අහඹු හමුවීමක් 💛

අවසන් කොටස…. 💛

එහි වූයේ නිහාරා ඒෂිත් මතට ඇද වැටුණ වෙලේ ඒෂිතුත් නිහාරාත් මුහුණට මුහුණ බලා ඉන්නා ආදරණිය ඡායා රූපයකි. බැලු බැල්මට එහි පෙනෙන්නේ දෙදෙනා බොහෝ ආදරයෙන් සිටිනා වගයි. ඒ සේයා රුව දුටු ගමන් නිහාරාගේ හිතට දැණුනේ අමුතුම හැඟීමක්. නිහාරා ඒ සේයා රුව දෙස බලාන සිටියේ මොහොතක්. ඒත් එක්කම වගේ නිහාරාගේ දුරාථනයට ආවේ ඇමතුමකි. නිහාරා තිරයේ දිස් වෙන අංකය දෙස බලාන සිටියේ නොදන්න අංකයක් නිසාවෙනි.

“හෙලෝ…”

නිහාරා සැකයෙන් වගේ දුරකථන ඇමතුමට සම්බන්ධ උනේ කවිදෝ නොදන්න නිසා…

“ලස්සනද ඒක…”

එක පාරට එහා පැත්තෙන් අහපු දෙයත් එක්ක නිහාරා තුෂ්නිභූත වෙලා වගේ බැලුවේ…

“මොකක්…”

ඔහු පවසන්නේ කුමක්ද සිතා ගත නොහැකි ප්‍රෙහෙලිකාවකින් ඇය විමසුවේ ඔහුගෙන් ඒ පිළිබඳව.

“මොකක් නෙවේ හානි බබෝ. දැන් එවපු ෆොටෝ එක. මන් නම් එක ෆෝන් එකේ ඩිස්ප්ලේ එකටම දා ගත්තා…”

ඉතින් ඇයට තවත් අටුවායිකා අවැසි වුයේ නැහැ ඒ ඇමතුම කාගෙන්ද යන වග දැන ගැනීමට.

“ඒෂ් ඔයා. ඔයාට කොහෙන්ද මගේ නම්බර් එක…”

“ඇයි දැන් මගේ කෙල්ලට අමතකද ඔය ෆෝන් එක මගේ ළග තිබ්බේ කියලා ඊයේ ඉදන්. මේ ඕකට ලොක් එකක් දාගන්නවා මඟුල. පර්සනල් දෙයක් නේද. ඕනම කෙනෙක්ට බලන්න පුලුවන්…”

ඒෂ් ආදරණියව තරවටු කරද්දි නිහාරාගේ මුහුණේ හිනාවක් ඇදුණේ කුමක්දෝ හීන් කිතියක් ගතපුරා වෙලෙද්දි.

“ඉතින් බලපුදෙන්. මට හංගන්න දෙයක් නැනේ…”

“ඔව් නොදාපු හින්දානේ මට මගේ කෙල්ලගේ නම්බර් එක ගන්න පුලුවන් උනේ. ඒ උනාට දැන් දාගන්නවා. නැත්තම් මන් හොද වැඩක් කරනවා…”

“මන් දාගන් නෑ. පුලුවන් දෙයක් කරනවා. අනික මන් ඇයි ඔයා කියන දේවල් කරන්නේ. මට ඕන් නම් දානවා. නැත්තන් නෑ…”

“ඇත්තද මගේ මැණික. එහෙනම් මන් දැන් ඔය එවපු ෆොටෝ එක එෆ්බි, ඉන්ස්ටර්ග්‍රෑම්, ට්විටර් වගෙ දාන්නම් මයි ලව් කියලා. කමක් නෑනේ…”

“ර්… ඔයා නම්. මන් ලොක් එකක් දාගන්නම්…”

නිහාරා කටත් ඇද කරලා එහෙම කියද්දි ඒෂ්ගේන් ඇහුණේ හිනා හඩක්. විහිලු කරමින් එෂ් එක්ක කතා කර කර හිටපු නිහාරාට කාලය ගෙවෙනවා දැණුනෙත් නෑ.

