අහඹු හමුවීමක් 💛
හත්වන කොටස…. 💛
නිහාරා හිතේ තියෙන තරහා එෂ් මතින් යවන ගමන් පැවසුවේ.. ඒෂ් නිහාරාගෙ රතු වෙච්ච මූණ දිහා බලාගෙන හිනා වෙද්දි නිහාරා ඒෂ්ට රවලා නැගිටලා යන්න හදද්දිම ඒෂ් නිහාරාගේ අතින් අල්ලලා නැවැත්තුවේ…
එකපාරටම අතට දැණුන ස්පර්ශයත් එක්කම නිහාරා හැරිලා බලද්දි දැක්කේ තමන්ගේ අතින් අල්ලන් ඉන්න ඒෂ්ව…
“පිස්සුද ආ…”
නිහාරා තරහෙන්ම ඒෂ්ගේ අත ගසා දාලා යන්න හදද්දිම ඒෂ් නිහාරාව ඇදලා ගත්තේ තමන් ළගට… ඒ ඇදලා ගත්ත පාර නිහාරා ඒෂ් මතට ඇද වැටුණේ ඔහු කට කොනකට හිනාවක් නගා ගනිද්දි…
“අයින් වෙන්න අප්පාහ්…”
ඒෂ්ගේ මතින් නිහාරා නැගිටින්න හැදුවාත් ඒෂ් නිහාරාව ඉන වටේ අත යවලා තමන් ළගට ලං කරගත්තේ නිහාරාගේ ඇස් විමතියෙන් විශාල වද්දි… නිහාරාත් ඒෂ්ගෙත් ඇස් අතර සෙන්ටිමීටරයක තරම් දුරක් වෙද්දි එෂ් ඇස් වලින් හිනා වෙවි බලන් හිටියේ නිහාරාගේ ඇස් දෙස…
“හානි…”
ඒෂ් ඇසෙන නැසෙන ලෙස නිහාරාට කතා කලේ කෙස් රොදක් කන පසුපස රදවන ගමන්…
“තරහා ගත්තාම මූණ හරිම ලස්සනයි…”
ඒෂ් නිහාරාගේ කොපුලක් පිරිමදිමින් පවසද්දි පියවි සිහියට ආව නිහාරා ඒෂ් දෙසට හෙලුවේ දවාහලු කරන බැල්මක්.
“අතා අරිනවා මාව…”
නිහාරා ඒෂ්ගෙන් ගැලවෙන්න හැදුවත් ඒෂ් ඇයව තදින් අල්ලන් හිටියේ ගැලවෙන්න බැරි විදිහට…
“ඇයි අත ඇරියේ නැත්තම් බෝයි ෆ්රෙන්ඩ්ට කියනවද?…”
ඒෂ් තවත් නිහාරාව තමන්ට ලං කරගන්න ගමන් පවසද්දි නිහාරා ඒ පපුවට අත තියලා තල්ලු කරේ…
“මන් කාට කිවත් ඔයාට වැඩක් නැනේ…”
ඒෂ්ගේ හැඩිදැඩි අත් වලට හිරවෙලා ඉන්න නිහාරාට ඔහුගේ දැතින් ගැලවෙන එක ලේසි නැහැ කියලායි තේරුණේ…
“වැඩක් තියනවානේ හානි බබා…”
රවද්දි රතු වෙන කම්මුල් පිරිමදිමින් ඒෂ් පැවසුවේ නිහාරාගේ දෑස් මතම තම දෑස් රදවාගෙන…
“හානි බබා. පිස්සුද. මට හානි කියන්නේ මට ආදරේ අය විතරයි. ඒක මතක තියා ගන්නවා…”
“ඉතින් මාත් ආදරේටනේ කියන්නේ හානි බාබා කියලා…”
ඒෂ් එහෙම කියද්දි නිහාරා බැලුවේ පුච්චන්න වගේ බැල්මකින්…
“මහ පිස්සෙක්…”
නිහාරා ඒෂ්ට බනිමින් ඔහුගෙන් ගැලවෙන්න දගලද්දි ඒෂ් බලන් හිටියේ සුළගට එහෙ මෙහේ පාවෙන ඇගේ කෙහෙරැලි අතරින් සෙලවෙන ලා රෝස දෙතොල් දෙස බලාගෙන. ඒෂ්ගෙන් කිසිම පිලිතුරක් නැති තැන නිහාරා බැලුවේ ඒෂ්ගේ මුහුණ දෙස. ඔහුගේ දෑස් එල්ල වෙලා තියෙන්නේ තමන්ගේ දෙතොල් මතට කියලා තේරුණ නිහාරා එක අතකින් දෙතොල් වසා ගත්තේ ඒෂ්ගේ මුවේ මදහසක් ඇදෙද්දි.. ඒෂ් හිනා වෙවිම දෙතොල් මත ඇති නිහාරාගේ දෑත අයින් කරමින් ඒ දෙතොල් සෙමින් පිරිමැද්දේ. එකපාරටම උනේ මොකද්ද උනේ කියලා හිතා ගන්න බැරුව නිහාරා ඇස් විමතියෙන් විශාල කරගෙන බලන් හිටියේ ඒෂ් දිහා…
“පිස්සුද! අත අරිනවා මාව…”
“ම්හ් පිස්සු තමා දැක්ක දවසේ ඉදන්. ඇස් පියා ගත්තත් පේන්නේ ඔයාව. ඇස් ඇරන් හිටියත් පේන්නේ ඔයාව… බැයිද ඒ පිස්සුව හොද කරන්න…”
නිහාරාගේ ඉනෙන් ඇදලා තවත් තමන් ළගට ගද්දි නිහාරා ඒෂ්ගේ පපුව මත දෑත් තියලා තල්ලු කලේ ඔහුගෙන් ඈත් වෙන්න වගේ.
