Episode
එයා මාව ලස්සන මනමාලියක් කරලා කැන්දගෙන ආපු ඒ ගෙදර පුරාම අද වෙද්දි මකුල් දැල් බැඳලා දූවිලි පිරිලා ජ/රා වෙලා ගිහින්.මං ආසාවෙන් රෝස මල් පාත්ති හදපු මිදුල පුරාම කැලේ වැවිලා.හදවත පැලී යන තරමෙ වේදනාවකිනුයි මං ඒ දෙස බලන් හිටියෙ.
තේනුක මහත්තයා මේ ගෙදර හැදුවෙ මොන තරම් බලාපොරොත්තු කන්දරාවක් හිතේ පොදි බැඳගෙනද.එදා අම්මා අපේ පව්ල් ජීවිතේ මැද්දට ආවෙ නැත්නම් අද වෙද්දි තේනුක මහත්තයයි මමයි අපේ දූත් එක්ක කොයි තරම් සන්තෝශෙකින් මේ ගෙදර ජීවත් වෙනවද.
අපේ පුංචි කුරුළු කූඩුව කැඩිලා බිඳිලා ගියේ මගේම අම්මා නිසා කියලා මතක් වෙද්දි පපුව පැලිලා යන තරමෙ වේදනාවක් දැනුනා. අම්මා කොහොමද දෙයියනේ මට එහෙම දෙයක් කරේ?
“ඔතන හිටගෙන බලන් ඉන්නැතුව ඇවිත් ගේයි මිදුලයි සුද්ද කරලා දානවා.අවුරුදු හතරකට කලින් මේ ගෙදර මොන තරම් ලස්සනට තිබ්බද.උ/ඹ/ට මතකද ඒ දේවල්?ඒ පුංචි මාලිගාවට මං උ/ඹ/ව කැන්දගෙන ආවෙ හිතේ දාහක් බලාපොරොත්තු තියාගෙන.අපේ දරුවා මේ ගේ ඇතුලෙ දණ ගාන හැටි,වැටි වැටි ඇවිදින හැටි බලන්න මං කොච්චර ආසාවෙන්ද හිටියෙ.මගෙ හැම බලාපොරොත්තුවක්ම උ/ඹ නැති කරා චේතනා.ගෑ/ණු සංහතියම ගැන මට කලකිරුනා උ/ඹ නිසා…”
තව මොන මොනවදෝ කියලා මට බැනලා තේනුක මහත්තයා ගේට්ටුව ඇරගෙන කොහෙදෝ යන්න ගියා.ඒ කොහෙද යන්නෙ කියලාවත් මං ඇහුවෙ නැහැ.දුවව හොයාගන්න එකේ මොකක් හරි වැඩකට වෙන්න ඇති කියලා හිතුනා.
ඇත්තටම මගෙ දුව මේ වෙද්දි කොහේ ඇත්ද?එදා අම්මා කියපු විදියට එයා දුවව විකිණුවෙ දරුවො නැති පෝසත් පව්ලක නෝනා කෙනෙකුටයි මහත්තයෙකුටයිලු. එයාලා මගෙ දුවව අරන් අම්මගෙ අතට රුපියල් ලක්ෂ පනහක් දීලා ගිහින් තිබුනා.ඒ සල්ලි වලට අම්මා මොනවා කරාද කියලා මං දන්නෑ.මං ඒවා හොයන්න ගියෙත් නෑ.
තේනුක මහත්තයා ආපහු ගෙදර ආවෙ හොඳටම හවස් වෙලා.ඒ වෙද්දි මං වත්ත සුද්ද කරලා ගේත් ටිකක් අස් කරලා ඉවරයි. මට හරිම මහන්සියි.ඊටත් වැඩියෙන් බඩගින්න දැනුනා.ගේ හරියෙ කන්න කියලා කිසිම දෙයක් නැහැ.
තේනුක මහත්තයා මටත් එක්ක කෑම එකක් ගෙනත් තිබුනා.මට පුදුම හිතුනා එයා කරන දේවල් වලට.එයාට මෙච්චර දේවල් කරපු මට වෛ / ර කරන්නැතුව ඇයි කෑම අරන් ආවෙ?මගෙ බඩගින්න එයාට දරා ගන්න බැරිවද?ඒත් ඒ හිතේ එදා වගේ මගෙ ගැන ආදරයක් ඉපදෙන්නෑ කියලා නම් මට හොඳටම විශ්වාසයි.
