20_වන_කොටස❄️💦

දොරටුව අසල සිටියේ රංජන් සමරනායකයි……. නමුත් කෙල්ලෝ දෙන්නා ඇසි පිය නොහෙලා බලාගෙන සිටියේ ඔහුට පිටුපසින් සිටින භූමි දෙස……… කිසි දිනයක දැක නැතත් ඔවුන් දෙන්නාගේම නෙත් ඔහු ලඟ නැවතිලා තිබුනා……….

” ළමයි….. මං ඇහුවේ මැඩම් ඉන්නවද…..

” ආහ්…ඔ…..ඔ…..ඔව්..ස්…සර් ඉන්නවා……

ජාන්වී වචන ගැටගසමින් කීවාය…….

” යමු……….

රන්ජන් කෙල්ලෝ දෙන්නා දෙසට සරදම් සිනාවක් පා තරප්පු පෙල නගින්නට විය……

“වාහ්…. වාහ්…..වාහ්…… කොච්චර සුනදර දසුනක්ද බං ඒ…… තුහියත් ඉන්න තිබ්බේ මෙතන…….. මාරම ලස්සනයි ඈ………. සැර අහංකාර මුහුණ මැර පෙනුම……… ඒ වගේමයි මාරම හැන්ඩ්සම් ලස්සන කොල්ලා නේද බං දිල්..

” කියලා වැඩක් නෑ බං………මාරමලස්සනයි…. ඒයි මේ ජාන්….. මේකා මෙහෙ වැඩට එන්නවත්ද……..

” එහෙම වුනොත් නම් මරු………

” මොනවද මරු………

කාමරයෙන් පිටතට ආ තුහින්‍යාට ඇහුනේ ඒ වචන ටික……..

” මාර හැන්ඩ්සම් කොල්ලෙක් ආවා බං…. කියලා වැඩක් නෑ පිස්සු හැදෙනවා…..

ඔවුන් පැවසූ වදන් විශ්වාස නොකල තුහින්‍යා ඇගේ අසුනේ වාඩි වුනේ ඔවුන්ව තැකීමක් නොකර…….

” මහ දවල් හොල්මනක් වත් දැක්කද….. මේ වාඩ් වෙලා ඔන්න ඔය ලෙජර් ටික හදන්න………

තුහින්‍යා කීවේ දිලිරූට ලෙජර් රාක්කය පෙන්වමින්……

” මේකි නම් මොන විදිහක එකියක්ද මන්දා….. කිසිම චොයිස් එකක් නෑ……. කොහොමත් මෙයාට පිරිමි ඇලජික්නේ…… යකෝ හැම කොල්ලම අර ගොන්දේශ් වගේ නෙවේ…..

දිල්රූ කිව්වේ ලෙජර් ටික මේසය මත තබන ගමන්……….

” ඇත්තටම වේදේශ් හොඳයිද තුහී…..

ජාන්වී ඇසුවේ ඇයගේ ලෙජරයෙන් දෑස් ගනිමින්…..

” පිස්සුද බං හොඳයි නම් මේ වගේ අහංසක හොඳ කෙල්ලක්ව අයින් කරනවද ලමයි නෑ කියලා……. මට කෝටි වාරයක් විශ්වාසයි….. උඹ දවසක චූටි දුවෙකුගේ අතින් අල්ලන් චූටි බඩකුත උස්සන් ගොන්දේශ්ගෙ ඉස්සරහට යයි ශෝක් හබියෙකුත් එක්ක…….

” මාත් එකඟයි චූටු ඔයා එක්ක…..

