“අනේ මහත්තයා අපිට අපේ දරුවව හොයා ගන්න බැරි වෙයිද දෙයියනේ?මට ගොඩක් බය හිතෙනවා…”

“ඔය බොරු ඇඬියාව නවත්ත ගනින් චේතනා.උ/ඹ/ට දරුවා හොයන්න මතක් උනේ මං හිරෙන් නිදහස් වෙලා ආවට පස්සෙද?මං දන්නවා උ/ඹ මොකාටද ඔය එන්න හදන්නෙ කියලා…”

නිමක් නොමැතිව ඔහු මට බොහෝ සෙයින් බැන වැදුනා.දරුවා මතක් වෙන වාරයක් වාරයක් ගානෙ මගෙ ප/පු/ව පිච්චෙනවා. පහුගිය අවුරුදු කීපය මං ගත කරේ කොහොමද කියලා තේනුක දන්නෑ.දරුවා ඉන්න තැනක් හොයන්න උදව් කරන්න මට කිසිම කෙනෙක් හිටියෙ නෑ.දරුවව දුන්නෙ කාටද කියලා කවදාවත් අම්මා මට කිව්වෙ නෑ.

“අනේ මහත්තයො මට ඔහොම බොරු චෝදනා කරන්න එපා.දරුවා ගැන මගෙ හදවතේ ආදරයක් නැතුව නෙවෙයි දෙයියනේ.තනි මං මොනවා කරන්නද.දරුවා ඉන්න තැනක් හොයාගන්නවත් මට උදව් කරන්න කිසිම කෙනෙක් හිටියෙ නෑ…”

“ඔය බොරු කඳුලු වලට මාව රවට්ටන්න උ/ඹ/ට බෑ චේතනා.උ/ඹ/ට කොහොම හරි ඕනි දරුවව හොයාගෙන ආපහු මගෙ කරේ එල්ලෙන්න.උ/ඹ දන්නවා දරුවව හොයාගන්න බැරි උනොත් මං උ/ඹ/ව ඩිවෝස් කරනවා කියලා…”

කෑ ගහලා අඬලා මගෙ දුක පිට කරගන්න පුලුවන් නම් මං ඒකත් කරනවා.තේනුක මහත්තයා මට මෙහෙම කතා කරන එක ගැන මට පුදුමයක් නෑ.මං නිසා එයාගෙ ජීවිතේට දුක මිසක් සතුටක් ලැබුනෙ නැහැ.

එයාගෙ ජීවිතේ තිබ්බ වටිනාම වස්තුව අපේ දූ පැටියා.දුව බඩට ආවට පස්සෙ තේනුක මහත්තයා මාව රැක බලා ගත්තෙ වෙනදාටත් වඩා ගොඩක් ආදරෙන්.මට ගෙදර කිසිම වැඩක් කරන්න දුන්නෙ නැහැ. රැජිනක් වගේ මාව බලා ගතා.මාව නෑව්වෙ, කෑම කැව්වෙත් එයාමයි.මගෙ රෙදිත් හේදුවා.

එච්චර ආදරෙන් මාව රැක බලාගෙනත් මට බැරි උනා එයාගෙ පන ඩිංගව ආරක්ෂා කරගන්න.දූ පැටික්කිව තුරුල් කරගෙන මට දවස් කීයද ඒ උණුහුම විඳගන්න පුලුවන් උනේ?මගේම අම්මා මගේ දරුවව මගෙන් වෙන් කරා.අම්මා කෙනෙකුට පුලුවන්ද එහෙම කරන්න?

තේනුක මහත්තයගෙ යාළුවා කිව්වා වගේ මට හිතෙනවා ඒ ඇත්තටම මගේ අම්මමද කියලත්.මගේම අම්මා නම් කොහොමද මගෙ දරුවව මගෙන් වෙන් කරේ?හරියටම දවස් හයයි මගෙ පැටියා මගෙන් කු/ක්/කු බිව්වෙ.

“මොකද උනේ මචං?වාහනේ අයිතිකාරයාව හොයාගත්තද?…”

ඉක්මන් ගමනින් අප වෙත දුවගෙන ආ අදීෂගෙන් තේනුක මහත්තයා එහෙම ඇහුවෙ නොඉවසිල්ලෙන් වගෙයි.දරු පැටියව දැක ගන්නකල් මට ඉවසුමක් නැහැ.

අනේ මගෙ දූ පැටික්කි දැන් සමහර විට මොන්ටිසෝරි යනවත් ඇති.අවුරුදු හතරක්නෙ මගෙ බෝනික්කිට.