දින දින කාලය ගෙවි යද්දි නිහාරාහේ හිතේ ඒෂ් වෙනුවෙන් ආදරයක් ඇති උනද එය මුවෙන් නොපවසා හිත ඇතුලේම සඟවාගෙන හිටියේ. ඒෂ්ගෙන් ඇමතුමක් නැත්තම් ඇයට දවසම එපා කරපු දෙයක් වගෙයි හැඟුනේ. ඒ තරම් ඔහු නිහාරාගේ හිතම අරක්ගෙනයි හිටියේ…

“අනේ අම්මා අහන්නකෝ මට බෑ…”

නිහාරා ඇද උඩ එරමිණියා ගොතන් ඉදන් අම්මාට එසේ පැවසුවේ කොට්ටයත් බදාගෙන මූණ දෙක කරන්.

“ඇයි දැන් බෑ කියන්නේ. ඔයාට කෙනෙනෙත් නැති හින්දයි අපිඒ ළමයාට කැමති උනේ. අනික ඒ ළමයාගේ කිසිම වැරැද්දක් නෑ…”

නිහාරාගේ ඇදුම් වගයක් නමමින් අම්මා එසෙම ඇහුවේ නිහාරා යටසින් බලමිනි

“දෝණි ඒ මිනිස්සු ඉස්සරහා හෙට නම් අපිව ලැජ්ජා කරන්න නම් හදන්න එපා. එදාට වඩා කන්න වෙයි අප්පච්චිගෙන්…”

නිහාරා කිසිවක් නොකිය නිසාම අම්මා නැවත මුව විවර කරේ නිහාරාගේ කටින්ම ඇත්ත දැනගන්න ඕන හින්දාමයි

“අනේ අම්මා. මට දෙයක් කියන්න තියෙනවා… මන් කෙනෙක්ට ආදරය කරනවා. ආදරයමද දන් නැ. ඒත් එයාව මතක් වෙද්දි හිත මොකද්දෝ වෙනවා අම්මා. හරියට එයාවම ඕන වගේ දැනෙනවා…”

නිහාරා කම්මුලටත් අත තියාන කතා කරේ හිස් සිවිලිම දිහා බලන් ඒෂ්ගේ රුව මතකයේ ඇද ගන්න ගමන්. අම්මත් නිහාරා දිහා බලන් හිටියේ පුදුමයෙන්.

“අනේ අහන්නකෝ අම්මා…”

එකපාරටම නිහාරා තම මවව අත අල්ලන් ඇදෙන් ඉන්දවන ගමන් ඒෂ් හමුවූ තැන ඉදන් හැම දෙයක්ම පැවසුවේ, මවගෙන් මුහුණ සගවාගෙන.

“අනේ මන්දා දෝණි. මන් තාත්තා එක්ක කතා කරන්නම්. ඒත් ඉතින් හෙට එන ළමයා එක්ක කතා කරන්න වෙයි. පස්සේ කෝල් එකක් දිලා මොකක් හරි කියමු…”

අම්මා එහෙම කියද්දි නිහාරාගේ මුහුන ඇද උනේ බලන් ඉද්දි. නිහාරාත් වෙන කරන්න කිසිම දෙයක් නැති හින්දා හා කියන්න වගේ ඔලුව හෙල්ලුවේ. නිහාරා මූණ බෙරි කරන් ඇදට වැටෙද්දි අම්මා හිනාවෙවිම කාමරයෙන් එළියට ගියේ…

මේ හලෝ අක්කා ත/මු/සේ අම්මලාට අරක ගැන කියලාත් මොකෝ අද අර මඟුලව බලන්න යන්නේ…”

ඒෂ් මූණ රතු කරන් තමන්ගේ නෑනාගෙන් විමසුවේ ඉදිරි අසුනේ ඉන්න අම්මායි තාත්තායි දෙන්නාත් දිහා බල බලා…

“ඉතින් බලන්න ගියා කියලා අද බදින් නෑනේ මල්ලි. ඔයා අකමැති කියලා පස්සේ කෝල් කරලා කියමු….”

