සෙනසුරාදා දවස උදා උනේ ඇහිපිය ගහනතරම් ඉක්මනින්. එදා උදේම මම ඇහැරුනේ ජංගම දුරකථනය ට ආපු කෝල් එකක් නිසා. මට කොහොමත් උදේ පාන්දර නැගිටින්න බැහැ. කවුරුහරි නැගිට්ටුවොත් තරහ යනව. මටම හිතිල නැගිට්ටවෙනකම් ඉන්න ඕන. ඕක දන්න හින්ද ගෙදර අය උනත් උදේට කරදර කරන්නෙ නැහැ. ඒ හින්ද ටකරමකට ගල් ගහනව වගේ ෆෝන් එක රිං වෙන්න ගත්තම මට පට්ටම තරහයි. කෝල් කරපු එකාගෙ අම්ම මුත්ත මතක් කරගෙනම මම ෆෝන් එක කනේ තියාගත්ත.

හලෝ…

මගෙ අම්මේ.. මොකද මේ ගහගන්න හදන්නෙ?

ඩියාශි?… මම ඉබේටම ඇඳෙන් ඉඳගත්ත.. ඩියාශි.. කොහෙද ඔයා ඉන්නෙ..?

ඩියාශි..? මොන ඩියාශිද. ? මේ සමීර ෆොටෝග්‍රැෆි එකෙන් නෙවෙයිද කතා කරන්නේ?

ඔහ්. ඒ ඩියාශි නෙව ේ. මගේ බලාපොරොත්තු ව නැති වෙලා ගියා. කස්ටමර් කෙනෙක් වෙන්න ඕන. ඒත් කටහඬ..? ඇයි මට ඩියාශි කියලම හිතෙන්නෙ.

හෙලෝ.. සමීර නේද?.. ඔයා ලයින් එකේ ඉන්නවද? කෝල් කරපු කෙල්ල ඇහුවෙ මගේ පිලිතුරක් නැති තැන.

ඔව්.. කවුද මේ..?

මං ගීත්නා කතා කරන්නෙ.

ඔහ්.

අද ඔයාලා එනව නේද බලන්න ගත්තෙ?

ඔව්.. අපි එනවා මිස්…

මේ මට මිස් මිස් ගාන්න එපා එතකොට මට හිතෙන්නේ මට සැහෙන්න වයසයි වගේ. තාම විසි තුනයි හරිද? නම කියන්නකෝ. මගේ නම ගිත්නා. ඇයි ඒක කියන්න අමාරු නමක්ද මට තියෙන්නේ? එහෙනම් ගීත් කියන්න. මට හුස්ම ගන්නවත් නොදී එයා කියාගෙන කියාගෙන ගියා. දෙයියනේ. මේක නම් කෝච්චියක්.

ඉතින් කියන්නකෝ එනවා නේද ඔයාලා?

ඔව් මිස් අපි එනවා. සල්ලිත් නොගෙන නෑවිත් පුලුවන්ද?

මම කිව්වා නේද මිස් කියන්න එපා කියලා.

ඒ උනාට එහම හරි නැහැනේ. කස්ටමස්ලට ගරු කරලා කතා කරන්න එපැයි. ඇත්තම කිව්වොත් එයා සැහැල්ලුවෙන් කතා කරද්දී මට දැනුනෙත් ගොඩක් ලඟයි වගේ.

හරි එහෙනම් ඔන්න මම බලාගෙන ඉන්නවා. මතකනේ වෙලාව. හරියටම තුනට…

හරි.

මං තියනවා එහෙනම්. බායි. බුදු සරණයි. පරිස්සමෙන් එන්න.

මම තව මොනවහරි කියන්නත් ඉස්සෙල්ල එයා ෆෝන් එක තිබ්බ. එකාතකට ඉතින් මන් තව මොනා කියන්නද. පරිස්සමෙන් එන්න. ඒ වචන කොච්චර ආදරණියද? මට හිතුන. දෙයියනේ. මම මොනවා හිතනවද මන්ද.

මටම ඇනගන්න ඕන ටොක්කක් මිනිස්සුන්ව ඕනවට වඩා විශ්වාස කරන්න යනවට. මම එවෙලෙම කෝල් එකක් ගත්තෙ රවීන්ට. ඌත් මගේ ජාතියේ තමයි. තාම නිදි ඇති. වෙනස තියෙන්නෙ මට නම් මොකක් හරි හිතට වද දෙන ප්‍රශ්නයක් තිබ්බොත් නිදාගන්න බෑ. රවීන්ට නම් එහෙම ගානකුත් නෑ. ඕකා ලෝකේ අනිත් පැත්ත පෙරලුනත් නිදහසේ නිදාගන්න පොරක්.