“ඔව් මචං.උ/ඹ/ගෙ සැකේ හරියටම හරි.උ/න් ළමයව අරන් යන්න ඇවිත් තියෙන්නෙ පාරෙ හයර් කරන වෑන් එකකින්.උ/න්/ගෙ/ම වාහනේකින් ආවොත් හොයාගන්න ලේසියිනෙ.මේ නම්බර් එක තියන වෑන් එක දැන් තියෙන්නෙ හලාවත පැත්තෙ…”

අදීෂ මහත්තයත් එක්ක අපි ඉක්මනටම හලාවත ඒ ඇඩ්‍රස් එක තියන ගෙදර හොයාගෙන ආවා.කපරාරු කරපු නැති තැනින් තැන ලෑලි ගහපු බාගෙට හදපු ගෙදරක්.මගෙ පැටියා ඉන්නෙ මේ ගෙදරද දන්නෑ.මං හොඳට වටපිට බැලුවෙ දරුවගෙ ඇඳුමක්වත් පේන්න තියනවද කියලා දැකගන්නයි.

“අපේ දරුවා මෙහෙද ඉන්නෙ මහත්තයා?…”

තේනුක මහත්තයගෙ අතේ එල්ලිලා මං එහෙම ඇහුවෙ අඬන්න ඔන්න මෙන්න වගෙයි.

“නැහැ.දරුවව අරන් යාපු එ/වු/න් ඇවිත් තියන වෑන් එකේ අයිතිකාරයගෙ ගෙදර මේක.අපිට මෙහෙන් තොරතුරක් ගන්න පුලුවන් වෙයි…”

තේනුක මහත්තයා දෙතුන් පාරක් ගෙදර දොරට තට්ටු කරා.විනාඩි දෙක තුනක් යද්දි දොර ඇරගෙන ආවෙ අවුරුදු පනහක විතර මනුස්සයෙක්.අදීෂ මහත්තයයි තේනුක මහත්තයයි එයාගෙන් ප්‍රශ්න කරා.

“මට නම් මහත්තයලා ඔය කියන සිද්ධිය ගැන මතකයක් නැහැ.මේ වෑන් එකෙන් මං දැන් අවුරුදු පහක ඉඳන් හයර් යනවා.මං ඒ යන යන හැම හයර් එකක් ගැනම මතක තියාගෙන ඉන්නෑ.මට වැදගත් හයර් එකට අදාළ මුදල ලැබෙනවද කියන එක විතරයි…”

අර මනුස්සයා එහෙම කියද්දි මගෙ හිත හොඳටෝම කඩන් වැටුනා.

“ඒ කියන්නෙ සල්ලි දෙනවා නම් මිස්ටර් මේ වෑන් එකේ ඕනම ජ / රා වැඩක් කරනවා කියන එකද?හොඳට කල්පනා කරලා බලන්න.අවුරුදු හතරකට කලින් ඔයාගෙ වෑන් එකේ හයර් එකක් ඇවිත් ඒ මිනිස්සු අපේ දරු පැටියව අරන් ගියේ.දරුවා ඉපදිලා හරියටම දවස් හයයි.සල්ලිකාර පෝසත් නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ඔයාගෙ වෑන් එකේ ආවෙ…”

ඒ මනුස්සයගෙ මතකයෙන් අවුරුදු හතරකට එහා අතීතය එලියට ගන්න අපි තුන් දෙනා සෑහෙන උත්සහ කරා.අදීෂ මහත්තයා පොලීසියට කෝල් කරනවා කියලා කිව්වට පස්සෙ අර මනුස්සයා බය උනා.ඊට පස්සෙ හදිස්සියෙම මතක් උනා වගේ විස්තරේ කියන්න ගත්තා.

“මහත්තයලා ඔය කියනවා වගේ සිද්ධියක් මගෙ මතකෙ ලාවට වගේ තියනවා.එදා මගෙ වෑන් එකේ හයර් එක ගියේ නෝනලා දෙන්නෙකුයි මහත්තයෙකුයි…”

“එයාලා කව්ද?කොහේ කට්ටියක්ද?කිසිම දෙයක් හංගන්නැතුව අපිට ඔයා දන්න හැම දෙයක්ම කියන්න ඕනි.මුලින්ම මේ සල්ලි තියාගන්නකො…”

තේනුක පර්ස් එක එලියට අරන් රුපියල් පන්දාහක් අර මනුස්සයගෙ අතට දුන්නා.ඒ මනුස්සයා එතරම් සතුටක් පෙනුනෙ නැහැ. දීපු මුදල මදි වෙන්න ඇති කියලා හිතලා තේනුක තව පන්දාහෙ කොලයක් දෙන්න හැදුවා.

