සිතින් විතරක්

හතලිස් දෙක….42

අශ්මීරා ඔව් ඒන්ජල්ගෙ ඩොක්ටර් එයා නිතර නිතර ඒන්ජල්ව බලන්න ගෙදර ආවා. සිද්ධවුන දේවල් ගැන හිතත්දි ඇයටත් ඒන්ජල් ගැන දැනු නෙ ලොකු අනුකම්පාවක්. ඒකයි වෘත්තීට ම ට්ටමට එහායින් ගිහින් පෞද්ගලිකව ඒන්ජල් ගැන හොයලා බලන්න ඇය උත්සහ කලේ.

ඒන්ජල් තාමත් උන්නෙ සාමාන්‍ය මානසික මට්ටමක නෙවී විහඟ වගේම සෙතුත් ඇගේ හිත හදන්න පුළුවන් තරම් උත්සහ කලා.

ඇය කැමති හුඟක් දේවල් කරන්න ඔවුන් දෙදෙනා හැම වෙලාවෙම උත්සහ කලා. ඒත් නොතේරෙ න මොකක්දෝ කණගාටුවකින් ඇය පෙලෙනවා කියලා ඔවුන්ට දැනුනා.

ලොකුම ප්‍රශ්නෙ වුනේ ඒන්ජල් එක්ක අදහස් හුවමාරු කරගන්න එක. ඇයට සංඥා භාෂාව ගැන දැනුමක් අවබෝධයක් තිබුනෙ නෑ. අනිත් අය කියන දේ වල් ඇහුනත් ඒවට පිලිතුරු දෙන්න ඇයට හුඟක් අපහසු වුනා.

ඇය තම අදහස් ප්‍රකාශ කලේ ඇස්වලින්. ඒක හරි අපහසුයි ඇය ඇස්වලින් කියන දේ වල් තේරුං ගන්න. විහඟයි අශ්මීරායි දෙන්නා හුඟක් අමාරුවෙන් ඇගේ ඇස්වල බස තේරුං ගත්ත ත් සෙත් නං වැටුනෙ ලොකු අමාරුවක. මොක ද ඔහුට ඈ කියන දේවල් තේරුං ගන්න පුළුවන් වුනේ නෑ.

හුඟක් වෙලාවට ඇය කියන දේවල් ඔහුට තේරුං කරලා දෙන්න වුනේ විහඟට නැත්තං අශ්මීරාට. ඇය ඒන්ජල්ව බලන්න එන හුඟක් වෙලාවට විහඟ හිතා මතාම එන්ජල් ලඟින් ඉවත්ව ගියා.

එතකොට එන්ජල් ගැන කතා කරන්න සෙත්ට අශ්මීරට ලං වෙන්නම සිද්ධ වුන නිසා. ගතවුන කාලය පුරාම අශ්මීරා ගැන දැනගත් දේ අනුව ඇය යහපත් යුවතියක් බව විහඟ තේරුං අරගෙන තිබුනා.

අනෙක් අතට සෙත් ගැන විශේෂයක් ඇගේ සි තේ තියන බව විහඟට දැනුනා. ඉතිං ඔහු උ ත්සහ කලේ ඇයව සෙත්ට ලං කරන්න. පිටින් මොතනරම් සැහැල්ලුවෙන් උන්නත් සෙත් හිටි යෙ වේදනාවෙන් කියලා විහඟ දන්නවා.

මිස්ටර් මංචනායක.. දැන්නම් ඒන්ජල්ට හුඟා ක් හොඳයි මම විශ්වාස කරනවා..ඉක්මනින්ම එයා කතා කරාවි කියලා.. අශ්මිරා කීවේ සෙත් දිහා බලාගෙන.

අයියෝ..ඩොක්ටර් මිස්ටර් මංචනායක කිය ද්දි..මම හුඟක් වයසක මනුස්සයෙක් වගේනෙ

එක්කො බෝසෙත් කියන්න නැත්තං මේ හැ මෝම කියනවා ව‍ගේ සෙත් කියන්න….

ඒ ගමන ඔහු කීවේ හිනා වෙවි.

එහෙම කියන්න පුළුවන්..ඔයා මට ඩොක්ටර් කියන එක නතර කරනවා නං..යාළුවො මට කියන්නෙ ආශ්..කියලා මම කැමති ඔයා වගේ කෙනෙක් මගෙ යාළුවෙක් වෙනවට…

ඇයත් ඒ හිනාවට එකතු වුනා.

