“තේනුක මහත්තයා හිරෙන් නිදහස් වෙලා ඇවිත්ලු.ඔයා පුලුවන් තරම් පරිස්සමෙන් ඉන්න චේතනා.එයා ඔයාව හොයන එක අතෑරලා නෑ වගේ…”
ඒ ආරංචිය කන වැකුනු මොහොතෙ මගෙ ප/පු/ව වේගයෙන් ගැහෙන්න අරන් අත පය වෙව්ලන්න ගත්තා.එවලෙ මං හිටියෙ දෙනෝදාහක් එහාට මෙහාට යන මීගමුවෙ ටව්ම මැද්දෙ.
මගෙ හිතට දැනුනෙ විශාල බියක්.මං උදෙන්ම ටව්න් එකට ආවෙ බඩු වගයක් ගන්න.ඒකත් ගන්නැතුව මං ඉක්මනින්ම ළඟම තිබ්බ ත්‍රීවිලර් එකෙන් ගෙදර ආවා.
කුස්සියට ගිහින් වතුර එකක් අරන් බීගෙන බීගෙන ගියේ හිතේ තිබ්බ ආවේගයටත් එක්ක වගෙයි.වතුර ටික බීලා වීදුරුව තියද්දිම ෆෝන් එකට අඳුරන්නැති නම්බර් එකකින් කෝල් එකක් ආවා.
තේනුක මහත්තයට කොහෙත්ම මගෙ නම්බර් එක දැනගන්න විදියක් නෑනෙ.ඒ නිසා මං කෝල් එක ආන්සර් කරා.
“හෙලෝ… කව්ද මේ?…”
එහා පසින් හිටපු කෙනා කතා නොකරත් හයියෙන් හුස්ම ගන්න හඬක් නම් ඇහුනා. ගාමන්ට් එකේ කවුරු හරි කෙනෙක් කියලා හිතලා මං ආයෙත් කතා කරා.
“හෙලෝ ඇහෙන්නැද්ද?කව්ද ඔය කතා කරන්නෙ?…”
මං ටිකක් හඬ උස් කරලා අහද්දි උත්තරයක් නොදීම ඒ කෙනා කෝල් එක කට් කරා.මට බයත් හිතුනා තේනුක මහත්තයා ගැන මතක් වෙද්දි.මං ගාමන්ට් එකේ වැඩ කරනවා කියලා ආරංචි වෙලා එයා කොහොම හරි මගෙ නම්බර් එක හොයා ගත්තද දන්නෑ.
මං ඉක්මනින් දොරත් ලොක් කරලා ජනේල් ටිකත් වහලා දැම්මා.කොයිම මොහොතක හරි තේනුක මහත්තයා මාව හොයාගෙන ඇවිත් මගෙන් ප/ලි ගනියි.මොකද මං නිසා එයාට එයාගෙ කියන හැම දෙයක්ම නැති උනා.තවත් නැති වෙන්න දේකට තියනවා නම් ඒ එයාගෙ ජීවිතේ විතරයි.
“මට මේ ලෝකෙ මොන දේ නැති උනත් කමක් නෑ චේති.ඔයා මගෙ ළඟින් ඉන්නවා නම් මට ඒ හොඳටම ඇති.දන්නවද මැණික…. මට මෙතන තමයි මගෙ ජීවිතේ සතුට සැනසීම තියෙන්නෙ…”
මගෙ මීට ප/පු/ව උඩින් ඔලුව තියාගෙන එයා එහෙම කිව්වෙ අපේ ආදරේ විවාහයකට පෙරලුනු පළමු දවසෙයි.ඒ සුන්දර ලස්සන රාත්‍රිය මට ආයෙමත් සිහිපත් උනා.
තේනුක මහත්තයා මට ගොඩක් ආදරේ කරා. මං වගේ කෙනෙකුට ඒ වගේ උතුම් ආදරයක් ලැබුනෙ පෙර ආත්මෙක කරපු ලොකු පිනක් නිසා වෙන්න ඇති.තාත්තා කෙනෙකුගෙ ආදරේ රැකවරණය නොලබපු මට පිරිමි හිතක ආදරණීය බව මුලින්ම දැනුනෙ තේනුක මහත්තයගෙන්.
මු/ඩු/ක්/කු ගෙදරක ජීවත් වෙච්චි මට හිටියෙ මගේ අම්මා විතරයි.මාව කසාද බැන්දා කියලා තේනුක මහත්තයව එයාගෙ ගෙදරින් එලෙව්වා විතරක් නෙවෙයි දරුකමිනුත් අයින් කරා.
ඒත් තේනුක මහත්තයා මට කිසිම වෙනස්කමක් කරේ නැහැ.මට පන වගේ ආදරේ කරා.මාව ආරක්ෂා කරා.උපන්දා ඉඳන්ම ගෙවපු අප්‍රසන්න මුඩුක්කු ජීවිතෙන් මාව මුදවගෙන ලස්සන ගෙදරකට කැන්දගෙන ආවා.මගෙ ජීවිතේ ලස්සන උනේ එයා නිසයි.දෙන්න පුලුවන් හැම සැප සම්පතක්ම එයා මට දුන්නා.