ජාන්වී කීවාය……….. ඒ කතා වලට සිනවකින් සංග්‍රහ කලා මිස තුහින්‍යා කිසිවක්ම නොපැවසුවාය……

•°´°•🧡 •°´°•🧡 •°´°•🧡 •°´°•🧡 •°`´°•🧡

එහා මහා නොපෙනෙන වීදුරු දොරෙන් ඇතුළු වන තුරුත් තමා මේ පැමිනෙන්නේ තමාගේම කාර්යාලයට බව භූමි සිහිනෙන්වත් නොසිතුවේය………. නමුත් සභාපති අසුනේ වාඩි වී සිටින්නේ කලකට ඉහතදී තමා අත්හල මව බව හඳුනාගන්නට භූමිට වැඩි වෙලාවක් ගියේ නැත……. වයොවෘද්ධව සිටියත් නන්දිතා සමරවික්‍රම පෙරදා මෙන්ම දැඩිය…… එනමුත් පෙනුමින් අහිංසකය සුන්දරය……. භූමිට ඇති වුනේ දරාගත නොහැක් කෝපයකි…… දමා යන්නට එපා යැයි බිම පෙරලි පෙරලී තමා හඬද්දිත්.මේ අද තමා ඉදිරිපිට ඉන්නා ගැහැණිය තමාව තැකීමක් නොකරම පිටව ගිය අපූරුව අද මෙන්ම ඔහුට මතකය………. නමුත් ඒ හැර යාම තුල තිබුනේ භූමිගේ ජීව්තය ගැන ප්‍රශණයක් බව භූමි දැන සිටියේ නැත……. භූමිව රැගෙන ගියහොත් ඔහු මරා දමන බවට රංගන වික්‍රමනායක නන්දිතාට තර්ජනය කලේ උසාවි භූමියේදීමය…… ඒ වෙලාවේ එක් නිළියකගේ ඇමට අසු වී වශීකෘතව උමතු සල්ලාලයෙක් වී සිටි ස්වදේශ කටයුතු ඇමති රංගන වික්‍රමනායක මේ පැවසූ පරිදි තම ලේ ඇති දරුවා වුවද මරා දමන්නට හැකි තත්වයකට පත්ව සිටියේය……..

සිනාමුසු මුහුණින් නැගී සිටි නන්දිතා සමරවික්‍රමගේ හිනාව වැඩි වෙලා තිබුනේ නම් නැත……….

” ඕහ්…….ශිට්….. මාමේ ඔයා මේ මාව කොහාටද ගෙනාවේ………. මං යනවා මට තව එක තත්පරයක්වත් ඉන්න ඕනි නෑ…….. මේ මොන මගුලක්ද…….. මං කීවානේ මාමේ…. ඔයාට බැරි නමි මට උදව් කරන්න ඔයත් පාඩුවේ ඉන්න….. මං වෛර කරන උන් ගාවට මාව ගෙන්නන්න එපා……….

භූමි යන්නට ආපසු හැරෙත්ම මාමා යලිත් ඔහුව නැවැත්වීය……..

” පුතා…….. කේන්ති ගන්නැතුව ටිකක් ඉවසන්නකො…….. ටිකක් අම්මගෙ පැත්තෙනුත් හිතන්න…….. එයා ඒ වෙලාවෙ හුඟක් අසරණ වුනා…….

මාමා වෙත කට කොණකින් සිනාවක් පෑ භූමි නැවතත් ඔහු දෙස බැලුවේ රෞද්‍රවයි…….

” ඔයත් කුණුහරුප කියන්න එපා මාමේ…….. මොන අසරණ කමක්ද……. අනේ මේ මං බබෙක් නෙවේ……

” පුතා…….ඔයා ඇත්ත නොදැනයි ඔය කතා කරන්නේ…………

නන්දිතාගේ හඬ ඇසෙත්ම කෝපයදෙගුණ තෙගුණ වූ භූමි රතු කරගත් නෙතින් යුතුව ඇය දෙස බැලුවේය……….