එයා ගෙනාපු කෑම එක කාලා මං අත හෝදගෙන ආවා.දුව වෙනුවෙන් ගෙනාපු ඇඳුම් තවමත් අල්මාරියෙ එහෙම්මම තියනවා.මං ඒ ටික අතට අරන් ප/පු/ව/ට තුරුල් කරගෙන එයින් නැගෙන සුවඳ විඳ ගත්තෙ ඇස් දෙකේ කඳුලු පුරවගෙන.අනේ මගෙ චූටි බට්ටිච්චි කොහේ ඉන්නවද දන්නෑ. කොහේ හිටියත් මගෙ පැටික්කි දන්නෑනෙ මං එයාගෙ අම්මා කියලා.
“උ/ඹ මොකද මගෙ දරුවගෙ ඇඳුම් තුරුල් කරගෙන අඬන්නෙ?දරු පැටියා වෙනුවෙන් කඳුලු හලන්නවත් උ/ඹ/ට අයිතියක් නෑ චේතනා.අන්න ඒක දැන ග නි න්.අම්මා කියන නමටත් උ/ඹ සා/ප/ය/ක්…”
කොහෙදෝ ඉඳන් ආපු තේනුක මහත්තයා මගෙ අතේ තිබ්බ ඇඳුම් ටික උදුරගෙන දරා ගන්න බැරි තරමෙ දේවල් කියලා මට හොඳටම ගැහුවා.හැම දෙයක්ම දරාගෙන කඳුලු හලමින් මං බිත්තියට හේත්තු වෙලා කාමරේ පුරාවටම ඇස් යවමින් කල්පනා කරන්න ගත්තා.
ඉස්සර අපි දෙන්නා මේ කාමරේ ඇතුලෙ ගත කෙරුවෙ මොන තරම් සතුටින්ද?උපන්දා ඉඳන්ම ගත කරපු මුඩුක්කු ජීවිතෙන් මාව මුදවගෙන එයා මේ ගෙදර හැදුවෙ මැ/රෙ/න/ක/ල්/ම අපි දෙන්නට එකට ජීවත් වෙන්න.
“උ/ඹ මට මෙහෙම කරයි කියලා මං කවදාවත් හිතුවෙ නෑ චේතනා.මං පි/ස්/සු/වෙ/න් වගේ ආදරේ කරපු පුංචි කෙ/ල්ල මගේ ජීවිතේ විනාශ කරයි කියලා මං හිතුවෙ නෑ. මෙච්චර ආදරේ කරපු මට උ/ඹ කොහොමද මෙහෙම කෙරුවෙ චේතනා?…”
එයා අහන ප්‍රශ්න වලට කොහොම උත්තර දෙන්නද කියලා මට හිතාගන්න බැහැ. ඔහුගෙ ජීවිතේ අඳුරු කරේ මමයි.
“උ/ඹ/ට ආදරේ කරලා අන්තිමට මාව හි/ඟ/න්/නෙ/ක් උනා චේතනා.ඇස් පියාගෙන මං ත/මු/සෙ/ව විශ්වාස කරේ.කෝටි ගානක දේපලක් එක්ක මගෙ දෙමව්පියො දෙන්නවයි ඒ මුළු පව්ලම අතෑරලා දාලා උ/ඹ/ව කසාද බැඳ ගත්තා.අර ජ/රා මුඩුක්කුවෙ ලැගපු උ/ඹ/ව ඒකෙන් මුදවගෙන මනුස්සයෙක් කරපු මට කලගුණ සළකපු හැටි නම් බොහොම අපූරුයි…”
මට කියාගන්න දෙයක් නෑ.ගො ළු වෙලා වගේ ඔහුට සවන් දීගෙන හිටියා.ඔහු පවසන වචනයක් වචනයක් ගානෙම තියෙන්නෙ ඇත්ත විතරමයි.මං නිසා ඔහුට ලැබුනු කිසිම දෙයක් නැහැ.නොලැබීම නම් අඩුවක් නැතුව ලැබුනා.