අපි බැඳලා මාස දෙකක් වෙද්දි මං අම්මා කෙනෙක් වෙන්න යන සළකුණු පහල උනා. තේනුක මහත්තයා හිටියෙ රටක් රාජ්‍යයක් දිනා ගත්තා වගේ ලොකූ සතුටකින්.එයා වගේ සතුටකින් ඉන්නවා මං කවදාවත් දැකලා තිබුනෙ නැහැ.
සතුටින් ගෙවපු අපේ ලස්සන පව්ල් ජීවිතේ ප්‍රශ්න ඇති වෙන්න ගත්තෙ දුව බඩට ඇවිත් මාස දෙකක් විතර යද්දියි.ඒ හැම ප්‍රශ්නෙකටම මුල වෙන කවුරුවත් නෙවෙයි මගේම අම්මා.දුවෙක් විදියට මගේ අම්මා නිසා මං තේනුක ඉස්සරහ අසරණ වුනු වාර අනන්තයි අප්‍රමාණයි.
ඒ ප්‍රශ්න ඉස්සරහ මං ගන්න ඕනි අම්මගෙ පැත්තද තේනුකගෙ පැත්තද කියලා හිතා ගන්න බැරුව මං අසරණ උනා.තේනුක ගොඩක් ඉවසුවා.මං දෙපැත්තක හිර වෙලා කරගන්න දෙයක් නැතුව දහ අතේ කල්පනා කරා.
අන්තිමේදි මං තේනුකව අතෑරලා තාත්තාත් නැතුව මාව මෙච්චර කාලයක් දුක් විඳගෙන හදපු අම්මගෙ පැත්ත ගත්තා.අම්මා වැරදියි කියලා දැන දැනත් මං තේනුකව වැරදිකාරයා කරා.අම්මව බේරලා තේනුකට හිරේ යන්න උසාවියෙදි බොරු සාක්කි දුන්නා.
සල සලාං….
එකපාරටම මාව උඩ විසික් වෙලා ගියේ සාලෙ පැත්තෙන් ඇහුනු වීදුරුවක් බිඳෙන සද්දෙ නිසයි.පැය ගානක්ම මං හිටියෙ තේනුක ගැනම කල්පනා කර කරයි.ඒ නිසා වෙලාව යනවත් දැනුනෙ නැහැ.
සාලෙට දුවගෙන ගිහින් බලද්දි මං ඉස්සරහ ගිනි පිටවෙන දෑසින් බලාගෙන හිටියෙ තේනුක මහත්තයා.ඉහලට ගත් හුස්ම පහලට දාන්න අමතක වෙලා වගේ මං ඔහු දිහා බලන් හිටියෙ බියපත් දෑසින්.මගෙ ප/පු/ව වේගයෙන් ගැහෙන්න ගත්තා.
වසර හතරකට පමණ පසුවයි මං ඔහුව මේ දුටුවෙ.එදා ඒ ඇස් වල මං වෙනුවෙන් උතුරන්න තරම් තිබූ ආදරේ වෙනුවට අද තිබුනෙ කේන්තියත් වෛ/ර/ය/ත් විතරයි.
“කෝ මගෙ දරුවා?…”
ඔහු ඉවසීමෙන් මෙන් මගෙන් එහෙම ඇහුවා. අනේ ඒ කටහඬ ඇහුවෙ මං අවුරුදු කීයකට පස්සෙද?මගෙ ඇස් දෙකට කඳුලු ඉනුවා.මං එයාට කරේ හොඳ දේවල් නෙවෙයි.
දෙයියනේ මං කොහොම කියන්නද වෙච්චි දේවල්.මගෙ අසරණ කම නිසයි මට එදා ඒ වගේ දෙයක් කරන්න සිද්ද උනේ.
“මං අන්තිම පාරට අහන්නෙ චේතනා… කෝ යකෝ මගෙ දරුවා…”
හයියෙන් කෑ ගහලා ස්ටූල් එකට පයින් ගහගෙන ඔහු මගෙ ළඟට ඇවිත් දත් මිටි කාගෙන බලන් හිටියා.ඒ හිතේ ඇති වෙලා තියන කේන්තියෙ තරමට මට හොඳටම ගුටි කන්න වෙයි කියලා හිතුනත් තේනුක මහත්තයා මට අතක් ඉස්සුවෙ නැහැ.
“දරුවා…. නැති…. උනා මහත්තයා…”
හිතට විරුද්ධව හෝ සත්‍යය වසන් කොට එලෙස පවසා චේතනා අඬාගෙන බිත්තියට හේත්තු වෙලා රූටමින් බිම වාඩි උනා.ඇත්ත කිව්වොත් ඔහු තවත් කේන්ති ගනියි.
