අහඹු හමුවීමක් 💛
තෙවන කොටස…. 💛
හැමෝම කාර් දෙකෙන් පිටත් උනාම එෂ් මූණත් ඇබුල් කරන් කාරයට නැග්ගේ මනමාලිව බලන්න යන්න.
“මන් එන ගමන්. ලැස්තිවෙලා හිටපන්. හිතේෂයාටත් කියහන්…”
දීහේෂ්ට ඇමතුමක් ලබා දී ඒෂ් තමන්ගේ යහලුවෝ දෙන්නාව මගින් ගන්න කාරය පාරට හැරෙව්වේ… ටවුන් එකට ඇවිල්ලා ඒෂ් කා එක ප්‍රධාන පාර දිගේ ධාවනය කරනකොටම කාර් එක ඉස්සරහාට අත දික් කරන් පැන්නේ ගැහැණු ළමයෙක්.. එෂ් කා එකෙන් බැහැලා ඒ කෙ/ල්/ල/ට බනින්න කියලා හදනකොටම දැක්ක ඇයගේ රූපය එක්ක හැමදේම අමතක වුණා වගේ හැඟීමක් දැණුනේ… ඔහු තමන් අසලට දුවන් එන ඇය දෙස බලන් හිටියේ බෙල්ලත් අලකරගෙන…
“අනේ ප්ලීස් අයියේ උදව් කරන්නකෝ. මේ අක්කාට අමාරුයි…”
කාරයට ඉස්සරහාට පැනපු කෙල්ල එහෙම කියද්දියි ඒෂ් පියවි සිහියට ආවේ. එතකොටම ඔහු දුටුවේ විලිරුදාවෙන් කෑ ගහන කාන්තාවක්…
“ඔයා ඉක්මනට නගින්න…”
කෙල්ලට එහෙම කියපු ඒෂ් පාරේ හිටිය අයගේ සහය ඇතිව ඇයව තම රථය වෙත නංවාගෙන අසල පිහිටි ළගම රෝහල වෙත වේගයෙන් ධාවනය කරේ… එම කාන්තාව කෑ ගහන හඩ ඇහෙද්දි ඒෂ්ගේ හිතට මහ බරක් දැණුනේ… ඉදිරිපස කණ්නාඩියෙන් පසුපස ආසනය දෙස බලන ගමන් ඒෂ් විනාඩි දහයක වගේ කාලයකින් අසලම තිබුණ රෝහලට ඇයව ඇතුලත් කලේ…
“කවුරු හරි එනකම් ඉන්න වෙයි නේ…”
ඒෂ් තමා අසලින්ම සිටි යුවතියට එසේ පැවසුවේ හිතේ ගැස්ම තාමත් ඒ විදිහට දැනෙද්දියි…
“අයියාට පරක්කු වෙනවා නම් යන්න. මම ඉන්නම්…”
ඇය එසේ පැවසුවේ ඒෂ් දිහාට හැරිලා. එවිටයි ඒෂ් එම යුවතියගේ මුහුණ හරියටම දුටුවේ.. පිට මැදට වන්නට ස්ට්‍රේට් කරපු කොණ්ඩය, පිරිලා තිබ්බ කම්මුල්, කතා කරන ඇස්, ලා රෝස දෙතොල් මත තම දෑස් රැගෙන ගියේ වට පිටාවේ පියවි සිහියෙන් ගිලිහෙද්දි. යුවතිය මොන මොනවාද කොයද්දි ඒෂ් බලන් හිටියේ යුවතියගේ සෙලවෙන දෙතොල් දෙස.
“මේ මන් කියන දේ අහගෙනද ඉන්නේ…”
“අහ් ම්.. මේ ඔ.. ඔව් මන් අහන් ඉන්නේ…”
ඇයගේ අත තමාගේ ඇස් ඉස්සරහා එහෙ මෙහෙට කරනකොට පියවී සිහියට ආපු ඒෂ් වචන ඇමිණුවේ කලබලයෙනි.