” ඇත්ත……???? තමුන්ට ඇත්ත නැත්ත මොකක්ද කියලා තේරුම් කරලා දෙන්න මතක් වුනේ දැන්ද………. ආ……… අවුරුදු විසි පහක් ගත වුනා….. දැන්ද තමුන්ට ඒක මතක් වුනේ…….. අම්මගෙයි තාත්තගෙයි ආදරයක් නැතුව කුඩම්මාගේ වද වේදනා ඉවසගෙන ඉන්නකොට කොහේද ඔය ඇත්ත තිබුනේ……… අනේ මේහ්….. මගෙ යකා අවුස්සන්න එපා……

භූමිගේ ඔය කේන්තිය නිවැරදිය…….. ඇත්තටම ඔහුගේ කුඩා කාලය අතිශයින් අමිහිරිය……… එවන් අතීතයක් හිමි එවන් කටුක අත්දැකීම් හිමි ඔහු තම මවට මෙලෙස වෛර කිරීම පුදුමයට කරුණකුත් නොවේ………

” භූමි……. මේ වෙලාවේ ඔයා අම්මට උදවි කරන්න ඕනි…….. ඔයාගේ තාත්තා එයාට මේ බිස්නස් එක කරන්න දෙන්නෑ……. Golden roses එකත් එක්ක එකතු වෙලා එයා මේක විනාශකරන්නයි හදන්නේ…… භූමි දැන් ඔයා මේවා භාරගන්න ඕනි…. අනික මේවා ඔයාගේ………

ඒ ටිකට භූමිට ඊටත් වඩා කේන්තියක් ආවේය……..

” ආහ්…….මේ ඒකටයි එහෙනම් මේ මාව ඕනැවෙලා තියෙන්නේ………. මං ලවා තමුන්ගේ බිස්නස් බේරගන්නනේ ඕනැ නේද……ආ…… ඒකනේ තමුන්ට ඕනැ….. තමුන්ගේ මනුස්සයා මාව ඒ වෙනුවෙන් මැරැවත් කමක් නෑ……. තමුන්⁣ට ඕනැ ඒකනේ නේද…….. තමුනුයි අර තාත්තා කියන ඇමතියයි දෙන්නම එකයි……. අවස්ථා වාදියෝ…… මාමෙ……. ම යනවා යන්න මට තව එක මොහොතක් වත් ඉන්ව ඕනි නෑ……. මේ මනුස්සයාගේ මුහුණවත් බලන්න මං කැමති නෑ……..

නන්දිතා සමරවික්‍රම ඉකිගසමින් හැඬුවත් භූමිගේ හිත නම් උණු වුනේ නැත…………. භූමි හැරුනේ යන්නටයි…. බලාපොරොත්තු කඩ වූ නන්දිතා යලිත් පුටුවට කඩා වැටුනේ හඬමින්……..

” අනේ ලොකු අයියේ……. යන්න එපා……

භූමිගේ දෙපා යලිත් නැවතුනේ ඔහුගේ නැගණියගේ හඬින්……

🌷•°´°•💚•°´°•💚•°´°•💚•°´°•💚•°`´°•🌷

කාර්යාලයේ සාමාන්‍ය සේවකයෙක් වන සිරිපාල හතිලමින් දිව විත් නතර වුනේ ජාන්වී අසල……

” මොකද සිරිපාල..

එක අතකින් පපුවත් අල්ලගෙන හතිදාන සිරිපාල දෙස බලපු ජාන්වී ඇසුවාය……

” හපේ අප්පෝච්ච්යේ උඩ එක යුද්ධයයි……..

” මොකක්…….??? මොකක්ද වෙලා තියෙන්නේ සිරිපාල……..

” ලොකු මැඩම්ගේ ලොකු පුතා ඇවිත්……..

” ඉතින් ඒක යුද්ධයක් වෙන්නෙ කොහොමද අනේ මේ සිරිපාලටත් පිස්සුනේ……..