ගෝතයෝ නැගිටපං.

මොකෝ බං වද දෙන්නේ.. උඹට උදේට නින්ද යන්නෙ නැද්ද…

නින්ද නෙවේ ආං උඹේ අර අබිරහස් කුමාරි කතා කරල අපි දෙන්නට තුන වෙද්දි එන්න කිව්ව.

මොන.. ? ඒකි උඹේ නම්බර් එක දන්නෙ කෝමද?

ඒකත් ෆේස්බුක් එකෙන් වෙන්න ඇති බං. මොන මගුලකටද උඹ ඒ කෙල්ලව ඔච්චර සැක කරන්නේ?

ඒක මම දන්නෙ නෑ. උඹ එහෙනම් ලෑස්ති වෙලා අපේ දිහා වරෙං.

අපි අදාළ ලිපිනය හොයාගෙන ගියේ බයික් එකේ. ඒක ඉතාම සුන්දර ගෙවත්තක් තිබුනු දෙමහල් නිවසක්. උත්සවයකට වගේ සරසලා තිබුණ.

දැක්කනේ. ඒ කෙල්ල අපිට බොරු කියලා නෑ. මම කිව්වෙ හිතේ සැනසීමෙන්.

ඔව්.. ඒක නම් මටත් පේනව.

අපිව පිලිගත්තෙ ගීත්නාමයි.

මම බයේ හිටියෙ එන එකක් නැද්ද කියල. බොහොම ස්තුතියි ආවට.

ඊටපස්සෙ එතනට ආවෙ ගීත්නාගෙ සොහොයුරා සහ එයාගෙ බිරිඳ. එයාලත් එක්ක අවුරුදු හතරක විතර ලස්සන කෙලි පැටියෙක් හිටියා.

මෙයා තමයි අපේ උපන්දින කුමාරි. අපි කලින් එන්න කිව්වෙත් ලස්සන ෆොටෝ ටිකක්කරගන්න ඕන හින්දමයි. ආයෙම කිව්වෙ ගීත්නාමයි.

මේ අපේ නංගිට තියෙනව කාටවත් නැති ෆොටෝ පිස්සුවක්. එයාට ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න ඕනලු. ලංකාවෙ අස්සක් මුල්ලක් නෑර ඉන්න ෆොටෝග්‍රැෆර්ස්ලගෙ විස්තර හොයන එකයි ඒ ගොල්ලන්ට කියලා ගෙදර අයගෙ ෆොටෝ ගහන එකයි තමා එයාගෙ විනෝදාංශෙ. අපිට කිව්වෙ ගීත්නාගෙ නෑනා.

ඒ කතාවෙන් මට නම් එයා ගැන තිබුන සැකය නැතිම වෙලා ගියා. ඒ කියන්නෙ එයා කලිනුත් අර වගේ ෆොටෝග්‍රැෆර්ස්ලව හොයං ගිහින් තියෙනව කියන එකනෙ. රවීන් දිහා බැලුවම මට හිතුනෙ ඌටත් තිබුන සැකේ නැහැ කියල දැං.

පිස්සු කෙල්ලෙක්නේ බං. ඔය එක එක්කෙනාට දීල ෆොටෝගහන්න වියදම් කරන සල්ලි වලින්හොඳ කොලිටි කැම් එකක්න්ගන්න තිබ්බ. එයාටම ඉගෙන ගන්නත් තිබ්බනේ. රවීන් මට කිව්වෙ පස්සෙ.

මටද පිස්සු කිව්වේ? අපි දෙන්න හැරිල බැලුවෙ අපිට පිටුපසින් ඇහිච්ච කටහඬක් නිසා.

ගීත්නා බීම වීදුරු දෙකකුත් අතේ තියාගෙන අපි ඉස්සරහ

ආ නෑ … මේ අපි කිව්වේ…

මොනවත් කියන්න ඕන නෑ මට ඇහුන.. ගීත්නා කිව්වෙ රවාගෙන. ඇත්තම කිව්වොත් මට කොලිටි කැම් එකක්තියෙනව. ඒ උනාට මම තාම ඉගෙන ගන්නව. මමත් ෆොටෝ ගන්නවා තමයි ඒත් මම ආසයි අනිත් ය දිහා බලල ඉගෙන ගන්න. ඒ හින්ද තමයි මම එක එක අයව මේ වැඩ වලට සම්බන්ද කරගන්නේ. ඔයාල නම් දන්නවනේ හැම චායාරුප ශිල්පියෙකුටම තියෙනවා එයාටම ආවේනික ඇහැක ්. අන්න ඒක තමයි වැදගත්. මට ඕනේ ඒ දේවල් ඉගෙන ගන්න.

