නවවෙනි කොටස🌿
වන්දනා කේන්තියෙන්ම බැහැලා ගිහින් වාහනේ කවුළුවට තට්ටු කලා…………. කාර් එක ඇතුලේ ඉන්නෙ වෙන කවුරුත් නෙවේ වන්දනාගේ මස්සිනා රන්දය දෑලබණ්ඩාර……… ඔහු වීදුරුනව අතරින් දුටුව ඇගේ රුවට වශීවෙලා වගේ බලන් හිටියා මිසක් කවුළුව අරින්න වත් ගානක් වුනේ නෑ……………. ඒ හින්දම වන්දනා තවත් තදින් තට්ටු කලා…….. රන්දය කවුළුව ඇරියෙම නොපහන් බැල්මක් මුහුණේ රඳවගෙනයි………
🌹 මේ මහත්තයා මොකක්ද ඔයාට ඔය තරම් තියෙන හදිස්සිය….. තව ටිකෙන් මගේ වාහනේට ඩැමේජ් වෙනවා…….. සිහි කල්පනාව නැද්ද……. තව වැරදි පැත්තෙන් වාහනේ දාලා මට මගේ වාහනේ පිටිපස්සට ගන්න කියලා අණ කරනවද……… ඇයි ඔයා පොලීසියෙන්ද……………..
නොනවත්වාම කියවගෙන යන වන්දනා දෙස රන්දය බලා සිටියේ හිත යටින් මොකක්දෝ රසබර බවක් දැනෙද්දි……… ඇයව දුටු විටම හිත පුරාම දුවන මේ සුරංගනා හැගීම මොකක්ද කියලා රන්දයටම හිතාගන්න බෑ…….. ඒත් ඇගේ රුව ඇසට රසඳුනක් බව නම් සැබෑවක්………
❤️ මේ මැඩම්………… මං පොලීසියෙන් තමයි……………. මං ඔයාට වාහනේ පස්සට ගන්න කිව්වේ හයිකාරකමකට නෙවේ…….. මගේ වාහනේ පිටිපස්සට ගත්තොත් වාහන තදබදයක් අැති වෙන හින්දා………………
🌹 හරි ඉතින් ඒක කියන විදිහක් තියෙනවනේ…….
වන්දනා ගස්සගෙන ගිහින් වාහනේට නැගලා පස්සට ගත්තා…………. ආයේ ඔහු දිහා බලන්නෙවත් නැතුවයි ඇය එතැනින් පිට වෙලා ආවෙ………. ඒ ආවත් වන්දනාටත් ඒ උකුස්සෙකුගේ වගේ තියුණු ඇස් දෙකම මැවි මැවී පේනවා……….. වන්දනාට ඒ ඇස් දෙකට ඇති වුනේ ලෝබ කමක්…………
🌹🌹 වස නපුරෙක්ද කොහේද……… බලන්න එපැයි ඇස් දෙක…….. නපුරුකම ඒකෙන්ම පේනවා………….
එන ගමන් වන්දනා සිතුවේ සිනාසෙමින්……….
රන්දයගේ සිතේ ගැඹුරුම තැනක,,, මෙචිචර කාලෙකට කිසිම කිසි කෙනෙක් ගැන නොහිතුන විදිහේ ආගන්තුක සුන්දර මතකයක් වගේ ඒ රුව තැන්පත් වෙලා තිබුණා…………….
❤️❤️ අම්මේ…….. ඔයාට පුළුවන් නම් මට මෙයාව දෙන්න මං බඳින්නම්………….
ඒ කළු ගලක් මෙන් කිසිඳු හැගීමක් දැනීමක් නොතිබුණු මේ දරදඬු පිරිමි හිත මදක් සසල කිරීමට වන්දනා සතු අහිංසක නිර්මල ගැහැණුකමට හැකියාව ලැබී තිබුණි……………….
රන්දය පිය නැගුවේ ආවාසගෙයටමයි………… ඒ යන විටත් අනුරුද්ධ පොඩිහාමුදුරුවෝ හිටියේ මිදුලේ ඈතින් පේන දළදා මැදුර දෙස බලාගෙන………… ඈත තියාම එන රන්දය දැක්කම පොඩිහාමුදුරුවන්ගේ මුහුණට එළිය වැටුනා………. මේ එන්නේ තමන්ගේ මස්සිනා වගේම සම වයසේ තම හොඳම මිතුරායි………………
🌟 මං ඒ්ත් බැලුවා කවුද මේ එන නළුවා කියලා……. මේ අපේ රන්දෙනේ……..
