දසවෙනි කොටස🌿🌷_
සීතල පාන්දර වන්දනා ඇහැරුනේ සියාතු සීයා පහල වත්ත කොටන සද්දෙට………… එයා නැගිටලා ජනේලේ ගාවට ගියේ එයා මොකද කරන්නේ කියලා බලන්න………… සියාතු පහල අලුත් මල්පාත්ති කපනවා……….. අත දිග හරින්නවත් කම්මැලි හිතෙන කටුක සීතල පාන්දර සියාතු සීයට වැඩ කරන්න එළියට බහින්න තරම් තියෙන පිස්සුව මොකක්ද කියලා බලන්න වන්දනා එළියට ගියා………….
🌹 සියාතු සීය………. ඇත්තටම ඔයාට පිස්සු හැදිලද………. මොකක්ද මේ සීතලේ මහා පාන්දර කරන්නෙ ආ…………
🌿 ආ…හ්…. සුදු මැණිකේ නැගිට්ටද……… හරි වැඩේනෙ අද ලොකු නෝනයි එයාගේ දුවයි එනවලු………. වත්ත පුරාම කිසිම අලුත් වැඩක් කරලා නෑ සුදු මැණිකේ……. දැන් ආවම මට ඉන්න වෙන්නෙ නෑ……… සුදු මැණිකේ දන්නෙ නෑ එයාගේ හැටි……
🌹🌹 ඔහෝ………. එතකොට අද ඔයා එනවද සම්මානි හේවාවිතාරණ……..
🌹 අනේ මේ………. මෙන්න මෙහෙ ඇතුලට යන්න……..ඕන්නම් ටිකක් බනී…….. සුරනිමල මහත්තයා කොහොමට වත් ඔයා මෙහෙන් යවන්නෙ නැහැනේ………….
🌿 ඒ වුනත් මේ නෝනට ඕනැ දෙයක් කරන්න පුලුවන් සුදු මැණිකේ………
🌹 කෝ එහෙනම් මටත් දෙන්න උදැල්ලක්……… ඔයත් අනේ මන්දා අප්පා වයසටද වැඩ………..
වන්දනා ද ගොස් උදැල්ලක් සොයාගෙන ආවාය……………
🌿 අනේ සුදු මැණිකේ………… මේ සීතල මැණිකෙට ඔරොත්තු දෙන්නෙ නෑ………. යන්ඩ ඇතුලට………
ඒත් වන්දනා ඇහුවේ නැත…………. ඔහුට සිහිවූයේ ආනන්දිතාය……… මේ ගෙදර සිටි තම ආදරණිය ස්වාමිදියණියයි……… ඇයද මේ වගේම කාරුණික තැනැත්තියකි…………. සියාතුට සිතෙන්නේ වන්දනාගේ රුවින් ආනන්දිතා පැමිණ ඇති බවයි…………… පැයක් පමණ යන විට ඔවුන් මල් පාත්ති තුනක්ම නිමවා ඒ තුල රෝස රිකිලිද ඉන්දවීය…….
වන්දනා අද රෝහලට යන්නට ඇඳ ගත්තේ තද කොල පැහැ හෑන්ඩ්ලූම් සාරියකි…………..
🌹 සුමනා අත්තම්මා………… මං යන්න හදන්නේ………. කෑම එක දෙනවද………
වන්දනා පහලට ආවේ එහෙම කියාගෙනයි…………. ඇය පඩිපෙල මගක් බහින විට සාලයේ සිටින ගැහැණිය දුටුවාය……………. සම්මානි හේවාවිතාරණ හඳුනාගැනීමට ඇයට වැඩි වේලාවක් ගියේ නැත…………. වෙනසක් නොපෙන්වා වන්දනා පහලට ආවාය…………….
🌹 good morning…….
💦 good morning…… මේ ළමයද මෙහෙ නැවතිලා ඉන්නවා කියලා මට සුරේ කිව්වේ……….
🌹 ඔව්…… මං තමයි mrs සම්මානි………….
මට ඔයා ගැන mr සුරනිමල කිව්වා…….
💦 මට mrs නෙළුම්දෙණිය කියලා කතාකරනවා නම් තමයි හොඳ……..
වන්දනාට දැනුන කේන්තියට සම්මානිට බනින්නම හිතුනත් ආයාසයෙන් සිය කෝපය පාලනය කර ගත්තාය………..
🌹🌹🌹 තමුසෙ මොන ජරාවක්ද……. තාමත් mrs නෙළුම්දෙණිය කියන්නේ මගේ අම්මා…………..