එහෙම ද? මෙයා දැන් අපිට ෆොටෝග්‍රෆි උගන්නන්නද දන්නේ නැහැ යන්නේ.

අනේ නැහැ. මම ඔගොල්ලන්ගෙන් ඉගෙන ගන්න තමයි යන්නේ. එහෙම කියල එයා ගියා. මම බලන් හිටියේ ඒ ගමන දිහා. අදත් එයා ඇඳගෙන හිටියේ විලුඹ තරම් දිග සායකුයි බ්ලවුස් එකකුයි. එයාගේ ඇත්තටම තිබුනේ හරිම චාම් පෙනුමක්.

අහම්… මම පියවි සිහියට ආවේ රවින් උගුර පාදනකොට.

මහත්තයාගේ ඇස් දෙකත් ඒකි උගුල්ලගෙන ගියා වගේ.

ලස්සන කෙල්ලෙක් දිහා බැලුවම මක් වෙනවද බන්.

බලල විතරක් නතර උනොත් ඇති.

අනේ පලයන් බන් යන්න.

හිටපන්.. මට කෝල් එකක් ගන්න තියෙනවා. රවින් එහෙම කියල කාටද මන්ද කෝල් එකක් ගත්ත.

ඔව්. අයියේ. අවුලක් නැහැ. මේ සාමාන්‍ය ගෙදරක්. ඔව්. ඔව්. ප්‍රශ්නයක් උනොත් කියන්නම්. එහෙම කියල ඌ ෆෝන් එක තිබ්බ.

කාටද බන් ඒ කතා කරේ.

කතා කරේ මම අඳුරන පොලිසියේ අයිය කෙනෙක්ට. උඹ හිතුවේ මම මේ ඔහේ එන්නම් වාලේ ආව කියලද? එන්න කලින්ම මම අපි යන දිහාව ඒ අයියට දැනුවත් කරලා තමයි ආවේ.

උඹට නම් පිස්සු බන්.

උඹට උඹේ ජිවිතේ ලොකු නැති උනාට මට එහෙම නැහැ. සැකයි කියල හිතුනම ඒ ගැන නොහිත වැඩ කරන්න බැහැනේ. නිකම් අමාරුවේ වැටෙන්නේ මොකටද?

දැන් උඹ කියන්නේ අපේ පස්සෙන් පොලිසියෙනුත් ආව කියලද මේ ගෙදරට.

ගොඩක් නම් ආවේ නැහැ. දෙන්නෙක් විතර එන්න ඇති.

අපිට කතාව නතර කරන්න උනේ ආපහු ගීත්නා එතනට ආපු හින්ද.

එතනින් පස්සෙ ඇරඹුන අපේ කතාබහ හරිම සුහදශීලී එකක් උනා. ගීත්නා මුලු වෙලාවම හිටියෙ අපි දෙන්නත් එක්ක. ඇයට චායාරූප ශිල්පය ගැන තිබ්බෙ අමුතුම පිස්සුවක්. ඒ වගේම ඇයට සෑහෙන්න ප්‍රශ්න ගොඩකුත් තිබුන අපෙන් අහන්න. ඇය ගොඩාක්ම කාර්යශුර යුවතියක් කිව්වොත් මම හිතන්නේ මම හරි. ඒගෙදර හිටපු කාලයටම ඇය කතාකලේ චායාරූප ගැනම විතරයි. ඇය ගැන පුන්චිම හරි සැකයක් තිබුන නම් ඒකත් නැති වෙලා ගියා. ගිත්නා ගේ ගෙදර අයත් ගොඩක් ලොකු සහයෝගයක් දුන්න.

ඒ උපන්දින සාදය අවසන් උනේ ගීත්නාත් මාත් අතර යම් තරමක බැඳීමක් ඇති කරලා. ගීත්නා ඩියාශිට යම් තරමක සමාන කමක් දැක්වුවා වගේම ඇය චායාරූප ශිල්පයට දක්වපු අසීමිත ආසාවත් ඒකට හේතුවක් වෙන්න ඇති. නැත්තම් අනේ මන්ද.

