එකම එක වතාවක් ❣️
තෙවන_කොටස
අඩි කිහිපයක් ඇවිද ගියපු මම එහෙමම එක තැන නැවතුනේ දැකපු රුවත් එක්ක. පපුව ඇතුලෙන් ගිනිගන්නවා වගේ හැඟිමක් දැණුනේ මට. කාලයක් මගේම වෙලා හිටිය මගේ ආදරේ අද මන් හින්දාම වෙන කෙනෙක් එක්ක අත් පටලාගෙන එකට ඉන්නවා දකිද්දි පපුව පිච්චෙනවා වගේ හැඟිමක් දැණුනේ. බොද වූ දැසින් මම එක තැන මොහොතක් නැවතිලා බලන් හිටියේ හසරැල් දිහා. වෙනදා වගේ හිනා වෙච්ච දෑස් තුලින් මන් දැක්කේ කලකිරිමක් දුකක්. කෑ ගහලා අනේ මන් ළගට එන්න ආපහු කියලා කියන්න හිතුණත් මන් මග ළගම තිබ්බ වාහනයකට මුවා උනේ ඒ රුව හිතේ හැටියට විදගන්න කියලා.
මගේ මේ එකපාර වෙනස් වීම දිහා බලන් හිටපු නිශි මන් බොදවෙච්ච දෑසින් බලන් ඉන්න දිහා බැලුවේ. ඇයත් දකින්න ඇති හසරැල්ව.
“වෙනු. උඹ හොදින්ද…”
“හසරැල්ගෙන් වෙන් වෙන්න හිතපු මොහොතේ ඉදලා මන් හොදින් නෙවේ බන්…”
එහෙම කියද්දි මට ඇහුණේ නිශිත් දිගු සුසුමක් හෙලන හඩ.
මන් ඒ රුවින් මොහොතකටවත් දෑස් ඉවතට නොගෙන බලා සිටියේ ආයේ කවදා ඒ රැව දකින්න හැකි වේදෝ සැකයෙන්. කවදාහරි දවසක මේ විදිහටම මාත් එක්ක වෙඩින් එකක් ගන්න ප්ලෑන් කරපු හසරැල්ට අද වෙන කෙනෙක් එක්ක ඒ හීනේ ඉටු කරගන්න වෙලා. සමහර විට හසරැල් ඇත්ත දැනගද්දි හැමදේම වෙලා ඉවර වෙලා තියෙවි. සමහර විට එදාට හසරැල් මට සමාව දෙවි. එහෙම නැත්තම් මට වෛර කරාවි.
හසරැල් සුලෝචනා එක්ක කා එකට නැගලා යන කොට මන් ඔහුට නොපෙනෙන්න හැංගිලා හිටිය තැනින් එළියට ඇවිල්ලා බලන් හිටියේ නොපෙනි යන ඔහුගේ වාහනය දිහා. එයා එක්ක එයාට එහා පැත්තේ ශිට් එකේ වාඩි වෙලා ගිය මන වෙනුවට අද සුලෝචනා ඒ ශිට් එකේ ඉදගෙන යනවා දකිද්දි හිස් හැඟිමක් මට දැණුනේ. කෑ ගහලා මට සමාව දෙන්න හසරැල් කියලා කියන්න ඕන ඔන උනත් මට දැණුනේ මන් ගැනම අසරණ බවක්…
“වෙනූ හිත හදා ගනින් බන්…”
“කොහොමද බන්…”
“මට තෙරෙනවා උබ ඉන්න තත්වේ…”
“මන් ඉන්න තත්වය කාටවත් තෙරෙන් නෑ බන්. මන් මහා කරුමක්කාරියක් බන්. මට මගේ ආදරේ අත අරින්න උනා. මන් මහා කරුමක්කාරියක් නිශි. මන් මහා කරුමක්කාරියක්…”
මෙච්චර වෙලා හංගන් හිටපු කඳුළු එක පෝලිමට ගලන් යන්න ගත්තේ මගේ ඇස් වලින් වාන් දැමුවා වගේ.
මන් දිහා නිශි බලන් හිටියේ අසරණ දෑසින්. මගේ ඇස් වලින් කඳුළු පිස දැමු නිශි මගේ අතින් අල්ලන් මාව එක්කන් ගියේ දළදා මාලිගාව. හැමදාම වගේ මන් ආසා සුදු නෙළුම් මල් මිටියක් අරන් මම මාලිගාව ඇතුලට ගියේ හිත මොහොතකට හරි සන්සුන් කර ගන්න කියලා හිතන්. දන්ත ධාතුන් වහන්සේ වැදලා මම එතනම ඉස්සරහා වාඩි උනේ හිත සන්සුන් කරගන්න කියලා ඇස් පියන්. මන් එහා පැත්තෙන් නිශි වාඩි වෙනවා දැණුනත් මන් ඒ කිසිම දෙයක් නොහිතා ඇස් දෙක පියන් හිටියේ බොහෝ වෙලා. මන් කොච්චර වෙලා එහෙම හිටියාද දන් නෑ. හිතට පුදුම නිදහසක් දැණුනේ.
