එකම එක වතාවක් ❣️
පලමු_කොටස
ජිවිතේ හරි පුදුමයි. සමහර තීරණ හිතට එකඟව නැතත් ගන්නම වෙනවා. මගේ ජිවිතෙත් ඒ වගේ. මටත් හිතට එකඟව නැතත් මේ තීරණය ගන්නම උනා.
මේ නුවර අහස යටදිම එකතු උන ඔහුව අද මට ඔහුට යන්න කියන්න වෙනවා හිතට එකඟව නැත්ත. හිත ඇතුලින් ආදරෙයි මහ මෙරක් කියලා කෑ ගහද්දි මන් හිස් හැඟීමකින් බලන් හිටියේ ඔහුගේ දෙනෙත් දිහා. ඒ ඇස් මහ පුදුමයෙන් බලා සිටියේ කඳුළු අතරින්… මෙච්චර පණ වගේ ආදරේ කරපු ඔහුට මම යන්න කියයිද කියලා හිතන්න නැතුව ඇති.
“කියනවා වෙනු තමුසෙට මම නැතුව ඉන්න පුලුවන්ද…”
මාව හයියෙන් උරහිසෙන් අල්ලන් හසරැල් සෙලෙව්වේ ඒ තරම් වියරුවෙන්. අවුරුදු පහක් ලෙහෙසි පහසු කාලයක් නෙවේ අවුරුදු පහක් ආදරය කරලා මගේ කටින්ම එයාට ගෙදරින් ප්‍රපෝස් කරපු එයාව බදින්න කියලා කියද්දි එයාටත් තරහා ඇති…
“කියනවා වෙනු… තමුසේ ගොළු වෙලාද… මම නැතුව ඉන්න පුළුවන්ද කියනවා තමුසෙට…”
“ප්ලීස් හසරැල් එයාව බඳින්න. මට මට පොඩ්ඩක් හරි ආදරේ නම්….”
බොහොම අමාරුවෙන් ඉකිය හිත යටම හිර කරන් ඒ වචන ටික මම ගැට ගැහුවේ…
“තමුසේ මගේ ආදරේ පරික්ෂා කරන්නේ මාව වෙන කෙනෙක්ට බන්දලාද වෙනු. කියනවා මෙච්චර කල් කරපු ආදරේ දැණුන් නැද්ද…”
“දෙයියනේ දැණුනා දෙයියනේ. ඒත් මම මොනා කරන්නද. මාත් අසරණයි….”
හිත යටින් මම හයියෙන් කෑ ගහන ගමන් මම හිත හයිය කරන් බලන් හිටියේ ඒ ඇස් දිහාම හිස් හැඟීමකින්. කොහොම කියන්නද ආදරේ හින්දායි යන්න කියන්නේ කියලා.
“කියනවා වෙනු මේ අත්දෙක අල්ලා ගත්තේ මාව මේ විදිහට තනිකරලා යන්නද කියනවා වෙනු… මේ පපුවේ ගැහෙන ආදරේදැණුන් නැද්ද රත්තරන්. කියනවා තමුසේ මේ කියන්නේ බොරුවක් නේද…”
“නෑ හසරැල් . ඇත්ත මන් කියන්නේ. යන්න අම්මාලාව ප්‍රපෝස් කරපු එයාව බදින්න ප්ලිස්. මට ආදරේ නම් බදින්න…”
“ඇයි දෙයියනේ මාව මේ විදිහට අසරණ කරන්නේ. තමුසෙට මගේ ආදරේ විහිළුවක්ද කියනවා වෙනු…”
“සමහර තීරණ තියනවා හසරැල් අකමැත්තෙන් උනත් අපිය්ට ගන්න වෙන. ඔයා දවසක තෙරුම් ගනි මන් අද මේ ගත්ත තීරණය ගැන…”
“තමුසෙට යන්නම ඕනද…”
“හ්ම් මට යන්නම ඕන හසරැල්. යන්නම ඕනි. නවතින්න බෑ තවත්….”
“හ්ම්. යනවා. හැබැයි මතක තියා ගන්නවා තමුසේ මගේ ආදරේ මනින්නේ මාව වෙන කෙනෙක්ට දිලා නම් බලා ගන්නවා මන් කොච්චර තමුසේට ආදරේ කරාද කියලා එයාව බැදලම පෙන්නන්නම්…. ආන් එදාට එනවා මන් එයා එක්ක පෝරුවේ ඉන්න දවසට අනිවා තමුසේ එන්නම ඕනි.
වෙනු තමුසේට පොඩ්ඩක් හරි ආදරේ කරානම් එයාව බදින්න කිවා නෙද. පොඩ්ඩක් නෙවේ මහ මෙරම් මන් ආදරේ කරා. මහ මෙරක්. ඒත් අන්තිමට මේ අවුරුදු පහටම බලද්දි මන් විතරයි ආදරේ කරලා තියෙන්නේ. රැවටුණා මන්. මේ ඇස් වලින් මන් ආදරේ කියලා දැකලා තියෙන්නේ බොරුවක්…”
“හසරැල්…”
මන් බොහොම අමාරුවෙන් වචන ගැට ගහන් ඔහුට කතා කලත් මාව පුච්චලා අළු කරලා දාන බැල්මකින් මගේ දිහා බැලුවේ ඇඟිල්ලකුත් දික් කරන්…
“කට වහන් ඉන්නවා. මන් විතරයි කතා කරන්නේ. කට වහන් අහන් ඉන්නවා වෙනු. ඔව් මන් සුලෝව බඳිනවා. හැබැයි තමුසෙට වගේ ආදරේ කරන්න බෑ. මන් එකිව බැදලා පෙන්නන්නම්. බලාගෙන ඉන්නවා. මගේ ආදරේ තමුසේ මනින්නේ මෙහෙමනේ. අනිවා එදාට එනවා.