මට තාමත් හිතාගන්න බැහැ අපි ෆෝන් එකෙන් කතා කරන්න අදහස් හුවමාරු කරගන්න පටන් ගත්තේ කොහොමද කියල. කොහොමහරි ඒක එහෙම උනා.

ආදරේ ගැන කතා කරලා නැතත් අපි අතරේ තිබුනේ ඒ තරම් ළඟ සම්බන්දයක්. මට තාම හිතාගන්න බැහැ එයා කොහොම මගේ හිතට ආවද කියල ඩියාශි මගේ හිත පුරාම ඉන්දැද්දී. ඒත් මම හිතට වටහල දීල තිබුනේ මට ඩියාශි ගැන එහෙම හිතන්න බැහැ එයා මගේ නංගි නිසා කියල.

සමීර උඹ ඉක්මන් උනා වැඩියි. ඔය කෙල්ල ගැන උඹ මොනවද දන්නෙ.? මම ගීත්නා ගැන හිතන විදිහ දැනගත්තම රවීන් කිව්වේ එහෙම.

මට දැනගන්න ඕන හැමදේම මම දන්නව

මොනවද?

නම ගම වයස

ගෝතයෝ ඒ ටික විතරක් දැනගත්තම ඇතිද?

ආදරේ කරන්න ඔය විස්තර වැඩක් නැහැ බන ්. දැක්ක ගමන් ඇතිවෙන ආදරේ ගොඩාක් බලවත්.

අම්මට උඹ කවද්ද කවිකාරයෙක් උනේ. මට මතකයි ඩියාශි මුලින්ම මුණගැහුන වෙලාවෙත් උඹ ඕකම කිව්වා නේද? එතකොට දකින දකින කෙල්ලට දැක්ක ගමන් ආදරේ හිතෙනවා. අනේ මේ සමීර. මගෙන් මුකුත් නාහ හිටපන්. උඹ මේ කෙල්ලට ආදරේ කරන්නේ නැහැ. ඒක නිකම් කැමැත්තක් විතරයි. ඒකත් ඒකි ඩියාශි වගේ හින්ද. හා නැද්ද කියපන්. රවින්ට හරියටම තේරුම් අරගෙන තිබ්බ. ඌ ට බොරු කරන්න මට හිතන්න වත් බැහැ

මචන් මට ඩියාශි ගැන අමතක කරන්න ඕන. එයා මගේ නංගි. මට ලැජ්ජයි මම එයා ගැන බලාපොරොත්තු ගොඩක් තියාගත්තට.

එයා නංගි බව උඹ දන්නේ නැහැනෙ

ඒ උනාට දැන් දන්නවනේ. ඉතින් එහෙමයි කියලා මේ කොහෙවත් ඉන්න කෙල්ලක් ජීවිතේට ලං කරගන්න එපා. මම කියන්නේ එච්චරයි.

ඒ උනාට ඒ වෙලාවේ සමීර කියපු දේ පිළිගත්තත් ගිත්නා මගේ ජීවිතේට ආවේ මටත් හොරෙන්. යුවතියක් සතු වෙන්න ඕන කියල මම හිතපු හැම දෙයක්ම ඈ සතුව තිබුන. චාම් ව අඳින පළඳින ඒත් ඕනවට වඩා මවාපෑම් නොකරන සැහැල්ලු ගති පැවතුම් ඇති කෙනෙක් ඈ. ඇගේ දවස පටන් ගන්නෙත් මගෙන් ඉවර වෙන්නෙත් මගෙන්.

අපි හඳුනාගෙන මාස තුනක් ගත වුනා. මට දැනුනේ මම එයාව මුළු ජිවිත කාලෙම දන හිටියා වගේ. එයාට පුංචි දෙකින් උනත් මාව තේරුම් ගන්න පුළුවන් කම තිබුන.

සමීර උඹ මොන මගුල කරත් කමක් නැහැ. උඹ මොනම හේතුවකට වත් උඹ ඇත්තටම කවුද කින්ද මන්ද කියල ඔය කෙල්ලට කියන්න එපා.

මොන මගුලක්ද බන්. ගිත්නා එහෙම හතුරෙක් නෙමෙයි.

හරි උඹ ඕක කරන්නේ සිරාවටම කසාද බඳින්නමද?

ඔව්. රවින් මගේ දිහා බැලුවෙත් පුදුමෙන්.

මොකක්?

ඔව්. ඔව්. ඇයි උඹට විශ්වාස නැද්ද?