❤️ පොඩිහාමුදුරුවන් ගේ ඇස් පේන්නෙ නැතුව වගේ……….
රන්දය එහෙම කියලා හිනාවෙවීම පාත්වෙලා උන්වහන්සේට වැන්දා………….
🌟 සුවපත් වේවා…………. ඉතින් හුඟක් දවසකින්……………
❤️ සුභ ආරංචියක් කියන්නයි ආවේ……….
🌟 මොකද මංගල කරුණක්වත්ද………
❤️ පොඩිහාමුදුරුවනේ……………. මං දැන් නුවර ඉන්නේ නුවරට මාරුවක් ලැබුනා……. මෙහෙ අපරාධ විමර්ශන අංශයේ OIC විදිහට………………
🌟 නෑහ්………. එහෙමද…………. ඒක නම් සුභ ආරංචියක් තමා……….. තනියෙන් ඉඳලා මටත් එපා වෙලා තිබුනේ………. අද හොඳ දවසක්ද කොහෙද උදේ ඉඳන් වෙන්නේ හොඳ දේවල්මයි…………
රන්දයට ඒක ඇහෙන කොටම මතක් වුනේ කෙල්ලව……………..
❤️ හ්ම්ම්ම්ම්…….. ඉතින්……. මං තවත් දෙයක් කලා…………… අප්පච්චි අත්තම්මාගෙයි ආනන්දිතා නැන්දාගෙයි මරණ දෙක සැක සහිතයි කියලා දාලා තිබුණු පැමිනිල්ලට අදාල නඩුව විභාග කරන්නෙවත් නැතුව අයින් කලේ ඒක මිනීමැරුමක් නෙවේ සාමාන්‍ය මරණ කියලා………… මං ආයෙම ඒක අදිනවා……….. අදිනවා කියන්නේ මං දැනටමත් ආපහු උසාවියට කේස් එක දාලයි තියෙන්නේ………. මං කාලය ඉල්ලුවා සාක්ෂි හොයාගන්න……… බලමු මොනවා හරි කරන්න ඕනෙ…………. මං මේ ඒක කියලා යන්න ආවේ………..
අනුරුද්ධ පොඩිහාමුදුරුවන්ට මතක් වුනේ මීට ටික වේලාවකට කලින් ඇවිත් නංගි කියපු දේ……………
🌟🌟 දෙන්නටම එකම අදහස තියෙන්නේ…………මේ දෙන්නා එකතු වුනොත් නම් ඒ වැඩේ හරියටම කරගන්න පුලුවන් වෙයි………….. ඒත් මං නංගිට පොරොන්දු වුනානේ එයා ගැන කාටවත් කියන්නෙ නෑ කියලා……..
පොඩි හාමුදුරුවො එහෙම හිතුවා…………
🌟 දැන් මගෙන් මොනවද කෙරෙන්න ඕනි…………..
❤️ උදව්…….. මට ඕනේ උපදෙස්……. මට ඕනෙ හරි පාර පෙන්නන කෙනෙක්……… ඉතින් ඒකට හරියනම කෙනා තමයි පොඩිහාමුදුරුවෝ………….
🌟 මං ඒකට අනිවාර්යෙන්ම උදව් කරනවා………….
❤️ මට තේරෙන්නෙ නෑ කොහෙන් පටන් ගන්නද කියලා ඒත් මං පටන් ගන්නවා………….
🌟 කරගෙන යද්දි උදව්වට ඕනෙ තරම් අය හම්බ වෙයි…………….