කිසිවක් නොදන්න ඒෂ්ව සනසමින් ඇය එසේ පැවසුවත් ඇයගේ මුවගට හිනාවක් නැගුනේ අද යන්නේ එයාගේ හානි බබාවම බලන්න කියලා දැනගත්තානම් හැමෝටම කලින් යන්නේ ඒෂ්ම කියලා දන්න හින්දාම

“ශුවර් ශුවර් යකෝ. තො/ට එපා නම් මට ඒ කෙල්ලව දීපන්…”

මෙච්චර වෙලා දුරකථනය දිහා දැස් දල්වන් හිටපු හිතේෂ් එහෙම කිව්වේ දුරකථනයේ දැස් ඉවතට නොගෙනම…

“ගනින් ගනින්. මට මගේ හානි බබා ඉන්නවානේ…”

ඒෂ් දිහාෂ්ට එසේ පැවසුවේ නිහාරාව මතක් වෙලා මුවගේ සිනහා රැල්ලක් නැගෙද්දියි.

“අනේ මුගේ හානි බබා….”

දිහාෂ් ඒෂ්ට ඇද කරලා පවසද්දි ඒෂ් දිහාෂ්ට පහරක් ගැසුවේ මුලු වාහනේම සිනහා සාගරයක ගිල්වමින්. ඒ හිනාවෙන්ම දිහාෂ් වගේම හිතේෂුත් ඒෂ් නිහාරා ආදරය දිග ඇරියේ ඒෂ් ඔලුවේ අත ගහන් දෙන්නාටම රවද්දි.

පැයකින් වගේ මනමාලිගේ ගෙදරට ආපු හැමෝම හිනාවෙවි කතා කර කර හිටියාත් ඒෂ් නම් හිටියේ හැමෝටම රව රවා.

“නෝනේ දෝණිව එක්ක ආවා නම්….”

නිහාරාගේ පියා තම බිරිදට එසේ පවසද්දි ඒෂ් හැමෝටම කටත් ඇද කරලා අහක බලා ගත්තේ කවුරු ආවාත් තමන් අකමැති කියනවා කියලා හිත හිතාම.

නිහාරාගේ අම්මා නිහාරාව එක්කගෙන කාමරයෙන් එලියට ආවත් නිහාරා නෙවේ සාලේ ඉන්න පිරිස දිහා බැලුවේ. නිහාරා මුණත් ඇද කරගෙනම සෙමින් සෙමින් අම්මා යන්න කියපු කෙනා අසලට ගියේ මූණත් බෙරි කරන්…

“නංගි ඌ නෙවෙයි මමයි මනමාලාය…”

දිහාෂ් එකපාරටම එහෙම කියද්දි නිහාරා ඔලුව උස්සලා බැලුවේ කතා කරපු කෙනා දිහාත් තමන් හිටන් ඉන්න කෙනා දිහාත්. ඒත් එක්කම ඒෂුත් ඔලුව උස්සලා බැලුවේ ඇය දෙස. තමන් ඉස්සරහා ඉන්නේ නිහාරා කියලා දැකපු ඒෂ් විමතියෙන් නැගිට්ටේ හැමෝම හිනාවෙද්දි…

“දැන් උ/බ කිය කියා ආවානේ අද බලන්න එන මනමාලිට කැමති නෑ කියලා. අහකට යමන් මන් මේ කෙල්ලට කැමති…”

දීහාෂ් හිනා වෙවිම නිහාරාගෙ අතින් හෙප්පුව ගන්න දගලද්දි ඒෂ් දිහාෂ්ව සෝෆා එකටම තල්ලු කරලා නිහාරා අතින් හෙප්පුව ගත්තේ ඇගේ මුහුණ දෙසම බලාන.

“ප*** අහකට…. මගේ එ/කී ඒ”

ඒෂ් කරපු දෙයත් එක්කම නිහාරාගේ කම්මුල් විලියෙන් රතු උනේ බලා ඉද්දිමයි. විලියෙන් රතුවෙලා තියෙන ඒ කම්මුල් දැක්කාම ඒෂ්ට හිතුණේ ඉබගෙන යන්නමයි…

“දැන් ඉතින් ඔය මූණ දිහා බලලා භාවනා කරලා ඉවරනම් ඉදගනිම් බන්. ආන්ටිලාට තව වැඩ තියෙනවා කරන්න…”

හිතේෂ් එහෙම කියද්දි ඒෂ් ඔලුව කහ කහා වාඩි උනේ නිහාරාගේ මුහුන තවත් විලියෙන් රතු වෙද්දි…

“එදා ඔය දෙන්නාම කට්ටි නොපැන හිටියා නම් මේ දේවල් මීට කලින් වෙලා නේද නුවන්ත…”

“ඒක නේන්නම් නාමල්….”