නැහැ එහෙම එකක් නැහැ.

මම හෙට අනිද්දට අපේ අම්මලට කියන්න ඉන්නේ.

හරි එහෙනම් බැඳපන්. මට කමක් නැහැ. හැබැයි උඹ මට පොරොන්දු වෙයන් උඹ උඹ කවුද කියල ඔය කෙල්ලට නොකිය ඉන්න.

මට ගිත්නාගෙන් රහස් තියාගන්න බැහැ බන්.

ඒ කිව්වේ උඹ දැනටමත් කිව්වා කියන එකද? රවින් මගේ දිහා බැලුවේ කන්න වගේ.

නැහැ නැහැ මම තාම කිව්වේ නැහැ. ඒ උනත් මට ඒක හැමදාම හංගන්න බැහ ැ.

කොහොමහරි මම කියන දේ කරපන්. මම මේ උඹගේම හොඳට කියන්නේ. අඩුගානේ බඳිනකම් වත් ඇත්ත කියන්න එපා. උඹ තාම ඒකිට කැමතියි කිව්වෙත් නැහැනේ.

බොරු කියල එයාව තියාගන්න මට ඕන නැහැ බන්.

අනේ මන්ද මට නම් තේරෙන්නේ නැහැ. මොනා උනත් උඹ දැනට මුකුත් කියන්න එපා. එච්චරයි.

රවින් කියපු හින්දම මම කල්පනා කරලා බැලුවේ ගිත්නා එක්ක මේ තරම් බැඳීමක් ගොඩනැගුනේ කොහොමද කියල.

එදා පාටිය ඉවරවෙලා අපි යන්න හදනකොට එයා අපිත් එක්ක ගේට්ටුව ලඟට වෙනකම් ආව.

සමීර.. ඔයාල ගොඩක් උදව් කළා. ගොඩක් ස්තුතියි. එයා කිව්වේ හරිම අහිංසක විදිහට.

එක සුළු දෙයක්

එහෙනම් කවදද මට ඇල්බම් එක ගන්න පුළුවන්?

සතියකින් දේන්නම්

ඔයාල ගෙදරටම ගෙනත් දෙනවද?

අපි කුරියර් කරන්නම්කො. රවින් කිව්වේ මම උත්තර දෙන්නත් ඉස්සෙල්ල.

නැහැ නැහැ එහෙම ඕන නැහැ මම එන්නම් ගන්න. එයා කිව්වා.

ආ එත් කමක් නැහැ . ඔයා ස්ටුඩියෝ එකට එන්නකෝ එහෙනම්.

මම එහෙනම් තව දවස් දෙක තුනකින් කෝල් එකක් දෙන්නම් හදලද බලන්න.

දවස් දෙක තුනකින් නම් මේක ඉවර කරන්න බැරිවෙයි. රවින් කිව්වා.

අනේ එහෙම කියන්න එපා. මට හදිස්සිනේ.

එහෙම කියල අපිට කලින් බාරගත්තු වැඩ නතර කරන්න බැහැනේ මිස්. අපි ඕඩර් එකකට තමයි වැඩ ඉවර කරන්නේ. දැන් අපේ අනිත් කස්ටමර්ලා කම්ප්ලේන් කලොත් මොකද කරන්නේ?

ඔව් ඒකත් එහෙම තමයි නේද?

එහෙනම් මම තව සතියකින් විතර කෝල් කරන්නද?

හපොයි මේ කෙල්ලන්ගෙන් ගැලවෙන්න බැරි හැටි. රවින් කිව්වා. මොකද බන් මුන් ඔක්කොම මෙහෙම. එකම මොඩල් එක.

අනිත් කෙල්ලෝ මම දන්නේ නැහැ. මගේ වැඩේ කෙරෙන කම් මම නම් මෙහෙමයි.

හා හා එහෙනම් ඔයා සතියකින් අපිට කෝල් එකක් දෙන්නකෝ. රවින් කිව්වා.

එහෙනම් අපි යනවා. මම කිව්වා.

යනවා කියන්න එපා. ගිහින් එන්නම් කියන්න.

ඒ මොකෝ අපි ආයේ මෙහෙ එන්නේ නැහැනේ. රවින් කිව්වා.

එහෙම කියන්න එපා. ආයේ එන්න උනොත් එහෙම. එයා කිව්වේ හිනා වෙලා.

