22_වන_කොටස❄️
රාත්‍රිය පුරා හදවත පැවසුවේ Floral lily එකට යන ලෙසයි………. එය මවට කරන උදව්වක් නොව ඊට හේතුව #තුහින්‍යා අන්තිමට භූමි තීරණය කලා එහි යන්නට………. ජීව්තය මේ ගෙන යන්නේ තම දෛවෝපගත ගමනක් බව ඔහුට සිතේ………. ඒ සිතුවිල්ලෙන්ම ඔහු ඇමතුමක් ගත්තේ මාමාටයි……
” ආ….. සන්….. මොකෝ මේ පාන්දර….
රන්ජන් ඇසුවේ කරමින් සිටි කාර්ය නවත්වා වාඩි වෙමින්…….
” මාමා…….. ඔයා වැඩක්ද…….
” නෑ…… කියපන් කොල්ලෝ…… මං ඉතින් තේ පැල සාත්තුව තමා කර කර හිටියේ……..
” මං ඊයේ කතා කරපු විදිහට මාමාගේ හිතරිදුනා නම් සමාවෙන්න…. මට ඉතින් ටිකක් කේන්ති යනවා වැඩියිනේ……
” ආ…… ඒක මොකක්ද කොල්ලෝ…….
” මේ…… මං මාමේ තීරණය කලා Floral lily එකත් කරන්න…….. මොකද මල්ලිට තනියෙන් කරන්න බෑනේ….. ඌ පව් කිියලා හිතුනා…….
රන්ජන්ට දැනුනේ කියා ගත නොහැකි සතුටක්…….. ඔහොමම ඉක්මනින් භූමි අම්මට සමාව දෙයි කියලා රන්ජන්ට හිතුනා…….
” ඒක කොච්චර දෙයක්ද පුතේ……. එහෙනම් මං එන්නම් පුතා එක්ක අදත් යන්න…….. මං හිතන්නේ මං ඕනෙත් නෑ………
” මාමාට වැඩ නම් කමක් නෑ…… මං යන්නම්….. එහෙම ප්‍රශ්ණයක් නෑ……..
රන්ජන්ට අද කල යුතු වැඩ හුඟක් තිබුනා….. ඒ නිසා ඔහු නැවතුනේ භූමිගෙන් ඔහු හා යාමට නොපැමිණිම ගැන සමාවද ඉල්ලා සිටිමින්……… කොහොමත් භූමි මේ ගමනට මාමාව එක්ය නොයන්නයි තීරණය කලේ…… එකක් මාමා ඉන්න තැන අම්මට හොදට බනින්න බැරි එක අනිත් එක මාමාට තුහින්‍යා ගැන ඉව වැටෙයි කියලා තියන බය………
” භූමි පුතා……. ඔහොම වැඩ ටික පටන් ගන්නකෝ මං ලොකු නංගිවත් එවන්නම් වැඩට එතකොට ඔයාට තවත් ලේසියි…..
ඒකට නම් භූමිගේ කැමැත්තක් තිබුනේ නෑ……. භූමිට ඒ වෙද්දිත් තේරිලයි තිබුනේ මාමා තමාට ලොකු නංගි ලං කරන්න හදනවා වැඩී කියලා …… නමුත් දැන් කවුරු කොහොම ආවත් හදවත පුදසුන මැද ඒ දේවතාවියගේ පිලිමය නෙලාගෙන අවසන්……. භූමි මේ පය තබන්නේම ඇය දෙසටයි……….
••°••°••°••°••°••°••°••°••°••°••°••°••
” ඒයි තුහී……… උඹ කොහොමද බං ඔය තරම් ලස්සනට Flower decorations කරන්නේ…… අනුරාධපුරේ ඩොටේ හිටිය උඹ කෝමද ඇත්තටම මෙහෙම කරන්නෙ බොල…..
දිල්රූ ඇසුවේ ජයනි දෙසට ඇසක් ඉඟිමරමින්……..
” ඇයි අනුරාධපුරේ මල් පිපෙන්නැද්ද…..
තුහින්‍යා කීවෙි සිනාසෙමින් නමුත් කර කර සිටිය දේ නොනවත්වා……
” තියනවා නේහ්….. මේ තියෙන්නේ ලස්සන වන මලක්……..
ජයනි කීවේ ඇගේ උරහිස තුහින්‍යාගේ උරහිසේ වද්දමින්………
” hello lovely girls….. Very Good morning….