“නොකරපු වරදකට අවුරුදු හතරක් තිස්සෙ මං හිරේට වෙලා මොනතරම් දුක් වින්දද.ත/මු/සෙ එකම එක දවසක් ආවද මාව බලන්න?එදා උසාවියෙදි ත/මු/සෙ බොරු සාක්කි දුන්නෙ අම්මගෙ කීමට කියලා මං දන්නවා චේතනා.වදපු අම්මට විරුද්ධ වෙන එක දරුවෙකුට කරන්න අමාරුයි.
පන වගේ ආදරේ කරපු,මුළු ජීවිතේම උ/ඹ වෙනුවෙන් කැප කරපු මාව අතෑරලා උ/ඹ අපේ පව්ල් ජීවිතේ කඩාකප්පල් කරපු අම්මගෙ පැත්ත ගත්තෙ කොහොමද චේතනා?මට පුලුවන් උනා නම් සදහටම මගේ දෙමව්පියො අතෑරලා දාලා උ/ඹ/ව තෝර ගන්න,උ/ඹ/ට ඇයි බැරි උනේ මෙච්චර නැහීගෙන ආදරේ කරපු මාව තෝර ගන්න?මට ඒකට උත්තරයක් දී ප න් චේතනා…”
තේනුක චේතනාගෙ උරහිස් වලින් අල්ලා සොලවන්නට උනේ හිතේ තිබ්බ ආවේගයත් එක්ක මුසු වූ කේන්තියෙනි.ඇයට කඳුලු පාලනය කරගත නොහැකිව ඉකි බිඳින්නට වූයේ වේදනාවෙන් රිදුම් දෙන ප/පු/ව/ත් අල්ලාගෙනයි.
“මට…. සමාව… දෙන්න…. මහත්තයා… අනේ මං….. අසරණයි… මගෙ…. දෙයියො…”
ඈ හඬමින් ඔහුගෙ ප/පු/ව මතින් හිස තබා ගන්න තැත් කරත් ඔහු ඇයව කේන්තියෙන් අහකට තල්ලු කර දැම්මා.ඔහුට දැන් ඇයව පේන්නට බැරිය.
“උ/ඹ මේ කරපු දේවල් වලට කවදාවත්ම මගෙන් සමාවක් බලාපොරොත්තු වෙන්න එපා චේතනා.මට යාන්තං හරි හිත හදාගන්න තිබුනා මං හිරෙන් නිදහස් වෙලා එනකල් උ/ඹ අපේ දරුවව හොඳට බලා ගත්තා නම්…”
“අපි දරුවව…. කොහොම හරි…. හොයා ගම්මු මහත්තයා….. මට විශ්වාසයි…. මගෙ දරුවා….. කොහේ හරි හොඳින් ඇති…”
ඇය කඳුලු පිරි දෙනෙතින් ඔහු දෙස බලා සිටියා.මහ විශාල ධනස්කන්දයක් අතහැර දමා ඔහු තමා සමඟින් විවාහ වූයේ කෙතරම් බලාපොරොත්තු කන්දරාවක් හිත දරාගෙනද?ඒ පැතුම් සියල්ල බිඳී ගියේ තමාගේ වරද නිසා ය.
දෙමව්පියන්ගෙ බසට කීකරු වී ඔහු තමා හා විවාහ නොවී සිටියා නම් අද මේ තත්වය උදා නොවී තිබෙන්නට පුලුවනි.සමහර විට ඔහු වෙනත් තරුණියක් හා විවාහ වී දරු සුරතල් මැද දිවි ගෙවයි.
“හෙට උදෙන්ම ගමනක් යන්න ලෑස්ති වෙනවා.මට පොටක් පෑදිලා තියෙන්නෙ දරුවා ඉන්න ගෙදර හොයා ගන්න…”
පහුවදා උදෙන්ම තේනුක මහත්තයා මාත් එක්ක මීගමුවෙ කොච්චිකඩේ පැත්තෙ ඉන්න එයාගෙ යාළුවෙක්ව හම්බ වෙන්න ආවා.ඒ යාළුවා අපිව හොඳින් පිළිගත්තා.
තේනුක මහත්තයගෙ යාළුවව මට කොහේදි හරි දැකලා පුරුදු ගතියක් දැනුනා.මං ටිකක් වෙලා ඒ ගැන කල්පනා කරා.
“නංගිට මාව මතක් උනාද?…”
ඔහු මගෙන් ඇහුවා.එතකොටම වගේ මට එකපාරටම මතක් උනා මං එයාව කලින් දැක්කෙ කොහොමද කියලා.