ගේට්ටුවෙන් එලියට යන්න හදනකොටම මට දැනුන කවුරුහරි අපි දිහා බලන් ඉන්නවා වගේ. මම හැරිලා ගේ දිහා බැලුව. උඩුමහලේ ජනේලයක් ළඟ කවුරුහරි කෙනෙක් හිටිය. පිරිමි කෙනෙක්. දැකල පුරුදුයි වගේ කියල මට හිතුන. එත් ඒ මොහොතකට විතරයි. එතන හිටි කෙනා මම බලපු ගමන් එතනින් අයින් උනා.

සමීර.. මේ ඔයා කොහෙද බලන්නේ?

අර කාමරේ කවුද ඉන්නේ? මම ඇහුවේ ඉබේටම.

ආ ඒ අපේ අයියලාගේ කාමරේ. එයා කිව්වා.

ආ එහෙනම් අයියා බලන්න ඇති නංගි මෙච්චර වෙලා අපිත් එක්ක මොකද කරන්නේ කියල නේද?

ඇයි ඒ?

නෑ මට තේරුණා කවුරුහරි ජනේලෙන් බලන් ඉන්නවා වගේ. හරියට දැක්කේ නැහැ.

අපේ අයිය මාව සැක කරන්නේ නැහැ. මම ඕන නම් කතා කරලා අහන්නද? එයා ඇහුවේ ආපහු ගෙදර පැත්තට යන්න ලෑස්ති වෙලා වගේ.

මේ මේ පිස්සුද ගිත්නා. එහෙම කරන්න ඕන නැහැ. මම නිකමට වගේ කිව්වේ.

යමන් නේද බන්. පරක්කු උනා. රවින් කිව්වේ ඇත්තටම එතකොට ගොඩක් හවස් වෙලා තිබුන හින්ද.

හරි එහෙනම් පරිස්සමින් යන්න දෙන්නම.

හැබැයි එයාගෙන් කෝල් එකක් එන්න සතියක් ගියේ නැහැ. එදා රෑම එයා කෝල් කරා. එයා කතා කරද්දී අපි ගෙදරට ආව විතරයි. එතකොටත් මම රැවටුනා කතා කරන්නේ ඩියාශි කියල.

හෙලෝ.

සමීර?

ඔව්. කතා කරනවා.

මම ගිත්නා. ඔයා ගෙදර ගියා නේද පරිස්සමෙන්?

ආ.. ඔව් ඔව් මමගෙදර ආව.

හරි මම ඒක බලන්න ගත්තේ.

දෙයියනේ අපි ගැන මෙච්චර සැලකිලිමත් වෙන කස්ටමර් කෙනෙක් මම මේ දැක්කමයි. මම කිව්වේ විහිලුවට.

ඔව්. මම එහෙම තමයි. එයත් කිව්වේ හිනා වෙලා.

එහෙනම් මම තියන්නම් ගිත්නා. ඔයාට වැඩේ ඉවර කරලා අපි කෝල් එකක් දෙන්නම්කො.

හා. බුදු සරණයි. ගුඩ් නයිට්. එයා කිව්වා.

මට හිතුන අපිව මුණගැහෙන්න ආවෙයි මට කෝල් කාලෙයි දෙන්නම එක්කෙනෙක් නෙවෙයි කියල. මුණගැහුනම ඉන්න දන්ගමල්ලයි දැන් කතා කරනකොට ඒ සන්සුන් බවයි එකකට එකක් වෙනස්. එක එක වෙලාවට එක එක විදිහට එයා හැසිරෙන්නේ කොහොමද මන්ද.

ඊට පස්සේ ආයේ එයාගෙන් කෝල් එකක් ආවේ ඊලග දවසේ උදේ පාන්දර.

හලෝ. ගුඩ් මෝනින්.

කවුද මේ?

මම ගිත්නා කතා කරන්නේ. මොකද්ද අනේ ඔයා තාම මගේ නම්බර් එක වත් සේව් කරගෙන නැද්ද?

තාම බැරි උනා. මම කිව්වේ නිදිමතේම.

අයියෝ. තාම නිදිද ඔයා?

මට මහන්සි. ඔයා වෙන ස්ටුඩියෝ එකකින් වැඩක් කරගත්තමත් මේ වගේ සරින් සැරේ කරදර කරනවද කෝල් කරලා? ඒ වචන පිට උනේ මම හිතන්නත් ඉස්සර. කොහොමත් ඉතින් උදේ පාන්දර මට කෝල් කරහම ඒ කතා කරපු එකාට දෙවියන්ගේ පිහිට තමයි.

