21_වන_කොටස❄️
යන්නට ගිය භූමි යලිත් වරක් කාර්යාලයේ වාඩිවී සිටින යුවතිය දෙස නෙත් යොමු කලේය……..
” තු………..හී………………….?????
භූමිගේ දෙතොල් පමණක් සෙලවී ඇගේ නම කියැවුනා….. නමුත් තුහී නම් භූමිව දැක්කෙ නෑ…….. කෙල්ල හිස ලෙජරයටම පාත් කරගෙන ලොකු වැඩක්…………
” තුහී ඔයා මෙහෙද වැඩ කරන්නෙ එතකොට……….
භූමි තමාටම මුමුණගනිමින් කීවා……. ඒත් සමගින් ඔහුගේ නෙත් යොමු වුනේ තමා දෙස ඇසි පිය නොහෙලා බලා සිටින යුවතියන් දෙන්නා දිහා……… ඔහු හරි ලෙංගතු විදිහට ඔවුන් දෙන්නත් එක්ක සිනා වෙලා යන්න ගියේ තුහී දෙස තවත් වරක් බලමින්……….
” ඒ……….යි………… ඌ අපේ තුහියා දිහා කන්න වගේ බලන් හිටියේ ඇයි බං…….
දිල්රූ ඇහුවේ අතත් පපුව හරහා බැඳගෙන පුදුම ගත් නෙත් වලින්…… ඔවුන් දෙන්නා ඉතාම ඉක්මනින් තුහී ලගට කිට්ටු වුනේ ඇයට බනිමින්…..
” මේකි නම් කියලා වැඩක් නෑ ජාන්වී…. මුලක ඉඳන් හදලා ගන්න වෙනවා…… ඇයි බං එක පාරක් ඔළුව උස්සලා බැලුවේ නෑනි…… අනික ඌ උඹ දිහා කන්න වගේ බලන් හිටියා…… අැත්ත කියපන් තුහී උඹ මැඩම්ගේ පුතාව කලින් දන්නවද……
දිල්රූගේ හඬ තීව්ර වෙලා ඇහෙද්දි තුහී හිස ඔසවා බැලුවේ ඇගේ කනකරච්චලය ඉවසා ගන්නම බැරුව…..
” කෑ නොගහ වැඩක් කරපල්ලකෝ….. ඒ මනුස්සයා කවුරු වුනාම අපිට මොකද…… අනික මට ඔය එක එක මිනිස්සු දිහා බලන්න කිසි අවශ්‍යතාවයක් නෑ……..
” ඔය කිව්වේ කතාවක්…… දිල්….. මේ ගොන් ගහට කියනවට වඩා හොඳා නොකියා ඉන්න එක…….
එහෙම කියලා ජාන්වී යලිත් වාඩි වුනේ පොත් ටිකත් පෙරලන ගමන්…
•°°°°°°•🌿🌷❤️💙🧡💚💛🌷🌿_•°°°°°°•
” භූමි……. තේරුම් ගන්න ටිකක් පුතා….. මේ හැමදේම ඔයාගේ ළමයෝ…… හේෂ්ට මේවා ගැන තේරුමක් නෑ…… අර රංගනයා හදන්නේ මේවත් අයිති කරගන්න……
මාමා දිගින් දිගටම කියන්නට විය……… අම්මට සමාව දෙන්නට ඔහු සූදානම් නැති වුනත් නංගී හා මල්ලී ගැන සිහිවන විට නම් හදවත වේදනාවෙන් පිරේ……..
” භූමි මං කියන දේ අහගෙනද ඉන්නේ……..
භූමි බොහෝ වේලාවක් නිහඬව සිටි බැවින් රන්ජන් නැවතත් ඇසුවේය…..
” හ්ම්ම්ම් හ්ම්ම්ම් බලමු බලමු….. මං කොහොමත් අරයගේ මූණ නම් බලන්න කැමති නෑ……. මට එයාව අප්රියයිි……
භූමි කිව්වේ වාහනය රන්ජන්ගේ නිවස අසල නවත්වමින්……..
” හ්ම්ම්ම්ම්ම්ම්….පුතා….. මොනවා වුනත් ඒ ඔයාගේ අම්මා……. මං කියන්නෑ ඔයා සම්පූර්ණයෙන්ම වැරදී කියලා…… හැබැයිි ඔයා සම්පූර්ණයෙන්ම නිවැරදිත් නෑ පුතා…….. මොකද ඔයා හිතනවට වඩා ලොකු දෙයක් එතන වුනා…… ටිකක් හිතලා බලන්න…… හදිස්සියක් නෑ….. එහෙනම් පරෙස්සමින් යන්න….
