එකම එක වතාවක් ❣️

හතරවන_කොටස

ෆොටෝ එකින් එක බල බලා හිටපු මගේ හිත කිව්වේ එකම එක පාරක් හසරැල්ගේ කට හඩ අහන්න කියලා. හසරැල්ව දාලා ආවට පස්සේ එයාව දැක්කේ අද දවස් ගානකට පස්සේ. ඒත් ඔහුගේ හඩ අහන්නයි මට ඕන උනේ. කොච්චර දුකකින් අවුලකින් හිටියත් එයාගේ එක වචනයක් ඇති මගේ හිත සැනසෙන්න නම්..

හිත හසරැල්ට ඇමතුමක් ගන්න කියද්දි ඇමතුක් ගත්ත මගේ හිත කඩා වැටුණේ ඔහු මගේ අංකය බ්ලොක් කරලා කියලා දැනගත් විටයි. වට්ස් ඇප් එකෙන්ම එයා මාව බ්ලොක් කරලා ගිහින්. එයාව හොරෙන් හරි ඊයේ වෙනකල් බලපු ෆේස් බුක් එකෙනුත් මාව බ්ලොක්ම කරලා කියලා දකිද්දි පපුවට දරා ගන්න බැරි වේදනාවක් දැණුනේ..

මමම එයාට යන්න කියලා එයා මමම අද ගොඩාක් විදවනවා. වෙන් වීමත් මෙච්චර වේදනාවක් කියලා තෙරුණේ වෙන් උනාමම තමයි.

මම ෆෝන් එකත් තුරුළු කරන් ඇදේ වකුටුවෙලා අඩන්න ගත්තේ තවත් දරා ගන්න බැරුව.

“අ.. අනේහ් ම්.. මට සමා වෙන්න දෙයියනේ.. ම්.. මන් හිත. හිතකින් නෙවේ ඔයාගෙන් අයින් උනේ. ම්… මට සමා වෙන්න රත්තරනේ.. ම්.. මට සමාවෙන්න…”

මන් කෑ ගහලා ඇඩුවේ තවත් මේ දුක දරා ගන්න බැරිම තැන. මගේ ඇඩිල්ල සද්දේ ඇහුණ හින්දා අම්මාත් කාමරේට දුවන් ආවේ බයෙ වෙලා වගේ…

“දෙවනි ඇයි මගේ පුතේ…”

“අ.. අනේහ් අම්මා. මර එ.. එයාව ඕනි අම්මාහ්. ම්… මට සමාවෙන්න කියන්න අම්මා. එ.. එකම එ.. එක පාරක් ම්.. ම්ම් මට ස්..සමාවෙන්න කියන්න අම්මා…”

පපුව ඇතුලින් පැලෙන්න තරම් සිහින් රිදුමක් එද්දි මන් අම්මාට තුරුළු වෙලා ඇඩුවේ පිස්සුවෙන් වගේ. මන් අඩද්දි අම්මාත් හෝ ගාලා අඩනවා.

“ම්.. මන් මන් මහ .. ක්.. කරුමක්කාරියක් අම්මා. ඒ.. එකනි.. එයාව මට හම්බුන් නැත්තේ. එ.. එච්චර එ.. එච්චර ආදරේ කරලත් එච්චර ආදරේ කරලත් ම.. මට එයාව නැති උනා අම්මා…”

“එහෙම කියන්න එපා දෙවනි. මේක ලැබීම කියලා හිත හදා ගමු.. මගේ කෙල්ල අවාසනාවන්ත නෑ මැණික..”

අම්මා මගේ හිත හදන්න මොන තරම් දේවල් කිවත් මන් මොන තරම් අවාසනාවන්තද කියලා මමම දන්නවා.

ආදරේ කරලා මෙහෙම වෙන් වෙන එක කොච්චර නම් අමාරුද කියලා මට තෙරුණේ වෙන් උනාට පස්සෙයි. කී දෙනෙක්ගේ මන් හිත හදන්න උත්සහ කරන් ඒ කාලේ මේ වගේ දේවල් වලදි ඇත්තටම වෙන් උනම දැනෙන හැඟීම දැනෙන්නේ වෙන් උනාම විතරමයි කියලා දැනුයි මට දැනෙන්නේ…

හසරැල්ගෙයි මගෙයි ඡායාරූප එකින් එක බලන් හිටපු මගේ දෑස් පියවුණේ හිමින්. ඇස් පියා ගත්ත මගෙ හිත ඇදිලා ගියේ එයාගෙයි මගෙයි ලස්සන මතකයන් වලට.

“මොකෝ සුදු මැණික මේ ඩෝන් ගිහින්..”