එයා මොහොතකට නිහඬ උනා. ඊටපස්සේ ෆෝන් එක තිබ්බ. එක ඒ වෙලාවේ මට එච්චර වැදගත් උනේ නැහැ මොකද මම ඒ තරම් නිදිමතේ හිටියේ.

හොඳ සිහියෙන් නැගිටිනකොට වෙලාව එකොළහට විතර ඇති. නාල කරලා ලෑස්ති වෙලා ස්ටුඩියෝ එකට යනකොටත් රවින් වැඩ පටන් අරගෙන.

ඇයි බන් ආවේ? තව නිදාගන්න එපැයි. මාව දැක්ක ගමන්ම ඌ කිව්වා.

වැඩ තියෙනවා කියල මතක් උනා.

මම මේ අර සමරනායකලගේ වෙදිනේකේ ෆොටෝ ටික පටන් ගත්ත. උඹ අර ගිත්නාගේ වැඩේ ඉවර කරලා ඒ කරදරෙන් නිදහස් වෙයන්. නැත්තම් ඒකි සරින් සැරේ කෝල් කරන්න ගත්තොත් මල කරදරෙනේ බන්. දන්නවනේ ඊයෙත් ගැලවිලා ව්වේ සැහෙන්න අමාරුවෙන්නේ. රවින් කිව්වා.

හප්පා. මට එතකොට තමයි මතක් උනේ උදේ වෙච්ච සිද්දිය.

මල කෙලියයි.

ඇයි මොකෝ?

මාර සින් එකනේ උදේ උනේ. මම රවින්ට කිව්වා වෙච්ච සිද්දිය.

උඹ නම් අනේ මන්ද,. හැබැයි නිදිමරගාතේ කියල තියෙන්නේ නම් ඇත්ත. හැබැයි පව් ඉතින් මොනා උනත් කෙල්ලෙක්නේ. ගනින් කෝල් එකක්.

මට නිකම් මොකද්ද මොකද්ද වගේ බන්.

කතා කරලා සොරි කියහන් එච්චරයි. ඔච්චර සල්ලි විසි කරන කස්ටමර් කෙනෙක් නැති කරගෙනත් බැහැනේ.

මම මේ ඔලුව ගිනි අරන් ඉන්නවා මු මේ මගුලක් කතා කරනවා.

ඇයි යකු ඇත්තනේ. කොහොම හරි කමක් නෑ ගනින් කෝල් එකක්. මොනා උනත් අපිට හොඳට සැලකුවත් එක්කනේ. ඒකිට බාගෙට පිස්සු එක වෙනම කතාවක්.

මම කෝල් එක ගත්තේ සැකෙන්. බැනගෙන බැනගෙන යයිද දන්නෙත් නැහැ.

චංචල දෑසේ මායා

ඉස්සර වාගේ පාලා.

ඉන්නට ආයේ මා හා ආදරේ දීල.

ඒ සැරේ සින්දුවක් යනවා. හපොයි මේ කෙල්ලෝ අහන සින්දු.

මොහොතකින් ගිත්නාගේ සුමිහිරි කටහඬ රිසිවරය දිගේ ගලාගෙන ආව.
හලෝ.

ගිත්නා.. මං

කියන්න සමීර.

සොරි

ඔයා සොරි කියන්නේ මොකටද? එක මගේ වරද්දනේ. ඇත්තනේ ඔයා කිව්වේ. මම කස්ටමර් කෙනෙක් විතරනේ ඔයාලට. මම මගේ සිමාවේ ඉන්න ඕන.

එහෙම දෙයක් නැහැ. මට උදේ පාන්දර ඇහැරුනහම තරහ යනවා. මම හිතල කියපු දෙයක් නෙවෙයි.

එකට කමක් නැහැ සමීර.

අයි ඇම් සෝ සොරි.

ඉට්ස් ඕකේ ඔයාල එහෙනම් ඇල්බම් එක හදල මට කෝල් එකක් දෙන්න. මම තියන්නම්.

ගීත්නා … ඔයා මට සමාව දෙන්නැද්ද ඒ කියපු දේට?

සමීර මේකයි. මම ගොඩක් තනියම හදුනා කෙනෙක්. මට වැඩිය යාලුවොත් නැහැ. ඉතින් ඒ හින්දයි මම ඔයාලත් එක්ක යාළුවො වෙන්න බැලුවේ. මොකද ඔයාලත් මගේ වයසෙම වගේ හින්ද. එක වැරදි ඇති. සමාවෙන්න මට එයා කියවන ගියා
මට තේරෙනවා. අපිට යාළුවො වෙන්න පුළුවන්. ,මම කිව්වේ ඉබේටම. හැබැයි ඔයා අපේ වයසේ නම් නෙවේ. අපි දෙන්නම ඔයාට වඩා ගොඩක් වැඩිමල්.

