අහඹු හමුවීමක් 💛
හයවන කොටස…. 💛
“හෝම්…”
ඒෂ් එසේ කල්පනා කරමින් දුරකථනය සවනතේ තබා ගත්තේ. ඒත් එක්කම එහා පැත්තෙ ඇහුණ හඩට ඒෂ්ට තම නිදිමත කොහෙන් ගියාද දන් නෑ…
“හෙලෝ….”
ඒෂ් ඇද විට්ටමට හේත්තු වෙලා කතා කලේ හිනාවෙවි…
“මේ හලෝ. මගේ හලෝ ඔය මගේ ෆෝන් එක. මගේ ෆෝන් එක හොරකම් කරලා නිකන් බබා පාට් එකට කතා කරන්නේ අයිතිකාරයා වගේ. මට ෆෝන් එක ගෙනල්ලා දෙනවා. නැත්තම් මම කවුද කියලා දැන ගනි…”
ඒෂ් ඇමතුමට සම්බන්ද උන ගමන් නිහාරා බැනගෙන බැනගෙන ගියේ ඒෂ්ට කිසිවක් නොපැවසීමට ඉඩ නොතබමිනි…
“ඇයි ගෙනල්ලා නොදුන්නොත් මොකද කරන්නේ…”
නිහාරාව අවුස්සමින් ඒෂ් එසේ පැවසුවේ ඇය කෝප ගත් විට රතුවන කම්මුල් සිහිකරමිනි.
“කරන්නේද. කරන දේ ඒක ඒ වෙලාවට කරන්නම්. නිකන් ලෙඩ නොදාගෙන මට මගේ ෆෝන් එක ගෙනල්ලා දෙනවා…”
නිහාරාත් අත අරින්නේම නැතුව ඒෂ්ට කතා කලේ.
“මන් දෙන් නෑ ෆෝන් එක. පුලුවන් දෙයක් කරනවා…”
ඒෂ් හිත යටින් හිනා වෙවි ආහුවේ නිහාරා මොන වගේ උත්තරයක් දෙයිද කියන බලාපොරොත්තුවෙන්…
“ක්.. කරන්නේ මේ ආ මේ මගේ කොල්ලාට කියනවා….”
නිහාරාගෙන් බලාපොරොත්තු නොවුන වදනක් සවන වැකෙද්දි ඒෂ්ට දැනුනෙ තම පපුව මත අකුණු දහස් ගණනක් පුපුරනවා හා සමාන හැඟීමක්…
“ම්.. මො… ක…. ද්ද ක් කිව්වේ…”
ඒෂ්ට වචන මුවින් පැටලි පැටලි කතා කලේ ඇදෙන් නැගිට්ටෙද්දි…
“ඔව් මන් මගේ කොල්ලාට කියනවා. ඊට පස්සේ සොරි තමා…”
නිහාරා හිනා වෙවි කිවේ ඒෂ්ගේ හඩේ ඇති උන වෙනසෙන් ඔහු බිය උනා සේ හැගෙද්දියි..
“කවුද ඔයාගේ කොල්ලා…”
“මගේ කොල්ලා කවුරු උනත් ඔයාට වැඩක් නැනේ. ලෙඩ දා ගන් නැතුව මට මගේ ෆෝන් එක ගෙනල්ලා දෙනවා. අනික මගේ පර්සනල් ලයිෆ් එක ඔයාට වැඩක් නැනේ…”
“කොල්ලා කවුද කියලා කිව්වේ නැත්තම් ෆෝන් එක දෙන්නෙ නෑ…”
එෂ් එසේ පවසද්දි නිහාරා අතරමන් උනේ කොල්ලෙක්ගේ නමක් මතක් කරන ගමන්… ඒත් එක්කම ඇයට මතක් උනේ ඒෂ්. ඒෂ් ගැන අමුතු හැඟීමක් ඇයට තිබුනත් එකපාරටම ඒෂ්ව මතක් උන හේතුව ඇයටවත් හිතා ගන්න බැරි උනා…
“හෙලෝ…”
ඒෂ් ගැන හිත හිතා හිටපු නිහරා පියවි සිහියට ආවේ ඒෂ්ගේ හඩින්…
“හෙලෝ…”
නිහාරාගෙන් පිළිතුරක් නොමැති තැනම ඒෂ් නැවත කතා කලේ…
“ඇයි…”
“කෝ කිවේ නැනේ කොල්ලා කවුද කියලා…”
“එයාද මේ. එයාව ඔයා දන් නෑ. ඉතින් කියලා වැඩක් නෑ…”
“දන්නවද නැද්ද බලන්න නම කියනවකෝ ඔච්චර අගේ නොකර…”
“එයාද. මේ එයා ඒශ් කියලා කෙනෙක්…”
“ඒශ්…”
නිහාරා තමන්ගෙ නම කියද්දි ඒෂ් නැවත එය මිමිණුවේ පුදුමයෙන්..
