May be an image of 1 person and text
Priyanga Gunathilaka
සිතින් විතරක්

හතලිස් එක….41

විහඟ ඒන්ජල්ගෙ යහන අසලට යනකොට ඇය දෑස් විවර කරලා වටපිට බලමින් හිටියා. විහගෙ සිතට දැනුනෙ ලොකු සතුටක්.

ඔයා හොඳින් නේද මැණික…

විහඟ ඇහුවෙ ඇගෙ මුහුණට එඹෙමින්. මො නවත්ම නොකියා ඇය වටපිට බැළුවා.

මගෙ වස්තුව හොඳින් නේද ඔයා…

විහඟ ආයිම ඇහුවෙ ඇය මොනවත්ම නො කියා උන්න නිසා. ඒත් ඈ ඔහු දිහා බලාගෙන හිටියා මිසක් මොනවත්ම කීවේ නෑ.

අනේ රත්තරං කතා කරන්නකො… ඇයි මේ හොඳින් නේද ඔයා…

විහඟ ආයිම ඇහුවා. ඔහු උන්නෙ හොඳටම බියපත්ව. ඈ යමක් කියන්න හැදුවත් වචන පිටවුනෙ නෑ.

අනේ සෙත් බලපං..ඒන්ජල් කතා කරන්නෙ නෑනේ..

එතෙන්නට දුවගෙන ආව සෙත් දිහා බලාගෙන විහඟ කීවේ බියපත් හඬකින්.

කලබල වෙන්න එපා විහා..දැන් කෙ\ල්ලට සිහි ය ආවනෙ හැමදේම හරියයි..

සෙත් කීවේ සන්සුන් හඬකින් උනත් ඔහුත් හිටියෙ තරමක් බයවෙලා.

ඒත් සෙත් බලපංකො..මෙයා කතා කරන්නෙ නෑනෙ…මට බයයි බං.. ඒන්ජල් අනේ මැණික කතා කරන්නකො..රත්තරං..

විහඟ සෙත්ටයි ඒන්ජල්ටයි දෙන්නටම කීවෙ එක වර. ඔහු උන්නෙ හොඳටම කලබල වෙලා.

සැරයක් කීවම අහපං විහා.. හැමදේම හරියයි.

සෙත් ආයිම කිව්වා.

ඒත් මට බයයි සෙත්..බලපංකො මෙහෙම ක තා කරන්නෙ නැතුව හිටියම.

විහඟ ආයිම කෙදිරි ගෑවා.ඒන්ජල්ව පරීක්ෂා කරපු වෛද්‍යවරිය ඔවුන් දෙදෙනා දෙස බැරූ රුම් බැල්මක් හෙළුවෙ ඒත් සමඟම වගේ.

ඇයි ඩොක්ටර් ඒන්ජල්ට මොකද වෙලා තියෙ න්නෙ..විහඟ ඇහුවෙ පෙර හඬින්මයි.

මේකයි මේ ළමයා හොඳටම ෂොක්..වෙලා ඉ න්නෙ..ඒක නිසා සමහර විට ටික දවසක් යන කං එයා කතා කරන්නෙ නැති වෙන්න පුළුවන්

ඈ කීවේ සන්සුන් හඬකින්.

ඒ කියන්නෙ ඩොක්ටර්… ඔවුන් දෙදෙනාම ඇහුවෙ එකවර.

සිද්ධ වුන දේවල් මෙයාට දරාගන්න ටිකක් අමාරුයි වගේ.. ඒකෙන් ලොකු ෂොක් එකක් ඇවිත් තියනවා..එහෙම උනාම.. මේ වගේ කතා කරන්නෙ නැතිව ඉන්න පුළුවන්.. අපිට හිමීට තමා ඒක හදා ගන්න වෙන්නෙ…

එතකොට ඩොක්ටර් මෙයා හැමදාම කතා නොකර ඉදීවිද..?

මම එහෙම කියන්නෙ නෑ… මම විශ්වාස කර නවා.. මේක තාවකාලික දෙයක් කියලා.. ඒත් කාල සීමාවක් කියන්න බෑ..සමහර විට දවසක් දෙකක් මාසයක්..අවුරුදු කිහිපයක් උනත් වෙන්න පුළුවන්..

