එකම එක වතාවක් ❣️
දෙවන_කොටස
හසරැල්ගෙන් වෙන් වෙලා දින දෙකක් ගෙවිලා ගියේ මම හැඩු කඳුලෙන්ම කාමරේටම වෙලා දවස ගෙවෙද්දි… එයාගේ මතකයන් එයා මට මේ අවුරුදු පහාක් තිබු තෑගි තුරුළු කරන් මන් පොඩි එකෙක් වගේ කාමරේටම වෙලා හැඩුවේ මහ හයියෙන්. මේ අඩපු දවස් දෙකට මගේ කඳුළු කොච්චර නම් ගලන්න ඇද්ද කියලා මගේ අම්මා තාත්තා අක්කා මල්ලි දකින්න ඇති. එයාලාත් දන්නවා මාන් ඉන්න තත්වේ. හසර්ළ්ගේ ශර්ට් එකක් ඇදන් එයා දිපු පුංචි පුංචි තෑගි තුරුළු කරන් මන් වෙලාවකට තනියම පිස්සියක් වගේ කියවා කියවා ඔහුගෙ සමාව ඉල්ලුවේ. හසරැල්ගෙන් වෙන් වුණ මගේ හිත හැමවේලේම හදමින් තත්පරයක්වත් ඈත් නොවි අම්මා තාත්තා අක්කා මල්ලි වගේම මගේ හොදම යාහළුවා නිශි මගේ ළගම ඉදන් හිත හැදුවා.
මම බලන් හිටියේ කණ්ණාඩියෙන් පේන මගේ රූපේ දිහා. ඇස් යට කළු වෙලා මුහුණ ඇදිලා ගිහින් මේ මමමද හොයා ගන්න බැරි විදිහය වෙනස් වෙලා මේ දවස් ටිකට. හසරැල්ගෙන් තොර ජීවිතයක් හිතා ගන්න බැටි තරමටම මන් බිමට වැටිලා හිටියේ. අඩන්න ඕන උනත් ඇස්වලින් කඳුළු වැටෙන් නැති තරමටම මගේ කඳුළු හිදිලා ගිහින්.
“වෙනු ඔයා ලෑස්තද…”
කණ්ණාඩියෙන් පේන මගේ ප්‍රතිභිම්භය දිහා හිස් හැගිමෙන් බලන් ඉද්දි මට කතා කරගෙනම මගේ කාමරයට ආවේ මගේ හොදම යාළුවා නිශි.
මාව දැකපු නිසි දිගු හුස්මක් අරන් ළගට ඇවිල්ලා මගේ හිස පිරිමැද්දේ යහළුවෙකුට වඩා සහෝදරියක් වගේ…
“අ.. අනේහ්.. නිස්..නිශීයෝ ම්.. මට. ම්.. මට බෑ දෙයියනේ. ම.. මට දරා ගන්න බ්.. බෑ නිශි. ම.. මගේ හසරැල් ඕනි දෙයිය… නේ… එ.. එයාව ඔ… ඕනි ම්… මට ම..අට බෑ දෙයියනේ… එයාට එ.. එන්න කියන්න්..නකෝ ප්.. ප්ලිස් නිශි…”
“අඩන්න එපා වෙනු අපි හිත හදා ගමු රත්තරන්…”
“ම්… මට.. මට බෑ දෙයියනේ. එ.. එයාගේ සුවඳ..එ.. යාගේ සුවද.. මේ… හ්.. හැම තැන්නම නිශි… මට බෑ. දෙයියනේ.. මට බෑ..