මාමා ගිය පසු භූමි කෙලින්ම වාහනය පැදවූයේ රාජීව්ගේ තැනට……. ඔහුගේ හදවත පුරා ඇත්තේ සතුටක්….. ඒ ඇයව නැවතත් දකින්නට ලැබීම නිසා……… නමුත් ඇය දැඩි අහංකාර චරිතයකි……… අැයට ලංවීම ගිණියම් ඉරට ලංවීම හා සමානය…… ඇගේ අහංකාරය තමාව සම්පූර්ණයෙන්ම දවා අළු කර දමයි…… නමුත් ඇයව අත්හැරගැනීමට අහිමි කරගැනීමට නොහැකි බවක් දැනේ……
” මේ මොන විකාරයක්ද මට මේ හිතෙන්නේ……. කවුද දන්නේ ඒකි බැදලද ළමයි ඉන්නවද කියලා…… ඒත් ඉතින් ඒ ගෙදර එහෙම එකෙක් හිටියේ නෑනේ….. නෑ බැදලා නම් නැතුව ඇති……. මොනවා වුනත් මට හිතෙනවා ඔයාව වෙන කාටවත් අයිති වෙලා නැතුව ඇති කියලා…… අපි බලමු……..
රජීවිගේ හෝටලයට එන විට අනෙක් මිතුරන් පිරිසත් එහි විය………
” උඹ මාමා එක්ක කොහේද යනවා කිව්වා නේද භූමි…….
රාජීව් ඇසුවේය……… භූමි හිස සලා ධනූ ලගාන් වාඩි වී වතුර වීදුරුව අතට ගත්තේය……….
” ඉතින් ගියාද…….
” ගියා…….
” කොහේද ගියේ බං…….
” Floral lily එකට……….
” මොකක්…..??? Floral lily ???
සියළු දෙනාම ඔහු දෙස බලා සිටියේ පුදුමයට පත්වයි……… Floral lily යනු නුවරඑළිය නගර සීමාව තුල පවතින භූමි හා කරට නර තිබෙන අනෙක් සමාගමයි……….
” හ්ම්ම්ම්ම්ම්………
” ඉතින් මොකද වුනේ කවුද ඒකෙ owner……
නැවතත් රජීව් ඇසුවේ භූමි කිසිවක් නොකියන තැනය…….
” නන්දිතා සමරවික්‍රම………………
රජීව්ගේ පමණක් නොව මිතුරන් සියළුම දෙනාගේ දෑස් විසල් විය…..
” මේ……… මේ……… භූමිගේ අම්මා නේද ඒ………
ධනූ ඇසුවේ භූමිගේ උරහිස මත අතක් තබමින් ඔහුගේ මුහුණට එබෙමින්…….
භූමි හිස සැළුවේය…….
” උඹ එතන ඩෙඟා නැටුවේ නෑ නේද අහසා………
ධනූ යලිත් ඇසුවේ ඔහු පිලිබද විශ්වාසයක් නැති නිසාය…….
” මට ඒ ගෑණු මනුසසයා පේන්න බෑ…. මං බැන්නා…….
” මොකටද දැන් උඹව එහෙට ගෙන්නගන්න හදන්නේ….
රජීව් ඇසුවේය…… භූමිගේ මුවෙහි වූයේ සරදම් සිනාවකි…….. එය තනිකරම අම්මා ගැන තම හිතේ ඇති අපැහැදීම කියා පෑවේය…….
” Floral lily එක කරගෙන යන්න දෙන්නෑලුනේ රංගන වික්‍රමනායක ඇමතිතුමා…….ඉතින් එයා මට කියනවා ඒක භාරගෙන කරන්නලු…….
උඹලත් හිතුවා නේද මට ආදරේකට එන්න කියනවා ඇත්තේ කියලා….
නෑ බං….. ඔන්න ඕකට තමා එන්න කියලා තියෙන්නේ……..
මිතුරන් කිසිවක්ම නොකීහ…… නමුත් ඔවුන් බොහෝ කල්පනා කරන බව නම් පෙනුනි……….
