💛 අහඹු හමුවීමක් 💛

පස්වන කොටස…. 💛

එහෙම හිතමින් නිහාරා ඇවිද ගියේ තමන්ගේ කාමරය පේන මානයට. උදේ එළියට පැන්න සාරිය තාමත් තියෙනවා දකිද්දි නිහාරාට ඉහේ මලක් පිපුණා වගේ. නිහාරා තව තත්පරයක්වත් පමා නොවි සාරි පොටේ එල්ලිලා බොහොම අමාරුවෙන් කාමරයට ආවේ…

“හම්මෝ ඇති යන්තම්…”

අත් දෙකත් පිහදදා අනිත් පැත්ත හැරෙනකොටම දැක්කේ තමන් දිහා බලන් ඉන්න තාත්තාව….

“ත්… තාත්ති…”

නිහාරාර බයටම වචන ගොත ගැහෙද්දි එකපාරම නිහාරාගේ පියා නිහාරාට අතුල් පහරක් එල්ල කලේ නොසිතුව ලෙස.

“ත්.. තාත්ති…”

එකපාරටම උන දේ හිතා ගන්න බැරුව නිහාර පුපුරු ගහන කම්මුල මත අත තියාගෙන බැලුවේ පියා දෙස…

“පොඩි කාලේ ඉදන් හුරතල් කරපු හින්දා තමා මේ හැමදේම. ත/මු/න් අකමැති උනත් මේ කසාදය වෙනවාමයි. ඒ හින්දා කොච්චර මේක නවත්තන්න හැදුවත් නවත්තන්න බැරිවෙයි. ආයේ මේ වගේ වැඩක් කරොත් තාත්තා මැ/රි/ලා කියලා හිතා ගන්නවා…”

එසේ පවසමින් පියා කාමරයෙන් පිට වද්දිම නිහාරා හඩමින් ඇද පාමුල හිද ගත්තේ…

“දෝණි. ඇයි දරුවෝ මේ වගේ මුරණ්ඩු වැඩ කරන්නේ. අපි ඔයාට නරකක් කරන් නැනේ…”

නිහාරාගේ පියා පිටවගිහින් මොහොතකින් කාමරයට පැමිණියේ නිහාරාගෙ මව. ඇය නිහාරාව සයනය මත වාඩි කරවද්දි, නිහාරා අඩාගෙන තුරුලු උනේ මවට…

“බලන්න දෝණි ඔයා මේ කරපු දෙයින් අපි කොච්ච්චර ලැජ්ජ උනාද? වෙලාවට ඒ දරුවාටත් හදිසි වැඩක් වැටිලා ඇවිල්ලා නෑ කිවා…”

අම්මා එහෙම කියද්දි නිහාර ඈට තවත් තුරුලු උනේ අඩාගෙනමයි.

“ම්… මට දැන්ම බදින්න බෑ අම්මා. ඇයි ඔයාලා තෙරුම් ගන් නැත්තේ…”

“අපි ඔයාට වරදක් කරන් නෑනේ…”

අම්මා හරහාවත් මේ කසාදය නවත්තාගන්න තිබ්බා නම් කියලා හිතිලා ඇය කතා කලත් අම්මාගේ මුණෙන් උනත් ඇයට පෙණුනේ ඇය පියා හා එකඟ වග… ඉතින් තවත් මේ ගැන කතා කරලා වැඩක් නෑ කියලා හිතුණ නිහාරා නානකාමරයට වැදුණේ ඇදි වත පිටින්ම වතුර මල යටට යන ගමන්…

ඒෂ් වොශ් එකකුත් දාගෙනම ඇදට පැන්නේ නිහාරාගේ දුරකථනට අතට අරගෙන…

“මේ කෙල්ල ලොක් එකක්වත් දාලා නැනේ ෆෝන් එකට…”

එසේ සිතමින් ඒෂ් නිහාරාගේ දුරකථන ඔන් කරද්දිම දැක්කේ හිනා වෙලා බෙල්ලත් ඇල කරන් ඉන්න ඒ රූපේ දිහා…

“සුරංගනාවියක් වගේ…”

එසේ මුමුණමින් ඒෂ් නිහාරාගේ දුරකථනය පිරික්සුවේ තමාට අයිති වස්තුවක් සේයි…

දුකථනයේ ඇප් දෙක තුනකටම ගිහින් ඒෂ් ගියේ දුරකතනයේ වූ ගැලරියට… ගැලරියේ වූ ඇගේ සේයාරූ එකින් එක ඒෂ් බැලුවේ හිනාවෙවි…

“පිස්සු කෙල්ලක්…”

හදවතට කුමක්දෝ අමුතු හැඟීමක් දැනෙද්දි ඒෂ් ඇගේ සේයා රූ කිහිපයක් බ්ලූටූත් හරහා තම දුරකථනයට ශෙයා කරගත්තේ. ඊට පස්සේ ඇගේ දුරකතනයෙන්ම ඔහුගේ දුරකථනයට මිස් කෝල් එකක් ගහලා ඇයගේ දුරකතන අංකය සේව් කරන් ඔහුගේ නම්බර් එක ඇයගේ දුරකනයෙන් ඩිලිට් කලේ හොර වැඩක් කරපු කෙනෙක් වගේ…

“කොල්ලෙක් නෑ ඒ කියන්නේ මට චාන්ස් එකක් තියනවා…”

ඒෂ් හිනාවෙවිම ඇදේ පෙරලිලා නොහාරාගේ දුරකථනයේ වූ ඇගේ සේයා රූ එකින් එක නැරඹීය.