දිල්රූ යලිත් වාඩිවී ලෙජරය පෙරලාගත්තාය………

” ඒ මහත්තයා අපේ ලොකු මැඩම්ට දෝස්මුර තියනවා……. වහල උඩ යන්න කෑ ගහන්නේ………. මහ නහරකාරයෙක් වගේ……..

ජාන්වී හා දිල්රූ මුහුණෙන් මුහුණ බලා ගත්තේ කලින් දැකපු සුන්දර තරුණයා මතක් වෙලා…….

” අර හල්ක් වගේ කොල්ලා අපේ මැඩම්ගේ පුතාද…….

” අර රන්ජන් මහත්තයා එක්ක ආවේ…….

” මොකක්ද වෙලා තියෙන්නෙ දැන්…..

ජාන්වී ආයෙමත් ඇසුවාය………. තුහින්‍යා නම් ඔය කතා බහට සවන් දුන්නේ ඕනැවට එපාවටයි…….. ඇ⁣ගේ හිත තිබුනේ ලෙජරයටයි……

” මැඩම් ලොකු පුතාට හැමදේම පවරන්න යන්නේ….. ඒත් කැමති නෑ මයේ හිතේ ඒ මහත්තයා……….

” ඒකට ඔය තරම් කෑ ගහන්න ඕනැද

” මහ කුලප්පුකාරයෙක්…… කුකුල් කේන්තිය නම් උන්දෑගේ තාත්තා වගේ…….

එහෙම කියලා සිරිපාල යලිත් ඉහල මාලයට නගින්නට වුනා………..

” අපිට මොකද ඔය මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් නේද………….

ජාන්වී එහෙම කියලා යලිත් පොත දිගහැරගත්තා…….

” කොහොමත් ජාන් ඒ මනුස්සයා මැඩම් එක්ක තරහයිනේ……… ඉතින් එන එකක් නෑ මේකෙ වැඩ කරන්න…….

දිල්රූ කීවේ හෙමින්………… තුහින්‍යා මදක් හිස ඔසවා ඔවුන් දෙස බැලුවාය……..

” මොනවා වුනත් මැඩම් ඒ වෙලාවෙදි එයාව දාලා එන්න ඇත්තේ මොකක් හරි ලොකු හේතුවකට…… මං නම් හිතන්නෙ එයාට අසරණකමක් තියෙන්න ඇති…….

තුහින්‍යා කී දෙය ඇත්ත යැයි ඔවුන් දෙන්නාටත් සිතුනි………. නමුත් ඒ ඔස්සේ වැඩි දුර කතා කරන්න තිදෙනාටම කැමැත්තක් තිබුනේ නැත………

” ඉතින් තුහී…… අර.ගොන්දේශ් කතා කලේ නැද්ද…..

දිල්රූ ඇසුවේ මාතෘකාව වෙනතකට හරවමින්…….

” අමතක වුනානේ කියන්න…… ඊයේ පාන්දර කතා කලානේ…… මං සතුටින් ඉන්නවා කියලා අවුල වගේ එයාට……. ලේසියෙන් ඩිවෝර්ස් එක දෙන්නෑ කිවිවේ……….

” නෑහ්……… අනේ තුහී…… එතකොට මොකද කරන්නේ…….

තුහීගේ මුහුණේ ඇඳුනේ සිනාවක්……..

” එයා දෙන්නැති වුනාට නෙහාරායි කෞමදී දන්තනාරායන මැණිකෙයි එයාගේ අක්කා ටීෂයි කියද්ද කරන්නම වෙනවා එයාට……….

” තුහී ඇත්තටම මං දෙයක් අහන්නම්….. හැබැයි මේකට හිත රිදවගන්න එපා හරිද………

ජාන්වී ඇසුවේ තවත් ටිකක් ඇයට ලං වෙලා…….. දිල්රූත් ඔවුන්ගේ කතා බහට සවන්දීගෙන හිටියා…….