” දැන් උඹ මොකද කරන්නේ භූමි….. මං නම් හිතන්නේ උඹ ඒක අතට ගත්තොත් හොඳයි කියලා……
හැමදේම ගැන හොදින් හිතලා බලලා හොඳ තීරණ ගන්න රජීව්ගේ තීරණය මෙවරත් ඉතා මත් හොඳය නමුත් ඊට භූමිගේ නම් එතරම් කැමැත්තක් නැත………..
” මං මොකටද මාව එපා කියලා දාලා ගිය අය ගාවට යන්නේ…… මං යන්නෑ…… මාමා මාව එක්ක යන්නේ ඒ මනුස්සයා ගාවට කියලා දන්නවා නම් මං යන්නෙත් නෑ…………
භූමිගේ තීරණ කොහොමත් දැඩිය….. අද කියා වෙනසක් නැත……. ඉන් එහා කිසිවෙකු කිසිවක් පැවසුවේ නැත…….
” ඒක නෙවේ ඇල්…….. වේදේශයා අපිව ෆලෝ කරනවා මං හිතන්නේ….. උගේ සෙට් එකේ උන් ටිකක් මෙහෙ ඉන්නවලු……
තරුන්ගේ බලාපොරොත්තු නොවූ තොරතුරෙන් භූමි මදක් කලබලයට පත් විය…….
” උන්ට වැඩක් දෙමු…….
” භූමි………………………
අපි කාටවත් කිසිම වැඩක් දෙන්නෑ…… හරිද…… පාඩුවේ ඉමු…… පස්සෙ බලමු මොකද වෙන්නේ කියලා…..තරූ….. මං කිව්වා නේද භූමිට කියන්න එපා කියලා….. මොනවා වුනත් කවුරුත් වලි වලට පැටලෙන්නෑ එච්චරයි හරිද….
එය රාජීව්ගේ අවසන් තීරණයයි…… එයට හිස නවා මිතුරන් නිහඬ වූහ…….
භූමි නැගිට්ටේ යන්නයි……. අද දවසටම මල් වලට සාත්තුවක් නැත……. නමුත් යලිත් භූමි එතැන වාඩි වුනේ අමතක වූ යමක් පැවසීමටය……..
” රජ්ජා………….අර කෙල්ලත් වැඩ කරන්නේ එතන..
සියළු දෙනාගේම අවධානය තමා වෙත යොමු කරගෙන භූමි පැවසුවේය……
” කවුරු……..??? අර තුහින්‍යා……..
ධනූ ඇසුවේ පුදුමයට පත්වයි………
” හ්ම්ම්ම්ම්ම්ම්……
” භූමි ඒ කෙල්ලත් එතන ඉන්නවා නම් උඹ එ්ක භාර ගනින්කෝ යකා් සිම්පල් කේස් එකක්නේ……
සිතිජ කීවේය……… අනිත් අයත් එය අනුමත කලේය……….
” ඒකම තමා මං යන්නැති අනිත් හේතුව…. දැක්කනෙ ඒක්ගේ තිබුන ලොකු කම එදා…….
මිතුරන් පිරිස යලිත් කිසිවක් නොපැවසුවේ භූමි තීරණයක් ගතහොත් එය වෙනස් නොකරන බැවින්…….
භූමි හා තෙනුක පිටව ගිය පසුත් අනිත් පිරිස කතා කලේ ඔහු ගැනමය
••°°°°°•••••°°°°°•••••°°°°°°••••°°°°°•••••°°°°°••
රාත්‍රියේ වෙනදාටත් වඩා කටුක සීතලක් දැනෙන්නට විය…….. මල්ලිද අද නැවතත් සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගොස් තිබුණි………. දම්පාට ජර්සියද ඇඳගෙන ගැහෙමින් කාමරයෙන් පිටතට පැමිණි තුහින්‍යා සාලය දෙසට යද්දි අම්මාත් අප්පච්චිත් ලොකු කතාබහකය… ඒ තමා පිලිබඳව බවද ඇයට ඇසුනි…….. තුහාන්යා එතැනට පැමිණියෙන් අප්පච්චි ඇය දෙස බැලුවේය……
” ලොකු ලමයා නිදි කියලා හිතුවා…..
අප්පච්චි පැවසුවේ අම්මා දෙසද බලමින්……
” නින්ද ගියේ නෑ අප්පච්චි අද සීතලයි නේද හුඟක්…
” ඔව්නේ…….. වෙනදට මෙච්චර සීතල නෑනේ…… මේ වැස්ස අඩු වෙන්නෙත් නෑ…… වෙලාවකට වැස්සත් එපා වෙනවා අනේ…….