ඔයා හුඟක් හොඳ කෙනෙක් ඩොක්ටර්..සොරි ආශ් මම කැමති ඔයා වගේ යාළුවෙක් ඉන්නව

ට.. සෙත් කීවේ අවංකවමයි.

අපි ඉක්මටම ඒන්ජල්ව සනීප කරගමු..සෙත්…

පව් ඒ කෙ ල් ල නිකරුනේ දුක් විඳිනවා.. අවුල තියෙන්නෙ එයා හිතනවා.. එයා අතින් ඔයාට ලොකු වැරැද්දක් වුනා කියලා.. එයා නිසා ඔයා දුක් විඳිනවා කියලා.. අශ්මිරා කියවගෙන ගියා.

මං ඒන්ජල්ට ඇත්තටම ආදරේ කලා ආශ්..ඒක නිසාම..දුකක් දැනුනෙ නෑ කීවොත් ඒක බොරු

ඒත් මට බෑ එයා වැරැද්දක් කලා කියලා හිත න්න.. ඒ නිසා එයා ගැන මගේ හිතේ තරහක් වෛරයක් නෑ…

අනික මට හොඳටම විශ්වාසයි..විහඟ මට වඩා හොඳින් ඒන්ජල්ව බලා ගන්නවා මටත් වඩා ඒන්ජල්ට ආදරේ කරනවා කියලා.. ඒ නිසා දැන් ඇත්තටම මට දැන් ඒ ගැන දුකක් නෑ..

මට සතුටුයි..විහඟ මගෙ සහෝදරයෙක් වෙ න්න යන එකට.. මෙච්චර කල් මට කවුරුවත් හිටියෙ නෑ…දැන්.. අයියෙකුයි නංගියෙකුයි දෙන්නෙක්ම ඉන්නවා..ඉතිං මං සතුටින්.. සෙත් කියවගෙන ගියෙ තෘප්තිමත් හඬකින්.

ඇත්තටම මට ඔයා ගැන හුඟක් ආඩම්බරයි

..මට තේරෙන්නෙ නෑ.. ඔයා කොහොම ද ඔය විඳිහට හිතන්න පුරුදු වුනේ කියලා..

සතුටුයි හුඟක් මටත් ඔයා වගේ කෙනෙක් මගෙ යාළු වෙක් උන එක ගැන… අපි ඒන්ජල්ව ඉක්මනි න්ම සනීප කරගමු..එකතොට හැමදේම හරි යයි..

ඇය කීවේ සෙත්ගෙ සුරතින් අල්ලගෙන.

ඔයාට පුළුවන් නම් මේ දේවල් ඒන්ජල්ට කිය න්න..මං කිව්වට මට එයා කියන දේවල් තේ රෙන්නෙ..එතකොට මොනවද කියන්නෙ කිය ලා මට හිතා ගන්න බෑ..

සෙත් කියවගෙන ගියෙ අසරණ හඬකින්.

කලබල වෙන්න එපා..එන්නකො අපි ඒන්ජල් එක්ක කතා කරමු…

ඇය සෙත්වත් අඬගහගෙන ඒන්ජල් ලඟ ගියා.

ඔවුන් යනකොට එන්ජල් උන්නෙ උඩ මහලෙ සඳළු තලේට වෙලා වට පිට බලබල. දැන්නං කෙ ල් ල ගෙ මූනෙ ලෙඩ පාටක් තිබුනෙ නෑ.

ගුඩ් මෝනිං කෙ:ල් ලෙ..කොහෙමද හොඳින් නේද ඔයා..

අශ්මිරා ඇහුවෙ ඒන්ජල්ව ආදරෙන් වැලඳග න්න ගමන්. ඒන්ජල් අශ්මීරා දිහා බලලා සුන්ද ර සිනාවක් පෑවා.

ඔන්න ඔයාගෙ අයියට මොනාද කියන්න තිය නවළු ඔයාට..කෝ ඉතිං ඔයා තාම කතා කර න්නෙ නෑ… එයාට ඔයා කියන දේ තේරෙන්නෙ නෑලු…

අශ්මීරා කියවගෙන ගියෙ ඒන්ජල් දිහාත් සෙත් දිහාත් වරින් වර බලන ගමන්. ඒන්ජල්ට කිසිම දෙයක් හිතා ගන්න බැරිවුනා. ඇය අශ්මීරා දිහා ත් සෙත් දිහාත් පුදුමෙන් බැළුවා.