“එපා මහත්තයා.සල්ලි වලට උනත් මේ ඇත්ත හෙලි කරන්න මට බයයි.මාත් තාත්තා කෙනෙක්.මට ගෑණු ළමයි දෙන්නෙක් ඉන්නවා.මගෙ නෝනා ඉන්නෙත් අසනීපෙන්. මේ ගැන ඇත්ත කියලා මට අනතුරක් උනොත් මගෙ දරු පව්ලම අ/නා/ථ/යි/නෙ මහත්තයො…”

“මේ ගැන ඇත්ත ඔයා කිව්වා කියලා උ/න්/ට දැන ගන්න අපි ඉඩ තියන්නෑ.අපිව විශ්වාස කරන්න.අපි ඒකට වෙනම ප්ලෑන් එකක් ඇඳලා ඉවරයි.අපිට දැන ගන්න ඕනි අපේ දුව දැන් ඉන්නෙ කා ගාවද කියන එක විතරයි. ප්ලීස් අපිට ඇත්ත කියන්න…”

තේනුක ඒ මනුස්සයා ඉස්සරහ බැගෑපත් වෙද්දි චේතනාගෙ ඇස් දෙකට කඳුලු ඉනුවා. ඔහු මේ හැම දෙයක්ම කරන්නෙ දරුවා හොයාගන්න.මොන දේ සිද්ද උනත් අන්තිම හුස්ම තියනකල් ඔහු දරු පැටියා ඉන්න තැන හොයන එක අතාරින්නෑ කියලා චේතනාට විශ්වාසයක් දැනුනා.

“එහෙනම් මහත්තයා මේ දේවල් මගෙන් දැනගත්තා කියලා කාටවත් අඟවන්න එපා. මං මහත්තයලාට ඒ මිනිස්සු කව්ද කියලා කියන්නම්…”

ඒ මනුස්සයා වටපිට බලලා අපිට තව ටිකක් කිට්ටු වෙලා සේරම දේවල් කියන්න ගත්තා. මගෙ ඇඟ සීතල වෙලා ගියා දරුවා ඉන්නෙ කා ගාවද කියලා කියද්දි.අපිට ලොකු ස/ට/න/ක් දෙන්න වෙයි දරුවව අපේ ළඟට ගන්න.

හලාවත ඉඳන් අපේ ගෙදරට එනකල් තේනුක මහත්තයා ආවෙ නිශ්ෂබ්දවමයි. එයා දිගින් දිගටම කල්පනා කරන්නෙ දරුවා ගැන වෙන්න ඕනි.

“මහත්තයා මොනවද කල්පනා කරන්නෙ?…”

එයා කතා කරන්නෙම නැතුව පැත්තකට වෙලා හිටපු නිසා මං එහෙම ඇහුවා.රෑට කෑම ගෙනාවත් එයා කෑවෙ නැහැ.මට කන්නත් බෑ.දරු පැටියා ගැන මතක් වෙද්දි කන්න තියා මට වතුර උගුරක් බොන්නවත් හිතක් නැහැ.

“මං කල්පනා කරන්නෙ මගෙ දරුවා ගැන.ත/මු/සෙ/ට දරුවා ගැන කිසිම අනුකම්පාවක්, කැක්කුමක් නෑ කියලා මං දන්නවා.ඒත් මට එහෙම ඉන්න බැහැ…”

තේනුක මහත්තයා ඉන්නෙ කේන්තියෙන් නිසා මං මගෙ අසරණකම ගැන ඔහු ඉදිරියෙ කතා කරේ නැහැ.මං මොනවා කිව්වත් ඔහු මාව විශ්වාස කරන්නෑ.දරුවා ගැන මගෙ හදවතේ තියන ආදරේ සෙනෙහස වචන වලට පෙරලන්න බැහැ.

එදා මගෙ අම්මා දරු පැටියව විකුණලා කියලා දැනගත්තම මගෙ ප/පු/ව පැලෙන්න වගේ ආවා.එවලෙ මට මොනවා උනාද කියලා හිතාගන්න බැහැ.දරුවව ඉල්ලලා මං මහ හයියෙන් කෑ මොර දීගෙන ඇඬුවා. දරුවාව හොයාගෙන මං පාරක් පාරක් ගානෙ පි/ස්/සි/යෙ/ක් වගේ ඇවිද්දා.

දරුවව විකිණුවෙ කාටද කියලා අම්මගෙන් මං කොච්චර ඇහුවත් අම්මා මට ඒ මිනිස්සු ගැන එක වචනයක්වත් කිව්වෙ නැහැ.උ/න් දීපු ලක්ෂ පනහත් අරගෙන අම්මා ආපහු මුඩුක්කු වත්තට ගියා.

නොකා නොබී මං දවස් ගනන් තනියම අඬ අඬා කාමරේ ඇතුලටම වෙලා හිටියා.මගෙ හිත හදන්න කවුරුවත් හිටියෙ නැහැ. තනිකම පාළුව දරා ගන්න බැරුව මං බිත්ති හතරක් ඇතුලෙ කොටු වෙලා ඔහේ ජීවත් උනා.