“අත අරිනවා. මට බෝයි කෙනෙක් ඉන්නවා. මට යන්න දෙන්න…”
“ඇත්තට. කවුද ඒ අනිත් බෝයි. මමනේ බොයි ෆ්රෙන්ඩ් ඉතින්. තව කෙනෙක් ඉන්නවාද හානි බබා. මගේ දේවල් වලට වෙන අයට අයිතිවාසිකම් කියන්න බෑ හරිද…”
නිහාරාගේ සවනතට ලං වෙලා සෙමින් පවසන ගමන් ඒෂ් නිහාරාගේ ඇස් ඉස්සරහා එහෙ මෙහෙ ගෙනිච්චේ ඇයගේ දුරකථනය.
“ඔ.. ඔයා ගාව මගේ ෆෝන් එක…”
සෙමින් මුමුණ ගමන් නිහාරා එසේ පවසද්දි ඇගේ කොපුල් රතු උනේ තත්පරයට…
“ඔව් ඔව් මගේ හානි බබාගේ ෆෝන් එක තමා…”
නිහාරාට මතක් උනේ තමන් පෙරදා ඇගේ පෙම්වතා ඒෂ් බව පැවසු වග. නිහාරාට දැනුනේ තම කම්මුල් වල *ලේ පිරිලා පුපුරන්න වගේ හැඟීමක්.
නිහාරාගේ විලියෙන් රතු වෙච්ච කම්මුල් දිහා බලන් ඒෂ් ඇහි බැමක් ඉස්සුවේ ඇයි අහන්න වගේ…
“ම්.. මේ ම්… මං මං ඒ වෙලේ එහෙම කිවේ ක්.. කටට ආපු නමක්…”
නිහාරා එහෙම කියද්දි ඒෂ් ඇස් චූටි කරලා නිහාරා දිහා බැලුවේ…
“කටට ආපු නමක් කිවේ. ම්…. ඒ කියන්නේ මගේ හානි බබා මං ගැනද හිත හිතා හිටියේ…”
ඒෂ් එහෙම අහද්දි නිහාරා ගොලු උනේ ඇත්තටම ඒ වෙලේ ඒෂ්ව මතක් වෙලා ඒ නම මතක් උන හින්දා…
“මං මේ…”
“අඩෝ බං ඒෂයෝ උ/බ මෙතන ෆිල්ම් පෙන්නවද අපි දාලා ඇවිල්ලා. ඒවා නරක වැඩ මචෝ.. “
නිහාරා කුමක්දෝ පැවසීමට හදද්දිම එතන්ට ආවේ හිතේෂ් එක්ක දිහාෂ්. හිතේෂුයි දිහාෂුයි දැක්ක ඒෂිත් ඔලුවේ අත ගහ ගත්තේ අද තමන් ඉවරයි කියලා තෙරෙද්දි…
“උ/බ/ලා දෙන්නා…”
“ඔව් අපි දෙන්නා තමා මොකෝ..”
දිහාෂ් එහා පැත්තෙන් වාඩි උනේ කට කොනකට හිනා වෙමින්…
“දෙනවා මගේ ෆෝන් එක…”
නිහාරා ලැජ්ජාවෙන්ම ඒෂ් අතේ තියන තමන්ගේ දුරකථනය උදුරාගෙන දුවගෙන ගියේ එතන ඉන්න අපහසුවක් දැනෙද්දි…
“ශිට් උ/බ/ලා දෙන්නා ඇවිල්ලා වැඩේ කෑවානේ… දෙකම එකයි…”
ඒෂිත් දිහාෂ්ටයි හිතේෂ්ටයි බැනගෙන බැනගෙන ගියේ නිහාරා ළග ඉන්න බැරි වෙච්ච චාන්ස් එක මිස් වෙච්ච හින්දා…
නිහාරා දුවගෙන ඇවිල්ලා පාක් එකේ තිබ්බ වීල් එකට නැග්ගේ බහින්න ඕන තැන කියන ගමන්…
“ශිට් මටත් වෙන වැඩ. ඊයේ එයාගේ කා එකේ ෆෝන් එක වැටෙන්න ඇති. ඒක අමතක උන හැටියක්. මටමයි වෙන්නේ. මගේ කොල්ලා ඒෂ් කියලා ඒෂ්ටම කියලා… ර්… හානියෝ උ/බ/න/ම් කරොත් කරන්නේ ගොන් තකතීරු වැඩක්මයි…”
නිහාරා අතින් නලලට ගහ ගත්තේ ඒ ගැන මතක් වෙලා හිතට ලැජ්ජාවක් දැනෙද්දි…
ඒත් එක්කම නිහාරාගේ දුරකථනයට ආවේ වට්ස් ඇප් මැසෙජ් එකක්. නිහාරා මැසේජ් එක ඕපන් කරද්දිම දැකපු දේත් එක්කම කොපුල් *ලේ පිරිලා විලියෙන් රතු උනේ…
මතුවට