“ඔව්. ඒෂ්. එෂ් අභිසර. දැන් හරිනේ.මම නම කිව්වානේ. මට ෆෝන් එක ගන්න පුලුවන්ද…”
නිහාරා ඒෂ්ගේ නම කියලා දැම්මේ මොහොතකටවත් තමන් මේ කතා කරනේ ඒෂ් සමග කියා නොහැගෙද්දියි…
තමන්ගේ නම නිහාරාගේ මුවින් පිටවෙද්දි, ඒ තමන් නේද කියලා හැගෙද්දි, ඒෂ්ට ඉහේ මලක් පිපුණා වගේ සතුටක් දැණුනේ…
“හෙට සින්හ කැෆේ එකට උදේ දහයට එනවා. මම ෆෝන් එක අරන් එන්නම්…”
එහෙම කියපු ඒෂ් දුරකථනය විසන්දි කරලා උඩ පැන පැන කෑ ගැහුවේ සතුටට…
“කොහෙද යන පි/ස්/සෙ/ක්…”
එහා පැත්තෙන් දුරකථනය එකපාරටම කට් කරපු හින්දා නිහාරා උරහිසත් අකුලලා දුරකථනය තබා කාමරයට ගියේ හිත යටින් ඔහුට බන බැන…
නිහාරා පහුවෙනිදා දහය වෙද්දි කැෆේ එකට ගිහින් වාඩිවෙලා හිටියේ දුරකථනය රැගෙන එනකම්… දහයයි කාල පහු වෙද්දිත් ඔහු නොඑද්දි නිහාරා හිටියේ කෝපයෙන්…
නිහාරා එන්නත් කලින් කැෆේ එකට ඇවිල්ලා හිටපු ඒෂ් දුර ඉදන් බලන් හිටියේ නිහාරා දිහා. මූණත් රතු කරන් දහය පහු වෙද්දි වෙලාව බල ඉන්න නිහාරා ගාවට ඒෂ් ඇවිදගෙන ගිහින් වාඩි උනේ නිහාරාගේ ඉස්සරහා පුටුවෙන් විනාඩි විස්සකට විතර පස්සේ
“ඔයා… ඔයා මොකද මෙහේ. අනික මොකද මෙතන වාඩි උනේ. වෙන ඉදගන්න ඕන තරම් තැන් තියෙද්දි…”
දුරකථනය රැගෙන පුද්ගලයා තාමත් ආවේ නැති හින්දා නිහාරා හිටියේ කෝපයෙන්. ඒ කෝපයෙන්ම නිහාරා කතා කලේ ඒෂ්ට…
“ඇයි මෙතන ඉදගන්න නෙවේද තියෙන්නෙ…”
“ඉදගන්න තමා. හැබැයි කෙනෙක් එනවා එයා වෙනුවෙන්…”
“කවුද දන් නෑ එයා…”
“හලෝ මිස්ටර්. එයා කවුරු උනත් ඔයාට වැඩක් නැනෙ. මන් ගැන ඔච්චර හොයන්නේ. මාව ෆලොව් කරනවද්ද…”
නිහාරා හිතේ තියෙන තරහා එෂ් මතින් යවන ගමන් පැවසුවේ.. ඒෂ් නිහාරාගෙ රතු වෙච්ච මූණ දිහා බලාගෙන හිනා වෙද්දි නිහාරා ඒෂ්ට රවලා නැගිටලා යන්න හදද්දිම ඒෂ් නිහාරාගේ අතින් අල්ලලා නැවැත්තුවේ…
මතුවට….