වන්දනා සිතුවේ හිත ඇතුලින් දැවෙමිනි……… ඇත්තටම මොකක්දෝ හේතුවකට සුරනිමල සම්මානිව විවාහ කරගත්තේ නැත……. එක් වරක් සම්මානි ඔහුගෙන් ඇයව විවාහ කරගන්නා ලෙස ඉල්ලුවත් ඔහු ඊට හොඳ ප්‍රතිචාරයක් නොදැක්වීය…….. ඒ වුනත් ඇය ඉන්පසු ඒ ගැන විමසුවේ නැත්තේ කොහොමත් සුරනිමල දැන් තමාට සම්පූර්ණයෙන්ම අවනත බැවිනි…………..
🌹අයියෝ mrs සම්මානි……… නෙළුම්දෙණිය කියන්නේ හරිම old out of fashion නමක්නේ………… මං නම් ආසා නෑ එහෙම කතා කරන්න……..
💦 මේ ළමයාගේ නම මොකක්ද
🌹 වන්දනා මේඝනාවි වික්‍රමනායක
💦 doctor කෙනෙක් ලු නේද…… specialist කෙනෙක්ද
🌹 තාම නෑ……….. මේ දවස් වල exam එකට ලෑස්ති වෙනවා………
💦 මොන පැත්තද මේ ළමයා තෝරගත්තේ………
🌹 gynecology තෝරාගත්තා….
💦 good…… එතකොට මේ ළමයාගේ දෙමවිපියෝ………
🌹 එයාලා දෙන්නම මෙහෙ නෑ…………
තවත් යමක් අහන්න කලින් සුමනා ඉක්මනින් වන්දනාගේ අතෙහි කෑම පාර්සලය තැබුවාය………..
🍀 සුදු මැණිකේ කාලා යනවද……….
🌹ම්ම්ම්ම්….. දැන් බෑ සුමනා අත්තම්මා… මං යනවා…………… mrs සම්මානි අදම යනවද…………..
💦 නෑ…… වන්දනා……… දවස් තුනක් විතර ඉන්නවා……… ඒත් මෙහෙ නම් ඉන්නෙ නෑ…….. මගේ මමීලගේ ගෙදර යනවා ආයෙ අනිද්දා විතර එනවා…….
🌹 ok…… එහෙනම් මං ගිහින් එන්නම්…….
වන්දනා යන දෙස ඇයත් ඇගේ දුව වන රිතූත් බලා සිටියා………..
🍁 මාර සමයමක්නේ ඒ………..
💦 ඒ වුනාට ඉගෙනගත්ත වැදගත් ළමයෙක්………. අපේ තත්වෙට ගැලපෙනවා මේ වගේ වලව්වක ආවට ගියාට කට්ටිය නතර කරගන්න බෑනේ……. ඔන්න මේ වෙලාවෙදි නම් ඔයාගේ තාත්තා මොලේ පාවිච්චි කරලා තියනවා……..
🍁 මට නම් පේන්න බෑ……. මාර පණ්ඩිතකමක්නේ තියෙන්නේ………..
එවිටම සම්මාන්ගෙ දුරකතනය නාද විය…………….
💦 රන්දය ගන්නේ…………..
ඇය ඇමතුම සම්බන්ධ කරගත්තේ ඉතාම සතුටිනි………….. ඔවුන්ට රන්දය හමුවන්නේ කොළඹදීය……… නමුත් රන්දය යනු ආනන්දිතාගේ අයියාගේ පුතා බව හාන්කවිසියන්වත් සම්මානි දන්නේ නැත…………..දිනක් රාත්‍රියේ රිතූ සිටි night club එක වැටලූ කණ්ඩායමේ නායකයා ඔහුය…………. ඉන් රන්දය ඔවුන් හා මිත්‍රත්වයක් ඇති කර ගත්තේ ආනන්දිතාගේ මරණයේ සැඟවුනු තතු සොයා ගැනීමට ඔවුන් යොදාගත හැකි බව ඔහුට සිතුණු බැවිනි…………….
🍃🌹🍃💦🍃🌹🍃💦🍃🌹🍃💦🍃🌹🍃
ගම්පොල දෙස සිට පැමිණි රන්දය වාහනය වේගයෙන් හීරස්ගල පාරට දැම්මේය…………. ඉදිරියෙන් පැමිණි ට්‍රක් රථයේ යන්තම් ගැටුණු වාහනය පාරෙන් ඉවතට පැන අයිනේ ඇති ලයිට් කණුවේ වැදුණා……… කොහොමත් රන්දය වාහන පදවද්දි කිසිම පරෙස්සමක් නම් නෑ……… ඇඟ පුරාම තියන කොලු කමට කරන්නෙ මොනාද කියලා හිතන්නේ දෙයක් වුනාට පස්සේ…………….