ම්… මාව මැ.. රෙ… යි…එ…යා..නැ..තුව.. නිශි…”
මාම ඉකි ගගහා අඩන ගමන් නිශිගේ බදට තුරුළු උනේ අඩන්නවත් කඳුළු ඇස් වලින් නොඑද්දි. අඩලා අඩලා විදවලා විදවලා මන් මේ දවස් ටිකේ ජිවිතේ අඩියටම වැටිලා හිටියේ…
“උබ වේදනාවක් කියලා දැන දැනමනේ වෙනු එයාගෙන් ඈත් උනේ. අපි කොහොම හරි හිත හදා ගමු…”
“මම ම්..මම ඊට කලින් ම්..මැරෙයි දෙයියනේ ම්.. මේ වේදනා.. ව දරා ගන්න බැර්‍ය්ව දෙයියනේ…”
“පිස්සු කතා ක්‍යන්න එප වෙනු. උබ ගොඩාක් ශක්තිමත් කෙල්ලෙක්. උබට පුලුවන්…”
“ම්..මට බ්.. බැහැ දෙයියනේ. ම්..මට බෑදරා ගන්න ම්.. මේ වේදනාව…”
මන් හිසකෙසදිමින් කෑ ගැහුවේතවත් දරාගන්න බැටි තරමට හිත ඇතුලෙන් පිච්චෙද්දි. මන් පිස්සියක් වගේ කෑ ගද්දි නිශි මාව එයාට තුරුළු කරන් මාව ටිකෙන් ටික සන්සුන් කලේ එයත් අඩ අඩාම. මන් ඉන්නා තත්වය මගේ පවුලේ අය වගේම නිශිත් හොදටම දන්නවා. මාව සනසන්නේකොහොමද කියලා හිතා ගාන්නා බැරුව වගේ එයා මගේ හිස පිරිමදිමින් අඩන්න එපා කියලා මුවින් පැවසුවේ එයත් අඩන ගමන්…
“කෝ නැගිටින්න මැණික. ඔය මුහුණ හෝදන් අපි ටිකක් එළියට යමු හිත හැදෙන්න. උබ ඔහොම අඩද්දි අර අම්මායි තාත්තායි අක්කායි මල්ලියි විවන විදවිල්ල බලපන් බන්. ඒ අය වෙනුවෙන් හරි ටිකක් හිනා වෙලා හිටපන් මැණික. කෝ නැගිටපන්…”
මගේ හිත හදමින් නිශි මාව නාන කාමරය වෙත රැගෙන ගොස් ඈම මගේ මුහුණ සෝදා මාව නැවත කාමරයට රැගෙන එන තුරු ඕහේ බලන් හිටියේ හිත් පිත් නැති අයෙකු ලෙස. හසරැල්ගෙන් වෙන් උන දවසේම මගේ හිතත් නැත්තටම නැති උණා. හරියට මම මලමිණියක් වගේ වෙලාවකට දැණුනේ.
“ආන්ටි අපි ගිහින් එන්නම්…”
අපි ගෙදරින් එළියට බහිද්දි නිශි අම්මාට කතා කරලා කිවේ. අම්මාගේ ඇස් වලත් කඳුළු මන් විදින වේදනාව දැකලා. මන් ඉන්නා තත්වේ දැකලා. ඒත් මට ඒ හිත් හදන්නවත් මගේ හිත ශක්තිමත් නෑ.
“රත්නත්තරේ පිහිටයි මගේ දරුවෝ දෙන්නාට පරිස්සමින් ගිහින් එන්න මැණික…”
අම්මා මගේ හිස පිරිමදිමින් ආදරෙන් කියද්දි මම ඕහේ බලන් හිටියේ අම්මා දිහා. ඒ ඇස් වලත් ලඳුළු පිරිලා. අඩන්න එපා අම්මා කියලා කියන්න ඕනා උනත් මගේ මුව විවර උනේම නෑ. මාන් අම්මාවයි නිශිවයි තනිකරමින් හිමීට ඇවිදන් ආවේ ඉස්සරහාට අම්මා නිශි එක්ක අඩ අඩා මොනාදෝ කතා කරද්දි.
ගේට් එකෙන් එළියට එද්දිම මගේ ඉස්සරහාට හම්බුණේ ආදරවන්තයෝ දෙදෙනෙක්. ඒ ආදරේ ඒ හිනාව දකිද්දි මට මගේ හසරැල්ව මතක් උනේ…
“අයිස් කමු…”
“වෙනු…”
අයිස් කමු කිවා විතරයි මාව මරන් කන්න වගේ හසරැල් දවා හලුකරන බැල්මකින් බැලුවේ තව කිඹුහුමක් යද්දි…
“කමු කමු. පේනවානේ නහය ජම්බු ගෙඩියක් වගේ තියන් අයිස් කමු කියන හැටි. අම්මාපා සුද්දි මට දෙන්න හිතෙනවා..”
හසරැල් මට හෝ ගාලා බනිද්දි මන් දත් තිස් දෙකම පේන්න විරිත්තලාහිනා වෙලා එයාගේ අත් ගොබේ එල්ලුනේ හරි අහිංසක විදිහට හුරතලේන් අනේ අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්න කියන්න වගේ…
“කොහොම බැලුවත් අයිස්නම් දෙන් නෑ සුද්දි. ඒ හින්දා පාඩුවේ ඉන්නවා….”
ඒත් එක්කම මට තව කිඹුහුන් වැලක් ගියේ හසරැල් ඉනට අත් දෙක තියන් මගේ දිහා බලන් ඉද්දි…
“කිඹුහින් යව යවාඅයිස්ක්‍රීම් ඉල්ලපන්කෝ. අනේ අම්මපා සුද්දි උබ නම්..”
