කරන්නේ නැත්තේ.

හෑ ? ඒ මොකෝ?

හැමදාම එකම ටික කතා කරන්න ගිහාම එපා වෙනවා යකෝ. මට දැන් ඒ ටකරන් වොයිස් එක අහල ඇති වෙලා තියෙන්නේ.

උඹ නම් මහා මොකෙද්ද මන්ද බන්. උඹේ ගෑනිට නේද ඔය කියන්නේ?ඒකි දන්නවා නම් එහෙම බෙල්ලේ වල දාගනි.

ඒ මොකටද මම බෙල්ලේ වැල දාගන්නේ? මම මෙයාව එල්ලනවා බාල්කෙ. අපි දෙන්නම උද ගිහින් බැලුවේ ඇහිච්ච කටහඬ හින්ද

රවින් ගේ ආදරණිය වෙන්ඩ බිරින්දෑ කඩා පාත් වෙලා කියහන්කෝ.

රවින් දඩිබිඩි ගාල පුටුවත් පෙරලගෙන නැගිට්ට. ශානි ඔයා? කලබලේට ම්නිහට වචන කියවෙන්නෙත් නැහැ වගේ. හොඳ වැඩේ ඕකට කට පරිස්සම් කරන ඉන්නේ නැතුවට.

ඔව් මම තමයි ඇයි වෙන කවුරුහරි වගේද පෙන්නේ. කෙල්ල රවින් ළඟටම ගිහින් ඇහුවේ රවින්ගේ කනෙනුත් ඇදල

ඌ යි ගෑනියේ මාව මරන්ඩ ද හදන්නේ? රවින් කෑගහන්නේ කනත් අල්ලාගෙන

ඈ මෝඩයෝ මට තියෙන්නේ ටකරන් වොයිස් එකක් ද ආ

අයියෝ අයියෝ විහිලුවටනේ කිව්වේ. කනෙන් අදින්නෙපා යකෝ.

හොඳ වැඩේ උඹට. මම කිව්වා.

රවින්ගේ පෙම්වතිය ශානිකා විනෝදකාමී යුවතියක්. වෙන කෙල්ලක් නම් අරූ කියන ඒවාට හොටු පෙරාගෙන අඬන්න ගත්තට ශානිකා එහෙම නැහැ. ඇයට ඕනෑම විහිළුවක් ඒ විදිහට බාරගන්න පුළුවන් කම තිබුන. ඒ ආදරේ අවුරුදු ගානක් රැකිලා තිබ්බෙත් ඇයට තිබුණු තේරුම් ගැනීමේ හැකියාව හින්ද

උඹල දෙන්න රන්දුවෙන එක පැත්තකින් තියල මට ගෙනාපු පු දේවල් කන්න දුන්න නම් හොඳ නැද්ද? මට යකෙක් කන්න බඩගිනි යි අප්පා. මම කිව්වේ බලන් ඉඳල බැරිම තැන.

ඔයාට නම් කෑම එක දෙන්නම් සමීර මෙයාව නම් මම අද බඩගින්නේ තියනවා.

අනේ වස්තුවේ එහෙම කරන්නෙපා. බඩේ පනුවෝ බොක්සින් කරාටේ ජුඩෝ ඔක්කොම ගහනවා. මම මැරෙයිනේ. පින් සිද්ද වෙයි කෑම එක දෙන්නකෝ සුදු. රවින් කියන්නේ නාට්ටියක් රගපාන්න වගේ.

මටත් බකස් ගාල හිනා ගියා ඌ ඒක කිව්වා විදිහට.

හම්මේ උඹ නම්.

ශානි කෑම එක දුන්නේ රවල. පව් කියල දෙන්නේ.

දෙන්න දෙන්න රත්තරන්. අරූ ගත්ත ගමන් කාම එක දිග ඇරලා ගත්ත.

ඩියාශි ගැන ආරංචියක් නැද්ද සමීර? ශානි ඇහුවේ අපි දෙන්න මෙලෝ සිහියක් නැතුව කද්දී.

නැහැනේ.
ඉතින් ඔයාට ඕන කමකුත් නැහැ හොයල බලන්න? එහෙමද? කෙල්ල රවල බැලුවේ මගේ දිහා.

මම කිව්වා මුට? රවින් ඒ අස්සේ උල්පන්දම් දෙනවා. කොහෙද මුගේ සිකුරු ග්‍රහයා කැරකෙනවා මේ ටිකේ.

ඒ මොකද්ද ඒ කතාව.

ඇයි අර මම කිව්වේ. රවින් කිව්වා. මම නිහඬවම හිටියේ උට ඕන දෙයක් කියන්න දීල.

ආ අර පිස්සු හැදිලා වගේ ෆොටෝග්‍රෆි කරන කෙල්ලද? කවුද මේ ගිත්නා නේද නම? ශානි ඇහුව.

ශුහ් ඔයාට මාර මතකයක්නේ තියෙන්නේ.

මොකද මගේ මිනිහට කිසිම දෙයක් මතක නැහැනේ. එයාටත් එක්ක මම මතක තියාගන්න එපයි.