“ඔව් අයියෙ.මට මතකයි.අනේ අයියා දන්නවද මගෙ දුව ඉන්නෙ කොහෙද කියලා?පින් සිද්ද වෙයි අයියෙ මගෙ දරුවා ඉන්නෙ කොහෙද කියලා කියන්න…”
මං අත් දෙක එකතු කරලා වැඳලා ඔහුගෙන් එහෙම ඇහුවා.තේනුක මහත්තයා එතනත් මට හොඳටම බැන්නා මං බොරු කඳුලු පෙන්නන්නෙ කියලා.
“ඔය බොරු රඟපෑම නවත්තනවා චේතනා. සල්ලි වලට තණ්හාවෙ දරුවව විකුණලා දැන් බොරුවට අඬනවා…”
“ප්ලීස් මචං මේ නංගිට කෑ ගහන්න එපා.උ/ඹ දන්නවනෙ චේතනා නංගි නෙවෙයි මේ දේ කරේ කියලා.නංගිගෙ හදවතේ මව් සෙනෙහසක් නැත්නම් එයා කවදාවත් දරුවව හොයාගන්න මෙච්චර මහන්සි වෙන්නෑ.මේ හැම දේකටම මුල චේතනා නංගිගෙ අම්මා…”
“මට මතක් කරන්න එපා ඔය ගෑ/ණි/ව.මගෙ ජීවිතේට ඔය වගේ ජ / රා ගෑ/ණි/යෙ/ක්/ව දැකලා නෑ.වෙලාවට මං හිරේ ඉන්නැද්දි ඕ/කි මැ/%/@ ගියේ.නැත්නම් මගෙ අතිනුයි ඕ/කි/ව මැ/%/@/නෙ…”
තේනුක කිව්වෙ දත් මිටි කාගෙන.චේතනාගෙ අම්මගෙ හදිසි වෙනස් වීම සිද්ද උනේ චේතනා ගැබිණියක් වූ මුල් කාලෙදිමයි.මේ ඉන්නෙ තමන්ගෙ දුවගෙ සැමියා කියලාවත් නොසිතා ඇය තමාට ලං වෙන්න උත්සහ දැරුවා.තේනුක ඇයව මගහැර සිටියත් ඇය චේතනාට හොරෙන් තේනුකට ලං වන්නට හැදුවා.
“ඇත්තටම නංගි එයා ඔයාගෙම අම්මද?මං හිතන විදියට කිසිම අම්මා කෙනෙකුට මේ වගේ පහත් වැඩක් කරන්න බැහැ.එයා කොහොමද මෙහෙම දෙයක් කරේ?…”
“මට තේරෙන්නෑ අයියෙ.අම්මා මට වෙනස්කම් කරේ නම් නෑ.ඒත් අම්මා කෙනෙකුගෙන් ලැබෙන්න ඕනි සෙනෙහස, ආදරේ මට එයාගෙන් ලැබුනෙ නැහැ.මාව පොඩි කාලෙ ආදරෙන් බලාගත්තෙ ආච්චි. අම්මා වැඩට ගිහින් රෑ වෙලා ගෙදර ඇවිත් ආච්චිගෙන් මං නිදිද කියලා අහනවා.මගෙ ඉස්කෝලෙ වැඩ වලට ගන්න සල්ලි එහෙම අම්මා ආච්චිගෙ අතට දෙනවා…”
“අම්මා ජොබ් එක කරේ කොහෙද?…”
“දන්නෑ අයියෙ.ඒක කොහෙද ලොකු වැඩපලක් කියලා කිව්වා…”
“හිතාගන්න පුලුවන් වැඩපල තියෙන්නෙ කොහෙද කියලා.ඔයාට කවදාවත් හිතුනෙ නැද්ද අම්මගෙන් අහන්න එයා කරන ජොබ් එක මොකක්ද කියලා?…”
“මං කීප වතාවක්ම ඒ ගැන ඇහුවා අයියෙ.ඒ අහද්දි අම්මා එක එක තැන් වල නම් කියනවා.සමහර වෙලාවට මොකුත් අහන්න එපා කියලා මට බනිනවා.ඉතින් මං අහන්නෑ…”
මතු සම්බන්දයි.
කතාව ගැන අදහසක් දාගෙන යන්න හැමෝම.දරුවව හොයාගන්න පුලුවන් වෙයිද?