❤️ මං නම් හිතන්නෙ නෑ පොඩිහාමුදුරුවනේ………… මේකට බාල්දි දාන්න නම් ඕනෙ තරම් අය ඉඳී……… ඒත් උදව්වට නම් කවුරුත් නැති වෙයි………… මේක දැනගත්තම උන් නිකම් ඉන්න එකකුත් නෑ……………. දන්නවනෙ සුරනිමල මහත්තයා ගේ හැටි………… ඒක නෙවේ පොඩි හාමුදුරුවනේ මං මේ අහන්නමයි හිටියේ චූටි නංගි ඉන්න තැනක් දන්නෙම නැද්ද……….. එයා හිටිය නම් මේ වැඩේ තවත් ලේසියි …………
🌟 හ්ම්ම්ම්ම්ම්
බුද්ධ පුත්‍රයෙකු වශයෙන් බොරුවක් කීමට නොහැක……….. නමුත් නැගනියට වු පොරොන්දුව අමතක කිරීමටද හොහැකිය…………… එනිසා මුණිවත රැකීමට උන් වහන්සේ තීරණය කලේය…………..
රන්දයටද හමු වූ තරුණිය ගැන හාමුදුරුවන්ගෙන් අහන්නම හිතුනත් එය ආයාසයෙන් මැඩ ගත්තේය…………..
❤️❤️ මටත් පිස්සුද කොහේද…….. කවුද කින්ද මන්ද කියලා දන්නෙත් නැතුව නමක් ගමක් දන්නෙත් නැතුව මං කොහොමද කෙල්ලක් ගැන අහන්නේ…… පිස්සුනේ………………
රන්දය සිතුවේය………….. නමුත් මේ මොහොතේදීත් ඒ සුන්දර රුව ඔහුට අමතක කිරීමට නොහැකි විය……….. තම මිතුරාගේ මුහුණ හොඳින් නිරීක්ෂණය කරන අනුරුද්ධ පොඩිහාමුදුරුවන් ගේ මුවගට සිනාවක් නැගුනේ නිතැතිනි…… උන් වහන්සේ කිසිම දිනයක රන්දයගේ මුහුණින් මෙවැනි හැගීමක් දැක නැත………. එය අමුතුම පෙම්වත් බවකි………
🌟 රන්දේ……….. තාම මල් පෙරහැර විතරද……….. ආ……….. මල් පෙරහැර ඔහොම නම් රන්දෝලි දවසට මුහුණ කොහොමට එළිය වැටිලා තියෙයිද………….
පොඩිහාමුදුරුවෝ පවසන්නේ කුමක් ගැනදැයි රන්දියට පුදුමය………….. ඇත්තටම තම සිත කියවන්නේ කෙසේදැයි ඔහුට සිතෙයි……………
❤️ කොහොමද දන්නේ………… දැන් නම් මට සැකයකුත් තියෙනවා ඔබ වහන්සේට මොකක් හරි ඥාණයක් පහල වෙලාද කියලා……………
ඊට අනුරුද්ධ පොඩිහාමුදුරුවෝ මඳ සිනාවක් පෑවේය………………….
🌟 ඒක කියන්න දිවැස් ඕනෙ නෑ රන්දේ……. මුහුණ බැලුවම කියතහැකි………. කවුද ඒ වාසනාවන්ත මැණිකේ අපි දන්න කෙනෙක්ද………….
❤️ අනේ මන්දා අපේ හාමුදුරුවනේ…….. මංවත් තාම එයා ගැන දන්නෙ නැහැ……..
රන්දය පවසන්නේ බොරුවක් නොවේ නමුත් එය පිළිගැනීමට අනුරුද්ධ පොඩිහාමුදුරුවෝ කැමති නොවුයේ ඔහුගේ මුහුණ ඇත්තටම හරියට අලුත් පෙම්වතෙකුගේ තියෙන සුන්දර ආදරණිය බවකින් පිරීතිබුණු නිසයි……….
🌟 රන්දේ දැන් කොහෙන්ද පටන් ගන්න යන්නේ…………
❤️ බලමු………..මොනවා කරන්නත් කලින් නෙළුම්දෙණිය වලව්වට රිංගගන්න එපැයි………… ඒකට මට plan එකක් නෑ………… හෙමිහිට මොනාහරි කරනවා………… ඒත් මං ඒ ගෙදරට යන්නම ඕනෙ……………… මං කවුද කියලා ඇත්තටම කවුරුත් දන්නෙත් නෑනේ…… සුරනිමල මාමා කොහොමත් මාව දන්නෙ නෑ……….. පුංචි කාලේ කොළඹ ලොකු අම්මගේ ගෙදර ගියාට පස්සේ මං සැරින් සැරේ ආවේ ඔබ වහන්සේ හම්බ වෙන්න විතරයි………… සුරනිමල මාමා දන්නේ මගේ අයියා විතරයි…………..