ඔහොම බය වෙන්න එපා කෙ\ල්ලෙ..එයා නරක දෙයක් නෙවි කියන්න හදන්නෙ… අශ්මිරා කීවේ ඒන්ජල් බය වෙලා ඇති කියලා හිතුන නිසා.

ඒන්ජල් මේ අහන්නකො…

සෙත් කතාව පටන් ගත්තෙ හුඟක්ම සන්සුන් හඬකින්. එන්ජල් ඔහු දිහා බැලුවෙ ඇස් ලොකු කරලා.

මේ කෙ ල් ල බය වෙලානෙ ආශ්.. කොහොම ද කතා කරන්නෙ.. සෙත් කීවේ නොසන්සුන් හඬකින්.

බය වෙන්න එපා ඒන්ජල්..රිලැක්ස් වෙන්න කො..අහන්නකො මොනවද එයා කියන්නෙ කියලා.. මම ඉන්නවනෙ හැමදේටම හොඳ බබා වගේ..රිලැක්ස් ඉන්න හොදේ..

අශ්මිරා කීවේ ඒන්ජල්ව තුරැළුකරගන්න ගමන්.

වෛද්‍යවරියකටත් වඩා අශ්මිරා ඒන්ජල්ට මිතු රියක් නැත්තං සොයුරියක් තරම්ම සමීපයි. එ හෙම සමීප කමක් මීට කලින් අත්විඳලා නැති නිසාම ඒන්ජල්ට ඒක නැවුම් අත්දැකීමක්.

ඒන්ජල් මේ අහන්නකො..මට ඔයා ගැන තරහ ක් නෑ..ඔයා කරපු දේ වැරදි කියලා හිතන්න එපා.. මම දුකින් නෙවී සතුටින් ඉන්නෙ.. ඒ නිසා මම ගැන හිතන්න එපා ඔයා විහඟ එක්ක සතුටින් ඉන්න.

ඔයා දන්නවද..මට දැන් අයියෙකුයි නංගියෙ කුයි දෙන්නෙක් ඉන්නවා.. ඉක්මනට සනීප වෙන්න අපි හැමෝම බලං ඉන්නෙ ඔයා කතා කරන කං.. මං හින්දා දුකින් ඉන්න එපා..

සෙත් කියවගෙන ගියෙ ඒන්ජල්ගෙ ඇස් දිහා කෙලින්ම බලාගෙන. ඒන්ජල්ගෙ ඇස් වලට කඳුළු පිරුනෙ තත්පරෙන්. මොනා කිවත් සෙත් ඉන්නෙ දුකින් ඒ දුකට හේතුව තමන් කියන එක ඒන්ජල්ට අමතක කරන්න බැ.

අනේ ඔහොම අඬන්න එපා පැටියො.. ඇයි මේ..කීවනෙ ඔයා වැරැද්දක් කලේ නෑ කියලා ඉක්මනට කතා කරනවකො..ඔහොම බුම්ම ගෙන ඉන්න කොට පාළුයිනෙ…

ඒ ගමන සෙත් කීවේ හුඟක්ම ආදරණීයට හඬකින්.

බලන්නකො ආශ් මෙයා අඬනවනෙ… මොනවත් කියන්නෙ කොහොම ද ඉතිං.. සෙත් කීවේ කණගාටුවෙන්.

එයාට අඬන්න දෙන්න සෙත්…කමක් නෑ..

හැමදේම හිතේ හිරකරගෙන ඉන්නවට වඩා අඬලා නිදහස් වෙන එක හොඳයි…

ආශ් එහෙම කියනවත් එක්කම විහඟ ඔවුන් අසලට ආවා.

ගුඩ් මෝනිං ඩොක්ටර් කොහොමද ඉතිං..අපි හින්දා ඩොක්ටර්ත් කරදරරේනෙ.. සුහදශීලී සිනාවක් අශ්මීරා දෙස හෙලමින් විහඟ කීවා.

ගුඩ් මෝනිං..කොහොම ඉතිං… අශ්මිරා සුහද සිනාවක් පෑවා.

ඩොක්ටර්ට විතර ද බ\න්..ගුඩ් මෝනිං..මට නෑද..?සෙත් ඇහුවෙ නොක්කාඩු හඬකින්.

එක්කෙනෙකුට කීවම මදැයි..අය දෙන්නටම මොකට ද කියන්නෙ..?