“පිස්සු කෙල්ලෙක්. මගේ ටයිප් එකේම…”

හිත පුරා අමුතු හැඟීමක් දලුලාද්දි ඒෂ් ඇයගේ ඒ සේයා රූ එකින් එක නැරඹුවේ හිනා වෙවි…

නිහාරාගේ දුරකථනය එක පාරටම ඒෂ් ලගට ආපු කෙනෙක් උදුරා ගද්දි ඔහු බයවෙලා වගේ ඇදේ ඉද්ද ගැහුවා වගේ ඉදගත්තේ…

“අ… අක්කේ ඔයා. ම්… මේ ඔය ෆෝන් එක දෙනවාකෝ ඇදලා ගත්තේ…”

“අක්කා තමා. මෝනාද මගේ මස්සිනා මනමාල හිනාවකුත් දාගෙන බලන්නේ ම්ම්…”

ඒෂ්ගේ නෑනා සයුමි ඒෂ්ගේ අතින් දුරකථනය ඇදලා අරන් ඇහුවේ හිනා වෙවි ඇහිබැමක් උස්සලා…

“මොකුත් නෑ. ඕක දෙනවකෝ අක්කා අප්පා…”

ඒෂ් මූණත් දෙක කරන් අක්කා අතින් දුරකථනය ගන්න හැදුවත් ඇය හිනාවෙවිම දුරකථනය පිටිපස්සට කරේ…

ඒෂ් කට අඇද කරන් බලන් ඉද්දි සයුමි ඒෂ්ගේ දුරකථනය අරන් බැලුවේ එයා බැලුවේ මොනාද කියලා…

“මල්ලි මේ…”

නිහාරා ඇස් චූටි කරලා පෙන්නුවේ නොහාරාගේ ෆොටෝ කිසිවක් නිකියාම…

“ඔයාලාට හොරෙන් කිසි දෙයක් කරන්න බෑනේ අප්පා….”

එහෙම කියපු ඒෂ් සයුමිට හැම දෙයක්ම පැවසුවේ සයුමි ඇස් ලොකු කරන් බලන් ඉද්දි…

“ඔන්න ඕකයි කතාව. ඒ කෙල්ල දැක්ක වෙලේ ඉදන් හදවත පිස්සු නටනවා අක්කා…”

ඒෂ් හදවත අසලට තට්ටුවක් දාන ගමන් පැවසුවේ හිනාවෙවී…

“කෙල්ල නම් ලස්සනයි. ඒත් කොල්ලෙක් ඉන්නවද දන් නෑ…”

“නෑ කොල්ලෙක් නෑ. මන් ෆෝන් එකම චෙක් කරා…”

ඒෂ් එකපාරම එහෙම හියද්දි සයුමිගේ මූණෙන් හිනාවක් එළියට පැන්නේ කොල්ලාගේ විශ්වාසයට…

“ඒනම් ඒකයි මේ සතුට…මන් අයියලා එක්ක කතා කරන්නම්කෝ. හැබැයි ලබන සතියේ අර කෙල්ලව බලන්න යන්න වෙයි…”

“අනේ අක්කා…”

“බලන්න ගියාට දැන්ම බදින් නැනෙ. පස්සේ හිමීට සීන් එක කියලා අකමැති කියමු…”

“මගේ හොද අක්කා. ආදරෙයි ඉතිම්…”

“යනවා යන්න මගේ මූණේ කෙල ගාන් නැතුව. බොරු ආදරේ මෙතන…”

සයුමි ඒෂ්‍ට ටොක්කක් ඇනලා ගියේ නිහාරාගේ දුරකථනය දෙන ගමන්. නිහාරාගේ දුරකථනය අතට ගත්ත ඒෂ් ඒක පපුව උඩ තියන් ඇදට වැටුණේ හැමදෙයක්ම හොදින් විසදෙයි කියන බලාපොරොත්තුව ඇතිව.

ඒෂ්ට නින්දයාගෙනම එද්දි නිහාරාගේ දුරකථනය නාද උනේ. ඒෂ් නිදිමත බේරෙන ඇස් වලින් තිරය දෙස බලද්දි දැක්කේ හෝම් කියලා…

“හෝම්…”

ඒෂ් එසේ මුමුණමින් දුරකථනය සවනතේ තබා ගද්දි ඇහුණ හඩට නිදිමත කොහෙන් ගියාද දන් නෑ…

“හෙලෝ….”

මතුවට.