“අනේ එහෙම කියන්න එපා මහත්තයා. දරුවා ගැන මගෙ හිතේ තියන ආදරේ දන්නෙ මං විතරයි දෙයියනේ.පාරක් පාරක් ගානෙ මං දරු පැටියව කොච්චර හෙව්වද?මහත්තයට මගෙ අතින් ගොඩාක් වැරදි සිද්ද උනා.ඒවා උහුලගන්න පුලුවන් දේවල් නෙවෙයි.අම්මා අපේ පව්ල් ජීවිතේ මැද්දට ආවෙ නැත්නම් අද අපි දුවව හදාගෙන කොච්චර සතුටින් ඉන්නවද…”

“තමුන්ගෙ බේරිල්ලට දැන් නිදහසට කරුණු කියන්න එන්න එපා චේතනා.ත/මු/සෙ මගෙ හිත ආයෙ හදන්න බැරි තරමටම බිඳලා දැම්මා.මගෙ හිතේ ආයෙ කවදාවත්ම ත/මු/සෙ ගැන ආදරයක් ඇති වෙන්නෑ…”

මූණට ඇඟිල්ලට දික් කරගෙන කේන්තියෙන් ඔහු එහෙම කියද්දි මගෙ ප/පු/ව පැලී යන තරමෙ වේදනාවක් දැනුනා.මං මහ පව් කාරියක්.රත්තරං ගතිගුණ තියන මනුස්සයෙක් ලැබිලත් ඒ මනුස්සයත් එක්ක එකට ජීවත් වෙන්න මට පින නැතුව ගියා.

පහුවදා උදෙන්ම අපි දෙන්නා අපේ දුව හොයන්න යන ගමනෙ පළමු පියවර ආරම්භ කරා.පෙරදින රාත්‍රියෙදි තේනුක මහත්තයා මට ඉස්සරහට කරන්න ඕනි හැම දෙයක්ම කියලා දුන්නා.දරු පැටියව දැක ගන්නකල් මගෙ හිතට ඉවසුමක් නැහැ.මගෙ මැණික දැන් ගොඩක් ලොකුත් ඇති.මාවයි තේනුක මහත්තයවයි අඳුරගන්න නම් බැරි වෙයි එයාට.

“තමුසෙ කිසිම වෙලාවක මට මගෙ ඇත්ත නම කියලා කතා කරන්න එපා.ඒ වගේම ඒ මිනිස්සු ඉස්සරහදි මං කියලා දීපු විදියටම ඉන්න ඕනි.අපි ගැන සැකයක් හිතෙන විදියට හැසිරිලා තිබ්බොත් එහෙම උ/ඹ/ට මගෙන් කිසිම සමාවක් නැහැ.තේරුනාද?…”

ඒ ගෙදරට යන්න කලින් තේනුක මහත්තයා මට එහෙම කිව්වා.මීට අවුරුදු හතරකට කලින් මගෙ අම්මට රුපියල් ලක්ෂ පනහක් දීලා මගෙ දුවව අරන් ගිහින් තියන මනුස්සයා අද වෙද්දි පාර්ලිමේන්තුවෙ ඉන්න බලවත් ඇ/ම/ති කෙනෙක්.

අපිට ඒ ඇමති ළඟට යන්න ඕනි ගොඩක් පරිස්සමෙන්.මේ ගැන ඒ ඇ/ම/ති/ට පොඩි හරි සැකයක් ඇති උනොත් අපිට කවදාවත් අපේ දුවව දකින්නවත් ලැබෙන එකක් නැති වෙයි.

තේනුක මහත්තයා සරමකුයි කමිසෙකුයි ඇඳගෙන ගමේ දුප්පත් මනුස්සයෙක් වගේ සූදානම් උනා.මං චීත්ත ගව්මක් ඇඳගෙන කොණ්ඩෙ තනි කරලට ගොතාගෙන රබර් සෙරෙප්පු දෙකක් දාගත්තා.අපි අතේ ඇඳුම් බෑග් දෙකකුත් තිබුනා.

අපි දෙන්නා ගමේ ඉඳන් ගෙවල් වලට හොරෙන් පැනලා ආවෙ රස්සාවක් හොයාගෙන කොහොම හරි ජීවත් වෙන්න. ඇමතිට එහෙම කියන්නයි අපි සාකච්චා කරගත්තෙ.

මතු සම්බන්දයි.

ඉස්සරහට තමයි හොඳම ටික යන්නෙ. කට්ටියම ලයික් එකක් දාගෙනම යන්න හොඳේ