වෛද්‍යවරිය කියවගෙන යනවා. විහඟට දැනු නෙ ඔහුව පනපිටින් ගිනි ගන්නවා වගේ හැඟී මක්. දෙයියනේ මේ කෙ ල් ලට මේ හැමදේම සිද්ධවුනේ තමන් නිසා කියලා ඔහුට හිතුනා.

ඇයි බ\න් මේ අහිංසකීටම මේවා සිද්ධ වෙ න්නෙ මේ කෙ ල්ල තොහොමද මේවා දරාග න්නෙ..

විහඟ ඇහුවෙ සෙත්ගෙ උරහිසේ මුහුණ හොවාගෙන වැලපෙමින්. සෙත්ගෙ දෑස් තෙත් වුනේ තත්පරෙන්.

නාඬා ඉදපං විහා..අපි කොහොම හරි කෙ\ල්ල ව සනීප කරගමු.. මෙහෙ බැරි නං..ලෝකෙ වෙන කොහෙට හරි ගිහින්… සෙත් කීවේ අමාරුවෙන් හැඬෙන එක නතර කරගෙන.

මේ අහන්න…දෙයක් වෙන තරම් ඉක්මනින් ඒක ආපහු හදන්න බෑ.. අපිට ටික කාලයක් යයි..එයාව ආපහු හිටපු තැනට ගන්න..

ඔහොම කලබල වෙලා දුක්වෙලා මේ වැඩේ කරන්න බෑ..

වෛද්‍යවරිය කීවේ බැරෑරුම් හඬකින්.

මොනවද ඩොක්ටර් අපි කරන්න ඕනි..ඒන්ජල් වෙනුවෙන් කරන්න බැරි දෙයක් මට නෑ…. සෙත් කීවේ ස්තීර හඬකින්.

අපි ටික දවසක් දෙමු එයාට රෙස්ට් කරන්න.. හෙමීට හෙමීට එයාගෙ හිත හදන්නයි ඕනි.. එයා හිතන්නෙ එයා අතින් ඔය දෙන්නටම වැරැද්දක් වුනා තමන් වැරැද්දක් කලා කියලා… ඒකෙන් තමා ෂොක් එකක් ඇවිත් තියෙන්නෙ..

ඉතිං ඔය දෙන්නටම තියනවා ලොකු වගකී මක්.. එයාව පරිස්සමින් බලාගන්න ආදරෙන් පැහැදිලි කරලා දෙන්න..එයා වරදරක් කලේ නෑ ඒක සාමාන්‍ය දෙයක් කියලා…

මිස්ටර් මංචනායක…මම හිතන්නෙ ඔයාට ලො කු වගකීමක් ගන්න වෙයි.. වෛද්‍යවරිය කීවෙ සෙත් දිහා බලාගෙන.

මට ඩොක්ටර් කියන දේ තේරෙනවා ඩොක්ටර්

ඒත් මට තේරෙන්නෙ නෑ මම එක කරන්න ඕනි කොහොමද කියලා…

සෙත් කීවේ කිසිම දෙයක් හිතා ගන්න බැරි හඬකින් ඔහුට දැනුනෙ ලොකු අසරණකමක්.

ජිවිතේ සමහර දේවල් සිද්ධ වෙන්නෙ මහ පුදුමාකාර විඳිහකට. ඒන්ජල්ගේ ඈත් වෙලා ඉන්න ඔහු හිත හදා ගත්තෙ හරිම අමාරු වෙන් එතකොට දැන් මේ මොනවද වෙන්න යන්නෙ. ඔහු වෛද්‍යවරිය දිහා හෙළුවෙ හුඟක් අසරණ බැල්මක්.

අයිම් සොරි මිස්ටර් මංචනායක..මට ඔයාව තේරුං ගන්න පුළුවන්.. ඒක හුඟක් අමාරු දෙයක් තමා…

ඒත් මේ වෙලාවෙ මම ඒක කරන්නම ඕනි නේද ඩොක්ටර්…

අසරණ හිනාවක් ඇස්වලට පුරෝගෙන සෙත් ඇහුවෙ වෛද්‍යවරිය කතාව අවසන් කරන්නත් කලින්.