වෙනදා වගේම එයා එනකල් බලන් ඉන්න මම අද මුණත් රතු කරන් බලන් හිටියේ එයා එනකල් තරහින්… වෙනදා වගේම කා එකෙන් බැහැලා ආවා විතරයි මන් ගස්සලා අහක බලා ගත්තේ උදේ වෙච්ච සිද්ධිය හින්දා…

“සුදු මැණික…”

මන් ගස්සල්ලා අහක බලා ගද්දි හසරැල් මගේ උරහිසෙන් අල්ලලා එයාගේ පැත්තට හරවන් නිකටින් මගේ මුහුණ එයාගේ පැත්තට හරවා ගත්තේ මන් අහක බල්ල ගනිද්දි…

“මොකෝ සුදු මැණික මේ ඩෝන් ගිහින්. තරහා වෙලාද..”

“තරහා වෙලා තමා ඉන්නේ මන්…”

කටත් ඇද කරලා මන් ආයෙත් අහක බලා ගත්තේ අත් දෙකම බැද ගන්න ගමන්..

“එ මොකෝ…”

“ඒ මොකෝ අහන්නේ. අර මොකිද දවල් ආන්සවර් කරේ ෆෝන් එක. බබා මේ ඔයාට කෝල් එකක් කාගෙන්ද ගර්ල් කෙනෙක්ගෙන් කියලත් කිවා. ළග හිටියා නම් ඒකිට බබා පෙන්නවා මං…”

මම බැනගෙන බැන ගෙන යද්දි හසරැල් කරේ මාව තවත් තරහා ගස්සමින් හිනා උන එක…

“මොකද හිනා වෙන්නේ. මොකීද එකිව මතක් වෙලාද..”

“අම්මෝහ් මගේ කොච්චි කරල…”

“යනවා යන්න ගිහින් එකීවම හුරතල් කරගන්නවා…”

හසරැල්ගේ අත් දෙකත් ගසා දාලා මන් අනිත් පැත්ත හැරුණේ හොදටම තරහා ගිහින්. මන් අනිත් පැත්ත හැරුණා විතරයි හසරැල් මගේ උර හිසින් නිකට තියන් අත් දෙකෙන් මගේ අත් දෙක තද කරලා අල්ලා ගත්තේ මට හෙල්ලෙන්න්වත් බැරි විදිහට. කොච්චර ගැලවෙන්න හැදුවත් හසරැල්ගේ අත් දෙකෙන් ගැලවෙනවා තියා හිතා ගන්නවත් නෑ…

“සුදු මැණික. ඔය වලි නෑනලා දෙන්නාම බලා ගන්න මාව අහුකරගන් නැතුව…”

නෑනලා දෙන්නා කිවාම මන් ඇස් ලොකු කරන් හසරැල් දිහා බැලුවේ බෙල්ල හරවලා. හසරැල් මගේ දිහා හිනා වෙවි බලන් ඉද්දියි තෙරුණේ ඒ දවල් ෆෝන් එක ආන්සවර් කරලා තියෙන්නේ එයාගේ නංගි කියලා..

“නංගිද ආන්සවර් කරේ…”

“ඒ පිස්සි තමා. ඔයාව අවුස්සන්න ඒ එහෙම කතා කරලා තියෙන්නේ…”

මගේ උරහිසක් සිප ගන්න ගමන් මට ඇති උනේ ලැජ්ජාවක්.

“හොද නෑ අප්පා. කිවේවත් නෑ. මන් බැන්නත් එක්ක…”

“කිව්වා කිව්වා. අම්මෝ නියම නෑනා කියලා..”

එකපාරටම ඇහුණ හෝන් හඩත් එක්ක මන් ගැස්සිලා ඇහැරුණේ ඒ සිහිනෙනුත් අවදි වෙන ගමන්. ඇස් පියා ගත්තත් ඇස් ඇරගෙන හිටියත් පේන්නේ එයාමයි…ඇහැරගෙන හිටියත් ඇස් පියන් හිටියත් එයාගෙයි මගෙයි ලස්සන මතකයන් මගේ ඇස් මත්තේ චිත්‍ර පටියක් වගේ දිස් වෙන්නේ හිත තව තවත් පාරමින්.

“නංගි…”

“ඇයි අක්කා… කවුද ආවේ…”

“නංගි අවුල් ගන්න නම් එපා..”

කාමරේට ආපු අක්කා මගේ ළගින් ඉදගෙන කතා කලේ හිස පිරිමදින ගමන්..

“ඇයි අක්කා එහෙම කිවේ…”

“ඔයාව හම්බෙන්න කෙනෙක් ඇවිල්ලා…”

“කවුද…”

“එන්න යන් සාලෙට…”

මතුවට…..