හේෂර ඔවුන් අසලට එමින් කීවේ සිනාසෙමින්…..
” ෂා……. මාර ලස්සනයිනේ තුහී….. එහෙනම් අපේ වැඩ වලට තවත් දක්ෂ කලාකාරිණියක් මේ හම්බ වෙලා ඉන්නේ………
හේෂර කීවේ ඇය මනාව ගැලපූ මල් වාස් එක පිරිමදිමින්………
” හ්ම්ම්ම්ම්ම්ම්…. මේ අද අපි special conference එකක් තියන්න ඕනි…… මේකයි……. මේ ප්‍රයිම් මිනිස්ටර්ගේ පුතාගේ වෙඩින් එක තියනවා නෙක්ස්ට් මනත් විතර…….. ලංකාවේ හොඳම මල්සැකසුම් ආයතන කීපයක් කැඳවලා තරඟයකින් හොඳම මල් සැකසුම් ආයතනය තෝරලා එයාලට භාර දෙනවා වෙඩින් ඩෙකරේෂන්ස්…….. හුඟක් විස්තර තියනවා අපි හම්බ වෙලා කතා කරමු…… ම්ම්ම්ම්… මං යනවා උඩට….
හේෂර ගිය පසු කෙල්ලෝ තුන් දෙනා කතා කලේ ඒ ගැනමයි……..
” මිස්….. මිස්ලා තුන්දෙනාට මල් තවානට ටිකක් එන්න කියලා හේෂර මහත්තයා කිව්වා……..
සිරිපාල ඇවිත් කිව්වම කෙල්ලො තුන් දෙනා කර කර හිටි වැඩ ඔක්කොම නැවැත්තුවා……
” යමු…………….
තුන්දෙනාම පඩිපෙල බැහැගෙන පහලට ආවේ තොරතෝන්චියක් නැතිව කියවමින්………. නමුත් අනපේක්ෂිත විදිහට පහල කොරිඩෝවෙන් හැරෙද්දිම ඉදිරියට ආව හැඩිදැඩි තරුණයා කෙල්ලො තුන්දෙනාගෙම ඇගේ හැපුනා……. හැබැයි වැටෙන්න ගිය කෙල්ලො තුන් දෙනාවම එක අතට අල්ල ගන්න ඔහුට හැකි වුනා…….. අද ජයනිටත් දිල්රූටත් වඩා විමතියට පත්ව ඇත්තේ තුහින්යායි…… ඇස් දෙක ජිල් බෝල වගේ කරගෙන තුහින්‍යා බලා සිටියේ භූමි දිහා…… නමුත් භූමිගේ මුහුණෙ නම් ලොකු වෙනසක් තිබුනේ නෑ…… ඒ ඔහු ඇයව මෙහි දැක පුරුදු නිසා……….
” හරිනේ තුන් දෙනාටම ප්‍රශ්ණයක් නෑනේ නේද………. තුහී…… Are You ok…
භූමි හරි ලස්සනට ඇයට “#තුහී” කියලා අමතද්දි ජාන්වීයි දිල්රෑයි භූමි දිහායි තුහින්‍යා දිහායි මාරුවෙන් මාරුවට බැලුවා………
” හරි එහෙනම් ඔයාලා යන්න ගිය ගමන යන්න……….
දැන් බිම බලාගෙන ඉන්න තුහින්‍යා දිහායි ජාන්වී හා දිල්රූ දිහයි බලලා එහෙම කියපු භූමි කොරිඩෝවෙන් හැරිලා ඇතුලට ගියා………
” ඒයි………. හොර පූසි වගේ හිටියට අපි හිතුවා මෙතන මොකක් හරි හොර මගඩියක් තියනවා කියලා…… ඊයෙත් ඔය යොධයා තෝ දිහා කන්න වගේ බලන් හිටියා ඇත්ත කියපන් තුහී උඹ කෝමද අළුත් බොසාව දන්නේ…….
දිල්රූ ඇහුවේ දෙබැමත් රැලි කරගෙන…… කන්න වගේ තමා දෙස බලාගෙන ඉන්න ජාන්වී හා දිල්රූ දෙස සිනාවක් පෑ තුහින්‍යා ඔවුන්ට ඔහුගේ හමුවීම පිලිබඳව යලි මතක් කලාය….