🌟 ඇත්තටම කෝ තීක්ෂණ අයියා…….
❤️ එයා ඉන්නවා කොළඹ……… මිනිහාට දැන් හොඳයි…….අයියව අප්පච්චි පවුලෙන් අයින් කරලා දැම්මේ එයා අප්පච්චිගේ කීම අහන්නෙ නැතුව පවුලට ගැලපෙන්නෙ නැති කෙනෙක් එක්ක යාළු වෙලා එයාව බැන්ද හින්දනේ…………. අන්තිමට මොකද වුනේ…………. එයාට පුතෙක් එක්ක තනි වෙන්න වුනා………. ෂනෙල් අක්කා මුස්ලිම් සල්ලිකාරයෙක් බැඳලා රට ගියා……………. අප්පච්චි එයාව ආයෙත් ගෙදරට ගන්න කැමති වුනත් අපේ සුලක්ඛණා මැණිකේ නම් තාමත් කැමති නෑ………….. එක අතකට අපේ අම්මා මට පේන්නේ අර සුරංගනා කතාවක ඉන්න නපුරු මායාකාරියක් වගේ………….. එයා ඕනැවට වඩා අපේ ජීවිත වලට ඇඟීලි ගහනවා
🌟 අම්මා කෙනෙක් එහෙම තමා රන්දේ…….
❤️ ඒත් ඕනැවට වැඩී………. අප්පච්චිට නම් එපා වෙලා ඉන්නේ…………
🌟 දැන් එතකොට මන්දාකිණි නංගි කොහේද…………
❤️ ඔය ඉන්නේ ගෙදර හිර කාරියක් වෙලා……… පව්………… මට අම්මව එපාම වෙන්නෙ ඒ හින්දා…………
🌟 එපා රන්දේ…….. එහෙම හිතන්න වත් එපා…………… අම්මා ගැන එහෙම හිතලා පව් පුරව ගන්න එපා………… අම්මා කෙනෙක්ගෙ වටිනාකම හොඳින්ම දන්නේ අපි වගේ අම්මා නැති අය………. රන්දේ වාසනාවන්තයි අම්මාගේ ආදරේ විඳින්න……….
❤️ ආනන්දිතා නැන්දා වගේ හොඳ ආදරණිය අම්මා කෙනෙක්ට කාටද ආදරේ හිතෙන්නෙ නැත්තෙ……….. එයා ඒ තරමට හොඳ කෙනෙක් හින්ද තමයි මං එයාට සාධාරණයක් ඉෂ්ඨ කරන්න හදන්නේ…….. මං මේ නිළ ඇඳුම ඇඳගත්තේම ආනන්දිතා නැන්දා වෙනුවෙන්…………… ඒක නෙවේ අර බෝධින් වහන්සේ වටේ බඳින බැම්මෙ වැඩ නතර වෙලා මොකද……….
🌟 ඕක හදන්න භාරගත්තේ මදනායක මහත්තයානේ………. එයා ඒක අර ඉස්කෝලෙ මහත්තයා කවුද එයාගේ නම ආ……….. ජයසිංහ……. එයාට දීලා……… සල්ලි නෑ කියලා මිනිහා වැඩ නතර කලා……….. අපරාදෙ හදන්න ගත්තෙ…….
❤️ හරි මං ඒකෙ ඉතුරු ටික හදන්නම්………
🌟 රන්දෙ ඔය වගේ භාගෙට නවත්තපු වැඩ කොච්චර නම් මේ පන්සලට කරලා තියෙනවද………….
❤️ යන තැනකට දෙයක් කරගන්නත් එපැයි…………….. හ්ම්ම්මම්ම්……… එහෙනම් මං ගිහින් එන්නද……………
🌟 හොඳයි හොඳයි…… එහෙනම්……. පරෙස්සමින් ගිහින් එන්ඩ…….
රන්දය දෑලබණ්ඩාර උන් වහන්සේට වැඳ පිටව ගියේය…………………
෴ මතු සබැඳියි ෴