අම්මා කීවාය…….. අප්පච්චි ද එය අනුමත කලේය……
” ලොකු ළමයත් එක්ක අපිට මේ පොඩි දෙයක් කතා කරන්න තියනවා……
අප්පච්චි මේ කතා කරන්නට හදන්නේ තම විවාහය ගැන බව ඇයට ඉවෙන් මෙන් වැටහුණි…….. තුහින්‍යා අම්මා අසලින් වාඩි විය………
” නරකද අපි ඉක්මනින් ලෝයර් කෙනෙක් කතා කරගෙන ඔය දික්කසාදය දීලා දැම්මොත්……..
” ඇයි අප්පච්චි හදිස්සියෙම එහෙම කිව්වේ මොකද එයාලා කතා කලාද……
” ඔව් දුව….. අපි අංක වෙනස් කරලා නෑනේ කෞමදී කතා කලා….. ඒ ගෑණි කියන්නේ පුතාට ඉක්මනින් අර හොර ගෑණිව බැඳගන්න දික්කසාදය ඕනෑ කියලා…….. ඔන්නොහේ ඔය සාපය දීලා දාන්න දුව……
අම්මා කීවාය……….. තුහින්‍යාගේ ජීවිතයට ඔය විවාහය විනයක් මිස හොඳක් නම් නොවන බව ඔවුන් කවුරුත් හොඳින්ම දනී……
” මෙහෙන් ලෝයර් කෙනෙක් ඇල්ලුවොත් ඌ දැනගනී අපි මෙහෙ කියලා……… අම්මා අපි මාමාට කතා කරමුද…… මාමා අපිට උදව් කරයි…….
තුහින්‍යා මාමා යැයි අදහස් කලේ වේදේශ්ගේ තාත්තාය……. ඔහු කොහොමත් තුහාන්යාට සැලකුවේ තමාගේම දරුවෙක්ට මෙනි……..
” එහෙනම් මං අයියා එක්ක කතා කරන්නම්……. මං ඒ ගෑණිට කීවෙත් එහෙම තමයි….. මං අයිය එක්ක මේ ගැන කතා කරගන්නම් කියලා……
අම්මා කීවේ තරහත් දුකත් මුසු හැගීමකින් බව ඔවුන් දෙන්නාටම වැටහුනි………..
” අපි අකැමැත්තක් නැතුව වන්දියකුත් එපා කියලා මේ කසාදෙ කටුගාන හින්දා ඉක්මනින් දික්කසාදය ලැබෙයි…….. තුහී….. පුතේ…… ඊට පස්සෙ ඔයත් හෙමින් සීරුවේ ජීවිතේ ගැන හිතුවොත තමා හොඳ නේද මහත්තයා……
අම්මා කීවේ දෙන්නාම දෙස බලමින්……
” ඉස්සර වෙලා අපි මේ වැඩේ ඉවර කරන ඉමුකෝ නෝනා…….. ම්ම්ම්ම්ම්… මට නම් දැන් හොඳටෝම බඩගිනී කමුද…..
අප්පච්චි නැගිට්ටේ ඒ කතාව නවත්වමින්……….අම්මා ඒ අනුව ඉස්සරවී මුළුතැන්ගෙයට ගියාය…….
” අප්පච්චි මල්ලි කතා කලාද…… අනේ මොනවා කරනවද දන්නෑ කොහේද දැන් නවතින්නේ….
” ආ…… මිනිහට එහෙ හොඳා…… අනික නවතින්නේ අර රංජන්ගේ අයියගේ ගෙදරනේ….. එහෙ හොඳයි…… මං කතා කලා…… දැන් හෙට ඉඳන් ලෙක්චර්ස් පටන් ගන්නවා….. ආයෙ එන්න වෙන්නේ සති අන්තෙට……
මල්ලී නැති නිවස පාළුය…….. තුහින්‍යා කාමරයට ගියේ රාත්‍රි ආහාර ගැනීමට නංගිට කතා කිරීමටයි….
පසුදාට පහන් වුනේ මුළු නුවර එළිය නගරයම නොපෙනෙන තරම් ධාරාණිපාට වර්ෂාවක් වැටෙමින්…… හත පමණ වන විට වර්ෂාව පහව ගියත් මන්දාරම නම් අඩු නොවුනි…… භූමි උදෑසනින්ම නැගිට සූදානම් විය…… අද කල යුතු වැඩ රාජකාරී බොහෝය……
❤️••••මතු සම්බන්ධයි••••❤️