අහඹු හමුවීමක් 💛

හතරවන කොටස…. 💛

ඒෂ් යාලුවෝ දෙන්නා දිහාත් බලලා මූණ දෙක කරන් ඇමතුමට සම්බන්ධ වෙනවාත් එක්කම ඇහුණේ අප්පච්චිගේ ගෝරනාඩුව. ඒෂ් කටත් ඇද කරන් දුරකථනය කනෙන් මදක් ඈත් කරන් අහන් හිටියේ ඔලුවත් කහ කහා අප්පච්ච් බනිද්දි.

“මොකෝ අප්පච්චි කියන්නේ…”

ඇමතුම නිමා කරමින් ඔවුන් අසලට පැමිණෙන එෂ්ගෙන් දිහාෂ් විමසුවේ..

“බැන්නා ඉතින්. හැබයි අවුලක් නෑ කෙල්ලත් ඉදලා නෑ ගෙදර… මමවත් ඒ කෙල්ල හිටියත් නැතැත් වැඩැක් නැලූ ඒ කසාදයනම් අනිවාර්යයෙන් වෙනවාලු…”

ඒෂ් මුහුණ පුලුටු කරන් එසේ පවසද්දි මහ හඩින් හිනා වෙමින් දිහාෂ් හිතේෂ්ට පහක් දැම්මේ ඒෂ් රවලා බලද්දි…

“මේ පාර නම් අපේ ඒෂයා බන්දලාම තමා අන්කල් නවත්තනේ. උ/බ ඒ කෙල්ලව බැදලා අර හීන කුමාරිව මට දීපන් හෝදේ…”

හිතෙෂ් එසේ පවසනවාත් සමගම ඒෂ් ඔහුගේ බෙල්ලෙන් අල්ලන් කුසට පහරක් ගැහුවේ හිතේෂ්ට කෑ ගැස්සෙද්දියි…

“ආව් ය/කෝ. මාව මරන්නද හදන්නේ කෙල්ලෙක් හින්දා…”

“අද බලන්න ගිය කෙල්ලව ඕන්නම් ගනිම්. මගේ කෙල්ල දිහා බැල්මක් හෙලුවොත් යාලුවා කියලා බලන් නෑ…”

“ආහ් ඒමද මස්සිනා බලා ගමු ඈ පස්සේ…”

හිතේෂ් නැමිලා වගේ කියද්දි ඒෂ් ඇස් හීන් කරලා බැල්මක් හෙලුවේ…

“මස්සිනා…”

ඒෂ් ඒ වචනය ප්‍රතීරාවය කලේ හිතේෂ් කියන්නේ කවුරුද ගැනද සිතමින්.

“මස්සිනා තමා. දැන් උබේ ඔය කෙල්ලට නංගියෙක් හිටියොත් මන් ඒකිව දා ගන්නවා…”

හිතේෂ් කොලර් එකත් උස්සලා කා එකට නැග්ගේ එසේ පවසමින්. තිදෙනාම මගක් දුර යනවිට දුරකථනයක් රින් වෙන හඩ ඇහුණේ…

“ඕක ආන්සවර් කරපන් බන්…”

යාලුවෝ දෙන්නාගෙන් එක්කෙනෙක්වත් දුරකථනයට පිළිතුරු නොදෙද්දි ඒෂ් කෑ ගහලා කිව්වේ…

“මගේ එක නෙවේ. හිතේෂයා ඕක ආන්සවර් කරපන්කෝ වදේ. මොකද මන්දා ඒ දාලා තියෙන ටෝන් එක…”

“මගේ ෆෝන් එක නෙවේ යකෝ ඒ…”

හිතෙෂ් දිහාෂ්ගේ ඔලුවට ගහලා දුරකථනය නාද වන්නේ කොහෙන්ද බැලුවේ. ඒත් එක්කම ඔහුට ශීට් එක යටින් හම්බුණේ මිකි මවිස් බැක් කවර් එකක් දාපු ෆෝන් එකක්…

“මේක කාගෙද බන්…”

හිතේෂ් ඒෂ්ට දුරකථනය දෙන විටම එය නාද වන එක නැවතුනි. ඒෂ් කාරය මාවත අද්දරට කරමින් දුරකථනයේ ස්ක්‍රීන් එල බලද්දි දැකපු රුවත් එක්ක මුවගට හිනාවක් නැගුණේ…

මාත් ආදරේට හානි කියන්නද අහන්නේ… ඇයි අප්පා මන් ආදරේ කරන්න කිවා වගේ. හැබැයි මොනා නැතත් පොරගේ අමුතු ලුක් එකක් තියෙනවා… විනෝදයෙන් ඉන්න කොල්ලෙක් වගෙ එයා…”

නිහාරා ඒෂ් ගැන කල්පනා කරමින් පාර දිගේ ඇවිදන් ආවේ වීල් පාක් එකට. නිහාරා එතන තිබ්බ වීල් එකට නැගලා ගෙදර යන්න ඕන පාර කියලා ආපහු මනෝපාරක් ගැහුවේ ඒෂ් ගැන…

“ඒෂ් අභිසර…”

ඒ නම මුමුණද්දි නිහාරාගේ මුවගට හිනාවක් නැගුණේ සිනහාවක්…

“ර්‍ර්… ර්… මටත් පිස්සු ඒ කොල්ලා ගැන කල්පනා කරන්න… ඒෂ් ගැන නෙවේ ගෙදර යන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ඕන දැන්. ශුවර් මිස්ටර් ඇන්ඩ් මිසිස් වනිගසූරිය මාව අද දරුකමෙන් නෙරපා හරියි…”

නිහාරා කල්පනා කර කරම හිටිය හින්දා ගෙදරට එනවා තෙරුණේවත් නෑ. වීල් එකට සල්ලි දිලා පිටත් කර යවලා කල්පනා කරේ කොහොමද ගේ ඇතුලට යන්නේ කියලා. නිහාරා හොරෙක් වගේ අඩි තිය තිය ගේට් එක ළගට යද්දි වෙලාවට මුරකාරයා එතන හිටියේ නෑ. නිහාරා තත්පරයක්වත් පමා නොවි දුවගෙන ගිහින් නැවතුණේ අඹ ගහ ගාව.

“දොරෙන් ගියොත් අනිවා තාත්තිට අහුවෙනවා….”

එහෙම හිතමින් නිහාරා ඇවිද ගියේ තමන්ගේ කාමරය පේන මානයට. උදේ එළියට පැන්න සාරිය තාමත් තියෙනවා දකිද්දි නිහාරාට ඉහේ මලක් පිපුණා වගේ. නිහාරා තව තත්පරයක්වත් පමා නොවි සාරි පොටේ එල්ලිලා බොහොම අමාරුවෙන් කාමරයට ආවේ…

“හම්මෝ ඇති යන්තම්…”

අත් දෙකත් පිහදදා අනිත් පැත්ත හැරෙනකොටම

මතුවට….