පෝරුවට නඟින වෙලාවට මගේ ඇස් ඉස්සරහාම ඉන්නවා බලන්. මටත් කියන්න තියෙන්නේ මෙච්චරයි.. ඔය හිතේ මං වෙනුවෙන් පොඩි හරි ආදරයක් තියනවා නම් ආන් එදාට මතක ඇතිව එනවා මන් එයා එක්ක පෝරුවේ ඉන්න දවසටඅගේ ඇස් ඉස්සරහාම ඇවිත් ඉන්නවා…”
මට කෑ ගහලා බැනපු හසරැල් එතනම මාව තනිකරලා යන්න ගියේ මෙච්චර වෙලා හිර කරන් හිටපු කඳුළු එක පෝලිමට ගලා යද්දි.
“මට ස..ස්.. සමා වෙන්න දෙයියනේ. මට වෙන කරන්න දෙයක් නෑ. මාත් අසරණයි. ඔයා දවසක තේටුම් ගනි හසරැල් මන් ඒ දවස එනකල් බලන් ඉන්නවා ආදරෙන්…”
තාමත් නොපෙනි යන හසරැල් දිහා බලන් මගේ හිත මහ හයියෙන් කෑ ගැහුවේ නවතින්න කියලා ඔහුට. ඒත් යන්න කියපු මට ඔහුට නවතින්න කියන බෑ. මොනා කරන්නද මාත් ආදරෙයි එයාට. මහ අසරණ කමක් දැණෙන්නේ.
පපුව ඇතුලෙන් හිර වෙනවා වගේ වේදනාවක් දැනෙද්දි මම එතනම බිම ඉදන් පපුව තදින් මිරකමින් බලා සිටියේ නොපෙනි යන ඔහු දිහා.
ඔහු මා දමා යන්න ගියේ එකම එක වතාවක්වත් මා දිහා නොබලා. අනේ තව එකම එක වතාවක් මගේ දිහා හැරිලා බලන්න කිවාත් ඔහු බැලුවේ නෑ. ඒ නොබලපු එකත් සාධාරණයි. මමමයි ඔහුට යන්න කිවේ. ඉතින් ඒ යන්න කියපු කටින් ආපහු ඉන්න කියන්න හිතුණත් මට මහ අසරණකමක් දැණුනේ…
හසරැල් මට වඩා අවුරුදු දෙකකින් වැඩිමල් ඔහු මා හට හමු වුයේ එක්තරා මංගල උත්සවයදි. එදා ආරම්භ උනඉට්ජුදම නොදැනිම ආදරයකට පෙරලෙන්න මහ කාලයක් ගත උනේ නෑ. හරි ලස්සනට ආදරේ කරපු ඔහුගෙයි මගෙයි ආදරේට ඇස් වහ වැදුණේ නොහිතුව විදිහට…
මේ නුවර අහස යට මායි එයයි කොච්චර නම් ඇවිදින්න ඇතිද. එදා එයත් එක්ක ඇවිදපු මන් අද තනියම ඇවිද ගියේ ඒ මතකයන් වලට තාමත් ආදරේ නිසා. ඒ මතකයන් මට හිතින් එඉදීන ඕන නිසා… මූ නුවර අහස යට අඩියක් අඩියක් පාසා එයාගේ මතකයන් තියෙන්නේ… එයාගේ අතින් අල්ලන් ඇවිදපු ඒ මන් මාවත් දිගේ ඇවිදිද්දි හිත මහ හයියෙන් කෑ ගහලා හැඩුවත් මම බොහොම අමාරුවෙන් හිත ගලක් කරන් හිටියේ.
මාව තාත්තෙක් වගේ ආරක්ෂා කරපු ඔහුට යන්න කියද්දි ඔහු මාව දාලා ගිය මොහොතේ ඉදන් නිකන් හිස් පුදගලයෙක් වගේ මට දැණූනේ… මේ මුළු හිතම අරක් අරන් හිටපු එයාට එයාගේආදරේ ඇස් ඉස්සරහා හොදටම දකිද්දි ඒ ආදරේතඹ සතේකට ගනන් නොගෙන යන්න කියපු මම මේ දුක විදින්නම ඕනි. ඒත් දවසක එයා මට සමාව දෙයි. ඒ දවස වැඩි ඈතක නෑ කියන්න මම හොදටම දන්නවා…
මොහොතකට හරි හිත ටිකක් සන්සුන් කර ගන්න කියලා මම ආවේ දළදා මාලිගාවට. මල් පහන් පුජා කරලා මන් ඉල්ලුවේ ඔහුගේ සතුට. කා එක්ක කොහේ හිටියථැමදාම පොඩි දුකක්වත් දැනෙන් නැතුව සතුටින් ඉන්න කියලායි මන් ප්‍රාර්ථනා කලේ.
ඒ බදින කෙනාගේ ආදරේ ඉස්සරහා මාව චුට්ටක්වත් මතල් වෙන්න එපා කියලායි මං ප්‍රාර්ථනා කලේ. හිතට කොච්චර දුකක් දැණුනත් මේ දළදා මාලිගාවෙදි හිතට පුදුම සහනයක් දැණුනේ මොහොතකට… පැයක් විතර බුදුන් වැදි මා සෙමින් සෙමින් නුවර වැව අයින දිගේ පියමැන ආවේ ඔහුගේත් මගෙත් මතකයන් ආයේ ආයෙත් අලුත් වෙද්දියි.
මතුවට…..
💜️ යේශ්නි අකේල්‍යා