” ඇයි වදේ එක දවසක් අර මං කිව්වේ කෝවිල ගාවදි කොල්ලෙක්ට මැරයෝ වගයක් ගැහුවා කියලා….. ඔන්න ඔය හල්ක්ට තමා ගැහුවේ………
කෙල්ලො දෙන්නා තවත් පුදුමයෙන්….. තුහින්‍යා සිනාව තද කරගෙන බලන් හිටියේ දිල්රූ දිහා…..
” ඈක්කා…… මේකා ගුටිත් කෑවද……
” හ්ම්ම්ම්ම්ම්…. හැබැයි මිනිහා ඒ වෙලාවේ හොදටම බීලා හිටියේ…….
” පව් මොනවා වුනත්….. හැබැයි ඌ උඹ දිහා බලන් හිටිය විදිහ නම් මට ඇල්ලුවේ නෑ……
” අනේ උඹලට විකාර………
” විකාර නෙවේ තුහියෝ……. අවුලකුත් නෑ ඉතිම් අපේ බොසානේ……..
දිල්රූ එහෙම කියලා ටිකක් ඈත් වුනේ තුහින්‍යා ඇයට රවලා බලපු නිසා……
හේෂර කෙල්ලො තුන් දෙනාට ආයෙමත් ගිහින් කාර්යාලයේ වැඩක නිරත වන්නට උපදෙස් දී අඩියට දෙකට ඉහල මාලයේ ඇති ප්‍රධාන කාර්යාලයට ගියේය……..
” කොහේද මනුස්සයෝ ගිහින් හිටියේ…… මං දැන් ඇවිත් කොච්චරක් වෙලාද…… මේ වැඩේ හරියන්නෑ හේෂි……
භූමි උදේ පාන්දරම ඝණ්ඨාරය නාද කරන්නට පටන් අරන්…….
” මං පහල තවානෙ හිටියේ අයියේ…….
” ඒක මිසක්…… ඒවයෙ වැඩ ඔයා බලනවානේ නේද……..
” ඔව් අයියේ……..
” හරි දැන් මෙන්න මෙහෙමයි කෙරෙන්නෙ….. මගේ Fairy flora එකයි ඔයාලගේ floral lily එකයි අද ඉඳන් එකක් වෙනවා…… ඒකට Fairy lily කියලා නම දාලා ඇඩිවර්ටීස්මන්ට් එකක් හදන්න අදම…. මේ දැන්ම ඔයා ඒ වැඩේ බලන්න ඕනි…… ඒ එක්කම අපේ පරණ නම් දෙකත් දාලා අද ඉඳන් අපි දෙගොල්ලොම එකක් කියන එක කියන්න ඕනි….. ඊලඟට ප්‍රයිම් මිනිස්ටර්ගේ පුතාගේ වෙඩින් එකේ කේස් එක දන්නවානේ…. අන්න ඒකට අපේ නොමිනේෂන්ස් දෙන්න අපිත් ඒකට ඉදිරිපත් වෙනවා….. හරිනේ තේරුනාද…… අද දහයට ස්ටාෆ් මීටින් එකක් කෝල් කරන්න…
ආව ගමන් භූමි වැඩ කන්දක් හේෂරගේ ඔළුවෙන් තිබ්බා…. ඒත් ඔහුට ඒකෙ ලොකු බරක් නොදැනුනේ දැන් තමාට ඉහලින් යෝධ ශක්තියක් ඉන්න නිසා
” හරි අයියා…. මං ඒක කරන්නම්…… එහෙනම් මං යන්නද……..
හේෂර යන්න නැගිටින විට භූමි යලිත් ඔහුට වාඩි වන ලෙස කීවේය…..
” මෙතන ඉදන් වැඩේ කරපන්…. කොහේද රිංගන්න යන්නේ අර කෙල්ලො අස්සෙද…..
“”” අපොයි මේ මුලග්ගිණි කාරයා එක්ක නම් වැඩ කරන්න බැරි වෙයි….. මේ යෝධයා එන්නෙම ඇඟටනේ…… ආය ඇඟට එන්න දෙයක් නෑ…. මූ ඉතින් කොහොමත් නහරකාරයානේ….. කවුද මෙයාව නොදන්නේ…… මේ ඇල්නිලම් Monster orion ලගේ leader….. කවුද හිතුවේ මෙයා මගේ අයියා කියලා…….
හේෂර සිතුවේ මද සිනාවක් මුවෙහි තබාගෙනය…….
” හිනා වෙවී ඉන්නැතුව වැඩක් කරපන්…. මේ මට දියන් මේකෙ වැඩ කරන මනුස්සයින්ගේ නම් පුද්ගලික විස්තර තියන ෆයිල් එක….. අම්මයි පුතායි මොක්කු මේක අස්සෙ දාගෙන ඉන්නවද දන්නෑ…….