ඔයා ඔහොම හිතන එක ලොකු දෙයක් මිස්ටර් මංචකායක.. අපි හැමෝම එකතු වෙලා මේ කෙ\ල් ලව ආපහු හිටපු තත්වෙට ගන්න බලමු

ඔයාට ඕනිම උදව්වක් කරන්න මම ඉන්නවා.. ඒක නිසා බය වෙන්න එපා..

ඇය සෙත්ට කීවේ ස්ථීර හඬකින්.

තෑන්ක්ස් ඩොක්ටර්.. මේ වෙලාවෙ.. ඩොක්ට ර්ට අපිට මෙහෙම උදව් කරනවා කියන්නෙ.. සෙත් යමක් කියන්න හැදුවා.

ඒක සාමාන්‍ය දෙයක් මේක මගෙ ඩියුටි එක…

අනික ඔයා වගේ කෙනෙක්ට උදව් කරන්න ලැබෙනවා කියන්නෙත් ලොකු දෙයක්.. මම ඒක කරන්නෙ කැමැත්තෙන් ඒක නිසා ඒ ගැන හිතන්න එපා… වෛද්‍යවරිය කීයේ හිනාවෙවි.

අපි දැන් මොනවද කරන්න ඕනි ඩොක්ටර්…

ඒ ගමන විහඟ ඇහුවෙ කිසිම දෙයක් තාමත් හරියට හිතා ගන්න බැරිව.

මේ වෙලාවෙ නං ඔයා කරන්න ඕනි හොඳම දේ රෙස්ට් කරන එක.මො කද ඔහොම එක දිගට මහන්සි වෙන්න ගත්තොත් නං තුවාල පැසව ලා හුඟක් අමාරු වෙන්නෙ ඔයාට.. ඈ කිවේ විහඟ දිහා බලාගෙන.

මේ කෙ\ල්ල මෙහෙම ඉද්දි මම රෙස්ට් කර න්නෙ කොහොම ද ඩොක්ටර්..

විහඟ ඇහුවෙ අමාරුවෙන් හැඬුම වාවගෙන.

කොහොම හරි ඒක කරන්නම වෙනවා..මොක

ද ඔයත් අසනිපෙන් ඉදගෙන තව කෙනෙක්ව බලා ගන්න බෑනේ..

එක්කො ඔයා දැන් ගෙදර ගිහින් රෙස්ට් කර න්න..නැත්තං..මට සිද්ධ වෙනවා ඔයාව මෙහෙ වෝඩ් එකක ඇඩ්මිට් කරන්න… වෛද්‍යවරිය කීවේ තරවටු හඬකින්.

එතකොට එන්ජල්..

එයාව බලාගන්න මෙහෙ කට්ටිය ඉන්නවා..

මම හිතන්නෙ එයාට කරදර නොකර ඔහොම රෙස්ට් කරන්න දෙන එක තමා හොඳ.. වෛද්‍යවරිය එහෙම කීවම විහඟට තවත් කියන්න දෙයක් තිබුනෙ නෑ.

මම උ ඹ ට කීවනෙ විහා..කලබල වෙලා මොන වත් කරන්න බෑ.. දැන් ගෙදර යමන්..බෙහෙත් ටික බීලා ටිකක් රෙස්ට් කරහං.. ඊට පස්සෙ ඇවිත් බලමු මොනවද කරන්න ඕනි කියලා.. සෙත් කීවෙ විහඟව ඒන්ජල් උන්න තැනින් පිටතට රැඟෙන එන ගමන්.

දින දෙකකට පස්සෙ ඒන්ජල්ව ආපහු නිවසට රැගෙන ගියා. ඒ ඈ උන්නෙ වෙනදා මෙන් සතු ටින් සැහැල්ලුවෙන් නෙවී. බොහොම කලකිරු ණු ස්වරූපයකින්. ඈ දකින ඕනම කෙනෙකුට ඈ ගැන ඇතිවුනේ අනුකම්පා වක්.