විහඟ එහෙම කියද්දි ඒන්ජල් ඇස් කරකවලා අශ්මිරා දිහාත් සෙත් දිහාත් බැළුවා. ඇය ඇස්ව ලින් අහපු දේ සෙත්ට නොතේරුනාට විහඟටයි අශ්මිරා ටයි නං හොඳටම තේරුනා.අශ්මීරාගෙ මුහුණ ලැජ්ජාවෙන් රතුවුනේ තත්පරෙන්.

උ/ඹ:ටත් ඕනි නැති දෙයක් නෑ නේද..? ලජ්ජාශීලී හිනාවක් එක්ක අශ්මිරා ඇහුවෙ ඒන්ජල්ගෙ අත් දෙකෙන් අල්ලගෙන.

ඒන්ජල්ට විතරක් නෙවී මටත් ඕකම අහන්න හිතුනා ඩොක්ටර්..ඒ ගමන විහඟ කීවේ මන මාල හිනාවක් ඇස්ව ල පුරවගෙන.

මේක නිකං රහස් කුමන්ත්‍රණයක් වගේනෙ.. කියන මඟුලක් මටත් තේරෙන්න කියහ ල්ලකො..මේ මොන මඟුලක් ද..?

සෙත් කීවේ නොරිස්සුම් හඬකින්. ඔහුට ඔවුන් කියන්නෙ මොනවද කියලා හිතා ගන්න බැරිවුනා.

අන්න හරි හරියටම හරි උ\ඹ හරියටම කීවා…

කලින් හිනාවෙන්ම විහඟ කීවා.

මොකක්ද..? සෙත්ට තාමත් හිතා ගන්න බෑ.

මඟුලක්..ගැන තමා කතා වුනේ මෙතන..

කාගෙ මඟුලක් ගැනද..ටිකක් ඉවසලා හිට පං..ඔය කෙ\ල්ල සනීප වුන ගමන් ඔය මඟුල කරලා දෙන්නං.. ඒ ගමන සෙත් කීවා.

මගෙ මඟුලක් ගැන නෙවී යකූ..කතා කලේ උ\ඹේ මඟුල ගැන..විහඟ ආයිම හිනාවුනා.

මට මොන මඟුල් ද බ\න්.. සෙත් කීවේ වෙහෙස කර හඬකින්.

එහෙම කියලා හරියන්නෙ නෑ..මොකෝ උ\ඹ හැමදාම ඔහොම ඉන්නය..දන්නවද ඒන්ජල් ඇහුවෙ මොනවද කියලා..

ආයිමත් අර හිනාවෙන්ම විහඟ ඇහුවා.

මට ඕ\කි කියන මොන මඟුලක්වක් තේරෙ න්නෙ නෑ.. සෙත් කීවේ නොරිස්සුමින්.

තෝරලා දෙන්නද එහෙනං.. විහඟ ආයිම හිනාවුනා.

තේරෙන්න කියපංකො.. කියන මඟුලක්… සෙත් කීවේ නොරිස්සුමෙන්.

අනේ මන්දා ඩොක්ටර් ඔයාට නං ලේසි වෙන එකක් නෑ… මේකට මොන මඟුලක් කිවත් තේ රෙන්නෙ නෑනෙ..

ඒ ගමන විහඟ කීවේ අශ්මිරා දිහා බලාගෙන. ඇගේ මූණ ආයිම රතුපාට වුනේ තත්පරෙන්.

එයාට පාඩුවෙ ඉන්න දීපං විහඟ..ආශ් මේකට පිස්සු තියෙන්නෙ.. ඔය කියන දේවල් ගනන් ගන්න එපා..

ඒ ගමන සෙත් කීවේ අශ්මිරා අපහසුතාවයට පත්වෙලා ඇති කියලා හිතපු නිසා.

ආහ්..එච්චර දුර ගිහින්ද..? ඒන්ජල් ත\මු\සෙ තමා බොරුවට බය වෙලා.. මූණ දික්කරගෙන ඉන්නෙ..බලනවකො..අයියණ්ඩිට ගානක්වත් නෑ.. විහඟ එහෙම කීවේ මහ හයියෙන් හිනා වෙවි.

විහා..ප්ලීස්.. ඕක නතර කරපං මේක ජෝක් එකක් නෙවී..ඩොක්ටර් මෙහෙ එන්නෙ ඒන්ජල් නිසා..පුළුවන් නම්..විකාර දොඬවලා ඒකත් නතර කරපංකො…

සෙත් කීවේ ඒ කතාව නතර කරන්න හිතා ගෙන.

ඇත්ත ද.. ඩොක්ටර්.. ඔයා මෙහෙ එන්නෙ ඒන්ජල් නිසා විතර ද ආ..