“ගොඩාක් ස්තූතියි අයියේ කරපු උදව්වට. ඇත්තට කවුරුත් වාහනයක්වත් නතරකරේ නෑ.. ගොඩාක් ගොඩාක් ස්තූතියි අයියේ…”
“ඕක මොකද්ද නංගි. මිනිස්සු උනාම මිනිස්සුන්ට උදව් කරන්න ඕන. ඒක නෙවේ මන් ඒෂ්. ඒෂ් අභිසර. ඔයා…”
“නිහාරා. නිහාරා ඩිහානි. හැමෝම ආදරෙට කියන්නේ හානි කියලා.. එතකොට ඔයා…
“ආදරේට මාත් හානි කියන්නද…”
ඒෂ් ඇහැක් ගහලා නිහාරාගෙන් අහද්දි, නිහාරා ඇස් චූටි කරලා ඒෂ් දිහා බැලුවේ දවා හලු ලරන බැල්මකින්…
“මල සමයන්. තැන්ස් හෙල්ප් කරාට. මන් යනවා…”
නිහාරා ඒෂ්ට ගස්සලා යද්දි ඒෂ් ඔලුවත් කහ කහා බලාගෙන හිටියේ තමන්ට පිටුපා යන ඇය දෙස.
“නිහාරා ඩිහානි… ඒෂ් ත/මු/සේ/ට මේ මොකද වෙලා තියෙන්නේ…”
ඒෂ් තමන්ගේ හිසට තදින් පහරක් ගසමින් හිනා වෙවි අඩි දෙකක් වගේ දුර යනකොටම නාද උනේ ඔහුගේ දුරකථනය…
“හෙලෝ…”
ඒෂ් රෝහල් කොරොඩෝව දිගේ ඇවිද යන නිහාරා දිහා බලාගෙනම ඇමතුමට සම්බන්ධ උනේ කතා කරන්නේ කවුද කියලාවත් නොබලාමයි..
“ය/කෝ. *** උ/බ කොහෙද ඉන්නේ. මෙතන අව්වේ පැය දෙකක් වගේ අපි වෙලේනවා…”
ඇමතුමට සම්බන්ධ වෙද්දි එහා පැත්තෙන් ඇහුණ හඩටවත් ඒෂ් නොවේ පියවි සිහියට පැමිණියේ. ඔහු නිහාරාගේ සිහියෙන්ම ඇවිදගෙන ගියේ හිනා වෙවි. සුළගේ ලෙලදෙන කෙහෙරැලි, ඒ සෙලවෙන දෙතොල්, හිනා වෙද්දි වල ගැහෙන කම්මුල් ඒෂ්ට මැවි මැවි පෙණුනේ…
“ඒෂ්. උ/බ අහන්ද ඉන්නේ… හෙලෝ ඒෂ්…”
එහා පැත්තෙන් හෝ ගාලා කතා කරත් ඒෂ් නෙවේ පිළිතුරු සැපයුවේ. ඒෂ් ඔහේ හිනාවෙවි ඇවිදන් ගියේ එයාගේම ලෝකයක වගේ…
“හරිම ලස්සනයි…”
“මොකක්…”
ඒෂ් එහෙම කියද්දි එහා පැත්තෙන් පුදුමය මුසු කටහඩක් ඇහුණේ… ඒත් එක්කම වගේ ඇගේ හැප්පුන කෙනෙක් හින්දා පියවි සිහියට ආපු ඒෂ් දුරකථනය දෙස බැලුවේ…
“දිහාෂ්…”
“දිහාෂ් තමා බො/ට මොකද වෙලා තියෙන්නේ කියපන්. ලස්සනයිලු. ඔලුව කොහෙහරි වැදුණද…”
දිහාෂ් එහා පැත්තෙන් බැනගෙන බැනගෙන ගියේ ලස්සන වචන පේලියක් මුවෙන් පිට වෙද්දි…
“මට පැය භාගයක් දිහන්. ඔහොම හිටප/න්…”
එසේ පවසමින් ඇමතුම විසන්දි කරපු ඒෂ් කාරයෙන් පිට උනේ තම මිතුරන් සොයා…
ඒෂ් මිතුරනුත් සමගම පැමිණ කාරය නතර කලේ වැවක් අසල. ඒෂ් කිසිවක් නොපවසාම කාරයෙන් බැහැලා ඇවිත් බොනට් එකට හේත්තු උනේ වැව දිහා බලාගෙන. දිහාෂ් හිතේෂ්ට උරහිස හකුලුවලා ඒෂ් අසලට ඇවිද ගියෙර් හිතේෂුත් ඒ පස්සෙන් යද්දියි.