භූමි කතාකරන විලාශයට හේෂරට හිනාය……
” ඇත්තමයි අයියේ උඹ නම් මාරයි ඈ…. ඉස්සර කැම්පස් එකේදි උඹේ නම ඇහෙද්දිත් අපි හැංගෙනවා…….
භූමි විමතියෙන් ඔහු දෙස බැලුවේ කොලඹ විශ්වවිද්‍යාල භූමියේ මේ මුහුණ ඔහුට මතකයක් නැති නිසා…….
” ඒ මට මතක නෑනේ උඹලව….. මොන සෙට් එකේද බැහැලා හිටියේ…….
” ඔයා ෆයිනල් ඉයර් ඉද්දි අපි ෆස්ට් ඉයර් එකට ආවේ…… ඔයාට අපිට වඩා ලොකු දේවල් එතකොට තිබුනානේ….. කෝ දැන් අර අක්කා….. අර සෝනම් කපූර් වගේ අක්කා……..
හේෂර කියන්නේ ටාෂියා ගැනයි….. භූමිගේ මුහුණ අඳුරු වී ගියේය……
” ඒකි බැන්දා……….. කෝ දීපන් අර ෆයිල් එක…….
හේෂර කතාව නවත්වා ෆයිල් එක ගෙන භූමි අතට දී දුරකතනය අතට ගත්තේ අයියා පැවරූ කාර්යයන් අවසන් කිරීමටයි…….. භූමි නිහඬවම පිටුවෙන් පිටුව පෙරළුවේය…….
” දිල්රූ……. මේ අර කොණ්ඩෙ ටිකක් ස්ට්‍රේට් කරලා වගේ ඉන්න කෙට්ටු මුහුණෙ ලපයක් තියන ටිකක් මොංගල් වගේ ඉන්න කෙල්ල නේද……
භූමි ඇහුවේ හේෂරගෙන්……… හේෂර තොල් තද කරන හිනාව නවත්වාගත්තා…..
” ඒකිට මොංගල් නෑ…… ඔයාටම තේරෙයි…… නියම Flower decorator….
හේෂර ඇයව වර්ණනා කරද්දි භූමි තොල් පෙරලා විශ්මය ප්‍රකාශ කලේය…….
” බලමුකෝ…… අන්මැරීඩ්….. එහෙනම් ප්‍රශ්ණ එහෙම අඩු ඇති…. එතකොට ජාන්වී……. ආ අර පණ්ඩිත ආච්චි වගේ ඉන්න උස කෙට්ටු කෙල්ල නේද……. ඒ කෙල්ල නම් මීටරේ වගේ…..
” හ්ම්ම්මමිම් ජයනි…… ඒ ලමයත් හොදයි අයියේ…..
” තුහින්‍යා…….. නමත් ලස්සනයිි කෙල්ලත් ලස්සනයි…. බලමු විස්තර……
භූමිගේ ඇස් එක් තැනක නතර වෙලා ඔහුගේ මුහුණේ විශ්මයත් කැලඹීමත් දුකත් බලාපොරොත්තු කඩ වූ බවකුත් දිස්වුනා……
” ත්……තුහී…………… ඔයා බැඳපු කෙනෙක්ද…….. අනේ දෙවියනේ ඇයි එහෙම කලේ……….. එයා වෙන කාලට අයිති මලක්ද………….
භූමි සිතුවේ වේදනාවෙන්…………
” මොකද අයියේ……..
හේෂර භූමි බලා සිටින්නේ කුමක්දැයි දුටුවා……. ඒ වගේම භූමි තුහින්යාව දන්නවා කියලත් හේෂරට හොදින්ම ඉව වැටිලයි තිබුනේ……
” මොකුත් නෑ…….. ම්ම්ම්ම් හරි මේක තියනවා මං පස්සෙ බලන්නම්
හේෂරට භුමිගේ මේ වෙනස හොදින්ම වැටහුනා…… නමුත් මේ වෙලාවෙදි ඇසුවොත් භූමිට ආයෙමත් කේන්ති යයි කියලා සිතුව හෙයින් ඔහු කිසිවක්ම ඇසුවේ නෑ……
•°°°°~°°°°•🧡💚💛•°°°°~°°°°•
වෙලාව දහය පමණ වන විට මේ ස්ථානයේ සේවය කරන සියළුම සේවකයින් ඉහල මාලයේ ප්‍රධාන කාර්යාලයට ගියහ………. භූමි මුලසුනේ වාඩිවී සිටියදී අනෙක් පිරිස මේස දෙපස වාඩි විය…….