සෙත් බෙහෙවින්ම කනගාටු වුනේ තමා නිසා ඇයට මේ වේදනාව විඳිනට සිදුවූ බව සිහිකර මින්. දිනක් ඒන්ජල් කියූ දෙයක් සිහිකල විහඟ බෙහෙවින්ම බියපත් වුනා.

මට තේරෙන්නෙ නෑ..සෙත් මොනා කරන්නද කියලා… මොනවා කීවත් කොච්චර කතා කල ත් මේ කෙ\ල් ල කතා කරන්නෙ නෑ…

විහඟ කීවේ හුඟාක්ම දුක්බර හඬකින්.

ඩොක්ටර් කීවනෙ ටික දවසක් බලන්න කිය ලා

..අපි තව දවසක් දෙකක් ඉවසලා බලමු.. සෙත් කීවේ වෙන කියන්න දෙයක් තිබුනෙ නැති නිසා.

කවදා වෙනකං ද බ\න්..අර කෙ\ල්ල කතාවක් බ හක් නැතුව අර විඳිහට ඉන්නකොට මට දරා ගන්න බෑ.. එයාට මේ හැමදේම උනේ මම නිසා

…විහඟ ආයිම කීවා.

පිස්සු දොඬවන්න එපා විහා.. දැන් සිද්ධවුන දේ වල් ගැන කතා කරලා වැඩක් නෑ..ඉස්සරහට

කරන්න ඕනි මොනව කියලා බලමු…

සෙත් කීවේ විහඟගෙ හිත හදන්න ද තම න් ගෙම හිත හදා ගන්න ද කියලා ඔහුටම හිතා ගන්න බැරිවුනා.

ඒක නෙවී විහා මට උ ඹෙ න් දෙයක් අහන්න තියනවා…

ටික වෙලාවකට පස්සෙ සෙත් ඇහුවෙ බැරෑරු ම් හඬින්.

ඕනි දෙයක් අහපං සෙත්..?

ඒන්ජල්ට කවදාවත්ම කතා කරන්න බැරි උ නො ත්..උ ඹ එයාව හැමදාම ඔය වගේම ආදරෙන් බලා ගන්නවද..? සෙත් එකපාරම ඇහුවා.

උ ඹ මොනවද සෙත් ඔය අහන්නෙ.. ඒන්ජල් කි යන්නෙ මගෙ ජිවිතේ..එයා මොන විඳිහට හිටි යත්..මම මුළු ජීවිත කාලෙම එයාව මේ විඳිහ ටම බලා ගන්නවා..

ඒත් මම හොඳටම දන්නවා අපි එච්චර අවාසනාවන්ත නෑ කිය ලා… විහඟ කීවේ ස්ථීර සාර හඬකින්.

මට ඒ විතරක් ඇති බං..මම උ ඹ ට ඒන්ජල්ව බාරදුන්නෙ..මොන දේ උනත් උ ඹ ඒ කෙ\ල් ලව තනි කරන්නෙ නෑ කියලා විශ්වාස කරපු නිසා…

මම ජිවත් වෙල ඉන්න කං මම ඒ විශ්වාසෙ ඒ විඳහටම රකිනවා…විහඟ කීවේ සෙත්ගෙ අත් දෙකෙන්ම අල්ලගෙන.

හමුවෙමු.

අවුල් වගේ නං කියන්න හුඟක් බිසී වෙලාවක ලිව්වෙ. හිතා මතාම කතාව ඇද ඇද ඉන්නවා නෙවී. මම මේ කතාවෙ කියන්න ඕනි දේ තාම කියලා ඉවර වුනේ නෑ කියලා හිතට දැනෙන නිසයි දිගට ලියන්නෙ. අනික මට දිග කොටස් ලියන්න වෙලාව නෑ. ඉතිං කතාව අදිනවා කියලා බනින්න එපා.

ස්තූතියි හැමදාම වගේම අදත් කියවන ලයික් කමෙන්ට් කරන හැමෝටම රිප්ලයි කරන්නෙ නැතුවට සමාවෙන්න. සමහර විට මම අය කත ලියන එකක් නෑ. එච්චරට හිත රිදිලා තියෙන්නෙ.