ඒෂ්ගේ පියාත් නිහාරාගේ පියත් එලෙස පැවසුවේ හැමෝමවම සිනහා සාගරෙයේ ගිල්වමිනි.

හැමෝම මහ හඩින් හිනා වෙදි නිහාරා අම්මාට තුරුලු උනේ ලැජ්ජාවෙන්. ඒෂුත් හිනාවෙවිම අම්මාට තුරුලුවෙලා ඉන්න නිහාරා දිහා බලන් හිටියේ ආදරබර බැල්මෙන්..

ඇත්තටම එදා මෙහෙම හමු නොවුණත් දෙන්නාම අහම්බෙන් හරි හමු උනේ දෙන්නාට දෙන්නාම දෛවයේ ලියවිලා තියන හින්දා වෙන්න ඇති කියලායි ඒෂ්ට ඒ වෙලාවේ හිතුණේ. ඒෂුත් හිනාවෙවිම තමන් දිහා බලන් ඉන්න නිහාරාට ඇහැක් ගැහුවේ විලියෙන් රතු වෙලා ඉන්න ඇයව තවත් රතු කරමින්. ඒෂිත් ඇස් වලින්ම හිනා වෙවි නිහාරා දිහා බලන් හිටියේ ඇගේ මුහුණේ තමන් වෙනුවෙන් තියන ආදරය හොදටම තෙරෙද්දියි…

හැමෝම නිවස තුල කතා කර කර ඉද්දි නිහාරාට ඇහැකින් එලියට එන්න කියා එෂුත් හොරෙන්ම පියමැන්නේ එලියට. ඒෂිත් එළියට ගිහින් විනාඩි පහකින් වගේ නිහාරාත් එලියට ආවේ…

“අන්තිමටම මගේ හානි බබාවම තමා මන් බලන්න ඇවිල්ලා තියෙන්නේ නේ…”

ඒෂිත් කලිසම් සාක්කුවේ දෑත් රුවාගෙනම ඇහුවේ බිම බලන් ඉන්න නිහාරාගෙන්…

“අදවත් කියනවද මට ඔය ඇස් වලින් කියන දේ…”

තව අඩියක් නිහාරා අසලට ලං වෙන ගමන් ඇගෙන් විමසුවේ හැඟීම්බර හඩකින්… නිහාරා බයවෙලා ඒෂිත් දිහා බලන් හිටියේ… බය වෙලා බලන් ඉන්න නිහාරාගේ ඉන වටා අත යවලා ඒෂ් නිහාරාව ඇදලා ගත්තේ තමන්ගේ පපුවට…

“ඔය ඇස් දෙකේ තියන ඒ රහස කටින්ම අහන්න ආසයි. කියනවද…”

ඒෂ් නිහාරාගේ සවනතට ලං වෙලා සෙමින් පවසද්දි නිහාරාගේ දෑස් පියවුණේ ඒ සුසුම් රැල් ගෙල දැවටි අමුතු කිතියක් හදපුරා ගමන් ගද්දි…

“ආදරෙයි මං…”

ඇසෙන නෑසෙන ලෙස නිහාරාගෙන් මුවින් එලෙස පිට වද්දි ඒෂ් නිහාරාව පපුවට තුරුලු කරගත්තේ ඒ නලලතේ සිපුමක් තවරමිනි.

“මාත් ආදරෙයි මගේ හානි බබාට…”

නොදන්නා විලස අප
හමු වූ මාවතක

සිහින් මල් කෙමි වැතිර
තවත් ඇත නිසසලව

ඔබේ එක හීනයක
මා ඉන්න බව නොදැන

පෙම් කරමි හදවතින්
නොදත් කුමරිය ඔබට

අහඹු හමු වීමකින්
බැඳී ඇත දෙසිත් අප

නිමි…