ඇත්තමද කිව්වේ? අපිට යාළුවො වෙන්න පුලුවන්ද. වයස නම් මම අමතක කරන්නම්. එයා ඇහුවේ ගොඩක් බලාපොරොත්තු සහගත කට හඬකින්.

ඒ බලාපොරොත්තු සහගත බව දනුනම් මට ඇත්තටම දුක හිතුන. පව් එයා සැහෙන්න තනි වෙලා ඇති අර මහා විසාල ගෙදර. ඇත්තටමයි කිව්වේ. මම කීවා

තැන්කියු.
මොකටද තැන්කියු කියන්නේ?

මාව යාලුවෙක් විදිහට පිලිගත්තට.

යාළුවො සොරි වත් තැන්කියු වත් කියන්නේ නැහැ.

ආ.. එහෙමද? ඔයා එක ඉගෙන ගත්තේ හින්දි කතාවක් බලලද? මෙන්න ඒ පාර මෙකි මගෙන් අහනවා.

පිස්සුද? මම එක දැක්කේ ෆේස්බුක් එකේ. හින්දි කතා බලනවද අපි වගේ කොල්ලෝ. ශිහ් .. ඔය හොටු පෙරන අඬන කෙල්ලෝ තමයි ඕව බලන්නේ.

ඒ කිව්වේ මට ද?

ඔයා ඒ කියන්නේ හොටු පෙරන අඩන කෙල්ලෙක්ද?

හපෝ ඔයා එක්ක නම් කතා කරලා බේරෙන්න බැහැ . එයා කිව්වේ හිනා වෙලා.

ආ.. එහෙමද? ඔයා මුලින්ම ස්ටුඩියෝ එකට ආපු වෙලාවේ අපි දෙන්නත් ඔයා ගැන හිතුවේ එහෙම තමයි.

හෑ .. ඒ මොකෝ?

ඇයි අපි බර්ත්ඩේ කරන්නේ නැහැ කිව්වම අපි දෙන්නව කන්න හැදුවේ.

ඒ ඉතින් ඔයාල එන්න බෑ කිව්ව නිසානේ.

හ්ම්ම්.

ගිත්නා.. එයාට කවුද කතා කරනවා ඇහුන.

සමීර.. මම පස්සේ කෝල් එකක් ගන්නද? අයිය කතා කරනවා

හා.. හරි එහෙනම්.

මන් තියනෝ. බුදු සරණයි.

ෆෝන් එක තියල මම ආපහු රවින් ලඟට ගියේ සැහැල්ලුවෙන්.

හෑ යකෝ. උඹ ගියේ නඩුවක් විසදන්නද? සමාව ගන්නද? රවින් ඇහුවේ මාව දැක්ක ගමන්ම?

ඇයි ඒ?

පැයක් ගියා පැයක්

මොකා. එච්චර වෙලා.

මම බොරු නම් කියන්නේ බලපන් ඔරලෝසුව දිහා.

එච්චර වෙලා ගියාද? තේරුනේ වත් නැහැ.

ඔව් ඉතින් ඒක එහෙම වෙන්නම එපයිනේ. මොකෝ උනේ. එක්කෝ උඹ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන නැහැ. මුණ බැලුවන මට පේනවා මොකෝ උනේ කියල පැණි හිනාවෙන්ම.

උ කියද්දී මට හිනා ගිය.

කෙල්ල ශේප් ද?

ශේප් ශේප්

මම නම් හිතන්නේ උඹට බුධ සිකුරු ඔක්කොම ලබාගෙන එන සින එකක් තියෙන්නේ.

පලයන් බන් කෙල්ලෙක් කතා කල පලියට කසාද බඳිනවද?

කෙල්ලෙක් කතා කල පලියට කසාදා බඳින්නේ නම් නැහැ තමයි. හැබැයි පයක් තිස්සේ මල් කඩනවා කියන්නේ උඹ වගේ එකෙක් අන්න එක නම් සැලකිය යුතු කාරණයක්.

වැඩ නොදී හිටපන් බන්.

ඔහොම යමුකෝ මස්සින අපිත් ඉතින් මේ සිරි ලංකාවෙනෙ ඉන්නේ.