ඒ ගමන විහඟ ඇහුවෙ අශ්මිරා දිහා බලා ගෙ න. ඇය මොනවත්ම නොකියා බිම බලා ග ත්තෙ දෙන්න උත්තරයක් නොතිබුන නිසා මො කද ඇය දන්නවා ඇය මෙහෙම එන්නෙ ඒන්ජ ල් නිසා විතරක් නෙවී කියලා.

කවදාවත් කිසිම කෙනෙක් ගැන මීට කලින් නොදැනන මොකක්දෝ හැඟීමක් ඇගේ සිතේ සෙත් ගැන ඇතිවෙලා තිබුනා.

විහා ප්ලීස්…ඕක නතර කරලා..එයාට පාඩුවෙ ඉන්න දිපං..පිස්සු දොඬ වන්නෙ නැතුව මෙතන
සෙත් ආයිම කීවා.

මෙන්න මෙහාට එනවා ඒන්ජල්..ත\මු\සෙ මොන වද ඔතන කරන්නෙ.. එයාලට පාඩුවෙ ඉන්න දෙනවා තේරෙන්නෙ නෑද..

එහෙම කියලා විහඟ ඒන්ජල්ව තමන්ගෙ දිහා ට ඇඳලා ගත්තෙ සෙත් දිහා බලලා ඇහැක් ගහන ගමන්.

විහා… සෙත් දෙයක් කියන්න හැදුවා.

බායි මචං… ඔන්න අපි ගියා…

කියාගෙන විහඟ ඒන්ජල්ගෙ අතින් ඇඳගෙන පඩිපෙළ බැස්සෙ තත්පරේට.

අයිම්..සොරි ආශ්..අර බූ\රු\වා පිස්සු දොඬෝන වා.. ඔයා ඕවා ගනන් ගන්න එපා…

සෙත් අශ්මීරා දිහා බලාගෙන කීවේ සමාව අයදින සුළු හඬකින්. විහඟගෙ විහළු තහළු වලින් ඈ පහසුතාවයට පත්වී ඇතැයි සෙත් බියවුනා.

ඉස්ට් ඕකේ සෙත්…

ඇයි කීවේ ඔහු දිහා බලලා සුන්දර සිනාවක් පාමින්. ඒ හිනාවෙ මොනවද තියනවා කියලා සෙත්ට දැනුනා. එතකොට ඒන්ජලුයි විහඟයි දෙන්නම කියපු දේවල් විහිළුම නෙවීද..?

ඒකට පිස්සු ආශ්…ඕනි එකයි එපා එකයි හැම මඟුලම ඔහේ දොඬෝනවා..

සෙත් ආයිම කීවා.

ඔයා තාමත් ඒන්ජල් ගැන හිතනවද සෙත්…?

ඒ ගමන අශ්මීරා ඇහුවෙ වෙනස්ම හඬකින්.

ඇයි ආශ් ඔයා එහෙම අහන්නෙ.. අමාරුයි තමා..ඒත් මම දැන් හිත හදාගෙන ඉන්නෙ.. මට ඕනි..පුළුවන් තරම් ඉක්මනට ඒන්ජල්ව සනීප කරගන්න විතරයි… සෙත් කීවේ සන්සුන් හඬකින්.

ඒන්ජල්ව ඉක්මනින් සනීප කරගන්න නං ඔයාට එක දෙයක් කරන්නම වෙනවා සෙත්… එයාගෙ හිතේ තාමත් තියෙන්නෙ වරදරකාරී හැඟීමක්

එයා හිතාගෙන ඉන්නෙ එයා අතින් ඔයාට ලො කු වැරැද්දක් වුනා කියාලා..ඒක නිවැරදි කරන් න පුළුවන් ඔයාටම විතරයි….

අශ්මීරා කීවේ බැරෑරුම් හඬකින්.

ඒ මොක්ද ආශ් ඒන්ජල්ව සනීප කරගන්න පුළුවන් නම් මම ඕනිම දෙයක් කරනවා..සෙත් කීවේ දෙපාරක් හිතන්නෙ නැතුව.

සුවර්… අශ්මීරා දෙබැම ඉස්සුවා.

සුවර්…

එහෙම නං ඔයා හොඳ ගර්ල් කෙනෙක් හොයලා ඉක්මනටම මැරි කරන්න..හැමදේම හරියයි… අශ්මීරා කීවේ ඉවත බලාගෙන.

හමුවෙමු