යකෝ ඒකටත් අහක ඉන්න මාව අල්ලගත්ත කියහන්කෝ. රවින් කිව්වේ කෑමත් පත්ටකින් තියල.

හා හා ඒකෙන් කෑමක් නැහැ. කන්න කන්න. ඉතින් මොකද්ද මේ ගිත්නා ගැන කතාව.

එකී අපේ සමීරට ලයින් වගේ මුත් ඉතින් වෙනසක් නැහැ.

මොකක්.? ශානි ඇහුවේ. ඔව් ඉතින් කවුරුහරි ඉන්නත් එපයි නේද. ඒ උනාට මට හිතෙන්නේ ඔයා ඩියාශි ගැන ටිකක් හොයල බැලුවොත් හොඳයි.

ඇයි ශානි එහෙම කියන්නේ?

රවින් ඔයා සමීරට කිව්වේ නැද්ද?ශානි ඇහුවේ රවින් දිහා බලල.

කියන්න වෙලාවක් ආවේ නැහැ. ඊටත් හරියටම ෂුවර් නැහැ.

මොකද්ද බන් කියන දෙයක් මට තේරෙන්න කියපන්කො. මම ඇහුවේ දෙන්නම දිහා බලල.

මචන් උඹ කලබල වෙන්න එපා. මම හිතන්නේ ඩියාශි ලංකාවේ ඉන්නවා.

මොකක්?

ෂුවර් නැහැ. මම යන්තමට වගේ දැක්කේ. ශානි ව කැම්පස් එකට දාන්න යද්දී ඩියාශි වගේ කෙල්ලක් ව දැක්ක.

කොහෙදිද?

නුග්ගොඩ දී.

වෙන කවුරුහරි වෙන්නැති බන්.

ඔව්. වෙන්න පුළුවන්. මටත් ෂුවර් නැති නිසා කිව්වේ නැත්තේ. ඒත් වරදින්න විදිහකුත් නැහැ. ඒකිට තියෙන්නේ කාටවත් ලේසියෙන් අමතක වෙන්නේ නැති පෙනුමක්.

හරියටම කොහෙදිද දැක්කේ?

නොලිමිට් එක ලඟදි. දුවල දුවල ඇවිල්ල කළු පාට වෙසල් එකකට නැග්ග.

හ්ම්ම්ම්.

ඇයි ඉතින් එයා එහම හැන්ඟෙන්නේ. කිසිම හේතුවක් නැහැනේ.

ඔව් එකත් ඇත්ත තමයි. සමහර විට වෙන කවුරුහරි වෙන්න ඇති. ඒ කතාව එතනින් නතර කරන්න අපිට සිද්ද උනේ ෆොටෝස් වගයක් ගෙනියන්න කස්ටමර් කෙනෙක් ආපු හින්ද.

වෙලාව ගත උනා තේරුනෙත් නැහැ. අපිට කෑම දීල ටිකක් වෙලා ගත කරලා ශානි ගියා. අපි දෙන්න එදා ස්ටුඩියෝ එකේ වැඩ ඉවර කරලා ගෙදර යනකොට මම හිතන්නේ රෑ අටත් පහු වෙලා.

එදා රෑ ආයේ ගිත්නා මට කතා කළා. මම හිතන්නේ මම එයාට කතා කළා.

ගිත්නා. ඔයාගේ ෆොටෝ ටික රෙඩි. අපි ලබන සතිය වෙද්දී ලැබෙන්න සලස්වන්නම්. මම කිව්වේ ෆෝන් එක ගත්තු ගමන්ම.

මෙච්චර ඉක්මනට? එයා ඇහුව. ඔව් ඉතින් මගේ කරදරෙන් ගැලවෙන්න ඉක්මනට ඉවර කරා නේද?

එහෙම දෙයක් නැහැ ළමයෝ. ඔයා ඉවසීමක් නැතුව බලන් ඉන්නවනේ. ඒකයි

ඉතින් කොහොමද මම ඔය ටික ගන්නේ?

අපි පොස්ට් කරලා එවන්නම්

එපා. එපා. මම එන්නම් ගන්න.

ආ එන්නකෝ එහෙනම්. මම කිව්වේ මටත් එයාව තව සැරයක් දකින්න උවමනාව තිබුණු හින්ද.

ඉතින් මොකද කරන්නේ.

ඔයත් එක්ක කතා කර කර ඉන්නවා.

ඊටපස්සේ?

කාල නිදාගන්න එකනේ.

එහෙමද?

හ්ම්ම්ම්. ඔයා මොකද කරන්නේ?

මම ත් විශේෂ දෙයක් නැහැ. තාත්තිගේ එකවුන්ට්ස් වගයක් හදනවා.

ආ.. ඔයා ඒවත් කරනවද?

ඔව්. ඔයා දන්නේ නැති ගොඩක් දේවල් මම කරනවා.

ඉතින් කියන්නකෝ මටත් දැනගන්න.

ම්ම්ම්ම්. එහෙම කියන්න තරම් දෙයක් නෑ අනේ.

ඇයි මට කියන්න බැරි ඒවාද තියෙන්නේ.