“මන් දන් නෑ බන්. ඒ කෙ/ල්/ල දැක්ක වෙලේ ඉදන් හාට් එක පිස්සු නටනවා. ඒ වෙලේ ඉදන් මට මැවි මැවි පෙනෙනවා මගේ ඉස්සරහා ඉන්නවා වගේ… හරියට සුරංගනාවියක් වගේ. ඒ කම්මුල්, ඒ තොල්, ඒ ඇස් මාව පිස්සෙක් කලා…”
ඒෂ් පවසන වදන් දිහා දිහාෂ් වගේම හිතේෂ් බලන් හිටියේ ඇස් විමතියෙන් විශාල කරගෙන. හිතේෂ් එකපාරටම ඔලුව හෙල්ලුවේ මේ ඒෂ්මද කියලා ඇස් පිහද ගන්න ගමන්. දිහාෂ් ඒෂ්ගේ නලලට බෙල්ලට අත තියලා බලද්දි ඒෂ් ඔහු දෙස බැලුවේ පුදුමයෙන්…
“මොකෝ. ඇයි උ/බ/ලා දෙන්නා ඔහොම බලන්නේ…”
ඒෂ් දිහාෂ්, හිතේෂ් දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලමින් විමසුවේ…
“උ/බ හොදින්ද? අසනීපයක් නම් බෙහෙත් ටිකක් ගමු…”
“ඔව් හිතේෂ් කියන දේ ඇත්ත. උබට අමාරුමනම් බෙහෙත් ගමු බන්…”
හිතේෂ් එසේ පැවසුවේ දිහාෂ්ද එය අනුමත කරද්දියි…
“උබලාට පිස්සුද බන්. මම මේ කෙල්ලෙක් ගැන කියද්දි බෙහෙත් ගන්න යමුද අහන්නේ…”
ඒෂ් මිතුරන් දෙදෙනාට ඔරවමින් වැව් බැම්ම අසල ඉදගත්තේ දිහාෂ් හිතේෂ් දෙන්නා ඇවිල්ලා දෙපැත්තෙන් වාඩි වෙද්දි…
“කෙල්ලෙක්ව ජීවිතයට මේ වෙනකම් ලංකරගත්තේ නැති උ/බ එක පාරටම කෙල්ලෙක් ගැන කියද්දි එහෙම හිතෙන් නැද්ද කියකෝ…”
හිතේෂ් එහෙම කියනවාත් එක්කම නාද උනේ ඒෂ්ගේ දුරකථනය. දුරකතන තීරයේ දිස් වෙන නාමය දකිද්දි…
“අප්පච්චි…”
එතකොටයි ඒෂ්ට මතක් උනේ ගෙදරින් පිටත් උන කාරණාව… ඒෂ් අසරණව මිතුරන් දෙදෙනා දිහා බලද්දි ඔවුන්ට ගානක් නෑ වගේ අහක බැලුවේ ඒෂ් අද අද මනමාලිව බලන්න නොගිය එකට අප්පච්චිට තරහා ගිහින් කියලා ඒ දෙන්නාටත් තෙරෙද්දියි…
මතුවට….