“අපි යමුද…”
මොහොතකට හිත සැහැල්ලු උන මම නිශි එක්ක ආපහු පිටත් වෙන්න හැදුවේ. කොච්චර හිත සන්සුන් කරගන්ම හැදුවත් හසරැල්ගෙයි මගෙයි ලස්සනම ලස්සන මතකයන් තියන නුවර අහස යටදි ආයේ හිත දුකින් පිරුණේ මොහොතකින්…
“නිශි කරදරයක් නැත්තම් මල් වත්තට යන්ද. එකම එක පාරක්…”
“කවදාවත් කරදරයක් කියලා හිතන්න එපා බන්. උබ කියන ඕනම තැනකට එන්නම්…”
“පින් මගේ ළගින් ඉන්නවට නිශියෝ. මේ දුක කියලා හිත හදා ගන්න හරි උඹ විතරයි මට ඉන්නේ…”
“හැම දේම වෙන්නේ දෛවයේ ලියලා තියන හැටියට බන්. අපි මොන දේට ආදරේ කලත් ආශා කලත් ඒ දේ නොලැබෙනවා නම් ලැබෙන්නෙම නෑ බන්. ඒක තමා මේ ජිවිතේ… ඉතින් අපි අපිට ලැබෙන දේ බෑ නොකියා භාර ගන්න ඕනි. ඒක තම අපේ දෛවය බන්. අපි කොහොම මොනවා කරත් අපි ඉපදෙනකොටම අපේ දෛවයත් ලියාගෙනම තමා අපි මේ ලෝකෙට එන්නේ”
නිශි මගේ හිත ගොඩාක් දේවල් කියලා හදන ගමන් ටැක්සියක නැගලා අපි දෙන්නා ආවේ පෙරාදෙණිය මල් වත්තට. මේ මල්වත්තට මන් හසරැල් එක්ක කී පාරක් ඇවිල්ලා තියනවද මන් දන් නෑ. එයාගේ අතේ එල්ලිලා මම මේ මල් වත්ත පුරාම ඇවිදින්න ඇති. මගෙයි එයාගෙයි ආදරේට මේ ගස් කොලන් තරම් වෙන කවුරුත් දන් නැතුව ඇති අපි දෙන්නාගේ ආදරේ තරම්….
“සුදු මැණික කුඩේ යටට එනවා මගෙන් ගුටි නොකා…”
“අප්පා අනේ හයියෙන් වහින් නැනි. පොඩි වැහි පොදක් විතරනි අප්පා. ඇයි ඔච්චර දුෂ්ටකම් අනේහ් මට…”
පොද වැස්සේ මන් පොඩ්ඩක් කුඩේ යටින් එලියට ගිහිල්ලා අත් දෙක විහිදන් වටයක් කැරකුණා කියලා තමා ඔය ඩෝන් ගිහින් තියෙන්නේ…
“දුෂ්ට තමා. පොඩි පොදක් වැටෙන්න බෑ හචිස් හචිස්…”
“අනේ ඉතින් අප්පා. කෝ මට අද හචිස් හචි ගියේ නැනි…”
එහෙම කියලා කට ගන්න හම්බුණේ නෑ මට එක දිගට කිඹුහුන් පෝලිමක් ගියේ හසරැල් මගේ දිහා උස්සලා පොලේ ගහන සයිස් එකෙන් බලන් ඉද්දි…
“අහ් ඔය කියලා කට ගන්න හම්බුණ් නෑ. දැන්වත් එනවා මගෙන් ගුටි නොකා කුඩේ යටට…”
හසරැල් හොදටම බැනලා බැනලා මාව කුඩේ යටට ඇදලා අරන් මගේ හැන්ඩ් බෑග් එකේ තිබ්බ ලේන්සුවක් අරන් මගේ මුහුණයි ඔලුවයි පිස්සේ හොදටම මට බනින ගමන්. මට බැන බැන මගේ ඔලුව පිහින හසරැල් දිහා මන් බලන් හිටියේ හිනා වෙවි. ඒ ඇස් වල මන් වෙනුවෙන් තියන ආදරය ආරක්ෂාව මන් ඕනවටත් වඩා දැක්කා.
ඒත් එක්කම මම ඉස්සිලා හසරැල්ගේ කොපුලේ හාදුවක් තැවරුවේ මගේ දිහා ඔහු ඇස් ලොකු කරන් පුදුමයෙන් බලන් ඉද්දි. ඉන් මොහොතකට පසු මුවගට සිනහාවක් නගා ගත් හසරැල් මගේ කර වටා අත දාලා මාව තවත් තුරුලට ලං කරන් හිමින් ඇවිදගෙන ගියේ වැස්ස ටික ටික වැඩි කරද්දි…
ඒ මතකයන් මතක් වෙද්දි මට දිගු හුස්මක් හෙලුණා. ඇස් වහන් මම මොහොතක් ආයෙමත් ඒ මතකයන් මගේ ඉස්සරහා මවා ගත්තේ මට දැන් ඉතුරු ඒ මතකයන් විතරක්ම නිසා…
පෙරාදෙණිය මල් වත්තේ ඉදන් ගෙදර ආපු මම කාමරය ඇතුලට ගියේ හසරැල්ගේ මතකයන් එක්ක තනිවෙන්න ඕන හින්දා.. කාමරයට ඇවිල්ලා මම මගේ දුරකථනයෙ සේව් කරලා තියන එයාගෙයි මගෙයි ඡායාරූප එකින් එක බැලුවේ. ෆොටෝ එකින් එක බල බලා හිටපු මගේ හිත කිව්වේ එකම එක පාරක් හසරැල්ගේ කට හඩ අහන්න කියලා. හිත එහෙම කියද්දි ඇමතුක් ගත්ත මගේ හිත කඩා වැටුණේ…
මතුවට…..