“අයිස්ක්‍රිම් චුට්ටක් කෑවා කියලා ලෙඩ.වෙන් නෑනේ මන් හැසරැල්. මන් ස්ට්‍රෝන් කෙල්ලෙක් අලේ. සූටි හෙම්බිලිසාවක්නේ මේක…”
මන් කටත් ඇද කරන් මූනත් ඇල කරන් මගේ ගට්ස් පෙන්නන ගමන් කියද්දි හසරැල් බැලුවේ නපුරු පෙනුමකි බැලුවේ මගේ දිහා. මන් මහපොට ඇඟිල්ලෙන් බිම හාර හාර ඇස් කොනින් බලද්දි දැක්කේ කට කොනටක හිනා වෙවි මගේ දිහා බලාන් ඉන්න හසරැල්. මන් ඇස් දෙකත් චුටි කරන් හසරැල් දිහා බලද්දි හසරැල් පාට මාරු කරන කටුස්සෙක් වගේ හිනාව හංගන් මගේ දිහා ආයේ බැලුවේ පුච්චලා අලු කරන්න වගේ…
“මහලොකු ගට්ස්. මාන් දන් නැද්ද් ස්ට්‍රෝන්ග් කම. චූටි වැස්සකට තෙමුණත් හචිස් හචිස්. මේන් මෙහේ එනවා අයිස්ක්‍රීම් කන්න තමා. දෙන්නේ දෙකක් ඔලු ගෙඩියට. කතා කරගන්න බෑ හරියට අයිස්ක්‍රීම් ඉල්ලනවා. පොඩි උන් හොදයි තව…”
හසරැල් බැන බැනම මාව ඇදන් ගියේ මන් අයිස්ක්‍රීම් දිහා දුකින් බලන් ඉද්දි කිසිම හිතක් පපුවක් නැති විදිහට…
“අයිස්ක්‍රීම් කෑවා කියලා මැරෙනවා යෑ. මහ දුෂ්ටයි අප්පා. ඉන්නවකෝ මේ හෙම්බිලිසාවක්නේ හැදුනේ. හොද උනා ගමන් ලොකුම ලොකු ලීටර් පහේ අයිස්ක්‍රීම් එකක් තනියම කනවා පෙන්න පෙන්නා. නපුරා දුෂ්ඨයා. කුණු ලෝභයා….”
අයිස්ක්‍රීම් දිහා බල බලා මන් හසරැල්ට හිතින් බැන බැන ඇවිද ගියේ හරි දුකින්…
“බැන්නා කියලා නාම් අරන් දෙන් නෑ සුද්දි…”
හසරැල් කට කොනකට හිනා වෙලා එහෙම කියද්දි මන් ඇස් ලොකු කරන් බැලුවේ ඔහු දිහා පුදුමයෙන්…
“ඔහොම.ඇස් ලොකු කරලා බලන්න ඕන් නෑ සුද්දි. මගේ කෙල්ල ගැන මට වඩා හොදට වෙන කවුරුත් දන් නෑ. මූණ එක එක රිඇක්ෂන් දදා හිට්ජින් බනින්නේ මට කියලා මන් දන්නවා. කොහොම බැන්නත් අද නම් අයිස්ක්‍රීම් නෑ…”
මගේ කම්මුල් දෙකම මිරිකන ගමන් හසරැල් හයියෙන් හිනා වෙලා කිවේ මන් ඔරවන් ඔහු දිහා බලන් ඉද්දි…
ඒ මතකයන් කොච්චර නම් ලස්සනද. හසරැල්ගෙයි මගෙයි ඒ අතීතය මතක් වෙද්දි දිගු සුසුමක් මට හෙලුනේ. මගේ සුදුම් හඩට මගේ දිහා බලපු නිශි මගේ හිත ශක්තිමත් කරන්න වගේ මගේ අත අල්ලා ගත්තේ…
තාමත් හීනයක් වගේ. එයා නැති තත්පරයක් හිතා ගන්න බැරි මම හැමදාම මැරි මැටි ඉපදෙනවා වගේ දැනෙන්නේ. හසරැල්ගෙයි මගෙයි මතකයන් අතර ගිලි හිටපු මම නුවරට එනවා දැණුනෙවත් නෑ. බස් එකෙන් බැහැලා නිශි එක්ක මම ඇවිදන් ගියේ ඇස් වලින් අඩන්න බැරි කමට හිත ඇතුලෙන් හයියෙන් කෑ ගහලා අඩන ගමන්.
අඩි කිහිපයක් ඇවිද ගියපු මම එහෙමම එක තැන නැවතුනේ දැකපු රුවත් එක්ක.
මතුවට…..