අයියෝ ඔයා නම්. එහෙම දෙයක් නෑ. එයා කිව්වා.

එහෙනම් කොහොම දෙයක්ද තියෙන්නේ?

මේ කොල්ලගෙන් නම් මට බේරෙන්න බැරි වෙයි වගේ.

එහෙම තමයි.

ඉතින් කියන්නකෝ කවද්ද මම එන්න ඕන.

ඔයා කැමති දවසක එන්න ගිත්නා.

එහෙනම් මම සඳුදට එන්නම්.

හා.

එහෙනම් මම තියන්නද?

ඇයි තියන්නේ? අපිට ටිකක් අඳුනගන්න පුළුවන්නේ. මම කිව්වේ ඇත්තටම එයාව තව ටිකක් දැනගන්න මට හිතුනු හින්ද.

දැන් නම් බැහැ නේ. අයිය කතා කරනවා.

එහෙමද එහෙනම් ඔයා දැන් යන්න. මම රෑ වෙලා කෝල් එකක් ගන්නද?

ඔයා කතා කරන්න එපා. මම ඔයාට ගන්නම්.

ඒ මොකෝ.

දන්නවනේ ඉතින්. අයිය දැනගත්තොත් එහෙම මම ඔයත් එක්ක කතා කරනවා කියල. හරි නැහැනේ.

එකත් එහෙමද?

මොකද ගිත්නා දැන් ඔයා හිත හිත කතා කරන්නේ. අපි මිට් වෙද්දී ඔයා හරි නිදහසේ කතා බහ කරපු කෙනෙක්.

ඇයි දැන් මම එහෙම නැද්ද?

නැති නිසානේ මම අහන්නේ?

එහෙම නැහැ සමීර. මම කොයි වෙලාවෙත් එකම විදිය තමයි.

එහෙම නැත්තේ නැහැ. මට හිතෙනවනෙ.

එකට මම මොකද කරන්නේ?

අර ගෙදර හිටපු දඟ කෙල්ල වගේ කතා කරන්නකෝ. මටත් නොදනිම මම බොළඳ වෙලාද මන්ද. මට හ්ටිහුන.

එයා හිනා උනා. ඔයාටත් මාර ඒවා තමයි ඔලුවට එන්නේ.

ඉතින් ඇත්තනේ.

මේ මම තියන්නම්. පස්සේ එන්නම්කෝ ඔයත් එක්ක වාද කරන්න.

කියට ද ආපහු එන්නේ.

වෙලාවක් කියන්න බැහැ

හා කමක් නැහැ මම ඉන්නම්කො ඔයා කියට හරි ආපහු එනකම්

මම තියනවා බුදු සරණයි. එයා එහම කියල කලබලේ ෆෝන් එක තිබ්බ. හැබැයි තිබ්බට කෝල් එක කට වෙලා තිබුනේ නැහැ. මමට නිකමට හිතුන ලයින් එකේ ඉඳල එයා මොකද කරන්නේ කියල අහන ඉන්න. එත් එතකොට සිද්ද උනේ මම නොහිතපු දෙයක්.

dada මට මේක කරන්න බැහැ. මේ කොල්ලව රවට්ටන්න මට බැහැ. එයා ව එහෙම රවට්ටන්න පුළුවන් කෙනෙක් නෙවෙයි.

ආදරේට ඕන දෙයක් කරන්න පුළුවන්. ගීත් ඔයාට මේක කරන්න පුළුවන්. එයා කොල්ලෙක් අපි එකෙන් ප්‍රයෝජන ගන්න ඕන.

කවුරුහරි පිරිමි කෙනෙක් කියනවා මට ඇහුන. මොකද උනේ එයා ඔයාව මීට් වෙන්න එන්නම් කිව්වද

නැහැ. එයා ස්ටුඩියෝ එකට එන්න කිව්වා.

එහම් බැහ ගිත්නා ඔය කොල්ලව වෙන කොහෙටහරි ගෙන්න ගන්න.

මට තව කල් ඕන ඩඩා. එයා අපි හිතන කෙනා නෙවෙයි උනෝත් එහෙම.

ඒක දැනගන්න තමයි මම ඔයාට මෙච්චර කල් දුන්නේ. ඔයාට ඔය ටික වත් කරගන්න බැරිද?

මට ඒ ඔක්කොටම තව කල් ඕන.

හරි සතියක් දෙන්නම්.

ඊට පස්සේ එතනින් එහාට මොනවත් ඇහුනේ නැහැ. මම හ්ටිහන්නේ එයා ෆෝන් එක තියල කොහෙටහරි ගියාද කොහෙද.

මේ මොන මරාලයක්ද කඩා පාත් උනේ. කවුද මේ ගීත්නා. මගේ ඔලුව අවුල් උනා. ඒ කතා කලේ නම් මම ගැන කියල හොඳටම පැහැදිලි. එයා ඒ කියන්නේ මම හිතන් හිටපු විදිහට අහිංසක කෙල්ලෙක් නෙවෙයි. මට හිතාගන්නත් බහ මොකද කරන්නේ කියල.