“කවද්ද?…”
තේනුක චේතනාගෙ මුහුණට තම මුහුණ ලං වන සේ බිමින් වාඩි උනා.ඇගේ දෑස් තුලින් ගලා හැලුනු කඳුලු වලට තේනුකගෙ හිත උණු උනේ නැහැ.දෙමව්පියන් පවා අහිමි කරගෙන චේතනා වැනි අයෙකුට පෙම් කල වරදට අද ඔහු පසුතැවෙනවා.ඇය නිසා තමාට අහිමි වූ දෑ බොහෝයි.
“ඉපදුනු…. දවසෙමයි…”
චේතනා කතා කරන්නෙ අහක බලාගෙන. ඇයට තේනුකගෙ මුහුණ දිහා බලාගෙන කතා කරන්න තරම් ශක්තියක් නැහැ.
“උ/ඹ මට තවත් බොරු කරන්න එපා චේතනා.හිරෙන් නිදහස් වෙච්චි ගමන්ම හොස්පිටල් එකට ගිහින් සේරම විස්තර බලාගෙනයි මං ආවෙ.මං මේ හොඳ හිතින් අහන්නෙ…. මගෙ දරුවා කොහෙද ඉන්නෙ?…”
තේනුක හයියෙන් කෑ ගැහුවා.ඒ හඬට චේතනා ගැස්සිලා ගිහින් බිත්තියෙ මුල්ලට වෙලා හයියෙන් ඇඬුවා.තමා ඇත්ත පැවසුවත් දැන් ඔහුට දරුවා හොයාගන්න පුලුවන්කමක් නැහැ.
“මං මෙතෙන්ට පොලීසියෙන් ගෙන්නනන්න කලින් කරුණාකරලා මට මගෙ දරුවා ඉන්න තැන කි/ය/ප/න් චේතනා.මං මේ හොඳින් අහන අන්තිම පාර…”
චේතනාට තවත් නිහඬව ඉන්න බැරි උනා. ඇය ඔහු දෙසට හැරී බිත්තිය අල්ලාගෙන නැගිට්ටා.මීට වසර හතරකට පෙර සිදු වූ අමිහිරි සිදුවීම ඇය කඳුලු අතරින් ඔහුට පැවසුවා.තේනුක ඒවා අහගෙන හිටියෙ හදවත පැ/ලෙ/න තරමෙ වේදනාවකින්.
“අනේ මට සමාවෙන්න මහත්තයා.මගෙ කැමැත්තකින් නෙවෙයි මේ දේවල් සිද්ද උනේ. එදා මට සිහිය එද්දි ඒ මිනිස්සු අම්මට සල්ලි දීලා දරුවව අරන් ගිහින්.මං කොච්චර කෑ ගහලා ඇඬුවත් අම්මා මට ඒ මිනිස්සු කව්ද කියලා කිව්වෙ නැහැ…”
“කෝ දැන් අම්මා?…”
“අවුරුදු දෙකකට කලින් අම්මා නැති උනා. එදා ඉඳන් මං තනියම ජීවත් උනේ…”
“ලෑස්ති වෙනවා යන්න…”
තේනුක එහෙම කියද්දි චේතනා පුදුම වෙලා වගේ බලන් හිටියා.ඇය හිතුවෙ තේනුක තමාට බැනලා යයි කියලා.ඔහු තමාව අරන් කොහෙටද යන්න හදන්නෙ? ඇය කල්පනා කරා.ගෙදරට නම් වෙන්න බෑ.
“කොහෙද?අපේ ගෙදරටද?…”
“හ්ම්ම්.ඔව්.මං ත/මු/සෙ/ව ගෙදර එක්කන් යන්නෙ ආයෙමත් එකට පව්ල් කන්න නෙවෙයි.මගෙ ජීවිතේ කා/ල/ක/ණ්/ණි කරපු උ/බ/ත් එක්ක ආයෙමත් එකට ජීවත් වෙන්න තරම් මං මෝ/ඩ/යෙ/ක් නෙවෙයි.මට කොහොම හරි මගෙ දරුවා හොයාගන්න ඕනි.ඒකට පොටක් පෑදිලා තියෙන්නෙ.උ/ඹේ උදව්වත් ඕනි මට දරුවව හොයා ගන්න…”
අකමැත්තෙන් උනත් තේනුක චේතනා සමඟින් වසර කිහිපයකට පෙර ජීවත් වූ නිවසට පැමිණියේ තම දියණිය සොයා ගැනීමේ අරමුණ හිත දරාගෙනයි.
මතු සම්බන්දයි.
කාලෙකට පස්සෙ අලුතින් කතාවක් ලියන්න හිතුනා.ලයික් එකක් දාලා ස්ටිකර් කමෙන්ට් ටිකකුත් හලාගෙන යන්න