” Good morning හැමෝටම……. අද ඉඳන් මං තමයි මෙහෙ වැඩ බලන්නේ…… මගේ නම භූමි අහස්ගව්…. සර්නේම් පාවිච්චි කරන්නෑ…… ඒ හින්දා මට භූමි කියලා කතා කරන්න…… හරි මට ඉස්සරවෙලා ඔයාලාව හඳුන්වලා දෙන්න මං කැමතී හඳුනගන්න….
සිරිපාලගේ සිට පිලිවෙලින් සියල්ලන්ම ඔවුන්ව හඳුන්වාදුන්හ…… ඊලඟට ආවේ තුහින්‍යාගේ වාරයයි…….
” සර් මං… තුහි……
” ඔයා අවශ්‍ය නෑ…… තුහී…. වාඩ් වෙන්න….
තුහින්‍යාගේ සිත කෝපයෙන් දැවී ගියේ ඔහු අන් අය ඉදිරියේ තමා විශේෂ කොට සැලකීම හේතුවෙන්……
” මගේ මල්සැකසුම් ආයතනයත් අද ඉඳන් මේකට එකතු වෙනවා…. හෙට දවසේ අපි මේක වෙනම නමකින් රෙජිස්ටර් වෙනවා…… ම්ම්ම්ම්… මං.මේක භාරගත්තට පස්සෙ අපිට හම්බ වෙන ලොකුම ටාස්ක් එක තමා ප්‍රයිම් මිනිස්ටර්ගේ පුතාගේ වෙඩින් එක…… ඒක අපි කොහොම හරි ගන්න ඕනි…….. ඒ වෙඩින් එන ලස්සනට සාර්ථකව කිරීමෙන් අපි ලංකාවේ No 1 Flower decorators ලා වෙනවා…. ඒ හින්දා මේක very very important….ඔයාලට තේරෙනවානේ්…….. මේක සාර්ථක වෙන තරමට අපිට වගේම ඔයාලටත් හොඳයි…. අපි එහෙම වුනොත් සැලරි එකත් වැඩි කරනවා……. මොකද කියන්නේ සිරිපාලගේ ඉඳන් හේෂර ඔයා දක්වාම මට සහය අවශ්‍යයි……
” sure අයියා……
සියළුදෙනාම ඔහුට සහය වීමට ශපථ විය………
” අපි විතරක් නෙවේ තව ආයතන හුඟක් මේ තරඟෙට ඉදිරිපත් වෙයි….. හැබැයි කවුරු ආවත් ඒක අපියි ගන්න ඕනි…..
Colombo වල තමයි ඒක තියෙන්නේ…… අපේ කට්ටියක් කලින් දවසේ එහෙ යන්න ඕනි….. අනිත් කට්ටිය පස්සෙ දවසේ පාන්දරින් මල් අරන් එන්න ඔනි…… specialy පොරුව සෙටිබැක් විතරක් නෙවේ….. buffet එකේ tables වල Flower arrangements හැම එකක්ම අපි කරන්න ඕනි…. තේරුනාද…….. ගැහැණු ළමයි තුන් දෙනාට පුළුවන්ද නැත්තම් අපිට තව කට්ටිය ගන්න වෙයිද……. අනික ගෙවල් වලින් අවසර ලැබෙයි නේද දවස් තුනක් විතර කොළඹ යන්න…..
භූමි අැහුවේ ගැහැහැණු ළමයින්ගෙන්….
” ගෙදරින් නම් අවසර ලැබෙයි සර්….
ජාන්වී සහ දිල්රූ කීවේ එක්වරම වගේය…
” එතකොට ඔයා තුහී……
” සර්….. මේ… අම්මගෙනුයි අප්පච්චිගෙනුයි අහලා මං ඉක්මනින් කියන්නම්……
කෙල්ල එහෙම කිව්වම ඒකත් භූමිට ලොකු ප්‍රශ්ණයක් වුනා………
” එතකොට මහත්තයාගෙන් අහන්නැද්ද……..
භූමි හිතුවා විතරයි කීවේ නෑ…….. ඒත් එතන මොකක් හරි දෙයක් තියනවා කියලා විතරක් භූමිට හිතුනා…….
මතු සම්බන්ධයි__