වාහනයට මෙන්ම රන්දයටද තුවාල සිදුවී තිබුණි…….. ඔහුගේ හිස පැලී ලේ ගලන්නට වූ අතර අතක්ද තුවාල වී තිබුණි………….. අවට සිටි අය ඔහුව වහාම රෝහල් ගත කලත් රන්දයගේ තුවාල දරුණු නොවීය………………….
ETU එකේ උදෑසනම රාජකාරියේ යෙදී සිටියේ වන්දනායි…….. ඇය සමගින් හෙද වරයෙක් හා හෙද වරියක්ද සාත්තු සේවිකාවක් හා සේවකයෙක්ද විය……………
✔️ මැඩම් Accident එකක්……….
සාත්තු සේවකයා එලෙස කියාගෙනම රෝගියා රැගත් ට්‍රොලිය වාට්ටුවට ඇතුලු කලා………….. හැබැයි යන්තම්වත් වන්දනා මේ ඉන්නෙ කවුද කියලා දැක්කෙ නෑ……….. හෙද හෙදියන් සාත්තු සේවකයින් වහ වහා යුහුසුලුව එහා මෙහා යමින් ඔහුට ප්‍රතිකාර සඳහා අවශ්‍ය දේවල් සූදානම් කරන්නට විය……..
Stethoscope එකත් අරන් පිරිස අතරින් වන්දනා ඇවිත් ඔහු ලඟ හිටගන්න කොටමයි දෙන්නට දෙන්නා මුහුණ දැක්කේ……………..
❤️❤️❤️ ශිට්….. වස නෝන්ඩිය……… යකෝ මේකි ඩොක්ටර් කෙනෙක්ද…….. අම්මපා දෙයියොත් මටමමයි මෙහෙම කරන්නේ…….. දැන් ඉතින් රන්දේ අහන් හිටපන්කෝ මේ දොස්තර නෝනාගේ දේශනාව………………
රන්දය තමාටම මුමුණා ගත්තේය……….
🌹 ආ……..හ්….. පුදුම වෙන්න දෙයක් නෑ මේ අර පොලිස් මහත්තයා නේද….. දැක්කනේ අපි නිකම් නෙවේ බැන්නේ…….. එදා………
වන්දනා සිනාසෙමින් ඔහුව පරීක්ෂා කලේ එසේ පවසමිනි…………….
🌹 ලොකු ප්‍රශ්ණයක් නෑ……….. ඔයාට වෙන මොකුත් ප්රශණ තියෙනවද,,, අපහසුතා හරි මොනාහරි…… මොකද ඔළුව වැදිලා තියෙන නිසා තමයි ගැටලුව…………
❤️ නෑ…… නෑ දොස්තර නෝනා මට එහෙම කිසිම ගැටලුවක් නෑ……….. මේ තුවාල ටිකට බෙහෙත් ටිකක් දැම්මම ඇති…….. මට අද වැඩ ගොඩක් තියෙනවා please මාව තියාගන්න නම් එපා……..
🌹🌹 මෙයා බලන්නකෝ…… තියාගන්න වැඩේමයි මෝඩයා………..
වන්දනා සිතුවේ සිනාවෙමිනි…………
🌹 අණ කරන්න මේක ඔයාගේ පොලීසිය නෙවේ හොඳද……. මමයි මෙතන ඩොක්ටර් ඔයා ලෙඩා……… ඔයාට ඕනෑ දේවල් මෙතන කරන්න බෑ………….
❤️ ඒ…. are you serious……….. මේ අනේ please එහෙම කරන්න එපා……. මට වැදගත් වැඩ ගොඩක් තියෙනවා…………
🌹 නෑ….. මේකයි ඇත්තටම මට ඔයාව යවන්න බෑ…… permission ගන්න වෙනවා ලොකු සර්ගෙන්………..
❤️ ඇයි දොස්තර නෝනෙ ඔයාට මාව තියාගන්න හිතෙනවද……………
රන්දය කිසි දිනයක මෙලෙස ගැහැණු ළමුන් හා විහිලු කරන්නේ නැත……. නමුත් ඔහුට වන්දනා ගැන දැනෙන්නේම හුරුපුරුදු බවකි…………
🌹 අනේ මං මොන එහෙකටද ඔයාව කියාගන්නේ………..
වන්දනා ඒක කිව්වෙ නම් ටිකක් තරහෙන්……… මොකද රන්දය ඒ කීව එක එතැන හිටිය හැමෝටම ඇහුන නිසා…………..
෴ මතු සබැඳියි ෴