” අහන්න ජාන්….. හිත රිද්දගන්න දෙයක් මට නෑ……

” තුහී……. ඒ මිනිහා උඹව අත්හැරියේ දරුවො නැතෙයි කියලානේ…… උගේ අම්මත් එහෙමනේ කීවේ…… ඉතින් උඹලා ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා චෙකප් එකක් කලේ නැද්ද………

තුහින්‍යා සුසුමක් හෙලා නැහැ කියන්නට හිස දෙපසට සැළුවා……..

” එයා මාව අත්හැරියේ දරුවො නැත් නිසාම නෙවේ ජාන්වී……….. නෙහාරා නිසා……….. ඉතින් ආදරේ නැති තැනක ඇයි මං තවත් ඉන්නෙ කියලා හ්තලා මං ආවා………

” හ්ම්ම්ම්මිම්ම්….. ඒක හොදයි තුහී…… උඹට ඉක්මනින් හොඳ දෙයක් වෙයි……

යලිත් කෙල්ලෝ තුන් දෙනා කතා බහ නවත්තලා වැඩ කරන්නට වුනා…….

💞•°´°•💞•°´°•💞•°´°•💞•°´°•💞•°`´°•💞

” ලොකු අයියේ අනේ යන්න එපා……

ගිහන්ස්‍යාගේ හැඬුම්බර හඬ භූමිගේ හදවත මොහොතකට නතර කලා…… දේවාශිට ශාරද්ට වගේම ඔහු ඊටත් ටිකක් වැඩියෙන් ගිහන්ස්‍යාටයි හේෂරටයි ආදරය කලා…….. තනිකමින් ජීවත් වන විට ඔහු කලේ සොයුරා හා සොයුරිය සිහි කිරීමයි……… නමුත් ඔවුන්ගේ.හැඩහුරු කම්වත් ඔහු කිසිදා.දැක තිබුනේ නෑ……. පියාගෙන් වෙන්වූ මව සොයුරාත් සොයුරියත් රැගෙන පිටරටකට ගි⁣ය අතර පැමිණියේ මැතකදීය………. භූමි සෙමෙන් ඔවුන් දෙන්නා ලඟට ගියාය…….. දෙන්නාම භූමි දෙස බලා සිටියේ අසරණවයි……

” යන්නෙපා අයියේ…..

හේෂරද කීවේය……… භූමි ගොස ඔවුන් දෙන්නාවම වැලඳගත්තේය…….

” මට එන්න කියලා කියන්න එපා…… මං අරයට කැමති නෑ……. අනිත් එක fairy flora ආයතනය මගේ…….. මං ඒක ගොඩනගා ගන්න ඕනි……මේක කරන්න වෙලාවක් නෑ……… ඔය දෙන්න තරහ වෙන්න එපා……. මං ඔය දෙන්නගේ ඕනැම දේකට ඉන්නවා…… මං අරයට ටිකක්වත් කැමති නෑ…… එයාව දකින්නවත් කැමති නෑ……. මං යන්නම්… හේෂ්….. පුළුවන් නම් ඇවිත් මාව හම්බවෙන්න…. මං යනවා…..

භූමි අම්මා දෙසවත් නොබලා කාමරයෙන් පිටවිය…….. නන්දිතා සමරවික්‍රම බරැති සුසුමක් හෙළුවාය……. කවදා යලිත් ඇගේ ලොකු පුතාගේ විශ්වාසය දිනාගන්නදැයි ඇය සිතුවාය……….

කාර්යාලය පසු කර යන භූමි එක්වරම වැඩ කරමින් සිටින යුවතියන් දෙස බැලුවේය………. නමුත් ඔහු විශේෂයෙන් ඔවුන් දෙස නොබලා යලිත් ගමන් ඇරඹුවේය…….. ජාන්වී හා දිල්රූ යලිත් සෙල් පිළිම මෙන් ඔහු දෙස බලා සිටියහ……….

❤️••••මතු සම්බන්ධයි••••❤️